IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වසර 93 ක් පැරැණි චිත්‍රයක් ජාතික කලාගාරයෙන් සොයාගැනේ

 

(සමන්ත යහම්පත්)

ජාතික කලාභවනේ පිහිටි ජාතික කලාගාරයෙන් වසර 93ක් පැරැණි චිත්‍රයක් අලුතින් සොයාගැනීමට හැකිවී ඇත. 
එම චිත්‍රය සොයාගෙන ඇත්තේ තවත් චිත්‍රයක් ඇතුළෙන් වීම විශේෂත්වයකි.

ප්‍රවීණ චිත්‍රශිල්පී, චිත්‍ර කලා ගුරු මුදලිඳු ඒ.සී.ජේ.එස්. අමරසේකර මහතා විසින් 1928 දී අඳින ලද කාන්තාවගේ රුවක් සහිත චිත්‍රයක් ඔහු විසින්ම 1964 වසරේ දී ඇඳි ආනන්ද සමරකෝන් මහතාගේ චිත්‍රය ඇතුළෙන් සොයා ගැනීමට මෙලෙස හැකි වී තිබේ.

සොයාගත්තේ ඇමෙරිකානු චිත්‍ර සංරක්ෂික ජෙනිෆර් මයර්ස්

මෙම චිත්‍රය සොයාගනු ලැබුවේ ජාතික කලාභවනේ පිහිටි චිත්‍ර සංරක්‍ෂණය කිරීම සඳහා උපදේශකත්වය ලබාදීමට ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණ සිටින ප්‍රවීණ තෙල්සායම් චිත්‍ර ශිල්පිනියක හා චිත්‍ර සංරක්‍ෂිකාවක වන ජෙනිෆර් මයර්ස් මහත්මිය විසිනි.

ආනන්ද සමරකෝන් මහතාගේ චිත්‍රයට දූවිලි අංශු වැදී තිබෙන ආකාරයේ වෙනසක් දුටු ඇය එහි ඇතුළත තවත් චිත්‍රයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇත. අනතුරුව චිත්‍රයේ කැන්වස් රෙද්ද ගැලවීමේ දී තවත් චිත්‍රයක් එහි තිබෙන බව සොයාගැනීමට හැකි විය. එක් චිත්‍රයක් තිරස් අතටත්, අනෙක් චිත්‍රය සිරස් අතටත් ඇඳ තිබෙනු එහිදී දැකගත හැකි විය.

මෙම කලාගාරයේ චිත්‍ර සංරක්‍ෂණය කිරීමේ කටයුතුවල අධීක්‍ෂණ කටයුතු කරන සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය පැවසුවේ ජෙනිෆර් මහත්මිය නොවන්නට එම චිත්‍රය සදාකාලිකව වැසී තිබෙන්නට ඉඩ තිබූ බවය.

එහි චිත්‍ර 239ක් හා මූර්ති 11ක් සංරක්‍ෂණය කිරීමේ කටයුත්ත කමිටුවක් මගින් සිදුකරන බවත්, මේ සඳහා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විශාල උනන්දුවක් හා සහයෝගයක් ලබාදෙන බවත් ඇය කීවාය. අලුත් චිත්‍රය නිසා චිත්‍ර 240ක් සංරක්‍ෂණය කිරීමට සිදුවී ඇති බව අධ්‍යක්‍ෂවරිය කියා සිටියාය.

අලුතින් සොයාගත් චිත්‍රය බොහෝදුරට ඉන්දියානු කාන්තාවකගේ විය හැකි බවට අනුමාන කෙරේ. මුදලිඳු අමරසේකර මහතා එවකට තානාපතිවරුන් සමඟ ඉතා සුහදව ළඟින් ඇසුරු කර ඇති බවත්, ඔවුන්ගේ භාර්යාවන් සිතුවමට නඟා ඇති නිසා එසේ සිතන්නට හැකි බවත් ජාතික කලාගාරයේ අභිරක්‍ෂක හිරන්ති මධුෂානි ප්‍රනාන්දු මහත්මිය මේ පිළිබඳව කළ විමසීමේ දී පැවසුවාය.

මෙම චිත්‍ර සංරක්‍ෂණය කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරන අතර, ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සංස්කෘතික දෙපාර්තමේන්තුව, ජාතික කලාභවන එක්ව කටයුතු කරයි. 

මෙහි චිත්‍ර සංරක්‍ෂණය කිරීමේ කටයුත්ත භාරව සිටින ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු, විශ්වවිද්‍යාල චිත්‍ර කලා අංශ ප්‍රධානියකු වන මහාචාර්ය ජගත් වීරසිංහ මහතා පැවසුවේ ජෙනිෆර් මහත්මිය ඉතා ඕනෑකමින් මේ කටයුත්තට අවශ්‍ය සැලසුම් ඉදිරිපත් කරන බවය.

අවුරුදු 40ක් තිස්සේ චිත්‍ර ශිල්පීන් කළ ඉල්ලීම් ඉටුකරන්නට හැකිවීම විශාල භාග්‍යයක් බවත්, ඇය මෙරටට නොඑන්නට අලුත් චිත්‍රය සොයාගැනීමට නොහැකි වන වා සේම ප්‍රථම වතාවට චිත්‍ර සංරක්‍ෂණ සැලැස්මක් පවා හැදීමට ඉඩක් නොලැබෙන බවත්, ඔහු කීවේය.

මෙම අලුත් චිත්‍රය සොයාගැනීමේ කටයුත්තට මහාචාර්ය ජගත් වීරසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ, කලාගාරයේ අභිරක්‍ෂක හිරන්ති මධුෂානි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංරක්‍ෂණ නිලධාරී ශාන්ත, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ඒ.ටී.එම්. අධිකාරී යන මහත්ම මහත්මීහු ද ජෙනිෆර් මයර්ස් මහත්මියට සහාය වූහ.

(ඡායාරූප- රුෂිරු කොළඹතන්ත්‍රී)



අදහස් (0)

වසර 93 ක් පැරැණි චිත්‍රයක් ජාතික කලාගාරයෙන් සොයාගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 458 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site