IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලෝකයේ ධනවත්ම රංගන ශිල්පියා ටයිලර්

ටයිලර් පෙරී චිත්‍රාගාරය නිසාම උපයාගත් මුදලින් ප්‍රකෝටිපතියකු වී සිටින ඇමරිකානු නළු ටයිලර් පෙරීගේ සම්පූර්ණ වත්කම මේ වන විට ඩොලර් මිලියන 1000 ක් හෙවත් ඩොලර් බිලියනයක් ඉක්මවා තිබේ. ලෝකය පුරා වෙසෙන රංගන ශිල්පීන් අතරේ අංක එකේ කෝටිපතියා ඔහු බවට පත්ව සිටී.

ඔහුගේ ආසන්නතම තරඟකරුවා වී සිටින්නේ ජෙනිෆර් සින්ෆීල්ඩ්ය. සින්ෆීල්ඩ්ගේ වත්කම ඩොලර් මිලියන 950 කි. ඉන්දීය සුපිරි තරුව ෂාරුක් ඛාන් තුන්වැනි ස්ථානයේ සිටියද ටයිලර් පෙරී සහ ෂාරුක් අතරේ පරතරය ඩොලර් මිලියන 400 කි.

1969 සැප්තැම්බර් 13 වැනිදා, ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ ලුසියානාහි උපත ලද ටයිලර්, රංගන ශිල්පියකු පමණක් නොව, චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු, නිෂ්පාදකවරයකු මෙන්ම තිරකතා රචකයකු ද වෙයි. සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ වාර්තා අනුව ඔහු මේ වන විට වැඩිම මුදලක් අයකරන කලාකරුවා වී සිටී.

ටයිලර්ගේ ජනප්‍රියතම නිෂ්පාදන මාලාවක් වූයේ වියපත් කළු ඇමරිකානු කාන්තාවක් ලෙසින් වෙස්ගැන්වී ‘මාදියා’ නමින් කළ නිර්මාණ සමූහයකි. වසර 15 ක් තුළ ඔහු එවැනි නිර්මාණ 15 ක් කළේය.

කෝටි 100 ක් ඉක්මවූ ඉන්දීය ජනගහණයත්, ජනප්‍රියත්වයත් අනුව ෂාරුක් ඛාන් පෙරමුණේ සිටින බව රහසක් නොවූවද ෂාරුක් සහ ටයිලර් අතර පවතින මිලියන 400 ක වෙනසට හේතුව ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ඉන්දීය රුපියලේ අවප්‍රමාණ අගය විය හැකිය. ඩොලර් මිලියනයක් යනු ඉන්දීය රුපියල් වලින් මිලියන 73.2 කි.


ලෝකයේ ධනවත්ම කලාකරුවෝ

 



අදහස් (1)

ලෝකයේ ධනවත්ම රංගන ශිල්පියා ටයිලර්

Nihal Monday, 14 June 2021 07:43 AM

ඔයිට වඩා අය මෙහෙ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ධනවත්කම නම් එහෙමයි රංගනය නම් ඒත් එහෙමයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site