අනුරාධපුර රඹෑව නගරයේදීත් හයිලෙවල් මාර්ගයේ කොස්ගම මිරිස්වත්තේදීත් එකම දිනයක සිදුවූ රිය අනතුරු දෙකකින් පාසල් සිසුන් තිදෙනකු ඇතුළු පස් දෙනකු මියගිය පුවතක් පසුගියදා මාධ්‍යවල සිරස්තල මවා තිබිණි. අනුරාධපුරයේ දී රිය අනතුර සිදුකර තිදෙනකු මරාගෙන පැනගිය කැබ්රථයේ සිටි සැකකාර රියැදුරු ඇතුළු තිදෙනාම වයස අවුරුදු 20ට අඩු හිරිමල් වියේ සිටි තරුණ ගැටවුන් පිරිසක්වීම මේ අනතුරේ ඉතා අඳුරු රේඛාවක් සටහන් කර තිබේ.
ඒ එම රියැදුරුට රිය පැදවීමේ දී රියැදුරුවරයකු සතුව තිබිය යුතු දැනුම, වගකීම සහ ඉවසීම වැනි කිසිදු ගුණාංගයක් පිළිබඳ අබමල් රේණුවක හෝ හැඟීමක් නොතිබීමයි. එහි ප්‍රතිඵලය වී තිබුණේ මුළු අනුරාධපුරය ම කම්පනයට පත් කරවමින් තවත් තරුණ සහ යොවුන් වියේ පසුවූ පාසල් දරුවන් ඇතුළු තිදෙනකුට සිය ජීවිත අහිමිවීම ය.
අප මේ රිය අනතුරු දෙක පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නේ රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ දී කළ යුතු වෛද්‍ය පරීක්ෂණයේ දී පෙනීම සම්බන්ධව මෙතෙක් පැවති ප්‍රමිතිය පහළ දැමීමක් සම්බන්ධ තොරතුරු අනාවරණය වෙමින් පවතින පසුබිමකය. මෙතෙක් පැවති ක්‍රමවේදයට අනුව එක ඇසක දුර පෙනීම ශුන්‍ය පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර ලබාදීමේදී යම් යම් සීමා පනවා තිබුණත් මෑතකදී හඳුන්වා දී ඇති නව මාර්ගෝපදේශවලින් එම සීමා ඉවත් කර ඇති බව සඳහන් වේ. මෙතරම් හදිසි මාරක රිය අනතුරු බහුල සමයක රියැදුරු බලපත්‍ර ලබාදීමේදී එම බලපත්‍රලාභියාගේ සෞඛ්‍ය තත්වය, විශේෂයෙන් ඇසේ පෙනීම සම්බන්ධව පවතින මාර්ගෝපදේශ වඩාත් දැඩි කළ යුතු අවස්ථාවක ඒවා ලිහිල් කිරීම කාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන්නේ ද යන්න බරපතළ ගැටලුවකි. මේ සම්බන්ධව තීන්දු තීරණ ගන්නා ප්‍රධානීන් උපදෙස් ලබාගන්නේ ඒ සඳහා සුදුසුකම් සහ වෘත්තීමය පළපුරුද්දක් ඇති විශේෂඥයන්ගෙන් දැයි විමසිය යුතු වෙයි. එවැනි විශේෂඥයන්ගේ අවධානය ඇස් පෙනීමේ අඩුලුහුඬුකම් ඇති රියැදුරු බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් නිසැකවම යොමුවන බැවිනි.
අප වෙත ලැබී ඇති තොරතුරු අනුව එක ඇසක දුර පෙනීම ශූන්‍ය පුද්ගලයන්ට සැහැල්ලු වාහන බලපත්‍ර ලබාදීමේ දී මෙතෙක් පැවැති සීමා වශයෙන් තිබුණේ රියැදුරු බලපත්‍රය අයැදුම්කරු සතුව වාහනයක් තිබිය යුතු වීමත් එම වාහනයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නියම කරන වෙනස්කම් සිදුකිරීමත්ය. එවැනි සීමා පනවා තිබුණේ එම රියැදුරු බලපත්‍රලාභියාගේ ආරක්ෂාවට පමණක් නොව සෙසු වාහනවලත් ඒවායේ ගමන් ගන්නා මගීන්ගේත් මහමග ගැවසෙන සෙසු මහජනතාවගේත් ආරක්ෂාව ද සැලකිල්ලට ගනිමිනි. එම සීමා මෙම මාර්ගෝපදේශවලින් ඉවත් කිරීම ඒ අනුව ප්‍රඥාගෝචර තීන්දුවක් නොවේ. ඒ බව වඩාත් හොඳින් හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව තිබේ. මේ නිසා එවැනි වෙනස්කම් සිදුකිරීමට පෙර අඩු තරමින් ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් හෝ විමසිය යුතුව තිබිණි.
මේ අතර එක ඇසක දුර පෙනීම ශුන්‍ය අයට යතුරුපැදිය ධාවනය සඳහා මෙතෙක් අවසර නොලැබීමේ සීමාව ද ඉවත් කර තිබේ. දැනට සිදුවන රිය අනතුරු මරණවලින් තුනෙන් එකකට වගකිව යුතු වන්නේ යතුරුපැදි බැවින් අදාළ සීමාව ඉවත් කිරීම එම අනතුරුවලට තවත් අතවැනීමක් බව සඳහන් කළ යුතුය.
මෙම නව මාර්ගෝපදේශ සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මූලිකත්වය ගෙන තිබූ බවද සඳහන් වෙයි. එය එසේ නම් මේ රටේ වැඩිවෙමින් පවතින මාරක රිය අනතුරු සංඛ්‍යාව රටේ කාටත් පිළිගත හැකි මට්ටමකට අඩු වූ අවස්ථාවක නම් මෙවැනි සීමා ඉවත් කිරීමේ යම් සාධාරණත්වයක් දැකිය හැක. එහෙත් හද කම්පා කරවන යතුරුපැදි රිය අනතුරු බහුලව සිදුවන මේ වකවානුව එවැනි ආකාරයේ මාර්ගෝපදේශ වෙනසකට යායුතු කාලයක් නොවන බව පෙන්වා දෙනු කැමැත්තෙමු.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රිය අනතුරු නීති දැඩි කරනු විනා ලිහිල් කිරීම කාලෝචිතද?
saminda Sunday, 17 March 2024 11:14 AM
මගේ භාර්යාව රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වී අදට මාස 2ක් වෙනවා. නොහික්මුණු බස් රියදුරකුගේ නොසැලකිලිමත්කම නිසා මමත්, මගේ දරු දෙදෙනාත් අන්ත අසරණ තත්වයකට පත්ව තිබේ. නඩු කටයුතු කවදා නිමවේවිදැයි කිව නොහැක. CCTV දර්ශන අනුව බස් රියදුරු සම්පූර්ණයෙන් වැරැදි... ඒත් ඔහු ඇප ලබා නැවත සේවයේ නැයැලෙයි.