ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි. ගම්පොළ රජ කළ තුන්වැනි වික‍්‍රමබාහු රජු (කි‍්‍රව. 1357 සිට 1375) දඩයමේ යද්දී සාවකු පසුපස හිවලකු දුවනු දැක ලූහුබැඳ තිබේ. එක් ස්ථානයකදී නැවත ආපසු හැරුණු හාවා හිවලා ලූහුබැඳ යාමට පටන් ගෙන ඇත. මේ ආශ්චර්යය දුටු රජු ඒ ආසන්නයේ ලෙනක විසූ තාපසයකුගෙන් මේ පිළිබඳ විමසා ඇත. සෙංකණ්ඩ නැමැති ඒ තාපසයා පවසා ඇත්තේ මෙය ජය භූමියක් බවයි. ඉන් පහැදැනුණු රජු ඒ ආසන්නයේ රාජධානියක් කරවා ඇති බව වංශ කථා සාධක වල දැක්වේ. රාජධානිය කරවූ රජු තාපසවරයාට ගරු කිරීමක් ලෙස සෙංකඩගල පුරවරය ලෙස එම නව නගරය නම් කැර ඇත. එහෙත් දහ හතර වැනි ශත වර්ෂයේ ලියැවුණු ශී‍්‍ර ලංකාවේ කඩයිම්පොතෙහි කටුබුලූරට නම් ස්ථානයක් ගැන සඳහන් කරන අතර දාහත් වැනි සියවසට අයත් මැදවල තඹ සන්නසත්, ති‍්‍රසිංහලේ කඩයිම් පොතත් කටුපුලූ හෙවත් කටුබුලූ යන නගරය ගැන පවසයි. මහනුවර නගරයට නුදුරු වර්තමාන වටපුලූව එම නගරය ලෙස පහසුවෙන් හඳුනාගත හැකිය. එසේනම් සෙංකඩගල නගරය බිහිවන්නට පෙර කටුපුලූව ජනාකීර්ණව තිබෙන්නට ඇත. තුන්වනි වික‍්‍රමබාහු රජුගෙන් පසු ගම්පොළ රජ පැමිණි සේනාසම්මත වික‍්‍රමබාහු ගම්පොළ අතහැර සෙංකඩගල පුරවරය සිය අගනගරය කරගත්තේ. එහි භූගෝලීය පිහිටීම ආරක්ෂිතව සිටීම සඳහා මහෝපකාරී වීම ඒ සඳහා හේතුවිය. අනතුරුව ඔහුගේ පුත් ජයවීර අස්තාන කි‍්‍රස්තු වරෂ 1511 දී සෙංකඩගල රජ පැමිණ 1551 දක්වා රාජ්‍ය විචාලේය. ඔහුගෙන් පුස පාලකයා වූයේ කරලියද්දේ බණ්ඩාරය. ඉක්බිතිව සීතාවක රාජසිංහ රජු උඩරට රාජධානිය ආක‍්‍රමණය කර සීතාවකට වී තම පාලනය ගෙන ගියේය. කරලියද්දේගේ බෑණනු වූ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩර පසුව පෘතුගීසීන්ගේ සහාය ලබා උඩරට සීතාවක රාජ්‍යයෙන් මුදාගත්තේය. පේරාදෙණියේ වීරසුන්දර මුදලිගේ පුත‍්‍රයකු වූ දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර දන්තුරේදී කළ මහ සටනකින් පෘතුගීසීන් ද පලවාහැර යමසිංහ බණ්ඩාර පරාජය කරමින් 1595 දී පළමු වැනි විමලධර්මසූරිය ලෙස රජ පැමිණියේය. සිංහල රාජ්‍යත්වයේ සම්ප‍්‍රදායික උරුමය තහවුරු කරන සංකේතය වූ දන්ත ධාතූන් වහන්සේ කුරුවිට දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවාගත් විමලධර්මසූරිය රජු දළදා මන්දිරයක්ද සෙංකඩගල රාජධානියේ කැරැවූවේය. විමලධර්මසූරිය රජු 1604 දී මියගියේය, එතැන් පටන් 1815 ශී‍්‍රලංකාව බි‍්‍රතාන්‍යයන්ට නතු වන තුරු අනුක‍්‍රමික රුජවරු හත් දෙනෙක් පාලනයට ආහ, සෙංකඩගල නුවර පසු කළෙක මහනුවර යන නමින් හැඳින්වෙන්නට විය, අදටත් ඉතිරිව පවත්නා ඓතිහාසික ගොඩනැගිලි සමූහයක් දැකිය හැකිය. මේ අතරින් දළදා මාළිගාව ප‍්‍රධාන වේ. මෙය මුළින්ම හඳුන්වන ලද්දේ දළදා ගේ නමිනි. පළමුවැනි විමලධර්මසූරිය රජු දෙමහල් පහයක් ලෙස ගොඩනංවනු ලැබූ මේ මන්දිරය දෙවැනි විමලධර්මසූරිය රජු තෙමහල් මන්දිරයක් ලෙස වැඩි දියුණු කර ඇත. වැඩසිටින මාළිගය ලෙස වර්තමානයේ හැඳින්වෙන පැරණි දළදා මැදුරට ඉදිරියෙන් ඇති දෙමහල් ගොඩනැගිල්ල නිර්මාණය කරවන ලද්දේ නරේන්ද්‍රසිංහ රජු විසිනි. අද ඉතිරිව ඇති මහ වාසල උඩරට අවසන් රජුගේ නිවාසය වූ මන්දිරයයි. එහෙත් අද එහි දක්නට ඇත්තේ කොටසක් පමණි. මහ වාසලෙන් විශාල කොටසක් වරින් වර විනාශ වීය, බි‍්‍රතාන්‍යයන් විසින් එය වරින් වර ප‍්‍රතිසංස්කරණය කරන ලදී. දළදා මාළිගයට වම් පසින් ඇති මහ වාසලේ ප‍්‍රධාන දොරටුව අදට ද පෙර තිබූ ආකරයටම දැකිය හැකි වීම විශේෂත්වයකි. මහනුවර නගරයේ පිහිටි නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාල, දළදා මාළිගාවත් සමග දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්බන්ධවී පැවැතිණි. එයින් පැරණිතම දේවාලය වූ නාථ දේවාලය ඉදිකර ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 14 වැනි සියවසේදී පමණ බවට සාධක හමුවී ඇත. එහි ඇති පුරාණ ගෙඩිගේ ඉතිහාසය එතරම් ඈතට දවයයි. මහනුවර නගරයේ ඇති පුරාණතම ගොඩනැගිල්ල වන්නේද එයයි. දළදා මාළිගාව අබියස ඇති වැවේ අනෙක් පැත්තේ සියම් නිකායට අයත් භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථාන දෙකින් එකක් වන මල්වතු මහා විහාරය පිහිටා තිබේ. සේනා සම්මත වික‍්‍රමබාහු විසින් මෙම විහාරස්ථානය ගොඩනගන ලදී. මහාවංශයේ පැවැසෙන ආකාරයට මල්වතු හා අස්ගිරි විහාරයේ භික්ෂූනගේ ප‍්‍රයෝජනය සඳහා තවත් ආරාම අසූ හයක් ඔහු විසින් තැනැවිණි මහනුවර නගරයට අලංකාරයක් වූ කිරි සයුර හෙවත් නුවර වැව ලෙස හැඳින්වෙන ජලාශය ගොඩනගන ලද්දේ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ සමයේදීය. 1807 වර්ෂයේදී එතැන තිබූ කුඹුරක කුඩා පොකුණක් සෑදීම සඳහා හාරද්දී කිරි ඉබ්බෙකු මතුවූ බවත් එය දුටු නැකැත් කරුවන් එතැන ජලාශයක් කරවීම සුදුසු බවත් පැවසූවෙන් රජු ජලාශයක් කරවූ බව වංශකථාවන්හි කියැවේ., ජලාශය මැද රජු විසින් පරිහරණය කළ ගොඩනැගිල්ලක් තිබූ දූපතක් අදටද දැකිය හැකි අතර ජලාශයේ ස්නානය කිරීමට පෙර ඇඳුම් මාරු කිරීමට සෑදූ සුවිසල් උළුපැන්ගේ නැමැති ගොඩනැගිල්ල ද අදටත් ඉතිරිට තිබේ. යටිනුවර වීදිය ඔස්සේ උතුරු දෙසට ගමන් ගනිද්දී සියම් නිකායේ අනෙක් භික්ෂු මූලස්ථානය වන අස්ගිරි විහාරය හමුවෙයි. මෙය මල්වතු විහාරයටත් වඩා පැරණි විහාරස්ථානයක් යැයි විශ්වාස කරයි, එය පිහිටුවා ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 1305 ත් 1335 අතර කුරුණෑගල විසූ සිව් වැනි පරාක‍්‍රමබාහු ගේ ඉල්ලීම මත සිරිවර්ධන නැමැති සේනාධිපතියා විසිනැයි කියැවේ. උඩරට රජුන්ගේ සිරුරු දවාලීම සඳහාත් අනතුරුව භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහාත් යොදා ගත් භූමිය වන ආදාහන මළුවද මෙහි පිහිටා ඇත. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු හැරුණු විට විමලධර්මසූරිය රජු ඇතුළු ඔහුගෙන් පසු රජ පැමිණි සියළුම රජවරුන්ගේ ආදාහන කර ඇත්තේ මෙහිදීය. එම රජවරුන්ගේ සොහොන් කොත් මෙම ස්ථානයේ තිබූ බවත් ඒවා පසු කලෙක සොරුන් විසින් කඩා බිඳ විනාශ කරන ලද බවත් ඉංගී‍්‍රසි ලේඛකයකු වන ෆෝබ්ස් සටහන් කැර ඇත. පැරණි නගරයෙන් පිටත පිහිටා තිබූ ගංගාරාමයත්, සුදුහුම්පොළ විහාරස්ථානයත්, නිත්තවෙළ විහාරයත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයන් වෙයි. දළදා මන්දිරය ඉදිරිපිට පිහිටි විවෘත භූමි භාගය හැඳින්වෙන්නේ මහා මළුව නමිනි. පත්තිරිප්පු ඉදිකරවූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු පත්තිරිප්පුවේ සිට මහ මළුවට රැස්වූ ජනතාව ඇමතූ බව ඓතිහාසික වාර්තාවල දැක්වේ. 1815 දී ඉංගී‍්‍රසින් ගේ කතිර කොඩිය වාරියපොළ සුමංගල හිමියන් විසින් බිම හෙළුවේ මේ බිමේදීය. 1818 කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ විරුවාගේ හිස්කබල දැන් තැන්පත් කර ඇත්තේද මේ ස්ථානයේම වීම විශේෂත්වයකි. සිංහලයේ අවසන් රාජධානිය වූ සෙංකඩගල හෙවත් මහනුවර ආශි‍්‍රතව තවමත් බොහොමයක් පුරාණ කලා ශිල්ප ආරක්ෂා වී තිබේ. මේ අතරින් ප‍්‍රධාන වන්නේ වාර්ෂික පැවැත්වෙන දළදා පෙරහැර හා ඒ ආශි‍්‍රත වූ සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර සමුදායයි. මෙවන් දුර්ලභ සංස්කෘතික ලක්ෂණ රැසක් සහිත මහනුවර නගරය හා ඒ ආශි‍්‍රත පරිසරය වර්තමාන ලෝක උරුම නගරයක් ලෙස නම් කැර තිබේ. මහනුවර රජ මාළිගය රජ මාළිගයේ ප‍්‍රධාන දොරටුව මහනුවර උළුපැන් ගේ දළදා මාළිගය සහ පත්තිරිප්පුව රාතී‍්‍ර කාලයේ දළදා මන්දිරිය දිස්වන ආකාරය මගුල් මඩුව රජ මාළිගාව දෙස සිට බැලූවිට දළදා මන්දිරිය දිස්වන ආකාරය වැඩසිටින මළිගයේ රිදී දොරටුව වැව හා මාළිගය මගුල් මඩුවේ කැටයම් රජ මාළිගාවේ සිවු මැදුරු කව්ළුව දළදා මාළිගයේ නව බුදු මැදුර දළදා කරඩුව පැරණි ඡායාරූප