ලංකා විදුලි පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ සම්බන්ධ විවිධ මතවාද තිබුණද ලංකා විදුලි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව අප පුවත්පත වාර්තා කළ දිනයේදීම විදුලි පාරිභෝගිකයාට අදාළ වැදගත් ප්‍රවෘත්තියක් ද අප පුවත්පත වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියවුණේ විදුලි බිල ලබන ජූලි මාසයේදී අඩු කිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කරන මිල ගණන් ලැයිස්තුව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය.
මෙරට සාතිශය බහුතරයක් ජනයා දැවැන්ත ආර්ථික අර්බුදයකින් පෙළෙන බව ඉතා පැහැදිලිය. කොරෝනා මාරාන්තික වයිරසයත්, රට කළ පිරිස් ගත් මුරණ්ඩු හා අමනෝඥ තීන්දු තීරණ නිසා රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක්විය. එම අර්බුදයේ බලපෑම ජන ජීවිතයට දැනෙන්නට පටන් ගත්තේ වාත වේගයෙනි. බඩු මිල අහස උසට ඉහළ ගියේය.
තිබූ රැකියා අවස්ථා අහිමිවීම්, අමතර ආදායම් මාර්ග වැසීයාම් මෙන්ම අලුත් ආදායම් මාර්ග විවර නොවීම නිසා ජනයා බරපතළ ලෙස පීඩාවට පත්ව සිටිති. රජයට ආදායම් මාර්ග ඇහිරී යනවිට එයට පිළියම ලෙස ආදේශ වූයේ ජනයා ආවේෂ වන තරමට බදු පිට බදු ගැසීමය. විදුලිය බිල හා ජල බිල ඉහළ දැමීමය. විදුලිය බිල ඉහළ දැමීම ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇනීමටත් එහා ගිය දුක්ඛිත අත්දැකීමක්ම විය.
‘නීතිය යනු ශීලයක් නොවේය’ යන්න දැන උගත් සමාජය ඉහළින් අගය කරනු ලබන පිළිගැනීමකි. එමෙන්ම නීතිය යනු ජනයා පීඩාවට පත් කරනු ලබන මර්දනකාරී මෙවළමක් නොවේ. එහෙත් විදුලි බල මණ්ඩලයේ ඇතැම් සේවකයන්ගේ හැසිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි තරම්ය. විදුලිය බිල නොගෙවීම දෙස මානුෂවාදීව හා සානුකම්පිතව බැලීමට තරම් විදුලි බල මණ්ඩලයේ ඇතැම් සේවකයෝ ශිෂ්ට නොවූහ. ඉතා අඩු හිඟ මුදලටත් ඔවුහු විදුලිය විසන්ධි කළහ. විදුලිය බිල ගෙවීමට නොහැකි තරමට බංකොලොත් වී සිටි ජනයාට අවසානයේදී විදුලිය සැපයුම යළි ලබා ගැනීමට දැරිය නොහැකි තරමේ අමතර වියදමක් දැරීමට සිදුවිය. ජූලි මාසයේ සිට විදුලිය බිල අඩු කිරීමේ මිල ගණන් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පවසන ප්‍රවෘත්තිය සාතිශය බහුතරයක් ජනයාට ශුභාරංචියක්ම වන්නේ මෙම පරිසරය තුළය.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර ඇති ආකාරයට ඒකක බින්දුවේ සිට තිහ දක්වා පාරිභෝගිකයන් ලක්ෂ දහ අටකගෙන් ඒකකයකට අය කරන රුපියල් 8ක මුදල 6 දක්වාත් ඒකක 30ත් 60ත් අතර ලක්ෂ විස්සකගේ පිරිසෙන් ඒකකයකට අය කරන ගාස්තුව වන රුපියල් 20-11 දක්වාත් අඩු කිරීමට යෝජනා කර ඇත.
ඒකක 60ත් 90ත් අතර ලක්ෂ 15ක පමණ පිරිසකගෙන් ඒකකයකට අය කරන රුපියල් 30ක ගාස්තුව රුපියල් 18 දක්වා අඩු කිරීමටත් ඒකක 120ක් පාවිච්චි කරන පිරිසගෙන් ඒකකයට අය කරන රුපියල් 50ක ගාස්තුව රුපියල් 30 දක්වා අඩු කිරීමටත් අමාත්‍යවරයා යෝජනා කර ඇති බව අප පුවත්පත වාර්තා කළේය.
වැඩි කළ ප්‍රමාණයට සරිලන ආකාරයෙන් අඩු කිරීමක් බලාපොරොත්තු විය නොහැකිය. එය ශක්‍රයාට නොව ශක්‍රයාගේ පුතා වයිමාටවත් කළ නොහැකි බව ආණ්ඩුව කියනු නිසැකය. එමෙන්ම ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යාමට විදුලිය බිල ඉහළ යාමද බලපෑවේය. ඇතැම් ආහාර වර්ග නිෂ්පාදනයට මෙන්ම භාණ්ඩ නිෂ්පාදනයට විදුලිය ඍජුවම අවශ්‍යවීම එයට හේතුවය. එසේ නම් විදුලිය බිල අඩුවීම එම භාණ්ඩ හා ද්‍රව්‍යවල මිල අඩුවීමට හේතු විය යුතුය.
මහජනයා සිටින්නේ තොග පිටින් සහන අපේක්ෂාවෙනි. කවුරුත් ඒ බව තරයේ සිහි තබා ගත යුතුය.
(***)
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විදුලි බිලේ සහනය ජනතා අපේක්ෂාව ඉටුකිරීමක්
Chaminda Sunday, 09 June 2024 01:12 PM
ආ ඒ කියන්නේ විදුලි බිල දරාගන්න බැරි තරම් වැඩිකලේ ඡන්දේ කිට්ටුව අඩුකරන්න බලාගෙන නෙමෙයිද?
Vithana Monday, 10 June 2024 03:52 AM
විදුලි බල මණ්ඩලේට අරක් ගත්තු ඩීසල් විදුලි මාෆියා කාරයෝ, වෘත්තීය සමිති මාෆියා කාරයෝ ඉවරයි. ඒ මාෆියා කාරයෝ තමන්ගේ පුද්ගලික ව්‍යාපාර කරමින් විදුලි බිල අහස උසට යන්න සැලස්සුවා. මේ මාෆියා කාරයින් පිටුපස විපක්ෂයේ දේශපාලන පක්ෂ හිටියා. පූනරීන් සහ උමා ඔය විදුලි බල ව්‍යාපෘති කඩාකප්පල් කරලා විදුලි බිල අහස උසට නංවලා, පැය ගණන් විදුලිය විසන්ධි කරන තැනට පත් කළේ ඔවුන්. මේ සියළුම දෙනා පරාජය කරලා ජනතාවගේ අවශ්‍යතාවට මුල් තැන දීලා, ජනදුක නිවන්න සැලසුම් කිරීම ගැන මේ ආණ්ඩුවේ නායකයින්ට ප්‍රණාමය පුද කර සිටිනවා...!