
ලොක්ඩවුන් සීමා මධ්‍යයේ මිලියන ගණනක් කතෝලික බැතිමත්හු අද (25) නත්තල සැමරූහ.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය හේතුවෙන් මෙදා නත්තල් අසිරිය අඩු වූ තිබූ අතර මිලියන ගණනක් නිවෙස්වල සිට දේවස්ථානවල පැවැති දේවමෙහෙය සමඟ විඩියෝ තාක්ෂණය හා රූපවාහිනිය ඔස්සේ සම්බන්ධ වූහ.
නත්තල උදා වීමට ඔන්න මෙන්න තිබියදී එක්සත් රාජධානියෙන් සහ දකුණු අප්‍රිකාවෙන් වයිරසයේ නව ප්‍රභේද වාර්තා වීමත් සමඟ නැවත වරක් සංචාරක සීමා සහ ගුවන් ගමන් සීමා තහනම් පැනවීමට ලොව රටවල් රැසකින් වාර්තා විය.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට ලොවපුරා මිලියන 1.7කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබේ.
කෙසේ නමුත් ලොව රටවල් කිහිපයක එන්නත් නිෂ්පාදනය වීමත්, ඒවාට අවසර ලැබීමත් සහ රටවල් දැනටමත් ජනතාවට එන්නත් ලබාදීම ආරම්භ කිරීම නිසා ලෝකය නැවත වරක් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තුවක් ඇති වී තිබේ.
මෙසේ තිබියදී අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සහභාගීත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වෙන දේව මෙහෙය ද සුළු පිරිසකට සීමා කර තිබිණි.
දකුණු කොරියාවේ දේවස්ථාන හිස්ව තිබුණු බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. ලොවපුරා සිටින බිලියන 1.3ක් වන කතෝලික ප්‍රජාවගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ය. සාමන්‍යයෙන් නත්තල් උදාවේදී ශාන්ත පීතර චතුරශ්‍රය සහ ශාන්ත පීතර බැසිලිකාව බැතිමතුන්ගෙන් පිරී යන නමුත් මෙවර එහි දක්නට ලැබුණේ 200කටත් වඩා අඩු පිරිසකි. එහි පැමිණි සියලු දෙනා මුඛ ආවරණ පැලඳ සිටියහ.
ශාන්ත පීතර බැසිලිකාවේ සාමාන්‍යයෙන් දේව මෙහෙය පැවැත්වෙන්නේ මධ්‍යම රාත්‍රියේ වුව ද ඉතාලිය පනවා තිබෙන ලොක්ඩවුන් සීමා හේතුවෙන් දේව මෙහෙය මධ්‍යම රාත්‍රිය උදා වීමට පෙර පැවැත්විණි.


(ඒ.එෆ්.පී.)
055
2025 නොවැම්බර් මස 04
572
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රූපවාහිනියෙන් - අන්තර්ජාලයෙන් දේව මෙහෙයට ගිය නත්තලක්