IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංචාරකයන්ගේ අගය නොදන්නා මිනිස්සු

ඇල්ල සංචාරකයන්ට පාරාදීසයක් වනවිට එම ප්‍රදේශයේ වටිනාකම පිළිබඳ ඉහළම අවබෝධයක් සංචාරක ව්‍යාපාරය ඇසුරින් තම ජීවනෝපාය සලසා ගන්නා ප්‍රදේශවාසීන් තුළ තිබිය යුතුය. ඔවුන්ගේ ආදායම සරුවෙන්නේ කරදරයකින් හිරිහැරයකින් තොරව සංචාරකයන් එහි පැමිණීම නිසාය.

එහෙත් පසුගියදා එම ප්‍රදේශයෙන් වාර්තා වූයේ ඉහතින් අප සඳහන් කළ සියලු‍ කාරණා ආපසු හරවන සිද්ධියකි. සාදරයෙන් පිළිගෙන සත්කාර කළ යුතු සංචාරක පිරිසක් අමාරුවේ දැමීමකි. එම සංචාරකයන්ගේ සිත් තුළ ප්‍රීති ප්‍රමෝදය ඇති කිරීම වෙනුවට ඔවුන් තුළ බියජනක අදහස් ජනිත කළ අවර ගණයේ ප්‍රතිචාර දැක්වීමකි.

ඌව පළාතේ ප්‍රථම වරට සංචාරකයන් සඳහා නැවුම් අත්දැකීමක් ලබාදීමට එහි හෝටල් හිමියකු විසින් ආරම්භ කරන ලද ඇල්ල රාවණා ඔඩිසි බස් රථ සේවය ඇරඹූ දිනම ප්‍රදේශවාසීන් පිරිසක් එකතු වී නවතා දැමීම මේ සිද්ධිය විය. ඇල්ල සංචාරක නගරයේ සිට ආරම්භ කළ තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස් රථය ධාවනයට ඉඩ නුදුන් නගරයේ ජනතාව එම බස් රියට මග හරස් කර විරෝධය දක්වා තිබුණේ බස් රියේ සිටි සංචාරකයන් පවා භීතියට පත් කරවමිනි. සුබ මොහොතින් ආරම්භ කළ එම බස් රියට ඇල්ල නගර මංසන්ධියෙන් ඔබ්බට යා ගත නොහැකි විය. ත්‍රිරෝද රථ රියැදුරන්, වෑන් රථ, මෝටර් රථ රියැදුරු සහ යතුරුපැදි කුලියට සපයන පිරිසක් විසින් එතැන රැස්වී මග හරස් කර විරෝධය පළ කිරීම නිසා බස් රියේ ගමන නැවතිණ.

මේ සිද්ධිය හේතුවෙන් ඇල්ල - පස්සර මාර්ගයේ විදෙස් සංචාරකයන් ප්‍රවාහනය කළ රථවාහනවල සිටි සංචාරකයන්ද දැඩි අපහසුතාවකට පත්ව සිටි බවද වාර්තා විය. හාපුරා කියා එම බස් රියේ ගමන් ගත් සංචාරකයන් එසැණින් ලොව පුරා මෙම අශෝභන සිද්ධිය ප්‍රචාරය කරන බවත් එය ඇල්ල සංචාරක පාරාදීසයට විශාල කළු පැල්ලමක් එක් කරන බවත් අවබෝධ කර ගැනීමට එම විරෝධතාකරුවන්ට නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි. එම බස් රථය හේතුවෙන් තමන්ට බඩේ පහර වදින බවත් තමන්ගේ ආදායම් අහිමි වී ලීසිං වාරික පවා ගෙවා ගැනීමට නොහැකි වන බවත් මේ විරෝධතාකරුවන්ගේ දුක් ගැනැවිල්ල වී තිබිණි. එහෙත් ඒ ගැටලු‍ව සංචාරකයන් පිරිසක් අමාරුවේ දැමීමත් ඇල්ල සංචාරක කලාපයට මඩ ගා ගැනීමත් හරහා විසඳා ගැනීමට නොහැක. ඒ සඳහා ගත යුතු වෙනත් පියවර තිබේ. සංචාරක ව්‍යාපාරය පොදුවේ රටේම විශාල ධන උල්පතක් බැවින් එයට හානිදායක වන ක්‍රියාවලින් වැළකී ගැටලු‍ව විසඳා ගැනීම සංචාරක ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන්ගේද වගකීමකි.

අදාළ බස් රථය යෙදවූ ව්‍යාපාරිකයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ඇල්ල සංචාරක පුරවරයේ ත්‍රිරෝද, වෑන්, මෝටර් රථ, යතුරුපැදි මගින් සංචාරකයන් කැඳවාගෙන යන ආකර්ෂණීය ස්ථානවලට මේ බස් රථය ධාවනය නොකරන බවය. මෙය එම බස් රථය ප්‍රදේශ ගණනාවක් හරහා ධාවනය කරමින් එහි ගමන් ගන්නා සංචාරකයන්ට කුඹුරක සිට ගැමියන් සකසන දිවා ආහාර වේලක්ද වැවක බෝට්ටු සංචාරයක්ද ලබාදෙමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. එහෙත් අවසානයේදී සිදු වී තිබුණේ පොලිසියද මැදිහත් වී කරුණු පැහැදිලි කර දී විසඳුමක් ලබාදීමට පොරොන්දු දීමත් බස් රථය ධාවනය තාවකාලිකව නතර කර දැමීමත්ය. මෙය සංචාරකයන්ගේ සිත් බිඳ වූ සිද්ධියක් බවත් මෙවැනි ගැටලු‍වලට පොලිසියට ලබාදිය හැකි විසඳුමක් නොමැති බවත් ඊට සම්බන්ධ සියලු‍ පාර්ශ්ව තේරුම් ගැනීම අවශ්‍යය.

ඇල්ල නගරයේ සංචාරක ව්‍යාපාරය හරහා ජීවනෝපාය සලසා ගන්නා පිරිසකට මෙයින් හානියක් සිදුවන්නේ නම් එය නිරාකරණය කර ගැනීම සඳහා බලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුමකට පැමිණිය හැකිව තිබිණි. අනෙක් අතට සංචාරක ව්‍යාපාරය වර්ධනය කරගැනීමට නම් අලු‍ත් අදහස් ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ද සියලු‍ පාර්ශ්ව තේරුම් ගත යුතුව තිබේ. සංචාරකයන්ගේ සිතට භීතිය ඇතුළු කරමින් මහාමාර්ගවල විරෝධතා පවත්වා සංචාරක ව්‍යාපාරය වර්ධනය කර ගත හැකි යැයි යමකු සිතනවා නම් එය මුළාවකි. තමන්ගේ ආදායම තමන් විසින්ම නැති කර ගැනීමකි. මෙරට සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ලොව පුරා අඳුරු ප්‍රතිරූපයක් මැවීමකි. එසේම ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට වර්තමානයේ ලැබී ඇති ඉහළ ස්ථානය පහතට ඇද දැමීමකි.

(***)



අදහස් (9)

සංචාරකයන්ගේ අගය නොදන්නා මිනිස්සු

සදුන් Tuesday, 05 December 2023 09:02 AM

මේක හොඳ වැඩක්... හැබැයි මේක පටන් ගන්න ඉස්සෙල්ලා එයාලත් එක්ක කතාකරලා... එයාලටත් සාධාරණයක් කළා නම් තමයි මේක සාර්ථක වෙන්නේ... ගැටළුව තියෙන්නේ රජයේ දුර්වල සන්නිවේදනයේ... කළු පැල්ලමේ වගකීම යන්නේ රජයට සහ සැලසුමක් නැති නිලධාරින්ට...!

:       13       3

samanThursday, 07 December 2023 11:54 AM

හැම දේම රජයයි, නිලධාරියොයි කරනකන් ඉන්න ඕනේ නෑ පුරවැසියන්ටත් යම් වගකීමක් තිබෙනවා.

:       0       6

NIMAL Wednesday, 06 December 2023 06:13 AM

රජය / සංචාරක ඇමැතිවරයා සහ සංචාරක අමාත්‍යාංශය විශාල මුදලක් වැයකර සංචාරකයින්ලංකාවට ගෙන්වා ගැනීමට ප්‍රවර්ධන කටයුතු කළයුතු වුවද පළමුව කළයුතු වන්නේ රට තුළ සංචාරකයින් පැමිණීමෙන් පසු ඔවුන්ට ගැටලුවකින් තොරව ඔවුන්ගේ රුචිකත්වය පරිදි ආරම්භයේ සිට රටින් පිටවන තුරු පහසුකම්/ආරක්ෂාව සහ ලබාදීමට කටයුතු කිරීම වේ.

:       0       17

Gamini Wednesday, 06 December 2023 09:17 AM

අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ පටු විදිහට හිතන නිසා.

:       0       21

saman Thursday, 07 December 2023 11:51 AM

බඩ පළමුව... රට දෙවනුව... ඕක තමයි අපේ ප්‍රධාන ප්‍රශ්නේ... 225 ටම බැනලා වැඩක් නෑ...

:       0       5

Prasantha Thursday, 07 December 2023 01:35 PM

මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මේ වගේ ගොන් විදියට හිතන මිනිස්සු නිසා. ඕනෑම කෙනෙකුට සංචාරක ආකර්ෂණය සඳහා තමන්ගේ නිර්මාණශීලී අදහස් භාවිතා කරලා අලුත් දෙයක් කරන්න පුළුවන්.. ඒක නීතියට එකඟනම් කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ. එම ව්‍යාපාරිකයා කරලා තියෙන්නේ ඒ දේ... ඇත්තටම ඒක සංචාරක ප්‍රවර්ධනයට හොඳ අදහසක්... මේ දේම කරනවා එයාපෝට් එකේ ඉන්න ටැක්සි කාරයෝ. එයාලා ඌබර්, පික්මී වගේ අයට එයාපෝට් එකට එන්න දෙන්නේ නැහැ. වැඩියෙන් අයකරලා මිනිස්සුන්ව හූරන්කනවා. ලෝකෙ ඕනෑම එයාපෝට් එකක ඌබර් එකක් ගන්න පුළුවන් ඒත් ලන්කාවේ බැහැ. මේ වගේ අය ඉස්සර හිටියා නම් ලංකාවට කාර් එකක්වත් ගේන්න දෙන එකක් නැහැ කරත්ත කාරයින්ට රස්සාව නැති වෙනවා කියලා.

:       0       9

de silva Friday, 08 December 2023 06:49 PM

මෙවැනි ගෝත්‍රික අදහස් තිබෙන මිනිස්සු නීතිය සියතට ගෙන කටයුතු කරනකොට මෙහෙ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සිහිනයකි. මෙවැනි බස් සේවා ලෝකයේ සැම සංචාරක නගරයකම තිබෙනවා. ගුවන්තොටුපලෙන් පටන්ගත්තාම ඇල්ල දක්වා ටැක්සි මාෆියාව, ගුරුවරුන්ගේ නීත්‍යානුකූල උද්ඝෝෂණ මර්ධනය කිරීම පොලිසිය කළත්, මෙවැනි මාෆියා කාරයෝ මර්ධනයට පොලිසිය ඉදිරිපත් වෙන්නේ නැත...

:       0       6

de silva Friday, 08 December 2023 07:43 PM

සඳුන් බස් එකක් පාරට දමන හැම මිනිහම ත්‍රිවිල් කාරයෝ සමග සාකච්ඡා කරන්න සහ ඔවුන්ගෙන් අවසර ගන්න ගියොත් ලංකාවේ අද බස් දුවන්න වෙන්නේ නැහැ... අද කටුනායක ගුවන්තොටුපලේ සිට සාර්ථක පොදු ප්‍රවාහන සේවයක් නැත්තේ ටැක්සි මාෆියාව නිසා...

:       0       5

sarath Friday, 08 December 2023 07:46 PM

ඔය උද්ඝෝෂණේ පිටිපස අනිවාර්යයෙන්ම වඩේකාර් ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site