ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුරුවගල ග්‍රාම නිලධාරි වසමේ බුදුරුවගල පිහිටා ඇත.
වැල්ලවාය නගරයේ සිට තිස්සමහාරාම මාර්ගයේ කිලෝමීටර් 4 ක් ගියවිට හමුවන බුදුරුවගල පාසල ඉදිරිපස ඇති අතුරු මාර්ගයේ කිලෝමීටර 3 ක් පමණ දුරින් මෙම ස්ථානය පිහිටියේය.
පිහිටි පර්වතයක අර්ධ උන්නතව නෙළන ලද ක්‍රිස්තු වර්ෂ 9,10 ශත වර්ෂවලට අයත් යැයි සැලකෙන මූර්ති 7 ක් මෙම ස්ථානයේ දක්නට ලැබේ. සප්ත මහායාන මූර්ති ලෙස සැලකෙන මෙහි මධ්‍යයේ ප්‍රධාන බුදුරුව සහ දෙපස පරිවාර මුර්ති 3 බැගින් දක්නට ලැබේ. මධ්‍යයේ ඇති ප්‍රධාන බුදුරුව අඩි 51 ක් පමණ උස වන අතර, දැනට ලංකාවේ ඇති වැඩිම උසකින් යුක්ත ප්‍රතිමාව ලෙස සැලකේ.
සමභංග ඉරියව්‍වෙන් පද්ම පීඨයක් මත වැඩ හිඳින ප්‍රධාන බුදුරුවට දකුණතින් අභය මුද්‍රාව නිරූපණය කරයි. දකුණු පසින් වූ පරිවාර රූප අතර අවලෝකිතේශ්වර බෝධිසත්ව රුව, තාරා දෙවඟන සහ සුධන කුමරු මූර්තිමත් කොට ඇත. වම් පසින් මෛත්‍රී බෝසත් රුව, වඡ්‍රපාණි බෝධි සත්ව රුව සහ හඳුනා ගැනීමට අපහසු දේව රූපයක් දක්නට ලැබේ. ලංකාව මහායාන ආභාසය සහිතව නිම වූ බුද්ධ සහ බෝධිසත්ව මූර්ති එකතුවක් සේ හඳුන්වා දිය හැකිය.
2025 දෙසැම්බර් මස 04
622
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ උසම හිටි පිළිමය බුදුරුවගලයි