IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතුළතදී පැවැත්විය යුතු අතර, ඒ සඳහා වන මැතිවරණ කොමිසමේ නිල ප්‍රකාශනය ජුලි මාසයේ මැදභාගයේදී ප්‍රකාශ කෙරෙන බව ද සඳහන්ය.

එහෙත්, ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වුවහොත්, මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වනු ඇත. මැතිවරණ කොමිසම පසුගියදා ප්‍රකාශ කර තිබුණේ, මහ මැතිවරණය කලින් තැබීමට සිදු වුවහොත් ඒ සඳහා ද තමන් සූදානම් නමුත්, ජනාධිපතිවරණය නියමිත දිනය තුළදී පැවැත්වීම අනිවාර්යයෙන්ම සිදු වන බවය. එම මැතිවරණ දෙකම එකම දිනයකදී පැවැත්වීමට ඉඩක් නොමැති බව ද කොමිසම ප්‍රකාශ කර තිබිණි.

ජාතික මැතිවරණයක් පැවැත්වීමට අදාළව පසුබිම සකස් වෙමින් තිබියදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල දේශපාලනඥයන් කලබලයට පත්වීම සාමාන්‍ය තත්වයකි. එය බලාපොරොත්තු විය යුතුය. තමන්ගේ අනාගත දේශපාලනය සඳහා ජාතික මැතිවරණය ඉතාම තීරණාත්මක වන බැවිනි. එහෙත් මේ සමග කලබල වන තවත් පිරිසක් ද වෙති. ඊට අයත් වන්නෝ මෙරට රාජ්‍ය නිලධාරීහුය. විශේෂයෙන්ම විධායක මට්ටමේ සහ ඊට ඉහළින් සිටින ඇතැම් රජයේ නිලධාරීන් මැතිවරණයක් ආසන්න වන විට සිටින්නේ සංක්‍රාන්ති සමයකට සම වැදී සිටින ආකාරයෙනි. ඔවුන්ට අනුව මේ ගෙවෙන්නේ තම රාජකාරි මට්ටමේ ‘නොනගතය’කි.

මේ තත්වයට ඇතැම් රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන්නේ ඔවුන් දේශපාලනයට අනියමින් හෝ සම්බන්ධ වීම හේතුවෙනි. සමහර රාජ්‍ය නිලධාරීහු පවතින දේශපාලනය සමග ඍජුවම සම්බන්ධ වෙති. දේශපාලනඥයන්ගේ අතකොලු බවට පත්වෙති. එහි එක් අවාසනාවන්ත ප්‍රතිඵලයක් වශයෙන් සමහර රාජ්‍ය නිලධාරීන් නවතින්නේ බන්ධනාගාරයේය. තවත් සමහරු රට හැර යති.

රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන් සමග එක්වී රාජකාරි ඉටු කිරීම වැරැද්දක් නොවේ. නිලධාරීන්ගේ සහාය නොමැතිව මැති ඇමැතිවරුන්ට තමන්ගේ සේවය ඉටුකිරීමට හැකියාවක් නැත. රජයේ නීති, රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ද සිදු වන්නේ රාජ්‍ය නිලධාරීන් හරහාය. අමාත්‍යාංශයක ලේකම් ධුරයේ සිට රාජ්‍ය ආයතන ප්‍රධානීන් දක්වා නිලධාරීහු දේශපාලනඥයන්ගේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිති. එහෙත් ගැටලුව වන්නේ, මේ ඇතැම් නිලධාරීන් දේශපාලනඥයන් සමග පවත්වන සබඳතා රාජකාරි මට්ටමෙන් ඔබ්බට ගෙන ගොස් ඔවුන්ගේ අතකොලු බවට පත්වීමය. එසේ අතකොලු බවට පත් වන නිලධාරීන්ට නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කිරීමට නොව මැති ඇමැතිවරුන්ගේ බඩගෝස්තර දේශපාලනයේ නියෝජිතයන් වශයෙන් ක්‍රියා කිරීමට සිදු වෙයි. ඒවායේ ප්‍රතිඵල පසුගිය කාලය පුරාම අපි දැක ඇත්තෙමු. රාජ්‍ය නිලධාරීන් පවත්වාගත යුතු රාජකාරියේ අභිමානය රැක ගැනීම ද එවිට ඔවුන් අතින් ගිලිහී යයි.

එහෙත්, එසේ නොවී දේශපාලනඥයන්ගේ විවිධ නොනිල ඇඟිලි ගැසීම්වලට එරෙහි වන ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ද සිටින බව ද ඒ සමග පෙන්වා දිය යුතුය. වයඹ පළාතේ ප්‍රධාන ලේකම් ධුරය හෙබවූ රංජිත් ආරියරත්න මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට රජය තීරණය කළේ, ඔහු පළාතේ ඇතැම් දේශපාලනඥයන්ගේ බලපෑම්වලට යට නොවී නීතියට අනුව රාජකාරි ඉටු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව කියවෙයි. ඔහු අවංක රාජ්‍ය නිලධාරියකු බවට පළාතේ සෙසු නිලධාරීන් ද වටිනා සහතිකයක් ලබා දී තිබිණි. දේශපාලකයන්ගේ අතකොලු බවට පත්නොවී තමන්ගේ රාජකාරිය දේවකාරියක් සේ සලකා කටයුතු කරන එවැනි නිලධාරීන්ට සමස්ත සමාජයේම ගෞරවය හිමි විය යුතුය. එවැනි ඉහළ පෙළේ නිලධාරීන් විශාල පිරිසක් රාජ්‍ය සේවයේ නියුතුව සිටින බවත් එම නිලධාරීන්ට ගෞරවයක් වශයෙන් සඳහන් කරමු. එවැනි නිලධාරීන් රැක ගැනීම සෑම රජයකම වගකීමක් බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.

 

(***)



අදහස් (2)

රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු

කෝට්ටවත්තේ අමරසිංහ Tuesday, 23 April 2024 09:50 AM

මෙම තත්වයට 1970 පත්වූ සමගි පෙරමුණු රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. ඊළඟට පත්වූ රජය එතෙක් දේශපාලන පළිගැනීම් වලට ලක්වෙලා හිටපු අයට රැකියා දීමට කටයුතු කළත් ප්‍රේමදාස ජනාධිපති සුදුසුකම් අනුව විභාග ප්‍රතිඵල අනුව බදවා ගැනීමට නියම කළා. එහෙත් එතුමා වුණත් සුලු සේවකයින් විභාග නැතුව බදවා ගැනීමට ඉඩ දීම නිසා උසස් අධ්‍යාපන ප්‍රතිඵල තිබුණ අයට සුලු සේවක පත්වීම් දී උසස් වීමට අවස්ථාව දීමෙන් දේශපාලන ගැත්තෝ රාජ්‍ය සේවයේ යෙදීමට ආවා. ඊලඟට පරිපාලන සේවය සදහා දේශපාලුවෝ නම් ලැයිස්තු යවනවා කියලා හිතන්න හේතු සහිතව තමයි පරිපාලන සේවයේ උසස් නිළධාරි වුණත් තමන්ගේ දරුවන්ට විභාග වලදී සමත්වෙන්න දැඩි පහසුකම් සලස්වනවා. සමහර විට ලකුණු මාරු කර තමන්ගේ අයට ඇතුලට යාමට අවස්ථාව සලස්වනවා. සමහර කාන්තාවන් මල් පූජාව කරලා තනතුරු ලබාගන්නවා නම් නොකිව්වත් දන්නෝ දන්නවා.

:       1       0

මල්ලියා Tuesday, 23 April 2024 09:18 PM

මේ මාතෘකාවට දැන් වයස කීයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site