IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


මිහිලියට හුස්මදෙන බළන්ගොඩ ව්‍යවසායකයා

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

  • හකුරු අරන් කොළඹ ඇවිත් හිස්අතින් ගෙදරගියා.
  • පාන්දර තුනට එන බස් එකේ හකුරු පටවගෙන ආවත් සමහර දාට බස්එකට ගන්නෙ නෑ පස්සෙ පත්තර වෑන් එකේ පිටිපස්සේ නැගල කොළඹට ආවා.
  • බයිසිකලේ කොළඹ ඇවත් සල්ලි නැති නිසා එක බත් එක දෙකට බෙදාගෙන කෑවා.
  • නැවකට යන්න හීන මවපු මාව ව්‍යාපාරික ලෝකයට යොමුකළේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමි.
  • කවරුත් අතෑරල දාල ගිය රත්නපුර මානසික සංකූලතා වාට්ටුවෙන් යළි ගමන ඇරඹුවා.
  • විදුළිය වෙනුවෙන් වසරකට කැපෙන ලක්ෂ ගණන් ගස් දැයට ඉතිරිකිරීමට හැකිවීම ව්‍යාපාරය වගේම මානසික තෘප්තියක්
  • ධාර්මිකව සිදුකරණ ව්‍යාපාර කවදාවත් වට්ටන්න බෑ.

 

බළන්ගොඩ යන නම කියූ සැනින් අපට සිහි වනුයේ දෙස් විදෙස් සුපතල ලොව පරසිදුවූ බොහෝ ගෞරවාදරයට පත් පැවිදි උතුමෙක්ගේ නාමය හා තවත් ච‍රිත කීපයකි. දෙස් විදෙස් සුපතළ ලොව පුරා ධර්ම ප්‍රචාරයෙහි නිරතවෙමින් සසුන් කෙත දිදුලවූ මිණි පහන් ටැඹක් බඳු අභිධජ  මහාරට්ඨගුරු අග්ගමහා පණ්ඩිත  බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙ මහානාහිමියන් මෙලොව ජන්ම ලාභය ලද පුණ්‍ය භූමියයි.

මානව පරිණාමයේ එන බළන්ගොඩ මානවයා මෙන්ම ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජන්මලාභය ලද භූමියයි.  මිණි සපිරි මෙපුරවරයෙන් අගනාමිණි කැට මෙන්ම නිල්ලට දිලනෙ යායට එළන ලද තේ වතු වලින් රටේ ආරථිකයට දරණ දායකත්වය ලඝු කොට තැකිය හැකි නොවේ. ගම්මිරිස් කුරුඳු ඈ වෙළඳ භෝගයන් සේම කඳු පෙළෙන් වටවුනු මනස්කාන්ත සොඳුරු දසුන් මෙන්ම කඳු හෙල් අතරින් ගලනා වූ සිහිල් දිය කඳුරුද, ගංගාවෝ ද, වළාකුලෙන් වසාගත් අංගනාවන් බඳු කඳු පන්තීන්ගෙන් මැවෙනා සංචාරක තෝතැන්නක අපූරු සුන්දරත්වය නම් අතිශයෝක්තියක් නොවූවකි.

දෙස් විදෙස් සංචාරකයන් ගේත් නෙතු පැහැරගෙන ඇත්තේ ද මෙකී සුවිශේෂී භූ විෂමතාවයත් සෞම්‍ය  දේශගුණික තත්ත්වයත් හමුවේ නෙත් සිත් පැහැර ගනිමිනි.  බහු වාර් ගික,  බහු ආගමික සහජීවනයකින් ගත කරන ජනතාවක් වේ. ස්වාභාවික වනගහනයකින් හා සුන්දර වටපිටාවක මෙකී  සිසිලස කෙදිනක හෝ ඔබද විදගන්නට  ගන්නට ඇතැයි විශ්වාස කරමු.

දහමට අවනත නොවන වෙළඳාමෙහි යෙදෙමින්  සල්ලි මවන වටපිටාවක දිනකින් පොහොසත් වීමට වෙර දරන  මිනිසුන් අතර මෙම බළන්ගාඩ සිය නිජබිම කරගත් මිහිලියට හුස්ම දෙන මෙම අපූරු ව්‍යවසායකයා පිළිබඳව නොකියවන්නේ නම් එය මහත්වූ අඩුවකැයි දැනෙයි.  ඔහුගේ කතාව ඔබට මට හදවතට දැනෙනු  නොඅනුමානය.  ඉසුරු සොයමින් විදෙස්ගතවන ඔබටද හිතන්නට යමක් ඉතිරි කරමින් ඔහු ආ ගමන් මඟ තුළ ගත හැකි දෑ බොහෝ ඇති බව විශ්වාස කරමි.

ලංකාවේ වසරකට විදුලි පහන්කණු  සඳහා කපා හෙළන දහස් ගණන්  ගස් වෙනුවට විකල්ප කොන්ක්‍රීට් පහන් කනු තනා    ගස් ලක්ෂ හතරක් මිහිලියට ඉතුරු කොට   ඔබට මට හුස්මදුන්, හුස්ම දෙන ඔහුගේ කතාවයි මේ.

 

  • ප්‍රියත් සේනක ගුරුසිංහ.... කොහොමද ඔබේ පවුල් පසුබිම..  පුංචිකාලය ගතවෙන්නේ ... මතකය අවදිකළොත් 

අම්මා  ගුරුවරියක් ලෙසත් පියා අඩවි වන  නිලධාරියෙක් ලෙසත් කටයුතු කළා. පියා සිංහරාජය අඩවියේ වැඩ කරන කාලයේ මා   ගාල්ල පාසලකට ගියා. නිවාඩු කාලයට තාත්තා ඔහුට රජයෙන් දීපු නේවාසික ස්ථානයේ මාව සතියක් විතර තියාගන්නවා.  ඒවගේම සිංහරාජයේ ඇවිදින්න මාව එක්කගෙන යනවා. ඒ පරිසරයට ඒ විවිධත්වයට මා බෙහෙවින්ම ආශා කළා. තාත්තට ලොකු අවබෝධයක් තියෙනවා ගහ කොල ගැන. ඒවගේම 1964 වර්ෂයේ ඉඳලා අවුරුදු දහයක් වෙනතුරුම ලංකාවෙ අඩවිවන නිලධාරීන්ගේ සභාපති ලෙස තාත්තා කටයුතු කළා. පරිසරයක් එක්ක ගතවුනු මටත් හැමවෙලේම ගහක් හිටවන්න ඕනේ කියන විශ්වාසය මගේ ඇඟේ තියෙනවා. ඒක මට ලැබුණේ මගේ තාත්තගෙන්. 

 

  • අධ්‍යාපන වටපිටාව ගැන ටිකක් දැනගමුද?

මගේ මුල් කාලයේ අධ්‍යාපනය බලංගොඩ ඇග්නස් බාලිකා ප්‍රාථමික, බලංගොඩ කුමාර, රත්මලවින්න විද්‍යාලයන්හි සහ ඉඳලා තාත්තාගේ රාජකාරි දිවිය සමග ගාල්ලෙ ඇලෝෂියස් එක්කගෙන යනව.  පසුකාලීනව ආනන්ද මෛත්‍රී නායක මාහිමියන් ඇති කරපු බලන්ගොඩ ධරමානන්දයෙහි පිරිවෙන් අධ්‍යාපනය ලබනවා. ඒකාලේ අපේ ළමා ලෝකය හරිම සුන්දරයි. සම වයසේ අපි එකට සෙල්ලම් කළා. අපිට ඉගෙන ගන්නත් ගුරුවරු අමතරව ඉගැන්වීම් කළා. ඒ අය සත පහක්වත් ඒ වෙනුවෙන් ගත්තේ නෑ. සමහර වෙලාවට ගෙදරට ඇවිල්ලත් ඉගැන්නුවා. අපි ගුරුවරුන්ගෙ ගෙදර   කෑමබීම දීල අපිට උගන්නලා තියෙනවා. ඒ මතක ආදරෙන් සිහිපත් කරනවා. කවදාවත් මේ අද වගේ දාහක් දෙදාහක් ඉන්න හොල්වල ඉගැන්වීම් කටයුතු අපි දැකලවත් තිබුණේ නැහැ.

සෙල්ලමට හොඳට කාලෙ තිබුණා. ළමා ලෝකේ අපි හොඳට වින්දා. පරිසරය, ජීවිතය විඳින්න අපිට කාලයක් තිබුණා. පරිසරය තුළින් අපිට බුද්ධිය ගොඩ නඟා ගන්න නිර්මාණශීලීකම  ජීවිතයට එකතුවුනා.   කුඹුරුයායේ වැඩ වලට අපි උදව් වෙනවා. කුඹුරු ගොයම් කටයුතු සඳහා මී හරක් යොදාගෙන වැඩ කරනවා. මේවා අදටත් මගේ මතකය තියෙනවා. ගමේ තියෙන පුංචි පාරක් පවා තවමත් මතකයි ඒ පාසල් කාලේ සුන්දර මතකයක් විදිහට. ගාල්ලෙ පාසලට යන කාලෙ එක්තරා ගුරුවරයෙක් පෞද්ගලිකව දරුවන් ගැන බැලුව. කොළඹ ගියාම පොතක් ගෙනල්ල දෙනව ඉගෙනගන්න ළමයින්ට. ඒ කාලෙ ටෙලිවිෂන් තිබුණේ නැහැ. පස්සේ කාලෙක මම ඇහුවා ඇයි සර් මට ඒවගේ පොතක් ගෙනත් දුන්නෙ කියලා. ගැලපෙන පොත තමයි මම ගෙනත් දුන්නේ කියලා කිව්වා. ඒ මම ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙයි කියලා මොනවා හරි දෙයක් මගෙන් දැකපු නිසා තමයි කියලා මට අද හිතෙනව. ඇත්තටම දෙමව්පියන්ටත් වඩා ගුරුවරුන්ට තමයි දරුවන් කොතැනට ද යොමුවිය යුත්තේ කියලා ලොකු අවබෝධයක් තියෙන්නෙ කියලා මම විශ්වාස කරනවා.

 

  • කොහොමද මුළින්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ‍?

මට අවුරුදු දහය විතර වන කාලේ ඉඳලා දැනුනා ජීවත්වෙන්න අමාරු කාලයක් තියෙන්නෙ කියන එක. පවුලේ වැඩිමහල් පිරිමියා විදිහට දෙමව්පියන්ට උදව් උපකාර කරගෙන   ආරථිකමය වශයෙන් උදව් කරන්න අවශ්‍යයි කියන මතය ඉඳලා තිබුණා.   මට වැඩිමහල් අක්කා කෙනෙක් සහ තවත් නංගිලා තුන්දෙනෙක් හිටියා. පවුලේ පස්දෙනෙකුට උගන්නනවා කියන එක බරපතල කාරණාවක් ලොකු අභියෝගයක්.   අභියෝග හමුවේ අවුරුදු පහළොවේ විතර ඉඳලා එකම පිරිමියා හැටියට යම්කිසි වෙනසකට යන්න මට හිතුනා. ගාල්ලෙ ඇලෝසියස් විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පස්සේ පියාගේ විශ්‍රාම යෑමත් සමඟ බළන්ගොඩ ධර්මානන්ද විද්‍යායතනයට ඇතුළත් වෙනවා එහි පිරිවෙන් අධ්‍යාපනයට යොමුවෙනවා. ඒකාලෙ තිබුණේ එච්.සී සහ එස්.එස්.සී. විතරයි එච්.එස්.සී. පන්තියේ මම එක අවුරුද්දක් විතරයි හිටියේ. තාත්තා විශ්‍රාම යාමත්, ගෙදර පසුබිමත් එක්ක මට තදින් අවශ්‍යතාවයක් ඇතිවෙනවා මුදල් හොයන්නට.

 

  • වයස අවුරුදු 16 දී පාන්දර කිතුල් හකුරු පෙට්ටි රැගෙන පිටකොටුවෙන් බැස්ස ඔබට, බර ඔසවන්නා සමග  පෙට්ටිටික අතුරුදන්වීමෙන් දැනුන හිස් බව කඩාවැටීම සංවේදනය වුනේ කොහොමද?

අවුරුදු දාසයේ දී මට ඕනෑ වෙනවා මුදලක් හම්බ කරන්න. ඒක බොහොම අහඹු සිදුවීමක්. ලෙඩෙක් බලන්න කොළඹ එනව ඉස්සෙල්ලම. බළන්ගොඩ තිබුණා හොඳ කිතුල් හකුරු. කිතුල් හකුරු ගෙනැල්ලා කොළඹ විකිණීමේ වැඩකට මම අවතීරණය වෙනවා. ඒ කාල හැටියට එ්ක ලොකු මුදලක්. මම ඒ කිතුල් හකුරු එකතු කරලා පාන්දරම තුනට බස් එකේ ගේන්න ඕනෑ. සමහර වෙලාවට මේවා බස් වලට පටවන්නේ නැහැ. මට මතකයි ඒ කාලෙ පත්තර වෑන් එකක් එනවා ඒ පත්තර වෑන් එකේ පිටිපස්සෙ තමයි එන්න ඕන. ඉස්සරහ ඒගොල්ලන්ගේ පත්තර සමාගමේ කවුරු හරි එනවා. පොඩි කවුළු දෙකක් තමයි පත්තර වෑන්එකේ පිටිපස්සේ තියෙන්නේ ඒත් ඒකත් එච්චර ලොකු අවුලක් වුණේ නෑ. අවුරුදු දාසයක විතර කාලෙ නේ. මට මතකයි ඒ කාලෙ පාන්දර තුනේ බස් එකේ ඇවිල්ලා හකුරු පෙට්ටියක් පිටකොටුවෙන් බානකොට මේ පෙට්ටි උස්සගෙන එදා බර ඔසවන්නෙක් ඇවිල්ල ඒ පෙට්ටිය අරගෙන නොපෙනීම යන්න ගියා. එදා මම අසරණ තත්ත්වයකට පත්වුණා. තැනක වාඩිවෙලා කල්පනා කළා එදා හිස් අතින් තමයි ගෙදර යන්න වුනේ නමුත් අතහැරියේ නැහැ. සෑහෙන කාලයක් ඒ හකුරු ව්‍යාපාරය කරගෙන ගියා.එදා අවුරුදු දහසයේදී මම යම්කිසි මුදලක් ඉපැයුවා නම් රජයේ නැත්නම් වෙනත් ව්‍යාපාරයකින් ලබන වැටුපට වැඩිම මුදලක් ලබා ගන්නට මට හැකි වුණා.

 

  • ඔබ පොළවල්වල ගොස් රෙදි විකුණුවා නේද?

රෙදි අඩු කාලෙ බේල් ඇදුම් විශාල විදිහට අරගෙන ඇවිල්ල පොලවල් වල ගෙනිහිල්ලාා විකුණුවා ඒ ආකාරයෙන් තමයි ව්‍යාපාරික දිවියට පිවිසුණේ. ඒ කාලේ පැවතුණු ආරථික තත්ත්වයන් එක්ක තමයි මේ විදිහට විවිධ කටයුතුවලට පෙළඹුණේ

 

  • ඔබ ඉන් පස්සෙ වෙනස් දිශාවකට යොමු වෙනවා

1977 වෙනකොට මේ තත්ත්වය වෙනස් වුණා මහා පරිමාණයේ ව්‍යාපෘති එන්න පටන් ගත්තා. කඩිනම් මහවැලි ව්‍යාපාරය වගේ මහා පරිමාණයේ ව්‍යාපෘති රට තුළට එන්න පටන් ගත්තා. කඩිනම් මහ වැලි ව්‍යාපාරය  තුළින් එක්තරා මහත්තයෙක් මට මුණගැහුනා. ඔහු ඉදිකිරීම් සමාගමක කෙනෙක් ඔහු මහවැලි ව්‍යාපාරයේ ඉදිකිරීම් කොටස් ලබාගෙන තිබුණ. කාලේ කිතුල් හකුරු ගෙනිහිල්ලා විකුණන්න වගේ දෙයක් කරන්නත් බෑ. රෙදි පිළිත් ඕනේ තරම් රටට එනවා. රටේ විවෘත ආර්ථිකය සමග වෙනස්වීම් රැසක් සිදුවුණා. තරුණයන්ට   කටයුතු කරගෙන යාමට අපහසු තත්ත්වයක් ඇති වුණා. පරිවර්තනයක් තිබුන රටේ.   ආරාධනාවක් ලැබුණා  සමාගමේ කටයුතු බලාගන්න. එතුමා වැඩ කළේ පොළොන්නරුවේ ඇල්ලේ වැව, කඳ කැලේ,  බඳනගල කියන ගම්වල.  මට ලොකු දැනුමක් තිබුණෙ නැහැ ගොඩනැගිලි ක්ෂේත්‍රයේ. සමාගමේ විශාල සේවකයෝ විශාල පිරිසක් හිටියා. ඉංජිනේරුවරු හිටියා ඒ කවුරු හිටියත් එතුමා වෙනුවෙන් මුදල් වියදම් කරනඑක, අවශ්‍ය සංවිධාන කටයුතු කරන එක මට බාර දුන්නා. ඒ වනවිට  මගේ වයස අවුරුදු 23ක් විතර.   එදා පුරුදුවුනා මිනිස්සුත් එක්ක වැඩ කරන්න. ගොඩනැගිලි විසි දෙකක් මෙතන හැදෙනවා. එක එක අය තමයි මේ වැඩකටයුතු කරන්නෙ. එක කොටසක් පානදුරේ එතැන පානදුර කියල ගහල තියෙනවා. අපි පොල් ඇතුවලින් හදපු ස්ථානයක තමයි ඉන්නේ. වතුරේ ටැංකියක් බැඳල වතුර ගෙනත් දානවා. හැබැයි රෑට අලි බීලා යන නිසා උදේට වතුර නැති වෙනවා. විශාල අලි ගහණයක් එක්ක තමයි අපි වැඩ කළේ. ඒ වගකීම මම ආසාවෙන් ඉටුකළා.ජීවිතයේ ලොකු වෙනසක් එතැනදි සිද්ධ වුනේ. මිනිස්සුත් එක්ක වැඩ කරන්න හැකි වුණා. මට වඩා අධ්‍යාපනයෙන් ඉහළින් අය එක්ක වැඩ කරන්න සිද්ධ වුනා. පුරුදු වුණා ඒ වගේ තිබුණු විශේෂ රැස්වීම් වලට ප්‍රධානියා වෙනුවෙන් මට යන්න සිද්ධ වුණා. ඒවට ගිහිල්ල කතා කරන්න පුරුදු උනා. අවුරුදු පහක් විතර මේ අයුරින් වැඩ කළා ත්‍රිකෝණමඩු, ප්‍රදේශය සහ වැලිකන්ද තැපැල් කන්තෝරුවත් අපි කලේ. ඒකාලෙ ජාතිවාදී ප්‍රශ්න ඇවිල්ලා මෙම ව්‍යාපාරය අතරමග නැවතුනා. ඊට පස්සේ මම නැවත බලංගොඩට එනවා. ඒ වෙනකොට රැකියා වශයෙන් ලැබුණු වැටුප විතරයි ඉටතුරු වෙලා තිබ්බේ.

 

  • පහන්කණු නිර්මාණයට ඔබ පිවිසෙන්නෙ කොහොමද?

  ඔලුවෙ තිබුණා පුංචි පුංචි ව්‍යාපාර කරන්න පුළුවන් කියලා  හැඟීම. ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ මුණගැහිලා ඉස්සෙල්ලම දුන්නා රත්නපුර රෝහලේ වාට්ටුවක් ප්‍රතිසංස්කරණයට.    . එතන වාට්ටු භාරව හිටපු කෙනා ඇහුවා ඔබට මේක කරන්න පුලුවන්ද කියලා. මේක ගත්ත අය හැමෝම අතහැරලා ගියා.   හේතුව රත්නපුර ලෝහ‍ලේ මානසික රෝගීන්ගේ වාට්ටුව . මම ඒ අභියෝගය බාරගත්තා. රෝගීන් එක්කත් හිතවත්කම ගොඩනගාගෙන කොහොම හරි වැඩේ කරලා මම භාරදුන්න. මේ කාලේ විශාල වශයෙන් ගම්වලට විදුලිය තිබුණේ නැහැ. කඩිනම් ව්‍යාපාර යටතේ විදුලිය බෙදා හැරීමට කටයුතු සිදු කළා. ඒගොල්ලට ලොකු ප්‍රශ්නයක් තිබුණා විදුලිය කණු සම්බන්ධව.   යාළුවෙක්  මට කතා කරලා කිව්වා  මෙහෙම හිදසක් තිබුණා. මේක කරන්න පුලුවන්ද කියල විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිය තුමා හම්බෙලා ඇහුවාම එතුමා ඇහුවා කවද හරි මේවා හදල තියෙනවද කියල. මේවා හදල නොතිබුණාට පොළොන්නරුවේදී සිමෙන්තිත් එක්ක වැඩ කරල ඒ තිබිච්ච පලපුරුද්ද අත්දැකීමක් තිබුණා. අභියෝගය ගත්තා.  කණු පහක් හදල පෙන්නන්න කිව්වා.  ලයිට් කනුවක හතර දෙනෙක් පස් දෙනෙක් නගිනවා මේ වගේ ශක්තිය පිළිබඳව විදුලි බල මණ්ඩලය බොහොම ඉහළින් බලනවා.  මේක කඩා වැටුණොත් ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවෙනවා. පළවෙනි විදුලි කණුපහ හදල පෙන්නුවා. ඒ විදුලිකණු පරීක්ෂණයට භාජනය කළා. ඊට පස්සෙ කණු විසිපහක් ලබා දුන්නා. ඊට පස්සෙ කණු සීයක් දුන්න මේ ආකාරයෙන් කොන්ක්‍රීට් කණු නිෂ්පාදනය කරන ව්‍යාපෘතියට අත ගැහුවේ.

කොන්ක්‍රීට් කණු නිෂ්පාදනයේ දී මීටර් හය සහ අටේ කණු තමයි අපි නිෂ්පාදනය කළේ. ගෙවල්වලට ලයිට් දෙන්න රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් අතර තිබෙන තරගයකින් මූලික වටයට මම තේරුණා. එම අවස්ථාවේ මට දැනගන්න ලැබුණා ඇඹිලිපිටිය ප්‍රදේශයේ වසා දමා තිබුණු කොන්ක්‍රීට් අංගනයක් තිබුණ විශාල වැඩබිමක්. ඒ අංගනය මහවැලිය සතුව තිබුණා ඒ අවස්ථාවෙම එම කොන්ක්‍රීට් අංගනය ලබාගන්න මම කටයුතු කළා. දිවංගත ගාමිණි අතුකෝරල මහතා මේ සඳහා මට උදව් කළා. ලංකාවට ගේනවා කළු තෙල් ගාලා ගස්වගේ තියෙන කණු කොන්ක්‍රීට් කණුවක්. උස්සගෙන යන්න බැරි නිසා තමයි  මේක කනු ගේන්නේ. මේ හැම එකක්ම කපපු ගහක්. මේක පරිසරයට විශාල හානියක්. එක අවස්ථාවක මේ වගේ කණු විසිදාහක් පිටරටින් ලංකාවට ගෙනාවා. ලංකාවේ ගස් කපන්න මදිව. මේ වෙලාවේ මට එම ප්‍රවාහන ටෙන්ඩරය න් ලැබුණා. එදා මම කල්පනා කළා මෙච්චර ගස් ප්‍රමාණයක් පිටරටින් ගෙනල්ලා අපි ඉන්දනවා මේක අවුරුදු හයකට පහකට පස්සෙ වේයො කාලා දිරලා නැවත කඩා වැටෙනවා.   අදහසක් ආවා මේ ගස් කපන එකට විකල්පයක් කරන්න බැරිද කියලා. ගස් කපන එක නවත්තන්නත් පරිසරයට කරන හානිය නවත්තන්නත් කොහොමද කියන එක කල්පනා වුණා. අපි හදන කණුව ඇතුළ හිස් බර අඩුයි. දැන් එකට තුන්දෙනෙකුට ඕන තැනක ගෙනියන්න පහසුයි මේකේ තාක්ෂණික ක්‍රමවේදය විකුණලා තිබුණේ මැලේසියාවට. අපි මැලේසියාවට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මෙවැනි කනුවක් ලංකාවේ නිෂ්පාදනය කරන්න අපි කල්පනා කළා. බළන්ගොඩ තිබුණු ලංකා වෝල්ටයිල් ආයතනය වහල දාලා තිබුණේ .ඒ කර්මාන්තශාලාව අපි අරගෙන මෙම ස්ථානයේ මෙම කණු නිෂ්පාදනය කිරීම පටන් ගත්තා. එවකට සිටි ජනාධිපතිවරයා මෙම කර්මාන්තශාලාව විවෘත කළේ.මේක බී ඕ අයි ප්‍රොජෙක්ට් එකක්.  මෙම නිෂ්පාදනය සිදුකරලා අවුරුදු දෙකක් වෙනකන් අපිට විදුලි බල මණ්ඩලයට දෙන්න බැරිවුණා අපේ ආයතනය පෞද්ගලිකයි. විදුලි බල මණ්ඩලය තියෙන නීති රීති යටතේ මිලදී ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. මේකට පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ මොරටු විශ්ව විද්‍යාල දෙකම විශාල ලෙස මට උදව් කළා. කණුවක් නිෂ්පාදනය කරලා දින විසිඅටක් පමණ වතුර දදා වතුර දදා ශක්තිය තබාගත යුතු වුවත් මෙම නිෂ්පාදනාගාරයේ අද හදන කණුවක් දවස් දෙකකදී භාවිතයට ගත හැකි අයුරින් අවශ්‍ය තාක්ෂණය පවතිනවා. පැය 48කදි වගේ නව තාක්ෂණයක් සමඟ  මෙම කණු ශක්තිමත්ව  ලබා දෙන්න හැකියාව තියෙනවා. මුලදී මෙම නිෂ්පාදන දවසකට කණු තුන්සියයක්ව  පැවතුණත් අද වන විට කණු 600 දක්වා නිෂ්පාදන හැකියාව අප සතුව පවතිනවා.

 

  • ඉදිරි අනාගතයේදී නිෂ්පාදනය  නව පරිවර්තනයක් ගැන හිතල තියනවද?

මේ ලයිට් කණුව   මුලදිම තිබුණේ ගෙදරකට වයර් එකක් ඇදගන්න සහ බල්බ් එකක් දාගන්න වගේ දේකට . නමුත්ක් අපි කල්පනා කරනවා මේ ලයිට්කනුව  ස්මාට් කණුවක් බවට පත්කරන්න.  සෝලා පද්ධතියක්,කැමරා පද්ධතියක් හයි වෙනවා. දුරකථන  බලගැන්වීමට සී.සී.ටී.වී. සමග ලයිට්කනුව ස්මාට් කණුවක් බවට පත් වෙනවා. මේ කණුව මගින් විශාල වැඩ කොටසක් කරන්නට පුළුවන් වෙනවා. වගේම ආරක්ෂක පදතියක් විදිහට ක්‍රියා කරන්නට හැකි වෙනවා. අපි හිතමු කිලෝමීටර් දෙකක් තුළ මේ කණුවක් සවිකලා කියලා. සම්පූර්ණ කිලෝමීටර් දෙකම ආවරණය වෙනවා ඒකෙ සවිකරන කැමරා පද්ධතිය තුළින්. මුළු පරිසරයම මේ තුළින් ආරක්ෂාව වෙනවා. විශ්වවිද්‍යාල දෙකක් සමග සාකච්ඡා කරල  මෙය ඉදිරියට ලංකාවට හඳුන්වලා දෙන්න බලනවා. මේ කණුවලට විශේෂයෙන් දැනටමත් මූලික වශයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා විදෙස් රටවලින්. හෝටල් විසල් ප්‍රමාණයක් තියෙන මාලදිවයින වගේ රටවල් වලිනුත් අපිට ඉල්ලීමක් ඇවිත් තියෙනවා. අපි  ක්‍රියාත්මක කිරීමට සැලසුම් තිබෙනවා.

 

  • පරිසරයත් ව්‍යාපාරයත් කියන්නෙ අන්ත දෙකක් නේද?

අද වෙනකොට ගස් ලක්ෂ හතරක් පමණ පරිසරයට ඉතුරු කරලා දීලා තියෙනවා. මේක මට මතක් වෙන්නේ මගේ තාත්තා ඒ කාලෙ කැලෑවට එක්කන් ගිහිල්ලා ඒ පරිසරය අත්විඳින්න දීල ඒ ලබල දීපු අත්දැකීම් තුලින් මේ පරිසරය ආරක්ෂා කරගන්න ඕන කියන කාරණාවත් එක්ක මම ලබපු අත්දැකීම් තුළින් පරිසරයට ආදරය කරන කෙනෙක් විදියටත් ජීවිතයට යථාර්ථයක් බවට පත්කරල තියෙනවා. ඒක සතුටට කරුණක්. පරිසරය ආරක්ෂා කිරීම ගහක් ආරක්ෂා කිරීම බුදු දහමට අනුවත් ඒක ලොකු දෙයක් කියලා මම විශ්වාස කරනවා. ගස් ලක්ෂ හතරක් අපි රටට ඉතුරු කරල දීලා තියෙනවා. මේ වෙනකොට ගස් ලක්ෂ හතරක් හිටවන්න කොච්චර අමාරුද. ගස් ලක්ෂ හතරකට වතුර දාන්න කොච්චර අමාරුද. ගහක් ජීවත් කරනවා කියන්නේ අමාරු දෙයක්. ගස් ලක්ෂ හතරක් ජීවත් කරන්න කොච්චර අමාරුද. නමුත් මනුස්සයෙක් ජීවත් කරනවා වගේ තමයි ගහක් ජීවත් කරනවා කියන එක. නමුත් ගහ කපල දාන්න කොච්චර ලේසිද. ගහක් කපල දාන්න හරි ලේසියි ඒ ගහ පැවතුණොත් පරිසර පද්ධතියට කොච්චර සේවයක් වෙනවද. අපේ ගමේ නගරයේ පරිසරයේ උනත් පහුගිය කාලවල ගස් කපපු නිසා දිය උල්පත් සිඳීමේ අවධානමට ලක්වුණා. ඒකාලේ අපි පාපැදිලිවලින් බෙලිහුල්ඔය වගේ ප්‍රදේශවලට යනවා. පාසල් යන කාලේ අපිට අම්මල කෑම එකක් හදලා දුන්නොතින් ඒකත් අරගෙන ගිහිල්ල අපි වතුර බිව්වෙ පීල්ලකින් අත තියලා ගස්කොළන් කපා හැරීම නිසා බලන්ගොඩ වගේ ප්‍රදේශවලටත් අද වතුර නැති වීමේ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මම නිහතමානීව සතුටු වෙනවා මේ පරිසර පද්ධතියට මගෙ ජීවිත කාලය තුළ යහපතක් සිද්ධ කරලා දෙන්න පුළුවන් වීම ගැන. කණු පන්සීයක් නිපදවනවා කියන්නේ ගස් පන්සීයක් ආරක්ෂා වෙනවා දිනකට මේ පරිසරයට කරපු යහපතක් මගේ ජීවිතයට ආපසු ලැබෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා.

 

  • ඔබේ නිෂ්පාදන ගැන සහතික වෙන්නෙ කොහොමද?

මේ කොන්ක්‍රීට් නිෂ්පාදනය කරන්න අවශ්‍ය තාක්ෂණය අපි ගත්තෙ මැලේසියාවෙන් ඉංජිනේරුවෝ ගෙනල්ල අපේ ආයතන තුළ නවත්තගෙන ඒ අවශ්‍ය තාක්ෂණය ලබාගන්න අපේ දරුවන්ට අපි පුහුණු කළා. එ් ඉංජිනේරුවොම කිව්වා  එයාලට වැඩිය හොඳට අපේ ළමයි මේක හරියටම සිද්ධ කරනවා කියලා. අපේ දරුවෝ පුදුම දක්ෂ දරුවෝ වැඩකරන්න. මේ මැෂින් ගලවල හයිකරන්නේ අපේ ළමයි. ආයතනය අපි නිර්මාණය කරලා තියෙන්නේ එක පවුලක් හැටියට. ආයතනය තුළ කතා කරන හැමවෙලේම අපි එක පවුලක් හැටියට සලකනවා කිසිම තැනක මම කළා කියල නැහැ. හැම තැනකම අපි කළා කියලා තමයි අපි දකින්නේ.

 

  • ඔබගේ ජීවිතේ හයිය එහෙම නැත්නම් ඔබට ශක්තියක් වෙන්න පසුපසින් කව්රුහෝ හිටියද?

මගේ ජීවිතේ මෙතෙන්ට එන්න විශාල ශක්තියක් වුණේ මගේ බිරිඳ. විශාල කැප කිරීමක් කරා මේක දියුණු කරන්න. මූලික අවධියේ අපි දෙන්න කොළඹ එන්නේ මෝටර් සයිකලයෙන්. සමහර වෙලාවට බත් දෙකක් ගන්න අපිට සල්ලි නෑ. සමහර වෙලාවට එක බත් එක අරගෙන මෝටර් සයිකලේ සීට් එක උඩ තියාගෙන   කනවා. එහෙම   කාපු වාර අනන්තයි. ඇය ඒ බත් එකෙන් කුඩා කොටසක් කාලා වැඩිපුර කොටස මට දුන්නා මම ගොඩක් මහන්සි වෙන නිසා. 99% ක්ම   ගෞරවය ලැබෙන්න ඕනි ඇයට. ඇය ධම්මිකා ගුරුසිංහ. ඒත් එක්කම මගේ දරුවෝ මගේ දුවයි පුතයි විදෙස් විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබලා ඇවිත් මගේ ආයතනයේ අධ්‍යක්ෂවරු විදිහට වැඩ කරනවා. අපි ගන්නෙ අධ්‍යක්ෂකවරු හැටියට වැටුපක් එහෙම නැති උනොත් අපේ ප්‍රාග්ධනය විනාශ වෙන නිසා. අපි ප්‍රාග්ධනය ගොඩනගාගෙන තියෙන්නේ වැටුපකට වැඩි කිරීම තුළින් අපේ ජයග්‍රහණය තමයි අපිත් එක්ක වැඩ කරන දරුවන්ගේ මහන්සිය අපේ කණ්ඩායමේ මහන්සිය තමයි කියන එක තමයි අපගේ විශ්වාසය. ව්‍යාපාරිකයෙක් හැටියට සාර්ථක වෙන්න නම් ඉස්සෙල්ලම තමන්ගේ පවුල් ජීවිතේ සාර්ථක වෙන්න ඕනෑ. යම්කිසි ව්‍යාපාරිකයෙක් අසාර්ථක වුණොත් ඔවුන්ගේ පවුල් ජීවිතය අසාර්ථක නම් ඔහුගේ අසාර්ථකත්වය පටන් ගන්නේ පවුල් ජීවිතය තුළින්. මම උදේ හතර වෙනකොට වැඩ පටන් ගන්නවා නැගිටිනවා. මනුස්සයෙකුට අවශ්‍යතාව තියෙනවනම් තමන්ගේ පවුල වෙනුවෙන් කාලය කළමනාකරණය කරගන්න ඒක ලොකු දෙයක් නෙමෙයි. කවුරු හරි කියනවානම් පවුල වෙනුවෙන් ගත කරන්න කාලයක් නෑ කියලා මම ඒක පිලිගන්නේ නැහැ. අපි සාකච්ඡා කරන්නෙ තීන්දු තීරණ ගන්නෙ එකට එනිසා ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. 

 

  • මොනවද ඔබට තිබුණු අභියෝග?

 ඕනෑම ව්‍යාපාරයක් පටන් ගද්දී අභියෝග එන්න පුළුවන්. අභියෝගයක් නැති ව්‍යාපාරයක් ලෝකෙ කොහෙවත් නෑ. අපට ඕනම අභියෝගයක් බාරගෙන කරගන්න පුළුවන් කියන ඉලක්කය අපිට තියෙනවා නම් ඒ අභියෝගය භාර ගන්න පුළුවන්නම් ඒ සියලු ගල් මුල් මල් බවට පත්කර ගන්න පුළුවන්.ගල් මුල් ගැන හිතුවේ නැහැ මට ඉලක්කයක් තිබුණා. ඒ ඉලක්කයක් කරා යන්න මම වැඩ කරනවා කියන එක තමයි මගේ මතය තිබුණේ. ලංකාවේ ලක්ෂ දහයකට වඩා මගේ නම ගහපු කණු හිටවලා තියෙනවා

 

  • නැවකට යන්න හිටිය ඔබට, අහඹුවක් ලෙස වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහනායක හිමි හමුව ඔබ ව්‍යාපාරික ලෝකයට තල්ලුකළා නේද?

 1978 වසරෙ වගේ මගේ යාළුවෙක් මට කියනවා බලංගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ මුණගැහෙන්න යමු කියලාා එයාගේ වැඩකට.  . මම පැත්තකින් වාඩිවෙලා ඉන්නවා එයාගේ වැඩේ අවසන් වුණාට පස්සේ නායක හාමුදුරුවෝ මාව පෙන්නලා එක පාරටම ඇහුවා මේ තරුණය කවුද කියලා. ඒ වචනෙන්ම තමයි ඇහුවේ. ඒක මගේ ජීවිතේ වෙනස් වෙච්ච සන්ධිස්ථානයක්. මම අඳුන්නවලා දුන්නා හාමුදුරුවන්ටත් අපි ගැන මතකයක් ඇති. මගෙන් ඇහුවා දැන් මොනවද කරන්නේ කියලා. ඒකාලේ නැව්වලට නැවියන් බඳවා ගනු ලැබේ කියල ඉල්ලුම්පත්‍ර විකුනනවා ඔය ඉල්ලුම්පත්‍රයක් සත විසිපහයි. මගේ යාලුවෙක්ගෙ මාම කෙනෙක් ඔය නැවක වැඩ කළා. රුපියල් 25000 ක් පඩි. ඒ කාලේ රුපියල් 25000ක් කියන්නේ හිතන්නවත් බෑ. මම අම්මගෙන් රුපියල් දෙකක් තුනක් ඉල්ලගත්තහම ඔය නැව් වලට නගින්න ඇප්ලිකේෂන් දානවා. මම ලොකු කමටත්   ආඩම්බරයටත් එක්ක හාමුදුරුවන්ට කිව්වා හාමුදුරුවනේ මම නැවකට යන්න හිතාගෙන ඉල්ලුම්පත්‍ර දාලා ඉන්නේ.   කියලා.   නැව්නගින්න  නොවෙයි තමුසෙට දාහකට රස්සාවල් දෙන්න පුළුවන් කියල කිව්වා. නායක හාමුදුරුවෝ එහෙම කිව්වට ඒක ගැන එච්චර හිතුවේ නැහැ. අපි විහිළු කර කර ආවෙ. නමුත් බලංගොඩ නායක හාමුදුරුවෝ අපවත් වෙනකොට හාරසියයක් පමණ මා යටතේ වැඩ කරනවා.   ව්‍යාපාර නාම ලියාපදිංචි කරන්න ඕනනේ. ඒ හින්දා නමක් ඕන උනා.   නායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න ව්‍යාපාරයට නමක් තියන්න ගියා. ඒ වෙලාවේ උන්වහන්සේ සක්මන් කර කර හිටියේ මළුවේ. හාමුදුරුවන්ට මම වැඳලා කාරණාව කිව්වට පස්සේ තමුසගේ නම මොකක්ද කියලා ඇහුවා. මම නම කිව්වහම හා ඔය තියෙන්නේ නම ඕකම දානවා කිව්වා. ඕකම තමා තමුසෙට හරියන්නේ කිව්වා. එදා ඒ දීපු නම තමයි    සේනක සමූහක් ව්‍යාපාරය කියල පවත්වාගෙන යන්නෙ.  මේ වන විට සේනත සමූහ ව්‍යාපාරයේ සෘජු රැකියා 120 ක් කොකෝ සික්ස් සේනක ඇග්‍රො, බ්ලොක්ගල්  ආයතනයන්හි 650 ක් ඇතුළු අතුරු රැකියා අවස්ථා 4500 ක් ලබා දී තිබෙණවා.

 

  • රටක් ලෝකයක් වෙනස් කරන පරිණත ව්‍යවසායකයෙක්  ලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලංකාවෙ නම ලෝකයට ගෙනියන්න සිදුකළයුතු මොන වගේ වෙනස් කමක්ද මොන විදිහටද එය ඔබ දකින්නේ?

   මේ රටේ කර්මාන්ත පද්ධතිය දියුණු කරන්නැතුව මේ රට ඉදිරියට ගෙනියන්න බෑ කියන එක තමයි කරමාන්ත කරුවෙක්ගේ හැටියට දැක්ම.  ලෝකයේ දියුණු වෙච්ච හැම රටකම සිද්ධ වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ කරමාන්ත පද්ධතියුණු කරපු නිසා. චීනය කොරියාව ඉන්දියාව වගේ රටවල් වුණත් අපිට වඩා බොහොම ඉස්සරහින් ඉන්නවා. එයාලගේ කර්මාන්ත පද්ධතිය බලපුවම අපේ රටේ කර්මාන්ත පද්ධතිය දියුණු නොවෙන්න කාරණා කීපයක් බලපාලා තියෙනවා. අපේ රටේ අධ්‍යාපනය තුළ කර්මාන්තකරුවෙක් වෙනවා කියන එකට ඉඩ හසරක් වෙන්වෙලා නෑ. දෙමව්පියෝ පුරුදුවෙලා තියෙන්නෙ දොස්තර කෙනෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න රාජ්‍ය සේවකයෙක් බවට පත්කරන මානසිකත්වයක් තමයි ගොඩනගල තියෙන්නෙ. දෙමව්පියෝ හිතන්නෙ නැහැ තමන්ගේ දරුවට දාහකට රස්සාව දෙන්න පුළුවන් මිනිහෙක් ගොඩ නගන්න ඕනි කියලා දෙමව්පියෝ හිතන්නේ නැහැ. අධ්‍යාපනය තුළ කර්මාන්ත පිළිබඳව ගොඩනගන්නෙ කොහොමද කියන එක පිළිබඳව අධ්‍යාපනික දැනුමක් පොඩි කාලෙ ඉඳලා ලබාදෙන්න උත්සාහගෙන නැහැ. මහාචාර්යවරයෙක් ජපානය උගන්වන ගමන් ප්‍රශ්නයක් අහලා තියෙනවා ලොකුනාම කවුද වෙන්නේ කියලා. එයා එතනදි කියලා තියෙනවා මම ලොකු උනාම සෙරෙප්පු පැට්‍රියක් දානවා කියලාලා. නමුත් ලංකාවේ කෙනෙක්ගෙන් අහපුවම මං කළින් කියපු වගේම උත්තරයක් තමයි දෙන්නෙ කියන එක සඳහන් කරලා තිබුණා. මේ තත්වය අධ්‍යාපනය තුළින් වෙනස් වෙන්න ඕනෑ.

දෙවැනි එක අපිට හොඳ තරුණ පිරිසක් ඉන්නවා නිර්මාණ හැකියාව තියන හොඳ තරුණ පිරිසක්. ඒ නිර්මාණ හැකියාවට ලබා දෙන්න පුළුවන් ආර්ථික හයිය සවිය ලංකාවේ ලබාගැනීමේ ලොකු අපහසුතාවයක් තියෙනවා. කර්මාන්තයක් ආරම්භ කරන්න පුළුවන් තරම් බැංකු පද්ධතියක් අපේ රටේ නැහැ. තියෙන්නේ ව්‍යාපාරික බැංකු පද්ධතියක්. ලෝකයේ අනෙක් රටවල කර්මාන්ත හිමියන්ට වෙනම බැංකු පද්ධතියක් තියෙනවා. බොහොම අඩු පොලිය යටතේ ඒ කර්මාන්තවල වගකීම භාර ඇරගෙන බැංකු ඒවාට උදව් කරනවා. චීනයේ වගේ රටවල එල්.ඊ.ඩී. බල්බ් වගේ දේවල් පොඩි පොඩි පැක්ටරි දාගෙන හදන්නේ එහෙම තමයි. ලංකාවේ අපේ දරුවන්ට එහෙම ආයෝජනය කරන්න මුදලක් ගන්න බැංකුවක් නැහැ. බැංකුවකට ගියොත් ඒගොල්ලො දේපලක් ඉල්ලනවා. ආයෝජකයෙක් හැටියට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට පිවිසෙන්න. ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොලක් තියෙනවා අපි හඳුනා නොගත්තු ඒ හඳුනා නොගත්තු වෙළඳපොලට අපේ දරුවො පුහුණු කරලා කර්මාන්ත දිනා ගත්තොත් අපේ රටට මේ ඩොලර් අර්බුදයක් එන්නේ නැහැ. අපේ රටට මේ ඩොලර් එන්නෙ නැත්තෙ කර්මාන්ත පද්ධතිය දියුණු නොකිරීම නිසා. ඉංජිනේරුවෝ බිහි කරා දොස්තරවරු බිහි  කරා ඔවුන් පිටරට ගිහිල්ලා එවන ඩොලර් එක නිසා අපිට ඩොලර් ලැබුණත් කොහොමද නැත්නම් ඩොලර් වෙන ඩොලර් එන්නෙ. ඩොලර් එන්නනම් අපි මේ රටේ කර්මාන්ත පද්ධතිය දියුණු කරන්න ඕන. මම අවුරුදු තිස් හතරක් පමණ මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉඳලා තියෙනවා. රටට අමුද්‍රව්‍ය ගේන්නෙ ගොඩක් වෙලාවට ඉන්දියාවෙන් විශාල වශයෙන් නැව් ගාස්තු ගෙවනවා. අමුද්‍රව්‍ය ආනයනයේදී සිද්ධ වන වැය හේතුවෙන් අපේ නිෂ්පාදන මිල හිතන් නැති අයුරින් ඉහළ යනවා. අපට පුළුවන් නම් ඉන්දියාවයි ලංකාවයි අතර දුම්රදුම්රිය පද්ධතියක් ඇති කරන්න මේ සියලු භාණ්ඩවල මිල පහළ යනවා. අපි හිතමුකෝ ඒක මගීනුත් ප්‍රවාහනය කරන දුම්රියක් උනා කියලා. අපේ දරුවෝ ඉගෙන ගන්න කොච්චර ඉන්දියාවට යයිද. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ වලට අපිට ගුවන් ටිකට් පතක් අරගෙන යන්න පුලුවන්ද දරුවෙකුට. හැබැයි දුම්රියක ගියොත් රුපියතුන් දහසකටත් වඩා අඩු මුදලකට යන්න පුළුවන් නේද ටිකට් එකට. ව්‍යාපාරිකයෙක් ලෙස ඇයි අපි එතැනට යන්නේ නැත්තෙ කියන මතය තමයි ව්‍යාපාරිකයෙක් විදිහට හිතන්නේ. මේවට ගොඩක් අය විවිධ මත දරයි නමුත් ඉන්දියාව ගත්තොත් එක ප්‍රාන්තයක ඉඳලා අනිත් ප්‍රාන්තයට අපේ රටේ ඉහළම දිගම දුරට අනුව ඒවගේ විශාල ගුණයක් තියෙනවා. භාණ්ඩවල මිල ගත්තොත් ඒ ප්‍රාන්තයේ සහ මේ ප්‍රාන්තය මිල එක හා සමානයි. අපි නැව්ගාස්තු වලට වැඩිමිලක් ගෙවනවා විශාල වශයෙන්.

 

  • මේ රටේ තරුණ පරපුර විශාල වශයෙන් රට හැර යාමේ ප්‍රවණතාවයක් තියනවා. මේ ගැන මොකද හිතන්නේ?

 මම කියනවා මේ තරුණ පරපුරට අපේ   රට දාලා යන්න එපා කියලා. මෙහි කළ හැකි දේවල් ගොඩක් තියෙනවා. පහුගිය කාලේ තිබුණ පසුබෑම තාවකාලිකයි. අපේ තරුණ පරම්පරාවට ටිකක් ඉවසීම අඩුයි. ඒගොල්ලන්ට ගහක් හිටවපු ගමන් මලක් කඩන්න, ගෙඩියක් කඩන්න ඕනි වගේ අදහස තියෙනවා. ප්‍රශ්න විසඳගන්න ඕන දෙයාකාරයක් තියෙනවා. සමහර ප්‍රශ්න විසඳගන්න භාර දෙන්න ඕනෑ කාලයට. පහුගිය කාලේ ආපු ප්‍රශ්න මම කොච්චර ව්‍යාපාරිකයෙක් වුණත් මට විසඳන්න පුළුවන්ද බැහැ. ඒවා විසඳෙන්නෙ කාලයකින්. දැන් මේ ටික කාලෙට ගොඩක් ප්‍රශ්න විසඳිලා තියෙනවා. සමහර ප්‍රශ්න විසඳන්න අපිට ඉවසීම තියෙන්න ඕනෑ. මම දකින ප්‍රධාන දෙයක් තමයි ව්‍යාපාරියෙන්ට ප්‍රධාන වශයෙන් තියෙන්න ඕනෑම කාරණාව තමයි ඉවසීම. දෙවනි කාරණාව තමයි නිහතමානී බව. නිහතමානී ව්‍යාපාරිකයකුට තමයි විශාල වශයෙන් ආශිර්වාද ලැබෙන්නේ නිහතමානය නැති කිසිම ව්‍යාපාරිකයෙකුට ආශිර්වාදයක් ලැබෙන්නෙ නෑ. ආශිර්වාදය ප්‍රයෝජනවත් වෙනවා තමන්ගේ ගමන ඉස්සරහට ගෙනියන්න. එතුමාට හරියන්න ඕන හොඳ දෙයක් කලේ. මේ ආශිර්වාදය හරි ප්‍රබලයි. ව්‍යාපාරිකයින්ට මේක හරිම ප්‍රබලයි. ඉවසීම නිහතමානී බව සහ ආශිර්වාදය මේ තුන කාට හරි ලබා ගන්න පුළුවන් නම් ඔහුට මේ රටේ ඉහළම තැනට යන්න පුළුවන්.

මගේ විශ්වාසයක් තියෙනවා අපි ව්‍යාපාර පවතින්න ඕනෑ ආගම ධර්මයත් එක්ක කියන එක. මම නිර්මාණය කරපු හැම දේකම ශක්තිය ධර්මයෙන් ලැබුණු ශක්තිය කියල තමයි මම විශ්වාස කරන්නේ. රටේ පවතින යම් කම්කරු අරගල ඒ වගේ දේවල් රට තුළ දැක්කත් අපේ ආයතනය තුළ එවැනි ප්‍රශ්නයක් නැහැ. අපේ ආයතනයේ වැඩ කරන දරුවොත් එක්ක එකතු කරලා පිහිටුවලා තියෙන්නෙ බෞද්ධ සංගමයක් විතරයි. හැම මාසෙම බෞද්ධාගමට සම්බන්ධ වැඩ කොටසක් කරනවා හැම මාසෙම අපේ ව්‍යාපාරික ස්ථානයට ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා බණ කියනවා. බුදු දහමත් එක්ක අපේ මිනිසුන්ගේ මනස ගැට ගහලා තියෙන්නේ. අපි කරලා තියෙන්නේ අපේ වාසියකට නෙමෙයි අපේ මිනිස්සුන්ව අනාගත අභිවෘද්ධිය උදෙසා තමයි කටයුතු කරල තියෙන්නෙ. එහෙම අයට එහෙම ආයතන තුළ කවදාවත් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ  . ආගම ධර්මයත් එක්ක වැඩ කොටස කරන්න පුළුවන් නම් අපිට එන බාධක අඩුයි කියලයි මගේ විශ්වාසය.

 

  • ක්ෂේත්‍රයට පිවිසෙන තරුණයින්ට ඔබගේ පණිවුඩය කියන්න පුළුවන්ද? 

ඉලක්කය පිහිටුවා ගන්න. ඉලක්කයට යන්න කටයුතු කරන්න. ඒකට කැප වෙලා වැඩ කරන්න. ඒ එන බාධක සියල්ලක්ම ඉවසීමෙන් මුහුණ දෙන්න.

 

  • ඉදිරි අනාගත ඉලක්ක මොනවාද?

මම මගෙ ජීවිතය අවුරුදු හැට තුනක් පමණ මේ වෙද්දි. මේ පටන් ගැන්මෙ ඉදන් මේ දක්වා ආපු පියවර ගැන මම සතුටු වෙනවා. මගේ ජීවිතයේ සතුටු වෙන්න පුළුවන් දේවල් මම ගොඩක් කරලා තියෙනවා දිරියේදී මේ ව්‍යාපාර මගේ දරුවන් ඉදිරියට ගෙන යාවි දැනට මගේ දැනට අප්‍රිකානු රටක හා ඉන්දියාවේ මේ ව්‍යාපාරය ස්ථාපිත කරන්න වැඩකටයුතු සකස් කරමින් සිටිනවා.   මෙය ව්‍යාපාරයත් එක්කම වසරේ අපි ආරම්භ කළා තෙල් බෙදුම්හලක් සහ පිරිසිදු පොල් තෙල් බෙදා හැරීමේ සහ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් සංචාරක ව්‍යාපාරයට අතගසන්නත් බලාපොරොත්තු වෙනවා.

බොහෝ ඇසූ පිරූතැන් ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් තෙම්පරාදු වූ පුද්ගලයෙක් ලෙස මෙන්ම  සේවක අභිවෘද්ධිිය ගැන සිතන අධ්‍යාපනයට ශිෂ්‍යත්ව ඇතුළු ආගමික හා විවිධ සමාජසත්කාරක වැඩසටහන්වලට අතහිත දෙමින් ජනහද දිනූ ව්‍යවසායකයෙක් ලෙස ඔහුගෙන් උකහා ගතහැකි බොහෝදෑ ඇති බව දිගුකථා බහතුළ තහවුරු විය. 



අදහස් (2)

මිහිලියට හුස්මදෙන බළන්ගොඩ ව්‍යවසායකයා

sam Sunday, 12 May 2024 01:11 PM

සුබපැතුම් ... තෙරුවන් සරණයි..!

:       0       13

ප්‍රේමලතා හේනග්ගේ Sunday, 12 May 2024 02:44 PM

සේනක ගුරුසිංහ මැතිතුමන් හා එම මැතිනියත් අපට අපේ බලන්ගොඩට ලොකු ආඩම්බරයක් .එතුමා නිහතමානී දක්ෂ, නායකත්වය හදුනන නායකයෙක්.එතුමාගේ ව්‍යාපාරය තුලින් ජාත්‍යන්තරයට බලංගොඩ ගෙනයාම බලංගොඩ උපන් අපට මහත් අභිමානයක් .තෙරුවන් බෙලෙන් එතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා යි හදවතින්ම පාර්තනා කරමු.

:       0       14

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඔව් මචං දැන්නම් පරක්කුයි
2024 මැයි මස 29 40 0

ප්‍රවීණ සංගීතඥයකු, ශක්ති හා සිහශක්ති සංගීත කණ්ඩායම්වල නායකයා වූ අභාවප්‍රාප්ත ආනන්ද පෙරේරා කලාකරුවාගේ අවසන් කටයුතු අද (29) මහයියාව පොදු සුසාන භූමියේදී


ශ්‍රියා මනමත් කළ ආනන්ද අයියා
2024 මැයි මස 28 698 3

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥයකු වූ ආනන්ද පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (29) මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ සටහන ඒ නිමිත්තෙනි.


රට හදන්න ප්‍රාෙයා්ගික සැලැස්මක් ඕනෑ
2024 මැයි මස 28 139 0

අද දේශපාලනයේ දිශානතිය, ආණ්ඩුවේ ගමන් මග, එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිළිවෙළ, ජුනි 01 වැනිදා කෙරෙන්නේ කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් කළ විමසුමකි මේ.


බලයෙන් මත්වූ දේශපාලනය සමාජයෙන් පිටමං කරමු
2024 මැයි මස 28 176 0

අප රටේ දේශපාලකයන් සෑහෙන පිරිසක් සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන බව බොහෝ අවස්ථාවල ඔප්පු වී ඇති සත්‍යයකි. එසේ සුව කළ නොහැකි රෝග අතර බලයෙන් ඉදිමීම, අතීතය අමතක


නව පනත් අර්බුදයට විසඳුමක්ද?
2024 මැයි මස 27 233 0

​2022 වර්ෂයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ මූල හේතු ගණනාවකි. ඉන් ප්‍රධාන තැනක් හිමි වන්නේ, දශක ගණනාවක් තිස්සේ පවත්ව‍ාගෙන යනු ලබන ඉහළ අයවැය සහ ගෙවුම් ශේෂ හ


විගණන වාර්තා නියෝග වතුරේ යැවීමේ ප්‍රතිවිපාක
2024 මැයි මස 27 118 1

රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 998 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2558 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2190 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site