IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


වාහන දුම් පරීක්ෂණය බොරුවක්ද?

28-pg12d--main-pgs

 

වාහනවල දුම් පරීක්ෂාවෙන් සිදුවන්නේ පිටවන දුමෙහි අඩංගු කාබන් ප‍්‍රතිශතය පරීක්ෂා කිරීමයි. බොහෝ විට කාබන් ප‍්‍රතිශතය වැඩිනම් දුම් පරීක්ෂා සහතිකය නිකුත් නොකෙරේ.

 

 

සියලූ වාහනවලට දුම් සහතික නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය මේ රටේ ප‍්‍රධාන පෙළේ ආයතන දෙකක් සතුවේ. වාහනවලින් පිටවන දුම නිසා වායුව අපවිත‍්‍රවීමත් එමඟින් ලෙඩ රෝග වැළඳීමත් නිසා වාහනවලින් පිටවන දුම් පරීක්ෂා කිරීම සිදු කෙරේ.


එහෙත් දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ මේ වාහන දුම් පරීක්ෂාව කෙතරම් දුරට සාර්ථකවී ඇත්ද යන්නයි. 


පවත්නා නීතියට අනුව සෑම වාහනයක්ම වාර්ෂික ලියාපදිංචියට පෙර දුම් සහතිකය ලබාගත යුතුව ඇත. රුපියල් 400 සිට 1200 දක්වා වූ මුදලක් ඒ සඳහා අය කරනු ලබයි. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ, පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වාහන හා මැති ඇමැතිවරුනට අයත් වාහන සඳහා දුම් පරීක්ෂා කිරීමේ සහතික පත‍්‍රය බලපෑමක් නැත.


මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට පසුගිය වසරේදී වාහන 429556 ක් අලූතෙන් ලියාපදිංචිකර ඇත. ඒ පෞද්ගලික මෝටර් රථ, ති‍්‍රරෝද රථ, ද්විත්ව කාර්ය වාහන, යතුරුපැදි, භාණ්ඩ ප‍්‍රවාහන වාහන, ඉඩම් වාහන, බස් රථ ආදී වශයෙනි. ඊට පෙර වසර කීපයක් තිස්සේ ගෙන්වූ වාහන අනුව රටේ වාහන සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂ 25ක් ඉක්මවා ඇති බවට අනුමාන කළ හැකිය.


මෙම වාහනවලින් දුම් සහතිකය ලබා ගැනීම සඳහා ආයතන දෙකක් පමණක් ඒකාධිකාරිය දරා සිටී. ගැටලූවවී ඇත්තේ විවිධ වංචනික කි‍්‍රයාවන්ගෙන් ද දුම් සහතික නිකුත් කෙරෙන බවට රාවයක් පැතිරීමයි.


ඉරිදා ලංකාදිපයට දැන ගන්නට ඇති පරිදි වාහන දුම් සහතික නිකුත් කරන බොහෝ මධ්‍යස්ථානවල වංචනික ක‍්‍රියා සිදුවේ. විශේෂයෙන් ඞීසල් වාහනයක ඉන්ජෙක්ටර් පොම්පය පිරිසුදු කිරීමේ කාර්යයට රුපියල් 25000ත් 50,000ත් අතර මුදලක් වැය කිරීමට සිදුවන බව වාහන හිමියෝ පවසති. ඞීසල් පොම්පයේ බැඳෙන කාබන් ප‍්‍රමාණය මත වායුව අපිරිසුදුවීම සිදුවන බව කියති.


වාහනවල දුම් පරීක්ෂාවෙන් සිදුවන්නේ පිටවන දුමෙහි අඩංගු කාබන් ප‍්‍රතිශතය පරීක්ෂා කිරීමයි. බොහෝ විට කාබන් ප‍්‍රතිශතය වැඩිනම් දුම් පරීක්ෂා සහතිකය නිකුත් නොකෙරේ.


මහමඟ ගමන් ගන්නා ඇතැම් වාහනවලින් පිටවන දුම දෙස බැලීමේදී එම වාහන දුම් සහතික ලබා තිබේද? යන සැකය ඇතිවේ. වාර්ෂික ආදායම් බලපත‍්‍රය ලබා ගැනීමට පෙර දුම් සහතිකය ඉදිරිපත් කළ යුතුය.


දුම් සහතිකය ලබා ගැනීමට පෙර වාහනයේ තොරතුරු පරිගණක ගත කෙරෙන අතර ඉන් පසුව පිටවන දුම් ප‍්‍රමාණයේ කාබන් ප‍්‍රතිශතය පරීක්ෂා කරනු ලබයි. පරිසරයට හානිකර ආකාරයට දුම් පිටවන්නේ නම් දුම් පරීක්ෂණ වාර්තාව නිකුත් කරනු නොලැබේ.


නමුත් සිදුවන්නේ රුපියල් 500ක මුදලකට දුම් සහතිකය නිකුත් කිරීම බව වාහන ඇති අය කියති. ඇතැම් දුම් පරීක්ෂණ මධ්‍යස්ථානවල වංචනිකව මේ කාර්ය සිදුකිරීම සඳහා නියෝජිත පිරිස් සිටින බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. කිසියම් වාහනයකින් පිටවන දුම් ප‍්‍රමාණයෙහි පරිසරයට අහිතකර බලපෑමක් සිදුවුවත් එහි පරිසරයට හානිකර නොවන නිශ්චිත ප‍්‍රමාණය සඳහන් කර බලපත‍්‍රය නිකුත් කිරීම ඉතා සරලව සිදුවන බව දැන ගන්නට ඇත. ඒ සඳහා ඇතැම් සේවකයන් ද මේ වනවිට මනා පළපුරුද්දක් ලබා සිටින බවද වාර්තාවේ.


නොසල්ස් යොදා ඉන්ජෙක්ටර් පොම්ප පිරිසුදු කිරීමට වැයවන අති විශාල මුදල වෙනුවට රුපියල් 500ක මුදලක් අත යට ලබාදී දුම් සහතිකය ලබා ගැනීම වාහන හිමියන්ට පහසුවකි. ඒ සඳහා ක‍්‍රමවේදය ද අපූරුවට සැකසී ඇත.


ලැබී ඇති තොරතුරුවලට අනුව දුම් සහතික ලබාදීමෙන් ලැබෙන ආදායමෙන් රජයට ලබා දෙන්නේ ඉතා සුළු මුදලකි. එනම් 10%ක ප‍්‍රතිශතයකි.

m


 

තවත් ආයතන ගණනාවකට දුම් පරීක්ෂා කිරීමේ බලය දිය යුතුයි

 

        පරිසර අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සජීව චාමිකර           

 

 

පරිසර අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මේ සම්බන්ධයෙන් දරන අදහස මෙබඳුය.


පරිසර සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාග කිරීමෙන් පසු අධිකරණය දෙන ලද තීන්දුවක ප‍්‍රතිඵලයක් ලෙස දුම් පරීක්ෂාව සිදු වෙනවා. පරිසර යුක්ති කේන්ද්‍රය මීට වසර කිපයකට පෙර මෙම නඩුව ගොනුකර තිබුණා. දුම් පරීක්ෂාව පිළිබඳව අදහස ඉදිරිපත්වූයේ වාහන දුම රෝගකාරකයක් වීම නිසයි. විශේෂයෙන්ම නාගරික ප‍්‍රදේශවල ජනතාවට ඞීසල්, පෙට‍්‍රල් වායුව මගින් හානිවීම පිළිබඳව අධිකරණයට කරුණු පැහැදිලි කිරීමෙන් පසු මේ තත්ත්වය ලබාගත්තා. අපි හැමෝම හැකිතාක් දුරට මේ කි‍්‍රයාවලියේ යාන්ත‍්‍රණය සාර්ථක කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. අද මුදලට කි‍්‍රයාත්මකවීම බොහොමයක් ස්ථානවලට පොදු කරුණක් වෙලා. දුම් සහතික නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය ඊට බැහැරව සිදු නොවන්නේ නම් එය මේ ශ්‍රී ලංකාවට සුදුසු නොවන තත්ත්වයකි. එබැවින් මේ විෂමතාව පිටුදැකීමේ කි‍්‍රයාවලියක් අවශ්‍යයි.


එසේ නොමැතිව දුම් සහතික කි‍්‍රයාවලිය පිටුදැකීමේ ව්‍යාපාරයක් දියත් නොවිය යුතුයි. මුදලට මේ සහතික නිකුත් කිරීම යටවන තත්ත්වයට පත්ව ඇති බව කිව යුතුයි.


දුම් සහතික නිකුත් කිරීමේ ක‍්‍රමයට එළැඹීම සඳහා තරගකාරී ලෙස වෙනත් ආයතනවලට ද අවස්ථාව ලබාදිය යුතුයි. ඒ අවස්ථාව දීම වගේම නිසි ලෙස ඒ කි‍්‍රයාවලිය පසුවිපරමට ලක් කළ යුතුවේ. එවැනි යාන්ත‍්‍රණයක් මගින් දුම් සහතික නිකුත් කිරීමේ කටයුතු කරන්නේ නම් දුම් සහතික නිකුත් කිරීමට දී ඇති බලපත‍්‍ර අහෝසි කිරීමට කි‍්‍රයාවලියක් යෙදිය යුතුව ඇත. පියවරෙන් පියවරට ගොඩනැගෙන යාන්ත‍්‍රණයක් වහාම කි‍්‍රයාත්මක කළ යුතුව ඇත. යහපත් අරමුණින් කෙරෙන කි‍්‍රයාවලියකින් ගසාකෑම සිදුවන්නේ නම් වහාම එය නතර කළ යුතුයි.


අද වනවිට පරිසරය ආරක්ෂාවීම සම්බන්ධයෙන් වාහනවලින් දුම් පිටවීමේ තත්ත්වය සියයට 60කින් පමණ අඩුවී ඇති බවද කිව යුතුය.


දැනට සමාගම් සුළු සංඛ්‍යාවකට දුම් සහතික නිකුත් කිරීමට ඇති අවස්ථාව තවත් ආයතන කිපයකට ලබාදිය යුතුය. නියමිත ප‍්‍රමිතීන්ට අදාළ උපකරණ පාවිච්චි කරනවාද යන්න පිළිබඳවත් පසුවිපරම් කළ යුතුවේ. මොනවා හෝ අක‍්‍රමිකතා වනවාද යන්න සෙවිය යුතුය. ඒ යාන්ත‍්‍රණය රට තුළ කි‍්‍රයාත්මක වන්නේ නම් වාහනවල ගුණාත්මක බව ඉහළ මට්ටමක පවත්වා ගෙන යා හැකිය.


එහි ප‍්‍රතිලාභය ජනතාවටය. අපවායුව බහුල ලෙස බිහිවීමෙන් සල්ෆඩයොක්සයිඞ්, කාබන් මොනොක්සයිඞ්, දූවිලි අංශු, කාබන් අංශු මුදා හැරීම සිදුවේ. 

 

 



අදහස් (0)

වාහන දුම් පරීක්ෂණය බොරුවක්ද?

කුමා Tuesday, 01 December 2015 08:57 AM

අනෙක ලංකාවට ගෙන්වන තෙල්වල ප්‍රමිතියක් නැතුව කොහොමද දුම විතරක් හොඳවෙන්නේ? (ස)

:       0       0

සුනිල් ගීකියනගේ Monday, 30 November 2015 07:20 PM

දුම් සහතික නිකුත් කිරීම තනිකරම මගඩියක්. අනෙක මේ අයවැයෙන් අසීමිත ලෙස වැඩිකළත් රජයට ලැබෙන්නේ අඩු මුදලක් නම් රජයට ලැබනෙ ප්‍රතිශතය වෙනස් කිරීමයි කළයුතුව තිබුනේ. අනෙක ලංකාවට ගෙන්වන තෙල්වල ප්‍රමිතියක් නැතුව කොහොමද දුම විතරක් හොඳවෙන්නේ? (නි)

:       0       1

රංගා Tuesday, 01 December 2015 10:47 AM

මේ සම්බන්ද යම් ප්‍රමිතිගත කිරීමක මූලික කටයුතු වර්ෂ 2012 දී ශ්‍රී ලංකා ප්‍රතීතන් මණ්ඩලය විසින් අරඹන ලද අතැර එය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙවන් පසුබිමක් තුල මෙබඳු වැඩි කිරීමක් සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි නොදනිමි! (ස)

:       0       0

ශාලිත Tuesday, 01 December 2015 05:29 AM

මේ දුම් පරීක්ෂා කරන සමාගම් ගැන ඇත්ත රටම දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site