IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


’මහරාජා’ පන්නයේ විවාහ මංගල්‍යය

ශ්‍රී ලංකාවාසී සියලුම දෙනා දන්නා ලිපිනයක, 1500ක පමණ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වුණු එය, සුරංගනා කතාවක විචිත්‍රත්වයට නොඅඩු විවාහ මංගලෝත්සවයක් විය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්රුවන වන පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා යුග දිවියට සැපත් වූයේ තම පියාගේ සංවිධානයෙන්, අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ දී අති උත්කෘෂ්ඨ මට්ටමින් පැවැති උත්සවයක දීය. එය පැවැත්වුණේ පැරණි බංගලාව සහ කාර්යාලය ලෙස භාවිතයට ගත් ගොඩනැගිල්ලට යාබදව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ ඉදිකෙරුණු ගොඩනැගිල්ලේ දීය.

එම ගොඩනැගිල්ල, මහා පරිමාණයෙන් ප්‍රියසම්භාෂණ පැවැත්වීම සඳහා, හිටපු ජනපතිවරයා ප්‍රයෝජනයට ගත් සහ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රයෝජනයට ගන්නා ස්ථානයකි. හිටපු ජනපතිවරුන් සහ අගමැතිවරුන් අරලියගහ මන්දිරය යොදාගත්තේ විවාහ ලියාපදිංචි කිරීමේ අවස්ථාවන්ට පමණක් වුව ද, සම්පූර්ණ විවාහ උත්සවයක්ම එහි පැවැත්වීමට අවකාශය හිමිවීම, විවාහ මංගලෝත්සවයක් පැවැත්වීමට සුදුසු ස්ථාන සොයා හෙම්බත්වන සාමාන්‍ය පොදු ජනතාවට දැන් අරලියගහ මන්දිරය එම කටයුතු සඳහා තෝරාගැනීමට අවස්ථාව ලැබෙන්නේදැයි යන්න අරබයා මතු කරන්නේ වැදගත් පැනයකි.

පසුගිය මස පැවැති ජාතික උත්සවයක දී සුවපති ලෙස කිරුලු පැළඳූ සභාග රජයේ නිල ප්‍රකාශයකු ද වන සේනාරත්න පියාට, ප්‍රධාන ගොඩනැගිල්ලට යාබද මෙම නව ගොඩනැගිල්ල වෙන්කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 450,000ක පමණ මුදලක් ගෙවීමට සිදුවන්නට ඇත. උත්සව අවස්ථා සඳහා මෙම ගොඩනැගිල්ල වෙන්කර ගැනීමට එපමණ මුදලක් වැය කිරීමට සිදුවේ.

කොළඹ පිහිටි එකදු හෝටලයක් හෝ විවාහ උත්සවය පැවැත්වීම සඳහා වෙන්කර ගැනීමට හැකියාවක් නොලැබුණු බැවින් අරලියගහ මන්දිරය තෝරාගනු විනා අන් කිසිදු විකල්පයක් තමාට නොතිබුණු බව සේනාරත්න අමාත්‍යවරයා තම මිතුරන් හා පැවසුවේ ය. එය සැබෑවකි. උත්සවයක් පැවැත්වීමට මාස ගණනාවකට පෙර, බොහෝ විට වසරකට පෙර සිටම හෝටලවල ශාලා වෙන්කර ගැනීමට කටයුතු කෙරෙන හෙයිනි. සෑම වේලාවකම පාහේ ඒවායේ කුමන හෝ උත්සවයක් පැවැත්වෙනු දැකගත හැකිය.

කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ව්‍යාපාරිකයෝ, ආරක්ෂක අංශ සාමාජිකයෝ සහ සේනාරත්න පිය-පුතු දෙපළගේ ප්‍රබල ආධාරකරුවෝ, උත්සවයට සහභාගිව සිටියහ. කෘතිම රෝස මල් පෙති පුරවා තිබූ වීදුරු මංජුසාවක, විවාහ ආරාධනා පත්‍රය බහා තිබිණ. මහාරාජා කෙනෙකුන්ගේ මාළිගාවක් ලෙස උත්සව ශාලාව සරසා තිබූ බව ආරාධිතයෙක් පසුව පැවසුවේ ය. ආහාර සපයා තිබුණේ තරු පන්තියේ හෝටලයකින් ය.

(සන්ඬේ ටයිම්ස් පුවත්පතෙනි)

 



අදහස් (11)

’මහරාජා’ පන්නයේ විවාහ මංගල්‍යය

Raveendra Monday, 03 September 2018 05:46 AM

අම්මපා.... මේ අර පෙර පාසැල් අවදියේම විරෝදතා පෙළපාලි ගිය අහිංසක දරු සිගිත්තා නේද ? හැබෑට අදුරගන්නවත් බැහැ නොවැ.... " කාලය මැවූ වෙනසක අරුමේ " .....

:       2       387

sam Monday, 03 September 2018 07:15 AM

ගොඩනැගිල්ල වෙන් කරගන්න රුපියල් ලක්ෂ 450,000 ක් ගියා කියන කීමෙන්ම මේ පුවතේ අරමුණ පැහැදිලි වෙනවා.

:       2       58

BamunuarachchiMonday, 03 September 2018 09:12 AM

අංක ගණිතය දන්නා කෙනෙක්ද මේ ගාන කියල හෝ ලියාල තිබෙන්නේ? නැතිනම් මේ ගොඩනැගිල්ල හදන්න ගිය මුදලද කියා තිබෙන්නේ. කෝටි්‍වලින් රුපියල් කෝටි 4500 යයි. මහා බැංකු වංචා පාඩුවට ටිකයි අඩු...

:       10       35

දිලුම් Monday, 03 September 2018 08:27 AM

කටුස්සන්ගෙ කරේ රත්තරං බැන්දම මෙහෙමෙ වෙනවා. මුන්ගේ මඟුල් බිලත් සාමාන්‍ය ජනයාටම ගෙවන්න ලැජ්ජනැතුව මගුලකාපු හැටි. මටනම් දකින කොට හා අර මගුල් කථාව අහනකොට හරිම හිරිකිතයක් දැනුණා මුන්ගේ උගත් කමේ තරම ගැන.

:       83       238

විජිත් Tuesday, 04 September 2018 01:33 PM

ඔබ හරි. මම දැක්කා අද පත්තරේක ඇමති කෙනෙක් පෙන්වලා තියෙනවා චතුර ගෙවපු රුපියල් මිලියන 2 ක් වටිනා චෙක් එකක්. මගේ ප්‍රශ්නය චෙක් එකක් ගත්තනම් ඒක බැංකුවට දමන්නේ නැතිව මේ ගොල්ලෝ ළඟ තියාගන්නේ මොකද. ඒ කියන්නේ චෙක් ඒක තව සුමානයක් දෙකක් ගියාම ආපහු චතුරටම දේවි.

:       0       61

Lakmal Monday, 03 September 2018 08:28 AM

ලස්සනට කාටවත් තේරෙන එකක් නැහැ කියලා හිතාගෙන රාජිතට කඩේ ගිහින් තියනවා.

:       0       158

asokaa Wednesday, 05 September 2018 09:11 AM

අනේ , ඇයි ඔයගොල්ලෝ, ඔය තරම් ඉරිසියා කරන්නේ? ඔයගොල්ලොත් ඡන්ද දායකයෝ නිසා බැරිවෙන එකක් නැහැ ඔය ශාලාව නොමිලේ ගන්න. තව ටික දවසකින් දික්කසදෙත් ඔයවගේම ලස්සනට ගනියිද කියලයි මට දුක.

:       6       53

KANDEPOLA Thursday, 06 September 2018 10:31 AM

අරලියගහ මන්දිරය කියන්නේ එච්චර යා දෙන තැනක් නෙවෙයි.

:       0       12

sopi Friday, 07 September 2018 12:07 PM

ලැජ්ජා නැති අප්පලා, පුතාලට මොනවද කරන්න බැරි..?

:       7       25

lasantha Friday, 07 September 2018 06:28 PM

මමනම් මේකට කැමතියි. අනුන්ගේ සතුටට ඉරිසිය කරන්න එපා

:       28       97

Subha Saturday, 08 September 2018 01:57 PM

ශුභ අනාගතයක් වේවා !!!

:       24       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site