(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය බදාදා (15) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිරීක්ෂණයට ලක්වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීය කාලනුරූපි නිරීක්ෂණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම විසින් මෙලෙස ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය විමසා බැලීමට නියමිතය.
ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය එම කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්වන්නේ තෙවැනි වරටය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීය කාලනුරූපි නිරීක්ෂණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සැසිවාර පසුගිය 6 වැනිදා ආරම්භ වූ අතර ලබන 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට අමතරව රටවල් 14ක් මානව හිමිකම් සම්බන්ධයෙන් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම සැසිවාරවලදී විමසා බැලෙනු ඇත. පළමු වරට ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය මෙම කමිටුවේ විමසීමට ලක්වූයේ 2008 වසරේ මැයි මාසයේදීය. එම ක්‍රියාකාරී කණ්ඩායම දෙවැනි වරට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය විමසා බැලුවේ 2012 වසරේ නොවැම්බර් මාසයේදීය.
ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලබාදුන් වාර්තා, මානව හිමිකම් ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ කණ්ඩායම් ලබාදුන් තොරතුරු ඇතුළත් වාර්තා, එක්සත් ජාතීන්ගේ සංවිධාන, මානව හිමිකම් සංවිධාන ආදිය ලබාදුන් වාර්තා, මෙරට මානව හිමිකම් කොමිසම ද ඇතුළත් රජයේ පාර්ශව, මෙරට සිවිල් සංවිධාන හා කලාපීය සංවිධාන ලබාදෙන ලද වාර්තා ආදිය මෙහිදි විමසා බැලේ.
බලහත්කාරයෙන් කරන ලද අතුරුදන් කිරීම්, විපතට පත්වූවන් හා ඔවුන්ගේ ඥාතීන්ට කරන ලද ගෙවීම්, වරදකරුවන් අධිකරණය ඉදිරියට පැමිණවීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, ත්‍රස්තවාදය පිටු දැකීමේ පනත. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාවට නැංවීම, සත්‍ය හා සංහිඳියා කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට පියවර ගැනීම, සෑම ප්‍රජාවකටම අධිකරණ ක්‍රියාවලියට ප්‍රවේශවීම සුරක්ෂිත කිරීම, නීතිය හා සාමය ස්ථාපිත කරන ආයතන (පොලිසිය) කරන ලද අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා වදහිංසා පැමිණවීම් පිළිබඳ වාර්තා, වෛරි කතාව හා ප්‍රචණ්ඩත්වයට අනුබල දීමේ සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම, සුළු ආගමික කොටස් ආරක්ෂා කිරීමට පියවර ගැනීම, මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, කාන්තාවන්ට සිදුවන සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය, ළමා මෙහෙකාර සේවය තුරන් කිරීමට පියවර ගැනීම, ලිංගිකත්වය මත සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට පියවර ගැනීම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතය.
මේ වසරේදී මෙරට සංචාරය කරන ලද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු වන බෙන් එමර්සන් සහ පැබ්ලෝ ද ග්‍රීෆ් යන දෙදෙනාම ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ප්‍රමාද වී ඇතැයි පෙන්වා දී තිබිණි.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ 36 වැනි සැසිවාරයේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාලරාමුවක් සහ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා ඉකුත් සැප්තැම්බර් 11 වැනිදා පැවැසීය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධයෙන් පැවැත්වෙන සැසිවාරයට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද ජීනිවා නුවරට යෑමට නියමිතය.
ඡායාරූපය රොයිටර්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය නිරීක්ෂණයට
kumar (Galf) Monday, 13 November 2017 07:44 PM
අපිටම අටවන්න එන මේ මානව හිමිකම්කාරයන්ට ලෝකේ දිහා ඇස් ඇරලා බලන්න කියන්න.