IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලාබ ලබද්දීත් විදුලිය ගාස්තු අඩු කරන්න බැරි ඇයි?

මහවැසි හේතුවෙන් ජලාශ පිරී ඉතිරී ගොස් ජල විදුලිය නිපැයුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබුණත් විදුලිය බිල අඩුවීම තවදුරටත් කල්යාම මෙරට විදුලිය පාරිභෝගිකයන්ගේ දැඩි කනස්සල්ලට හේතුවී තිබේ. වඩාත්ම ඉවසිය නොහැක්කේ විදුලි බිල අඩුකෙරෙන බවට සති ගණනාවක් තිස්සේ කියන කතා ක්‍රියාවට නැංවීමට කිසිදු නිලධාරියකු උනන්දුවක් නොදැක්වීමය. උද්ධමනය බින්දුවට බැස්ස බවට වැනි කතාවලට තටු ලැබී තිබේ. එහෙත් විදුලි බිල අතට ලැබුණු පසු විදුලි පාරිභෝගිකයාගේ ඉහ මොළ රත්වීම වැළැක්වීමට නම් එවැනි පුරසාරම් කතාවලට හැකියාවක් නැත. 

පසුගිය වසරේ අග භාගය වන විට විදුලිය ගාස්තුව සෑහෙන ප්‍රතිශතයකින් අඩු කරන බව විදුලි බල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම කතාවට පදනම වැටු​ෙණත් එම කාලය වනවිට එක දිගට ලැබුණු වර්ෂාව හේතුවෙන් විදුලිය නිපැයුම ඉහළ මට්ටමකට පැමිණ තිබීමයි. ඒ අනුව කිසියම් ප්‍රතිශතයකින් මිල අඩු වුවද එය පාරිභෝගිකයාගේ ඇඟට දැනුණේවත් නැත. ගාස්තු වැඩි කිරීම දැරිය නොහැකි මට්ටමකින් සිදුකර තිබීම එයට හේතුව විය. මෙහි බලපෑම්  කොතරම් බරපතළදැයි කිවහොත් ඉතිහාසයේ කෙටි කාලයක් තුළ විදුලි පාරිභෝගිකයන්ගෙන් වැඩිම පිරිසකගේ නිවෙස්වලට විදුලිබලය අහිමි වූයේ මේ කාලයේය. විදුලිය අත්හිටවූ නිවෙස් ලක්ෂ ගණනක් දක්වා ඉහළ නැංගේය. එය රටේ ජනතාවගේ ජීවන තත්වය බින්දුවට බැස්සවීමක් විය. විදුලිය බිල අඩු වැඩි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට වග කියන ආයතනය වන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබුණේ විදුලිය ගාස්තු අඩු කිරීම පිළිබඳ යෝජනාව ඉදිරි සති දෙක තුළදී ලබා දුනහොත් ජුලි මාසයේ මැද සිට ගාස්තු සංශෝධන ක්‍රියාත්මක කළ හැකිවනු ඇති බවය. මැයි මාසයේ එම යෝජනා ලබාදීමට නියමිතව තිබුණත් පසුගිය 27 වැනිදා සිට තව සති දෙකක කාලයක් විදුලි බල මණ්ඩලය ඉල්ලූ බවත් එම යෝජනා ලැබීමෙන් පසුව මහජන අදහස් විමසා ගාස්තු සංශෝධනය  ක්‍රියාත්මක කළ හැකි බවත් සභාපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

මේ  කාරණය සම්බන්ධයෙන් කල් මැරීමේ ප්‍රතිපත්තියක් බලධාරීන් විසින් අනුගමනය කරනු ලබන බවට අදහසක් ඒ අනුව පාරිභෝගික ජනතාව තුළ ඇතිවෙයි. ගාස්තු සංශෝධනය එක තැන පල්වෙමින් තිබීමට තවත් හේතුවක් වශයෙන් සඳහන් වන්නේ නිල වාර්ෂික ගාස්තු සංශෝධනය ජුලි මස 1 වැනිදාට යෙදී තිබීම බවද කියැවෙයි. එහෙත් ගාස්තු වැඩිකිරීමේදී මෙම නිල වාර්ෂික කතාවක් නොතිබිණි. ඔළුවට පොල්ලෙන් ගැසුවා සේ විදුලි ගාස්තුව මාස කීපයක් තුළ සියයට 300කින් පමණ ඉහළ දමන විට නිල වාර්ෂික සංශෝධන කතා වාෂ්ප වී ගියේය.

විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමේ සිහි කැඳවීම් දෙකකටම කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ බව ද සඳහන්ය. මණ්ඩලය නිහඬව සිටීනම් එහි වගකීම බාරගත යුත්තේ විදුලි බල අමාත්‍යවරයාය. විදුලි ගාස්තු සම්බන්ධයෙන් මණ්ඩලයට තනි තීරණයක් ගත නොහැකි බැවිනි. එය රජයේ ප්‍රතිපත්ති  පිළිබඳව ගැටලුවකි. එහෙත් මහජන උපයෝගිතා කොමිසම පාරිභෝගික ජනතාවට වගකිව යුතුය. මණ්ඩලයත් කොමිසමත් අතරේ සිදුවන මේ කඹ ඇදිල්ලේ මැදටම පාරිභෝගිකයෝ හසුවී සිටිති. ඔහු ගලවා ගත හැක්කේ රජයේ මැදිහත්වීමකින් පමණි.  එහෙත් අමාත්‍යවරයාත් රජයේ බලධාරිනුත් මුනිවත රැකීමෙන් පෙනෙන්නේ පාරිභෝගිකයා තවදුරටත් අසරණ වන බවය.

ලොවේ වැඩිම විදුලි ගාස්තුවක් ගෙවන පාරිභෝගිකයන්ගේ තත්වයට ශ්‍රී ලංකාව ඇද වැටුණේ ආර්ථික අර්බුදයේ ඍජු ප්‍රතිඵලයක් වශයෙනි. එම අර්බුදයෙන් රටේ ආර්ථිකය ගොඩ එමින් සිටින බව දවස ගාණේ රජයේ ප්‍රකාශවලින් කියැවේ. එසේම අධික ගාස්තු අය කිරීමේ ප්‍රතිපත්තියක් වශයෙන් විදුලිබල මණ්ඩලය ද 2023 සහ 2024 වර්ෂවල දී අධික ලෙස ලාබ ලබාගෙන සිටින බව ද සඳහන්ය. සැබෑ තත්වය එසේනම් තවදුරටත් විදුලි පාරිභෝකයා  මේ දුක විඳිය යුතුද?

(***)



අදහස් (3)

ලාබ ලබද්දීත් විදුලිය ගාස්තු අඩු කරන්න බැරි ඇයි?

AB Monday, 03 June 2024 08:44 AM

විදුලිබිල වැඩිනම් විදුලිය, ජලය සඳහා පාරිභෝගිකයින් අය කිරීම පාරිභෝගිකයින් භාවිතා කරන සම්පත් මත පදනම්ව ගාස්තු අය කරන ක්‍රමවේදය වෙනත් ආකෘතියකින් Pay as you use or "go" ක්‍රමය හඳුන්වා දීමට හැකියි. එවිට පාරිභෝගිකයින් ගෙවීම සිදුකරනු ලබන්නේ ඔවුන් විසින් භාවිතා කරන ප්‍රමාණයන් අනුව වේ. එසේ සිදුවීම තුළ පාරිභෝගිකයින් පවා ඔවුන්ගේ ජල සහ විදුලි භාවිතය පාලනය ඔවුන් විසින්ම සිදුකර ගනු ඇත. සමස්ත මිල අඩුකිරීම නැවත සිදුවිය යුතුද නැත. කඩාවැටුණු ආර්ථිකය හමුවේ සියල්ල සිදුවන්නේ රටේ පුරවැසියන්ගේ අවශ්‍ය තත්වයන් ඉටුකිරීමට නම් රජයට සහයෝගය ලබාදීම පුරවැසියන්ගේ යුතුකමකි. ජනමාධ්‍ය වුවද සෑම අවස්ථාවකම රජය පමණක් විවෙච්නය කිරීම වෙනුවට දෙපාර්ශවයම ප්‍රයෝජනවත් අදහස් ඉදිරිපත් කිරීම වැදගත් වනු ඇත...

:       17       2

RasikaMonday, 03 June 2024 06:19 PM

ඉහත ඔල මොට්ටල කොමෙන්ටුව පලකර ඇත්තේ සිහි නුවණින් සිටින මිනිසෙකු නොවේ. ඇමැතිවරුන්ගේ විදුලි බිල ජනතාව විසින් දරන තාක් මෙවන් ඇමැති ඇම්බැට්ටයින්ගේ කොමන්ට්නිතර දක්නට ලැබෙනු ඇත. රජය හොඳ ක්‍රියාමාර්ග ගන්නා විට ඒ ගැන ජනයාට ගැටළුවක් නැත. නමුත් ඇමැති ඇම්බැට්ටයින් මුදල් වලට රජයට සහයෝගය දෙනවිට මෙවන් රජයක් පැරැදවීම ජනතාවගේ ඒකායන අරමුණ විය යුතුයි.

:       0       3

de silva Thursday, 06 June 2024 12:50 PM

විදුලිබලය අඩුකරන්න නම් ජලාශ පිරිලා ඉතුරුණාට වැඩක් නැහැ ඡන්දයක් එන්න ඕනේ , ඡන්දෙට සතියකට විතර කලින් විදුලිය 50% විතර අඩු කරවී පැට්‍රොල් 180ට දෙවි ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 156 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2051 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1579 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site