අද ජනවාරි 9 වැනිදාය. 2015 ජනවාරි 8 වැනිදා කියන්නේ පසුගිය වතාවේ ජනාධිපතිවරණය පැවැත්වූ දිනය බව බොහෝ අයට මතකය. ඒ ජනාධිපතිවරණයේ අතීතය මේ වනවිට අපේ රටේ දේශපාලන සාකච්ඡාවෙන් ඉවතට තල්ලුවෙමින් තිබෙන බවත් සැබෑවක්ය. එය එසේ වුවත් මේ දිනවල මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සමහර සිදුවීම්වලින් පෙනී යන්නේ 2015 ජනවාරිවරුන්ගේ යහපාලනය යැයි කියා ගත් පාලන ක්‍රමයේ තිබූ විකාරරූපී සහ විනාශකාරී තත්ත්වය තව තවත් පෙන්නුම් කරන බවයි.
මේ දිනවල මාධ්‍ය අවකාශයේ සාකච්ඡාවෙන රංජන් රාමනායක මහතාගේ කටහඬ සහිතව නිකුත් වී ඇති හඬපට සම්බන්ධ කාරණය මේ වනවිට ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක්ය. මා මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ හඬපට සම්බන්ධ වෙමින් සිදුවෙමින් පවතින සාකච්ඡාවේ පැති කීපයක් පිළිබඳවය.
රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට මගින් මේ රටේ දේශපාලනය උඩුයටිකුරු කරමින් තිබෙන බව මූලික වශයෙන්ම පෙනී යන කාරණයක්ය. ඒ හඬපටවලට සම්බන්ධ වී ඇති අය අතර ගණිකාවන්ගෙන් පටන්ගෙන අධිකරණ පද්ධතියේ ඉහළ අය දක්වාම විසිරී පවතින බව මෙහිදී මුලින්ම තේරුම් ගත යුතු කාරණයක්ය. ඒ නිසාම මේ හඬපටවල තිබෙන සංවේදීභාවය ඉතාමත් ඉහළ අගයක් ගන්නා නිසා රටේ හුඟක් අය ඉන්නේ මීළඟ හඬපටය කාගේද යන ප්‍රශ්නාර්ථයත් සමඟය. මේ හඬපටවල සිටින තවත් සමහරුන් කලාකරුවන් හා මාධ්‍යවේදීන් වන අතර බෝපැළ මෙන් සිටි මේ සමහර සිවිල් නායකයන්ගේ සළුපිලි බලාසිටිද්දීම කඩා වැටෙන ආකාරයක් සිදුවෙමින් පවතින මේ ක්‍රියාදාමය අපේ රටේ දේශපාලනයේ විශාල තිගැස්මක් ඇති කරන බව ඉතාමත් පැහැදිලිය. මේ නිසාම මේ පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් බව මගේ අදහසය.
මගේ තේරුම් ගැනීම වන්නේ රංජන්ගේ හඬපටවලට ඇති විශේෂත්වය වැඩි වෙන්නේ 2015 ජනවාරිවරුන්ගේ දේශපාලනයේ තිබූ ‘අනෙක් හැමෝම වැරදියි අපි විතරක් නිවැරැදියි’ යන පිළිගැනීමත් හේතුවෙන් බවය. 2015 ජනවාරි ජනාධිපතිවරණයේ සිට පසුගිය වසර හතර හමාරක් පමණ කාලයම ඒ ආණ්ඩුවේ සිටි හා ඒ ආණ්ඩුවට සහාය දුන් සිවිල් නායකයන් පෙන්වන්නට උත්සාහ කළේ ඒ අයගේ අලංකාරික වචන මාලාවෙන් යුත් ප්‍රහාරවලට භාජන වූ හැමදෙනාම වැරැදි සහගත බවයි. මේ කණ්ඩායම විසින් නම් කරන ලද ඕනෑම අයකු හොරකු හෝ දූෂිතයකු බවට එක මොහොතකින් පත් කිරීමේ මැජික් බලය ඒ අයට තිබෙන ආකාරයෙන් හැසුරුණු බවත් මෙහිදී අපේ මතකයට එන කාරණයක්ය. දැන් රන්ජන්ගේ හඬපට මගින් එකෙන් එක පහර වදින්නේ ‘දූෂිත නොවූ’ ‘යහපාලනමය වූ’ රාජ්‍යයේ සිටි ප්‍රධානීන්ටය.
මෙතැන ඇති එක් වැදගත් කාරණයක් වන්නේ අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හැසිරීමේ ස්වභාවය පිළිබඳව වැටහීමක් ලැබීමය. රටේම සිටින විවිධ ආකාරයේ වැරැදි චර්යාවලට සම්බන්ධ වූ කාන්තාවන් හා පුද්ගලයන් සමඟ අපේ රටේ මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධතාව මේ ආකාරයෙන් සිදුවෙන බව පෙන්නුම් කිරීම ඉතාමත් කනගාටුදයක තත්ත්වයක් බව මෙහිදී නොකියාම බැරි කාරණයකි. මේ රටේ සම්භාවනීය තත්ත්වයක් නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ කල් ක්‍රියාව ඉතාමත් පහත් තත්ත්වයකට ඇදවැටීම මගින් පෙන්නුම් කරන්නේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇති කඩා වැටීමේ ස්වභාවයයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාව විකෘතිකාමීත්වයක් දක්වා වර්ධනය වී ඇති ආකාරය මේ සිද්ධියෙන් පෙන්නුම් කරන කාරණයයි. දැන් මේ විකෘති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවට පැමිණෙන බොහෝ අය අද කරන්නේ සම්පූර්ණ බොරුවක් යැයි ජනතාව සිතන්නේ මේ අර්බුදයේම මෝරාගිය තත්ත්වයක් ලෙසින්ය. මේ අවුලට අමතරව ජනතාවගේ පැත්තෙන් මතුවන අනෙක් කාරණය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනු වැඩ බැරි අහිංසකයකුගේ හෝ බියජනක මැරවරයකුගේ තනකුරක් නොව නිශ්චිත විෂය ක්ෂේත්‍රයක් (Terms of Reference) ඇති දක්ෂයකුගේ රැකියාවක් බවයි. ඒ රැකියාවට දුර්වලයකු හෝ සහචර ධනවාදයේ ඉත්තකු පත්වීමෙන් වෙන්නේ රටම කඩාවැටීම බවට ජනතාව තුළ දැනුමක් ඇතිවීම මේ සන්නිවේදන විප්ලවීය යුගයේ සිදුවී ඇති ප්‍රධානතම ජයග්‍රහණයක් බව මගේ අදහසය. අපේ රටේ අද තිබෙන තත්ත්වය සමාන වන්නේ අනෙක් හැම රැකියාවක් සඳහාම කුසලතාව මත මිනිසුන් තෝරද්දී මේ අත්‍යවශ්‍ය රාජකාරිය සඳහා රටේ සිටින නුපුහුණු කණ්ඩායමක් තෝරා පත්කර යවන නිසා රටම අවුලකට පත්වී තිබෙන බවට විශ්වාසයක් ජනතාව තුළ ඇති වීමය.
මෙයට අමතරව ටෙලිෆෝන් කතාබහෙන් පෙන්නුම් කරන තවත් කාරණයක් වන්නේ මේ රටේ ඉහළ යැයි සම්මත කාණ්ඩයේ අය තම තමන්ගේ ඇත්ත ජීවිතවල පෙන්නුම් කරන පහත් මට්ටමේ හැසිරීමයි. මෙතෙක් කාලයකට සමාජයේ කතාබහ තිබුණේ දේශපාලනයට සම්බන්ධ අය දූෂිත බවත් අධිකරණය හා මාධ්‍ය වැනි ක්ෂේත්‍රයේ අය යම් ආකාරයක පිරිසිදු යැයි යන හැඟීමයි. එහෙත් මේ දුරකතන කතාබහෙන් පෙනී යන්නේ ඒ කියන වැදගත් කාණ්ඩවල සමහරුන් පවා හැසිරෙන්නේ දේශපාලනඥයන්ටත් වඩා පහත් ආකාරයෙන් බවයි. මේ තත්ත්වය මගින් පෙන්නුම් කරන්නේ අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ බොහෝ ක්ෂේත්‍රවල අද ගොඩනැඟී ඇති තත්ත්වය ඉතාමත් කනගාටුදායක බවයි.
මේ දුරකතන සාකච්ඡා මගින් පෙනී යන තවත් වැදගත් කාරණයක් වන්නේ 2015 ජනවාරි මාසයේ යහපාලනය යැයි අලුත් දහමක් දේශනා කළ බොහෝ ගුරුවරුන් තම තමන්ගේ පෞද්ගලික ජීවිතවල පෙන්නුම් කරන්නේ සම්පූර්ණයෙන්ම දුශ්චරිතවත් පාලනයක් බවයි. නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම පිළිබඳව සිදුකළ බොහෝ දේශනා හුදු අවස්ථාවාදය හා දූෂණය වසා ගැනීමට යොදා ගත් සළුපිළි බැව් ඒ අනුව පෙනී යන වැදගත්ම කාරණයි. මේ දුරකතන සංවාදවලින් විවෘත වන්නේ එසේ අවස්ථාවාදය වසා ගැනීමේ උත්සාහයයි.
2015 ජනවාරියේ මේ රටේ නිර්මාණය වූ අලංකාරික දේශපාලනය ඡන්ද දේශපාලනය තුළින් පරාජයට පත්වී තිබුණත් ඒ ‘යහපාලන’ තිරපටින් සැඟවී තිබෙන බොහෝ කලාප විවෘත කරගැනීමේ අවශ්‍යතාවක් පවතින බව මගේ මතයයි. 2015 ට පෙර අධිකරණය සම්බන්ධයෙන් තිබුණේ නරක ආදර්ශයක් බවත් 2015 න් පසුව එය ස්වාධීන වූ බවත් යහපාලන බුද්ධිමතුන්ගේ මතය වී තිබූ බව ප්‍රසිද්ධ කාරණයකි. එහෙත් මේ සිද්ධියෙන් පෙනී යන කාරණය වන්නේ සමහර පොලිස් නිලධාරීන් කටයුතු කරන ආකාරය සම්පූර්ණයෙන්ම දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් මත පදනම් වී ඇති බවයි. රටේ හැමෝටම සාධාරණ ලෙසින් කටයුතු කළ යුතු රහස් පොලිසියේ ලොක්කන් ආණ්ඩුවේ ඇමැතිවරුන් ඉදිරියේ හඬා වැටෙන ආකාරයේ දේශපාලනයත්, යහපාලනය ලෙසින් පෙන්නුම් කිරීමේ ප්‍රහසනකාරී (විහිළුකාරී) තත්ත්වය මේ සිදුවීම මගින් එළියට පැමිණ ඇති බව ඉතාමත් පැහැදිලිය.
මේ සිදුවීම පිළිබඳව මෙරට සිවිල් සමාජය යැයි කියන එන්.ජී.ඕ. යාන්ත්‍රණයේ අය නිශ්ශබ්දව සිටීම මෙහි ඇති අනෙක් ප්‍රධාන කාරණයයි. 2018 දින 52 ආණ්ඩුව පිළිබඳව නෛතික භාෂාවෙන් ආමන්ත්‍රණය කළ බොහෝ අය මේ සිදුවීම පිළිබඳව සිටින්නේ ‘කන්බිහිරි කරවන නිශ්ශබ්දතාවකිනි’. ඒ අය කල්පනා කරන්නේ තමන් ඇතුළු බොහෝ අය විසින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සිදුකරන ඉගැන්වීම් අයිතිවන්නේ එක කාණ්ඩයකට පමණක් බව මෙයින් පැහැදිලි කෙරෙන කාරණයයි.
රන්ජන් රාමනායක මහතා කියන්නේ මේ රටේ පිළිගත් නළුවකු බව අප හොඳින් දන්නා කාරණයක්ය. එතුමන් මැතිවරණවලින් ජයගන්නේත් තමන්ගේ රඟපෑමේ දක්ෂතාව පෙන්නුම් කරමින් බව මගේ අදහසය. රඟපාන ලෝකයේ ඇත්තේ සැබෑ ජවනිකා නොව ඒ ඒ චිත්‍රපට සඳහා මවාගත් චරිතය. එහෙත් මෙවර පෙන්නුම් කර ඇත්තේ ඔහු පසුගිය ආණ්ඩු කාලය පුරාවටම වසාගෙන තිබූ සැබෑ චරිතයයි. නීතියේ ස්වාධීනත්වය පිළිබඳව ඔහු කතා කළත් ඔහුගේ දුරකතනයේ ඇති සැබෑ ජීවිතයෙන් පෙන්නුම් කරන්නේ ඒ නීතියේ ස්වාධීනත්වය ඔහු විසින්ම නොසලකා හරින බවයි.
මේ දෙබිඩි දේශපාලනය සමාජයේ විවිධ ක්ෂේත්‍රවලට සිදුකරන බලපෑම්, මේ රටේ ඉදිරි දේශපාලනයේ මානයක් පෙන්නුම් කරන බව මගේ මතයයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යහපාලන ජනවාරිවරු රංජන්වරු
max Thursday, 09 January 2020 04:57 AM
රන්ජන් රාමනායක තම දෙබිඩි චරිතය ද විදහා දක්වමින් යහපාලනයේ සළුපිලි ගැලෙව්වේ යම් සේ ද, මෙතුමාගේ ලිපියෙන් යහපාලනයට කඩේ ගිය සිවිල් සමාජකාරයන් සහ උගතුන් යයි කියා ගත්තවුන්ගේ සළුපිලි ගැලවී යන්නේ ඉතාම නිර්ලැජ්ජිත ආකාරයටය.
NalakaSaturday, 11 January 2020 03:08 AM
ලිපියෙන් කොහොමද සළුපිලි ගැළවෙන්නේ? මේක එයාගේ අදහසක් පමණයි. හැමටම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇත.
lalithm Saturday, 11 January 2020 07:10 AM
මොන කතාද? ආණ්ඩු දෙකේම එක වගේ පාණ්ඩුවෝ ඉන්නවා. 2500 න් මාසයක් ජීවත් වෙච්ච අය රුපියල් 100 න් ඡන්ද කළ අය හෝටල් වල තට්ටුවලට එබෙන්න ගිහින් අතපය කඩා ගත්තු අය එතනෝල් මුදලාලිලා කුඩු හාමිලා ඔක්කොම ඉන්නවා. අපි තමා ඉතින් සදා සොත්ති. රන්ජා මෙහෙයවපු අයව අල්ලලා හිරේ දමන්නයි ඕනේ. ඒකා රුකඩයෙක් විතරක් වගේ.