ඔහුගේ සම්පූර්ණ නම මැස්ටියගේ දොන් කුලපාල ගුණතිලකය. මීට වසර 85 කට පෙර තාගෝර්තුමාගේ උපන් මාසේ උපන්දින ඔහුගේ උපන්දිනය ලෙස සටහන්ව ඇත්තේ 1928 මැයි 07 වැනිදා ලෙසය. වාද්දුවෙන් බණ්ඩාරගම රඹුක්කනට සේන්දු වූ මැස්ටියගේ දොන් හෙන්ද්‍රික් ගුණතිලක සහ මැස්ටියගේ දෝන සොපිලින් ගුණතිලක යුවළගේ දහදෙනකුගෙන් යුතු -”පුංචි පවුලේ” හත්වැනි සාමාජිකයා වූයේ අපේ මේ කුලපාල ගුණතිලකය.
ඔහු මෙරට පත‍්‍ර කලාවේ සදානුස්මරණීය සේවාවක් ඉටු කළ පත‍්‍රකලාවේදියකු බව ඉතිහාසය අවුස්සමින් සිංහල පත‍්‍ර කලාව හඳුන්නාගත්තකුට නම් විමතියක් නොවේ.
ජෝ. පතිරාජ මහතාගේ හෑගලූ විද්‍යාලයෙන් මුලකුරු කියවූ කුලපාල ගුණතිලක හතරවැනි කැලෑසියේදී හොරණ විද්‍යාරත්නයට ඇතුළු වන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. සිරිසේන පේ‍්‍රමලාල් (ජනක් පේ‍්‍රමලාල්ගේ පියා) සිරිල් .ඒ. සීලවිමල මෙන්ම කුලපාලගේ ඥාතියකු වූ කරුණාසේන ජයලත් ද මිතුරෝ වූහ. පසුකාලීනව කරුණාසේන ජයලත් ගොළු හදවත ලියද්දී එහි එක් චරිතයක් වූයේ කුලපාල ගුණතිලකය. මීමන පේ‍්‍රමතිලක අයත් වන්නේ ඊට පෙර පරම්පරාවටය.
කුලපාල කුලතිලක |
ගුරු සහතිකපත‍්‍ර විභාගයෙන් සමත්වූ කුලපාල ගුණතිලක පසු කලෙක ගුරු සහතිකපත‍්‍ර විභාගයට ලියනවිට නාරගල යසපාල සමරනායකද ඒ විභාගයටම ලිව්වේය. පසු කලෙක මේ දෙදෙනාම ලංකාදීප වාර්තාකරුවන් වූ අතර යසපාල සමරනායකගේ පුතාවූයේ කොළඹ පුරහල අසල පිහියෙන් ඇන මරාදැමූ කිත්සිරි සමරනායකය. විදුහල්පතිවරයකු ලෙස බටුවිට, බලංගොඩ කළුතර ආදී පාසල් ගණනාවක සේවය කළ විදුහල්පතිවරයකු ලෙස 1988 අධ්‍යාපන සේවයෙන් විශ‍්‍රාම ගන්නේ කුලූපන විද්‍යාලයෙනි.
විල්මට් පෙරේරා මහතා මතුගමට ඡුන්දය ඉල්ලද්දී ඔහු ගිය හැම රැස්වීමක්ම වාර්තාව රැම ලියා හොරණ තිබූ රැ කඩය වන විමලසිරි මුදලාලිගේ කඬේටවී සිටීම කුලපාලගේ සිරිත විය.
කන්නන්ගර මැතිතුමාගේ වාර්තාව ලිව්වේ යසපාල සමරනායකත් බිබිලේ පොන්සේකාත් ගජ මිතුරන් විය. දෙදෙනා හොඳට මීවිත සප්පායම් වී විමලසිරි මුදලාලිගේ රැ කඩයට එනවිට ”ලංකාදීප -මොරිස්” පත්තර වෑන් එක කුලපාල ගුණතිලකගේ වාර්තාව රැුගෙන නැවත කොළඹ ගොස් හමාරය. සූර් වැඩිවූ විට කන්නන්ගරගේ රැුස්වීමේ වාර්තාව ගෙනෙන අතර නාරගල තොටුපොළේ ලෑලි පලූ කොට දෙකක යසපාල සහ බිබිලේ දෙදෙනා -”ඇලට්” එකක් දමා සිටි බව ද එවකට ප‍්‍රවෘත්ති කර්තෘවරයාට වාර්තාවී තිබුණි.
සර් ජෝන් අගමැතිවූවිට බණ්ඩාරගම හරහා හොරණට පැමිණ එතැනින් ඉංගිරියට යාමේ චාරිකාව සුපුරුදු එකක් විය. ගමනාරම්භය සර් ජෝන්ගේ මව් පාර්ශවයේ ඥාති සබඳතාවක් ද විය. මේ හැම ගමනකදීම කරුණාසේන ජයලත් යසපාල සමරනායක සහ කුලපාල ගුණතිලකට වාර්තාකරණය භාරවූ අතර කැමරා ශිල්පියා වූයේත් කුලපාල ගුණතිලකය.
ඒ සන්දියේ හොරණ පත්තර ඒජන්ට් වූයේ විමලරත්නය. තයි වොක්ස් කැමරාවෙන් එක්වරක් පමණක් පත්තුවෙන ෆ්ලෑෂ් බල්බය දමාගන්නා ඡුායාරූප, නෙගටිව් පටය පිටින්ම -”ලංකාදීපයට” යැවිය යුතුවිය. ඒවා ලැබුණු විටම නිදිමරාගෙන සිටි ඩාක්රූම් ශිල්පීන් නැගටිව් සෝදා ග‍්‍රැපියෝ බ්ලොක් කල්තබා සාදාගත යුතු විය. ප‍්‍රින්ස් ගුණසේකර, දීගොඩ පියදාස, පියල් වික‍්‍රමසිංහ, මහනාම දිසානායක, පාලිත විදානගමාච්චි, ගුණදාස ලියනගේ, ඬේවිඞ් කරුණාරත්න සමඟ උරෙ’නුර ගැටෙමින් ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති වාර්තාකරණයත් ගුරු සේවයත් සමබරව ගෙනයාමට කුලපාල ගුණතිලකට සිදුවිය.
කුලපාල ගුණතිලක නමැති වාර්තාකරුවා ලංකා පත‍්‍ර කලා ඉතිහාසයට අමුතුම අත්දැකීමක් එක්කරන්නේ මේ අතරය. ඒ මීට වසර 55 කට පෙරය. දිනය 1958 පෙබරවාරි 10 වැනිදා විය. එය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක පාලන සමය විය.
කුලපාල හා බිරිඳ |
කුලපාල ගුණතිලකගේ ඥාතියෙකු වූයේ බාලගේ දොන් සිරිසේනය. සොලෝහාමි අබේසිංහ ”-ඉස්කුල් ටීචර්” සමඟ විවාහවී සිටි සිරිසේනට ඇතැමුන් -”සිරිසේන අයියා” කියූ අතර සමහරුන්ට ඔහු නිකම්ම සිරිසේන විය. සිරිසේන ජීවත්වූයේ හොරණ රත්නපුර පාරේ අංක 316 දරණ නිවසේය. සිරිසේන බිස්නස් කීපයකම නිරත වූවත් ඔහුට සරුථල ගෙන දුන්නේ වාහන ”-බයින් ඇන්ඞ් සෙලින්” බිස්නස් එකය. ඔහුගේ කාර්යාලය පිහිටියේ කොළඹ නගර සභාව අසල දවටගහපල්ලිය ඉදිරිපිටය. කාර් බිස්නස්වලදී බ්‍රෝකර්ලාට -”කොමිසන්” දීමේදී යම් හිත් අමනාපකම් ආරවුල් දක්වා දුරගිය අවස්ථාද විය. -සිරිසේන අයියා ගේ කාර් බිස්නස් එක බලාගෙන ඉඳිත්්දී සරුවීම කොළඹ -ගංකාරයින් ට ඉවසුම් නොදෙන්නක් විය.
උදේ පාන්දරින්ම කොළඹ බලා යාම සිරිසේන මුදලාලිගේ පුරුද්දය. එදා දිනය 1958 පෙබරවාරි 10 වැනි දින ලෙස කොළඹින් ගෙනා ඈපාලිතේ සඳහන්ව තිබුණි. උදේ හතට පමණ කොළඹ සිට පැමිණි හම්බර් කාරෙකක් මුදලාලිගේ ගේ ඉදිරිපිට දුවිලි කාගෙන යන ලෙස බ්රේක් ගසා නවත්වන ලදී. එයින් එළියට බැස්සේ හැඩිදැඩි ඉලංදාරි කිපදෙනෙකි. මුදලිලාලිගේ ගෙදර දොරට වැරෙන් පයින් ගැසූ එක් මැරයකු සාලේ සෙල්ලම් කරමින් සිටි සිරිසේන මුදලාලිගේ පුතාවන ජගත් කුමාර කුලසිරි ඔසවා ගත්තේ බෝනික්කකු ඔසවනවා මෙනි. එවකට දරුවා තුන්හැවිරිදි වියේ විය.
සිරිසේන මුදලාලිගේ හාමිනේත් ගෙදර වැඩට සිටි හීන් මැණිකාත් මරලතෝනි දෙමින් දරුවා ඔසවාගත් මැරයා පසුපස හඹායත්දී වැරෙන් පා පහරක්දී දෙදෙනා බිම හෙලූ මැරයෝ දරුවාද රැගෙන පලායන්ට වූහ.
කුලපාල ගුණතිලක මහතා පවසන පරිදි ලංකා ඉතිහාසයේ මුල්ම ළමා කොල්ලය සිදුවූ ආකාරයයි ඒ. අරංචිය ලත් හොරණ ප‍්‍රදේශවාසීහු සිරිසේන මුදලාලිගේ ගෙට වැල නොකැඞී එක්වන්නට වූහ.
සිරිසේන සමඟ තිබුණු මුදල් පලහිලව්වකට දරුවා හරි පවුල හරි පැහැර ගන්නවා කියල තර්ජන තියෙනවා කියල සිරිසේන කීපවරක්ම මට කිව්වා. සිරිසේන මගේ ළඟම ඥාතියෙක් කුලපාල ගුණතිලක මතකය අලූත් කරන්නට වූහ.
ළමා කොල්ලය ගැන මුල්ම වාර්තාව පළකොට ඇත්තේ 1958 පෙබරවාරි 11වැනිදා තීරු දෙකක කුඩා ප‍්‍රවෘත්තියක් ලෙසය. ප‍්‍රවෘත්තිය දුටු ඞී.බී. ධනපාල මහතා ප‍්‍රවෘත්ති කර්තෘ රත්නදේශප‍්‍රිය සේනානායකට වහා අණකොට ඇත්තේ වාර්තාකාර උපවංශ ඇලිකේවල සහ ඡුායාරූප ශිල්පී මර්වින් පෙරේරා වහාම හොරණට පිටත්කර හරින ලෙසයි.
විල්මට් ඒ.පෙරේරා මන්ත‍්‍රීතුමාට කතාකොට ශ්‍රීපාලි මේලාව නිවේදන කටයුතු කරන ගුණදාස ලියනගේට සහ හොරණ වාර්තාකරු කුලපාල ගුණතිලක ලවා වහා වාර්තාව කොළඹ එවන ලෙස ධනපාල නියෝග කර ඇත. ළමයා පැහැරගත් මැරයින් එවකට ප‍්‍රවෘත්ති පත‍්‍ර වලට ද තර්ජනය කළ නිසා ඒ කිසිදු පුවත්පතක මේ වාර්තාව පළකොට නැත.
”යකාට බයනම් සොහොනේ ගෙවල් හදනවද අය්සේ” තර්ජන එල්ලවනවිට ධනපාල තම ”පීකොක්” සිගරැුට්ටුව තත්පරයට අඟලක වේගයෙන් උරා ටින් එකට දමන්නට විය.
අප මුලින්ම සිරිසේනගේ ගෙදරට ගියා. ගෙදර කවුරුත් හිටියේ නෑ. වවුලූගල වත්තේ ගෙදරක ඉතුරු ළමයි ආරක්‍ෂාවට තියල තියෙන බව දැනගත්තා. මේ ප‍්‍රශ්නෙට ධනපාල සිරිසේන මගේ නෑයෙක් හින්ද මටත් නරක නාමයක් ලැබේයැයි මට හිතුණා.
කොළඹින් එවල තිබ්බ මොරිස් මයිනර් ඩ‍්‍රැයිවර් සිරිසේන අපි පාලූ රබර් වත්තක් මැද්දෙන් ඉතුරු ළමයි හංගල ඉන්න තැන හොයාගෙන ගියා. තැන තිබුණේ වවුලූගල වත්තේ දෙනිගහගොඩැල්ලේ. අපි ගිය ගමන් ආරක්‍ෂාවට හිටිය ඉලන්දාරි කාරෙක වැටලූවේ අපිට වැඩක් දෙන්න. එන පොට හොඳ නැති බව දැකපු හින්ද මා වාහනයෙන් බැහැල කට්ටියට කතා කළා. සමහර ළමයි ඉස්කෝලේ මගේ ගෝලයෝ. අපිට කාරෙක මිදුලට ගන්න ගෝලයෝ ඉඩ දුන්නේ නැහැ. කැහැපට ගහගෙන ප‍්‍රහාරයක් දෙන්න ආපු සරම හෙම හදාගෙන. අපට ගේ ඇතුලට යන්න අවස්ථාව ලැබුණා. පිංතූර ඇති තරම් ගත්තා සම්පූර්ණ සිද්ධිය අකුරක් නෑර දාගත්තා. පෙබරවාරි 12 වැනිදා සම්පූර්ණ සිද්ධිය මුල් පිටුවේම -”ලංකාදීපේ” පල කළා. ළමයා සොයාගන්න පොලීසියත් බණ්ඩාරනායක මහත්තයත් දැනුවත් කරන්න මුළු රටේම අවධානය -ළමා කොල්ලය” ගැන යොමු වුණා.
ලංකාදීප ප‍්‍රවෘත්තියට අපි දාපු හෙඩිම ”-මුදල් පලහිලව්වක් නිසා මව් තුරුලෙන් දරුවකු පැහැරගෙන යයි” කියවපු මහානාම දිසානායක කිව්වේ හෙඩිම නම් මරු කියලා. මානවසිංහ හද සසල කරන කවි පේලියක්ම ලිව්වා. කුලපාල ගුණතිලක මහතා විටින් විට තම මතකයට එන සිද්ධි පෙලගස්වන්නට විය.
ලංකාදීප ප‍්‍රවෘත්තිය මැතිසබය ද රත් කරන්නට විය. එවකට හොරණ මන්ත‍්‍රීවරයා වූයේ සාගර පලන්සූරියයි. පාර්ලිමේන්තුව කල් තැබීමට මොහොතකට පෙර හොරණ මංත‍්‍රීවරයා නැගී සිට අගමැති බණ්ඩාරනායකට විශේෂ ප‍්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටියේය.
ගරු අග‍්‍රාමාත්‍යතුමා, මගේ ඡුන්ද කොට්ඨාසයේ සිදුවී ඇති භයානක ළමා කොල්ලය ගැන ඔබේ විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා” යැයි සාගර පලන්සූරිය මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටින්නට විය.
අගමැතිතුමා වෙනුවෙන් පිළිතුරු දීමට නැගී සිටියේ සභානායක සී.පී. ද සිල්වාය.
-කෙසේ හෝ ළමයා සොයන ලෙස ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින්” පොලිස්පතිතුමාට වහා දන්වන බවත් හොරණ පොලිස් ස්ථානාධිපති එච්.එම්.ඞී. ජයසේකරට පමණක් වගකීම සීමා නොකොට බටහිර පළාතේ පොලිස් අධිකාරි ජේ.අයි.එම්. ද සේරම්ට මෙන්ම සී.අයි.ඞී. ලොක්කා වූ ආර්.සී. කිටෝ මහතාට විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් හොරණට පිටත් කර යැවීමට නියෝග කොට ඇති බව ද සභානායකවරයා සභාවට දන්වා සිටියේ මුළු සභා ගැබම මීයට පිම්බාක් මෙන් නිසොල්මන්ව සිටිද්දීය.
මේ අතර එවකට පොලිස්පති ඔස්මන්ඞ් ද සිල්වා පුවත්පත් සහ ගුවන්විදුලිය හරහා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ළමයා සොයාදෙන කෙනෙකුට මුදලින් ත්‍යාගයක් දීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණයකොට ඇති බව ද දන්වන ලදී.
පාර්ලිමේන්තු කතාබහත් සමල ළමා කොල්ලය ජාතික ප‍්‍රශ්නයක් බවට පත්විය. ළමා කොල්ලයට අනපේක්‍ෂිත දැවැන්ත ප‍්‍රචාරයක් ලැබුණු නිසා කොල්ලකරුවන් වැටී ඇත්තේ ලොකු අමාරුවකය. රහස් පොලිස් කණ්ඩායම් විවිධ ලෙසින් වෙස්ගෙන ජනතාව අතරට ගොස් කොල්ලකරුවන් ළඟදීම අත්අඩංගුවට ගන්නා බවට පැවසීම නිසා කොල්ලකරුවන් අසීරුතාවයට පත්වී එකිනෙකා හැංගෙන්නට විය.
ඒ කාලේ මධ්‍යම රාත‍්‍රියේද චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කළේ අවසන් දර්ශනය ලෙසය. එයට -”මාටින් ෂෝ” කියාද නමක් පදබැඳ තිබුණි. කේ.ටී.ඞී. පෙරේරා මහතා -”හොල්මන් යාමයේ” චිත‍්‍රපටවල රසිකයකු විය. ඔහු සේවය කළේ බවර් සහ සමාගමේ ලිපිකරුවකු ලෙසය. 1958 පෙබරවාරි 14 වැනිදා අලූයම චිත‍්‍රපටයක් බලා ගෙදර යමින් සිටි පෙරේරා මහතා ග‍්‍රෑන්ඞ්පාස් පසුකරමින් සිටින විට ළමයකු හඬන හඬක් ඇසෙන්නට විය. එය හරියටම ග‍්‍රෑන්ඞ්පාස්හි බබාපුල්ලේ දොස්තර මහතාගේ නිවස ඉදිරිපිට නිවස විය. ගේට්ටුව අරින්නට බැරිලෙස සාලූවකින් ගැට ගසා තිබුණ නමුත් පෙරේරා මහතාට ළමයා හොඳහැටි දැක ගත හැකිවිය. පෙරේරා මහතාට මතකයට ආවේ අතුරුදහන්ව ඇති හොරණ ජගත් කුමාර කුලසිරි දරුවාය.
ග‍්‍රෑන්ඞ්පාස් පොලීසියට වහා ගිය පෙරේරා මහතා දරුවා ගැන දැන්වීය. දරුවා ජගත් කුමාර කුලසිරි බව තහවුරු කරගත් ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය වහාම එය ලංකාදීපයට දැන්වීය. පැහැරගත් දරුවා වෙනුවෙන් නගර කීපයක කැමරා ගත් කාර් කීපයක් ලංකාදීපය විසින් වාර්තාකරුවන්ද සමඟ සූදානම්කොට තිබුණි.
කොටුවේ සිට ලංකාදීප වාර්තා නඩය එක හැල්මේ පිඹ ග‍්‍රෑන්ඞ්පාස් පොලීසියට ගියේ අලූයම මුද්‍රණයට රොටරිය නවත්වාය. ළමයා ගැන සියලූ තොරතුරු සවිස්තරව පළ විය.
ළමයා සොයාදීම ගැන බණ්ඩාරනායක මහතාත් පොලිස්පතිතුමාත් ලංකාදීපයට විශේෂ ස්තුතියක් කළේය. අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් හොරණ කුලපාල ගුණතිලක සහ ගුණදාස ලියනගේට විශේෂ ස්තුතියක් කොට ලියමනක් ද තැපැල්කොට එවා තිබුණි.
සිද්ධිය ගැන හයදෙනෙක් හිරබාරයට ගත්තා. හොරණ උසාවියට නඩුව වාර්තා කරන්න යනකොට මට බෝම්බ ගහන්න ගියා. එක සැකකාරයෙක් කුඩුව ඇතුලෙ ඉඳන් මාව මරණවා කිව්වා. නඩු තීන්දුව දවසේ හතර දෙනෙක් නිදහස් වුණා. කැස්බෑවේ මාකන්දන පැත්තේ දෙන්නෙක් හිරගෙට ගියා. මේ සිද්ධියට සම්බන්ධ බොහෝ දෙනෙක් අද නැහැ. ගොඩක් අය හිතං ඉන්නේ. ලංකාවේ පළමු ළමා කොල්ලය මතුගම සමන් කුමාර කියලයි. සමන් කුමාර සිද්ධිය මේකෙන් වෙනස් වෙන්නේ මිතුරන් හැටියට හිටි පිරිසක් රවටාගෙන ගිය නිසා.
සමන් කුමාර සිද්ධියේදීත් රහස් පොලීසිය මගෙනුත් මුල් ළමා කොල්ලය ගැන විස්තරයක් ගත්තා. නමුත් ඒ දරුවා තිරිසන් විදිහට මරා දැමුවත් හොරණ ජගත් කුමාර කුලසිරි දරුවා ජීවිතය රැුකගන්න තරම් වාසනාවන්ත වුණා යයි කුලපාල ගුණතිලක මහතා පැවසුවේ දැඩි හැඟුම් බරවය.
නොවැම්බර් 14 වැනිදාට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) අවසන් විය.
ආසියාවේ උසම කුලුන වශයෙන්ද සලකනු ලබන නෙළුම් කුලුන දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා මෙම සංචාරක මධ්‍යස්ථානය මරණ මංචකයක් බ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරය අදට (10) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ 24 වැනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් මේ වනවිට ශ
වංශකථා ආරම්භයේ පටන් විවිධ තැන්හි ජලය හා සම්බන්ධ කතිකාවත් පවතී. වාරි කර්මාන්තයේ ආරම්භය ජනාවාස ආරම්භ වීමත් සමගම සිදුවිය. ඉපැරණි වාරි තාක්ෂණයට උරුමකම් ක
රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම කැපී පෙනෙන අයුරින් පහළ වැටෙන ආකාරය මේ දිනවල දැක ගන්නට ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිනපතා ප්‍රකාශයට පත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලංකාවේ ප‍්‍රථම ළමා කොල්ලය