1953 අගෝස්තු හර්තාලය සිදුවී අදට (13) වසර 71ක් පිරීම නිමිත්තෙනි.
වර්ෂ 1948 නිදහස ලැබීමෙන් පසු ක්‍රියාත්මක වූ ප්‍රථම බහුජන අරගල 1953 අගෝස්තු හර්තාලයයි. එම අරගලයට නායකත්වය ලබාදුන්නේ වාමාංශික දේශපාලන පක්ෂ විසිනි. එයට පසුබිම සැකසුණේ මෙසේය.
වර්ෂ 1952 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ලැබූවද වැඩිකල් යන්නට මත්තෙන් ආර්ථික අර්බුදයක් පැනනැගිණි. පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙරාතුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට තීරණය කිරීමට හේතු වූ එක් කරුණක් වූයේ ද රටේ ආර්ථික අර්බුදය උත්සන්න වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම ආණඩුවට වාසිදායක වූ හෙයිනි.
වර්ෂ 1951දී රුපියල් මිලියන 345ක් වූ වෙළෙඳ අතිරික්තය 1953 වන විට රුපියල් මිලියන 200ක හිඟයක් බවට පත් විය 1952 පටන් රටේ විදේශ සම්පත් ක්ෂයවීමට මුල් වූ හේතු අනාවරණය කරමින් එවකට මුදල් ඇමැතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මෙසේ පැවසීය. ලෝක යුද්ධ සමයේ ඉහළ ගිය ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් කොරියානු යුද සමයේ ඇතිවූ වෙළෙඳ වාසි නිසා ක්ෂය වීමට ඉඩ නොදී රැක ගත හැකි විය. 1952 ජනවාරි වන විට ශ්‍රී ලංකාව සතු විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1209ක් දක්වා ඉහළ ගිය අතර, කොරියානු යුද සමයේ සෞභාග්‍යය කෙළවර වීමත් සමග රුපියල් මිලියන 30 බැගින් එම ශේෂය සිඳී ගියේය. 1953 ජූලි අය වැය ඉදිරිපත් කරන විට එය රුපියල් මිලියන 676 දක්වා පහත වැටී තිබිණි.
ලංකාව 1950 සිට ලෝක බැංකුවේ සාමාජිකත්වය ගෙන තිබිණි. ලෝක බැංකුව විසින් මහජන සුබසාධන කටයුතු කපාහැර, සමාජ ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම නතර කරන්න යැයි ආණ්ඩුවට නිර්දේශ කරනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1953 අය වැය ලේඛනයෙන් පාසල් දිවා ආහාර වේල කපා හරිනු ලැබීය. අනාථ ආධාර දීමනා අඩු කරනු ලැබීය. දුම්රිය ගාස්තු හා තැපැල් ගාස්තු වැඩි කරනු ලැබීය. ආහාර සහනාධාර රුපියල් මිලියන 300 සිට 160 දක්වා 50%ක් පමණ අඩු කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා වැඩි විය.
පොදුවේ මේ කරුණු සියල්ලෙන් විශේෂයේ සහල් මිල වැඩිවීමට විරුද්ධව වැඩ කරන ජනතාවගේ පුළුල් උද්ඝෝෂණ ඇති විය. ආහාර සලාකය ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ගණන්වලට වඩා අඩු මුදලකට ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක් විය. 1952 අගෝස්තු 1 වැනි දින එක්සත් ජාතික පක්ෂ පුවත්පත වූ ‘‘සියරට’’ සඳහන් කළේ, මේ ආණ්ඩුව පවතිනතාක් කල් හාල් සේරුව ශත 25ක් බවයි. ලෝකයේ ආහාර තත්වය කුමක් වුවත් ලක්වැසියා හාමතේ නොතබන බවයි. මේ සඳහන් හුදෙක් මැතිවරණ ජයග්‍රහණ සඳහා කරනු ලැබූ අතිශයෝක්ති ප්‍රකාශන වුවත් එම සහනාධාර සදාකාලික නොවූවත් තව බොහෝ කලක් ඒ අයුරින්ම පවත්වාගෙන යනු ඇත යන්න ජනතා විශ්වාසය විය.
වමේ වෘත්තීය සමිති විසින් කැඳවන ලද සාකච්ඡාවලින් පසු අය වැය යෝජනාවලට ප්‍රථමයෙන් විරෝධයට එක්වූයේ සංවිධානය වූ කම්කරු පන්තියයි. අනතුරුව ලිපිකරු හා ගුරුවරුන් ද සහනාධාර ලැබූ ගොවියන්ද, ධීවරයන්ද ඇතුළුව සියලුම ජන කොටස් මෙම විරෝධතාවට එක්වූහ.
අයවැය විවාදයට ගනු ලැබූ 1953 ජූලි 23 වැනි දින වමේ පක්ෂවල මෙහෙයවීම යටතේ විරුද්ධ පක්ෂ විසින් සංවිධානය කළ විරෝධතා රැලියක් පාර්ලිමේන්තුව අභියස ගාලු මුවදොර පැවැත්විණි. අහුන්ගල්ලේද මෙවැනි විරෝධතා රැලියක් විය. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා විල්පවකාරී සම සමාජ පක්ෂය යන වමේ පක්ෂ විසින් මෙහෙය වූ වෘත්තීය සමිති එම ව්‍යාපාරය සංවිධානය කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය අනුමත කළ ද ක්‍රියාත්මක සහායක් දෙනු නොලැබීය. ලංකා ඉන්දියානු හර්තාලය සහභාගි වීම ප්‍රතික්ෂේප කළ ද, විරෝධතා රැස්වීම්වලට සහභාගි වන බව දැන්වීය. මේ අතර අගෝස්තු මස 7 වැනිදා 1953-54 අය – වැය යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණ අතර වැඩි ඡන්ද 23කින් දෙවන වර කියවා සම්මත කර ගැණිනි.
1953 අගෝස්තු 12 වැනි දින හර්තාලය පැවැත්විණි. විවිධ වෘත්තීය සමිති එක්ව හර්තාලය මෙහෙයවනු ලැබීය. සමසමාජ, කොමියුනිස්ට් හා විප්ලවකාරී සමසමාජ පක්ෂය යන වමේ පක්ෂ එය සංවිධානය කරනු ලැබීය. පුළුල් ජනතා සහායක් ඊට ලැබිණි. දුම්රිය, බස් රිය ධාවනය ඇණහිටිනි. දොම්පෙ, අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ, නුගේගොඩ ප්‍රදේශවල ජනතාවගේ ක්‍රියාකාරී සහාය විශේෂයෙන්ම කැපීපෙනිණි. කොළඹ හා තසාදන්න ප්‍රදේශවල හර්තාලය අතිශයින් සාර්ථක විය. නැගෙනහිර පළාතේ හැර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විණි. කැබිනට් මණ්ඩලය හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇඳිරි නීතිය පැනවීමේ තීරණය ගනු ලැබුවේද වරායෙන් ඈත නවතා තිබූ එච්.එම්.එස්. නිවුපටුන්ස් නම් යුද නැවේදීය. රජය හර්තාලයට මුහුණ දෙනු ලැබුවේ ප්‍රචණ්ඩකාරී ස්වරූපයෙනි. පොලිස් රාජ්‍යයක ස්වරූපයෙනි. එහි ප්‍රතිඵලය වූයේ මහජනතාවද ප්‍රචණ්ඩකාරී ස්වරූපයකින් ඊට මුහුණදීමය. එහෙයින් මහජන දේපළ, රජයේ ගොඩනැගිලි හා ප්‍රවාහන සේවාවලට දැඩි ලෙස අලාභහානි සිදු විය. රජය හා රජයට හිතවාදී පුවත්පත් මෙය දුටුවේ දාමරිකකම් පුළුල් ලෙස පැතිරීමක් ලෙසිනි. එහෙත් හර්තාලය නියම ජනතා නැගිටීමක් විය. ආණ්ඩුව මැතිවරණ පොරොන්දු කඩ කිරීමට එරෙහිව, ජනතාවගේ නැගිටීම තුට්ටුවකට මායිම් නොකිරීම හේතුකොට ගෙන කෝපාවිශ්ට වූ ජනතාවගේ සැබෑ විරෝධය පළ කිරීමක් වූහ.
12 වැනිදා පැවැති හර්තාලය 13 වැනිදා තෙක් පැවතිණි. නිදහසින් පසු පත්වූ ආණ්ඩුව ප්‍රථම වතාවට ජනතාවට වෙඩි තැබීමට නියෝගය දෙනු ලැබීය. නව දෙනකු පොලිස් වෙඩි පහරින් මිය ගියහ. හදිසි නීතිය හා මහජන ආරක්ෂක පනත යටතේ හර්තාලය සම්බන්ධ ක්‍රියාකාරී කොටස් අත්අඩංගුවට ගැනිණි. දේපළ රජයට පවරා ගැනීම්, සෝදිසි කිරීම් සිදු කෙරිණි. තැන තැන ඇඳිරි නීතිය පැනවිණි. ඇන්.ඇම්. පෙරේරා (ල.ස.ස.ප.) පිලිප් ගුණවර්ධන, (වි.ල.ස.ස.ප.) පීටර් කෙනමන්, (කො.ප.) යන නායකයින් විසින් හර්තාලය නවත්වන ලෙස ආයාචනා
කරනු ලැබීය.
හර්තාලය ඉක්මනින් අවසන් වුවද හර්තාලයේ දෝංකාරයෙන් එජාප රජය දෙදරා ගියේය. මෙහි ප්‍රතිඵල බලාපොරොත්තු වූවාට වඩා බරපතළ විය. හර්තාලයෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතත් හඬක් නැගීමට වාමාංශික පක්ෂ සමත් වූහ. 1953 අගෝස්තු 18 වැනිදා මහජන ආරක්ෂක පනත් විවාදයේදී රජයට විරුද්ධව දැඩි ප්‍රහාරයක් එල්ල කළ ඇන්.ඇම්. පෙරේරා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, පීටර් කෙනමන්, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වැනි වාමාංශික නායකයින් හර්තාලයේ දී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හමුදාවේ හා පොලිසියේ ප්‍රකෝපකාරී ක්‍රියාවලට විරුද්ධව ආත්ම ආරක්ෂාව පතා මහජතාව දැක්වූ ප්‍රතිචාරයක් බවත්, එය ජනතාවගේ අයිතියක් ලෙස හඳුන්වා දෙනු ලැබීය. හර්තාලයට හේතු වූ කරුණු පිළිබඳව විවාදයක් සැප්තැම්බර් පළමු වැනි දින පැවැත්විණි. එහිදී පොලිස් හා හමුදා වෙඩි පහරින් මියගිය ජීවිතවලට රජය වගකිවයුතු බවත්, 1915 මෙපිට සිදුවූ විශාලතම මිනිස් ඝාතනය එය බවත් හඳුන්වා දෙනු ලැබීය. 1953 හර්තාලය කම්කරු පන්තියේ ආර්ථික අරගලය දේශපාලන අරගලයක් දක්වා වර්ධනය වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක. එහි ප්‍රතිඵලය වූයේ අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමයි. සර් ජෝන් කොතලාවල මහතා අගමැති තනතුරට පත්විය. ඔහු විසින් මුදල් ඇමැතිවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ අතර, ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත් කළේය. ඔක්තෝබර් 13 වැනිදා සිට ශත 75ක් වූ හාල් සේරුව ශත 55 දක්වා අඩු කරනු ලැබීය. 1956 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පරාජයට මග පෑදුනේ 1953 හර්තාලය බව වාමාංශික දේශපාලන විචාරකයන්ගේ අදහස විය.
(***)
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
එස්. සුදසිංහ
ඡායාරූපය: අන්තර්ජාලය ඇසුරිනි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රටම හෙල්ලූ 53 හර්තාලය