-----------------------------
ඩිල්ශානි චතුරිකා දාබරේ
------------------------------
ගමේ යකා කිව් සැණින් සිතේ මැවෙන සිතුවම් දෙකකි.
පළමුවැන්න සිතුවම් සහිත දෙමළ ජනකතා පොතේ ඇති, සිබිල් වෙත්තසිංහගේ තෙලි තුඩින් පණ ලැබූ, ඇඟ පුරා රෝම වවාගත් විසාල යකෙකුගේ සිතුවමයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් සම්පාදනය කරන ලද කළ එම ජනකතා සංග්‍රහය කොළපැහැයෙන් සිතුවම් කළ, ඇගේම කවරයකින් සැරසී තිබිණි.
දෙවැන්න ඒ.සී.ජී.එස්.අමරසේකරගේ 'යකැදුරාගේ දියණිය' සිතුවමයි.
කෙසේවෙතත්, කුඩාකල පටන් අප ඇසූ විරූ, යක්කුන්ගේ පුවත්, මෑතකාලීනව මෙරට සිංහල අධිපතිවාදී නියම ලේ, ආරිය සිංහල වැනි කියමන් ඔස්සේ අවභාවිත වූයේ "අපි යක්කු" වැනි රැලි මගින් ජාතිවාදය නගා සිටුවන තවත් ප්‍රපංචයක් ලෙසිනි.
ජනශ්‍රැති විශයෙහි මේ සම්බන්ධව යම්බදු අධ්‍යයනයක්, හදුන්වාදීමක් කෘති මගින් සිදුකිරීමට නන්දසේන රත්නපාල, තිස්ස කාරියවසම්, මිනිවන් පී. තිලකරත්න ඇතුලු මහාචාර්යවරු පිරිසක් උත්සාහ ගත්හ. මේ හැරුණුවිට යකුන් ගැන ලියැවුණු ජන කතා සංග්‍රහ ද පළ වී තිබේ.
රසපොළොව පිළිබද අදහස බුදුදහමේ මෙන්ම සෙසු ආගම්වල ද අඩුවැඩි වශයෙන් ඇතුළත් වන්නකි. ආලෝක් නම් යක්ෂයා මේ කෘතියේ ප්‍රධානය. මොහු නරයන්ගේ ලෝකයේ රස පොළොව විමසා බලමින් ප්‍රීනනයටත්, ශෝකයටත්, විවිධ මනෝභාවයන්ට පත්වීම සංඛේතීයය. නරක කළු පක්ෂය නියෝජනය කරන යකුන් මිනිසාගේ ජඩ පක්ෂය, නිරූපණයට යොදාගන්නකි. ඔවුන් වෙනම කොට්ඨාසයක් නොව, එකම කාසියේ අනෙක් පැත්ත ලෙසිනි.
යකුන් ගැන වන උප්පත්‍ති කතා, යාතුකර්ම, පූජා විධි, දෙවිදේවතාවන් හා බද්ධය. මෙහි විශේෂය නම් ජන ව්‍යවහාරයේදී සියල්ල විනාශ කරන, විපත් පමුණුවන, පීඩා ගෙනෙන බව සැලකෙන යකුන්ව නරයන් විසින් අල්ලාගනු ලැබීම, ගස් බැඳීම, බෝතලේට දැමීම, උන්ගෙන් වැඩ ගැනීම පමණක් නොව සමච්චල් කරමින් විහිලු සපයන දෙයක් බවට පත්කිරීමක් දක්වා වැඩිවීමයි. භීතිය ක්‍රමයෙන් හාස්‍යක් දක්වා විතැන් වීමයි.
මෙහි එන රුක්දේව සංකල්පය බහුදේවවාදී සංස්කෘතියක් රජයන සමාජයේ බෞද්ධ මුදුන්මුල හා බැඳී පවත්නා විශ්වාසදාමයක එක් පුරුකකි. මිනිසා ඉර, හඳ, තරු ආදී භෞතිකව ළඟාවීමට නොහැකි විශාල ග්‍රහවස්තූන් දේවත්වයෙන් සැලකූයේ වසර දස දහස් ගණනකට පෙර සිටය. මෙයින් ශේෂව අදටත් පැවතෙන වෘක්ෂ වන්දනාව ද දේවත්වයක් අපේක්ෂා කරයි. නුග, නා, රුක් අත්තන ආදි වෘක්ෂ මිනිසුන්ගේ චිත්ත අභ්‍යන්තරය බිරාන්ත කිරීමට සමත් වූ බැවින් ඔවුහු ඒවාට අධිගෘහිත දෙවිවරු සිටී යැයි අදහති.
“විශාල ගස්වල දෙවි දේවතාවුන් වාසය කරන බව ජනශ්‍රැතිය විශ්වාස කරයි. එබඳු වෘක්ෂ දේවතාවන්ට පුද පූජා කොට සතුටු කිරීමෙන් කැමති පරමාර්ථ ඉෂ්ට කරගත හැකි යැයි සිතීම ආදි සමාජයටත් අදටත් පොදු විශ්වාසයක් වන්නේය. මෙබඳු විශ්වාස නිසා විශාල ගස් කපා දැමීමට මිනිස්සු රුචි නොවූහ. මෙබඳු ගස්වැල් වල දෙවි දේවතාවුන් වාසය කරන බවට ප්‍රාග් බෞද්ධ විශ්වාසයක් විය.“
- ( මහාචාර්ය නන්දසේන රත්නපාල: ජනශ්‍රැති විද්‍යාව)
ජාතක කථා පොතේ එන පණ්ණීක, බක, කණ්ඩින, මකතභත්ත, රුක්ඛධම්ම සහ තවත් බොහෝ ජාතක කථාවලත් නොමග ගිය ජනයා සුමගට ගැනීමට බණ දෙසන හෝ කතාවේ හරය කියා පෑමට හෝ රුක් දේව චරිත පැවතීම හේතුවෙන් මේවා අතීතයේ පටන් බෞද්ධයාගේ ඇට මිදුළුවලට අවශෝෂණය වී තිබේ. සීහලවත්ථුප්පකරණය, සහස්වත්තු කතා වැනි ග්‍රන්ථවල එන රුක් දෙවිවරුන් ඇසුරින් මෙතෙක් පඨක සිතේ මවා තිබූ බැතිය, විශ්වාසය, තවදුරටත් නොසෙල්වෙන දැනුම් පද්ධතියක් සේ නොතබා, ඔවුන් තුච්ච මිනිස් ලකුණු පෙන්වන අප වැන්නවුන්ම බව රස පොළොව විවරණය කරයි.
අතීතයේ ඇසූ යක්කුන්ගේ කතාවල මූල මණ්ඩලවලට කිමිදී, වන්දනාමය බවින් සහ ඇතැම් අන්තගාමී සංස්කෘතික සම්මුතිවලින් පාඨකයා මුදවා, ඉන්ද්‍රජාලික සැරියක ගෙනයාමට ප්‍රභාත් ජයසිංහ "රස පොළොවෙන්" සමත් වේ. පළවෙනි වාක්‍ය කතාවේ උච්චස්ථානයකින් ඇරඹෙන්නේ, ආලෝක් යකා පමණක් නොව කියවන්නාව ද ලණුවලින් ගැට ගසා දමමිනි. පළමුවැනි වැකි කිහිපය අවසාන වද්දී, පාඨකයා පිබිදුණු රස භාව ඇතිව වශීගුලියක් සේ පොතට ඇලේ. වෙලේ. මෙනයින් අප තුළ ගුහාගතව පැවති අතීතස්මරණ වෙත ආලෝකයා යොමවා දූලි ගසා පියා පිසදා ඔපකර යලි වැඩට ගැනීමට ප්‍රභාත් සමත් වේ.
භාෂාව හැසිරවීමේ සුඛනම්‍යතාව, අනවශ්‍ය වැකියකුදු යොදානොගැනීම, බසෙන් උපරිම ප්‍රයෝජන ගැනීම, පිරිපහදු බසක් වෙනුවෙන් වෙහෙසීම රස පොළොව පුරා දක්නට ලැබෙන්නකි. වාක්‍යක් කියවා ඊළග වාක්‍යට පනිද්දි ප්‍රභාත් අප විස්මයට පත්කර අවසානය.
මූලික ක්‍රියා විකාශන භූමිය ගම සහ වනයය. නැතිනම් නර පුරය සහ යක් පුරයයි. මේ අතර දෝලනය වන සිදුවීම් අපව උන්හිටි තැන්වලින් ගෙන ගලවා මහ පොළොවට අතාරින්නාක් වැන්න. චරිත විස්තර කිරීමට නොයා චරිත නිරූපණයට යයි. එබැවින් ආලෝක්ගේ පක්ෂයේ පාඨකයා පමණක් නොව අග්නි රුක් දෙවියා පවා සිට ගනී.!
යක්ෂ ලෝකෙන් මිනිස් ලෝකයට එන යකෙකු, මිනිස් ලොවට අනුගත වෙමින් දුක් විදිමින්, රස පොළොවෙන් ප්‍රීනනය වීම, ගසේ සිටින දෙවියා ඉන් බැස මිනිස් ලොවට පැමිණ මනුස්ස දුවක හා බැඳී විසීම, ඒ දෙවියාත් යකාත් දෙදෙනාම මිතුරුව, රා තිප්පලක රා පානය කිරීම, ගමේ හාමුදුරුවන්ගෙ වේසය ගත් දෙවියාත්, දෙවියාගේ වේසය ගත් හාමුදුරුවෝත් චරිත මාරුවෙන් හටගන්නා විපරියාස, රස පොළොවේ යටිපෙළ සවිමත් කරයි. මේ සමාජයෙම වෙසෙන යක්ෂයෝත්, දෙවියෝත්, රස පොළොව වටහා ගැනීමට ගැහැට කනු පෙනේ.
කතුවරයා රස පොළොව හදුන්වා දෙනුයේ, 'කෙටිකතා චක්‍ර' ලෙසිනි. කෙටිකතා රචනයෙහි අනවරත වෙහෙසක යෙදෙන කතුවරයා නව සංකල්ප ඇසුරු කරමින් අත්හදබැලීම්වල නිරතවෙමින් කෘතියට අවංක වීම අගය කළ යුතුය.
මහාචාර්ය නන්දසේන රත්නපාලයෝ ද 'ජනශ්‍රැති විද්‍යාවෙ'න් ජනකතා අතර වන, 'කතා චක්‍ර' හදුන්වා දුන්හ. කෘතිය අවසානයේ එන සටහනින් කෙටිකතා චක්‍ර ගැන වැඩිදුර විමසිය හැකිය.
විකුම් ජිතේන්ද්‍ර කෘතියේ කවරය සදහා, ප්‍රධාන චරිතය වන යකා යොදා නොගෙන කතාවෙ සාරය පෙරාගැනීම, සමස්‍තාර්ථය ගැනීම පැසසුම් කටයුතුය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 1 වැනිදා සිය ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන ඉදිරිපත් කිරීමේ දී එහි අවශ්‍යතාව පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළ
ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලුතින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ
මෙම වසරට අදාළව යෙදී ඇති රජයේ හෝ නිවාඩු දින විසි හතරෙන් විසි දෙකක්ම යෙදී ඇත්තේ සතියේ වැඩ කරන දවස් අතරටය. රජයේ නිවාඩු දින දෙකක් පමණක් සෙනසුරාදා සහ ඉරිදා ද
මෑත දශක කිහිපය තුළ සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වල දරිද්‍රතාව අවම කිරීම සඳහා බහුල ලෙස යොදාගත් මෙවලමක් ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය හඳුනාගත හැකිය. අඩු ආදාය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ කතාවේදී ප්‍රකාශයට පත්කළ නව බදු සංශෝධන අතරින් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා වූ රැඳවුම් බද්
මෙරට සංගීතයෙහි අමරණීය පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ජීවන මංතලාවේ ඔහුට හමුවූ විවිධ චරිත සොයා යෑමේ දී අමරදේවයන්ගේ නිර්මාණාව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
රස පොළොවේ රස