IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ලොව දිගම රැවුල්කාරයා

 

රාම්ගේ රැවුළේ එල්ලී සිටින බිරිඳ
ගිනස් වාර්තාව පිළිබඳ සටහන


 

ඉන්දීය ජාතික, 58 හැවිරිදි රාම් සිං චෞද්‍රි ලෝ සුපතල චරිතයක් බවට පත් වී සිටී. ඒ ඔහුගේ අඩි 14 ක් දිග උඩු රවුළ නිසාය. ලොව දිගුම උඩු රැවුළ ඇත්තා ලෙස රාම් සිං ගිනස් ලෝක වාර්තා අතරට ද එක් වී සිටී.

ඉන්දියාවේ රාජස්ථාන ප‍්‍රාන්තයේ ජායිපූර් නුවර වැසියකු වන රාම් සිං සිය දිගු උඩු රවුළ ගැන කතා කරන්නේ මහත් ආඩම්බරයෙනි.

රාම් සිං රැවුළ වැවීමට පටන් ගෙන ඇත්තේ ගැටවර වියේ සිටය. 1970 දශකයේ සිට වසර 32 ක් තිස්සේ ඔහු රවුළ  ‘නඩත්තු’ කරයි.

රාම් සිං පවසන්නේ, ඔහු කිසිදාක රවුළ කපා නැති බවය. ‘1970 වසරේ සිට මා රවුළ කපා නැහැ. රැවුළ තමා මාගේ අභිමානය. අද කාලේ සමහරුන්ට නොතේරුණත්, රවුළ කියන්නේ සැබෑ පිරිමියකුගේ සංකේතයයි’ රාම් සිං කියයි.

‘මා රැුවුළ වවන්න පටන් ගත්තේ, වාර්තා තියන්න නොවේ. මා එසේ කළේ රාජස්ථානයේ පුරාණ චාරිත‍්‍ර හා සම්ප‍්‍රදායට ගරු කිරීමක් හැටියටයි. පුරාණ ඉන්දියාවේ උඩු රැුවුළට ගරු බුහුමන් හිමිවුණා. උඩු රවුළක් ඇති අය සමාජයේ කැපී පෙනුණා.’ යැයි රාම් සිං වැඩි දුරටත් පැහැදිලි කරයි.

රැුවුළ නිසාම, ‘ඔක්ටොපුසි’ නමැති ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපටයේ චරිතයකට සම්බන්ධ වීමට ද රාම් සිං ට හැකිවිණි. එපමණක් නොව, ඔහු වසර 30 ක් තිස්සේ, රාජස්ථාන සංචාරක අමත්‍යාංශයේ තානාපතිවරයකු ලෙස රාජකාරි කරයි.

දිනපතා රැුවුළ හොඳින් පීරා පිරිසිදු කිරීමට රාම් සිං දිනකට පැය දෙකක් වෙන් කරයි. එම කටයුත්තේ දී ඔහුගේ බිරිඳගේ සහාය ද නොඅඩුව ලැබේ.
රාම් සිංගේ බිරිය ආශා කියන්නේ ඇය ඔහුට කැමැති වුණේ ද ඔහුගේ ‘ආඩම්බරකාර’ රැවුළ නිසා කියාය.

රාම් සිංගේ පුතු ද මේ වනවිට පියාගේ අඩිපාරේ යමින් රැවුළ වවන බව ද වාර්තා වේ. රාම් සිං පවසන්නේ, පුරාණ සම්ප‍්‍රදායට ගරු කරමින් රැුවුළ වැවීමට තම පුතු තීරණය කිරීම ආඩම්බරයට කරුණක් කියාය.

 

මෙච්චර දිග රැවුලක්
 
 

 


 



අදහස් (0)

ලොව දිගම රැවුල්කාරයා

හේමන්ත Monday, 04 November 2013 11:16 AM

කිසිදාක රැවුල කපා නැහැ කියන්න බැහැ, එයාගේ නිකටේ රැවුල කැපුවේ අපිද?(නදී)

:       0       0

දොන් සේතං Sunday, 03 November 2013 04:43 PM

එතකොට ඔය බිරිදට ඔය රැවුලෙන් ප්‍රශ්ණයක් නැද්ද?(නදී)

:       0       0

කුමාර Tuesday, 12 November 2013 01:54 PM

බොරු වැඩේ .........(නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 07 November 2013 05:16 PM

ඉන්දියන් අයගේ මෙවැනි දේ වලින් අපට ලැබෙන දෙය කුමක්‌ද? (නි)

:       0       0

සුලෙක්ෂි මදුෂානි Monday, 04 November 2013 12:18 PM

බිරිඳට තරහ ගියාම ඇදලා ගන්නෙ රැවුලෙන් වෙන්න ඇති.... (ස)

:       0       0

දොන්සේතං Monday, 04 November 2013 12:19 PM

පෙටී ඒ රැවුලට ඔයා ආසද පැටියෝ....... (ස)

:       0       0

දොන් සේතං Sunday, 03 November 2013 05:37 PM

රැවුලනමි හොදයි තමා කිරි හොදා වගේ බැරි වෙලාවත් පාර තොටේ යද්දි රැවුලේ කාව හරි පැටලුනොත් කිරි අප්පට බල්ලො පැනපි තමයි.(නදී)

:       0       0

පෙටී Monday, 04 November 2013 03:48 AM

ලස්සන රැවුල ...පාටත් නෑ ..කළුම කලුයි.(නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Monday, 04 November 2013 01:23 PM

අගෞරව කරන්න කියනවා නෙවෙයි, මට ඇලඩින් සහ පුදුම පහන එකේ ඇලඩින් මතක් වෙනවා.(නදී)

:       0       0

ආරියසේන Sunday, 10 November 2013 01:10 AM

වෙනත් තරහකාරයෙකුට හෝ හොරෙකුට මේ ක්‍රමය ඉතා ප්‍රයෝජනවත්. ඔහුගේම රැවුලෙන් බෙල්ල හිරකර මරන්නත් පුළුවන්. ඒ වගේම එල්ලා මරන්නත් පුළුවන්,මධූ කියන්න වගේ කාටවත් මේකෙන් ප්‍රයෝජනයක් නොමැතියි නේද? (නි)

:       0       0

ජුදේ Tuesday, 05 November 2013 12:44 AM

ලස්සන රැවුල (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 05 November 2013 01:03 AM

සමන්, මොනවද ඕනෑ? (නි)

:       0       0

සිරියලතා - කොට්ටව Wednesday, 06 November 2013 04:56 PM

ඊයා, චික් විතරක්, මෙයාට මොලේ නැද්ද ? (ස)

:       0       0

සමන් Monday, 04 November 2013 07:31 PM

කව්දා හරි ඕකෙන්ම බෙල්ලේ වැල දාගන්න පුලුවන්.(නදී)

:       0       0

මදු Friday, 08 November 2013 04:46 PM

මම නම් හිතන්නේ කිසිම කෙනෙකුට පල ප්‍රයෝජනයක් නැති අර්ථ රහිත දෙයක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site