IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මාස තුනකින් සමෘද්ධිය ප‍්‍රමාදයි: බලධාරීන් කියන කතා

ජනතාවට යැපීම සඳහා ප‍්‍රමාණවත් ආදායමක් නොමැති වීම දරිද්‍රතාවය වශයෙන් සැලකේ. තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි, සමාජයේ අනිකුත් පුද්ගලයන්ට සාපේක්‍ෂව අඩු ආදායම් සහිත වූවන් දිළිඳු බවින් පෙළෙන්නන් ලෙස සලකනු ලබති.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතයෙහි ජාතික මට්ටම 2009 හා 2010 වසරවල දී 8.9%ක්ව පැවති බව මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි. මේ දරිද්‍රතාවයෙන් පෙළෙන 15,49,107ක පවුල් සංඛ්‍යාවක් සඳහා ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සමෘද්ධි සුබසාධන වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කෙරේ.

සමෘද්ධි සහනාධාර වැඩ පිළිිවෙළ සඳහා වැය කරන  ආධාරවල වටිනාකම ගිය වසරේ ද රුපියල් මිලියන 10,553ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කරයි.

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩ පිළිවෙළ, දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම හා ඔවුන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා වන මෙම සමෘද්ධි ව්‍යාපාරය මගින් අඛණ්ඩ ප‍්‍රතිලාභ ලබා දී තිබිණි.

එහෙත් පසුගිය මාස කීපය තුළ ඇතැම් සමෘද්ධිලාභීන්ට නිසි පරිදි සමෘද්ධි සහනාධාරය නොලැබුණු බවට චෝදනා ඇත. සමෘද්ධි සහන මල්ල සමුපකාරයෙන් ලබා දෙනවා වෙනුවට ඊට අදාළ මුදල් සමෘද්ධි බැංකු මගින් සමෘද්ධිලාභීන්ට ලබා දීමට ගෙන ඇති තීරණය නිසා මාස කීපයක් සමෘද්ධි ආධාර ලැබී නොමැති බව සඳහන් වේ.
 

දිළිඳුකම පිටුදැකීම සඳහා ආර්ථික හා සමාජමය සංවර්ධන වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම මූලික අරමුණ කරගත් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කරනු ලැබූවකි.
 

දරිද්‍රතා මට්ටමට පහළින් සිටින පවුල් සඳහා ආරක්‍ෂිත ජාලයක් ක‍්‍රියාත්මක කිරීම මෙහි මූලික වගකීම වේ.
 

දිළිඳුකම තුරන් කිරීම සඳහා සමෘද්ධි කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව මගින් සමෘද්ධි සහනාධාර වැඩ සටහන, පෝෂණ දීමනා වැඩ සටහන හා සමාජ ආරක්‍ෂණ වැඩ සටහන ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙයින් සමෘද්ධි සහනාධාර වැඩ සටහන් 1995 සිට දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක‍්‍රියාත්මක වේ.

මේ දක්වා වූ කාලය තුළ සමෘද්ධිලාභීන් සමුපකාරයෙන් ගත් බඩු මල්ල වෙනුවට දැන් සමෘද්ධි බැංකුව මගින් මුදල් බැර කිරීමේ ක‍්‍රමය කි‍්‍රියාත්මක කිරීමට ගන්නා ලද තීරණය නිසා සමෘද්ධිලාභීන් බරපතළ අර්බුදයකට මුහුණ පා සිටින බව සඳහන් වේ.

සමෘද්ධිලාභීන්ට බැංකුවලින් මුදල් ලබා දීමේ දී මුදල් හිමි වන ආකාරය මෙසේය:

මුදල                    ගිණුමට බැර වන මුදල
රුපියල් 750            රුපියල් 595
රුපියල් 1200           රුපියල් 945
රුපියල් 1500           රුපියල් 1145

 


අනිවාර්ය  ඉතිරි කිරීම්

 


මුදල                  අනිවාර්ය ඉතිරි කිරීම්
රුපියල් 750න්    රුපියල් 100කි
රුපියල් 1200න්     රුපියල් 200කි
රුපියල් 1145න්     රුපියල් 300කි

 


මීට අමතරව සමාජ ආරක්‍ෂණයට රුපියල් 45ක්, ලොතරැුයි අරමුදලට රුපියල් 10ක් වශයෙන් සමෘද්ධි සහනාධාර වෙනුවෙන් ලැබෙන මුදලින් කපා හැරීම් සිදු වෙයි.

සමෘධිලාභීන්ගේ ගිණුමට මුදල් බැර කිරීමට ගන්නා ලද තීන්දුව නිසා සමෘද්ධි ආධාර ලැබීමේ ප‍්‍රමාදයක් සිදු වන බවට චෝදනා ඇත. මීට අමතරව සමෘද්ධි ගිණුම පවුලේ පුරුෂයා නමින් පවතින නිසා බේබදු සැමියෙක් නම් සමෘද්ධි මුදල් නිසි ලෙස පරිභෝජනයක් නොකරනු ඇත. එයින් සිදු වන්නේ පවුලේ සාමාජිකයන් සමෘද්ධිමත් වෙනවා වෙනුවට තවත් අසරණ වීමකි.

සමෘද්ධි ආධාර ලබා දීමේ ප‍්‍රමාදය තවත් බරපතළ ප‍්‍රශ්නයක් වී ඇත.

සමෘද්ධි ආධාර ප‍්‍රමාද වීම පිළිබඳව ‘‘ඉරිදා ලංකාදීප’’ය පුද්ගලයන් ගණනාවකගෙන් කරුණු විමසීය.


සමෘද්ධි සුබසාධන වැඩ සටහන
සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව සහ ප‍්‍රදානයන්හි වටිනාකම
සමෘද්ධි සහනාධාර වැඩ සටහන

 

 වසර    පවුල් සංඛ්‍යාව   
   (අ)     

වටිනාකම
  (රු. මිලියන)

2007  1,844,660      9,423
2008    1,631,133      9,967 (ආ)
2009    1,600,786     9,274 (ආ)
2010     1,572,129     9,241 (ආ)
2011     1,541,575     9,043 (ආ)
2012    1,549,107  10,553 (ආ)
මූලයන්: සමෘද්ධි කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව
මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශය

 

 


නියමිත සහනාධාර ලබා දුන්නා

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති එස්.එම්. චන්ද්‍රසේන


සමෘද්ධිලාභීන්ට මේ වන විට ඔවුන්ට නියමිත සහනාධාර ලබා දී තිබෙනවා. කවුරු හරි මේ ආධාර  ප‍්‍රමාදයි කියනවා නම් ඒක දේශපාලන වාසියක් සඳහා අති ශයෝක්තියෙන් කරන කතාවක්.

සමෘද්ධි බැංකු 1000ක් පමණ පවතිනවා. එකක දෙකක ඔවුන්ගේ ප‍්‍රායෝගික ප‍්‍රශ්න මත සමෘද්ධි සහනාධාර ලබා දීම ප‍්‍රමාද වූවා විය හැකියි. ඒක කොයි ආයතනවලත් එහෙමයි. සමහර විට නිලධාරි හිඟකම හෝ වෙනත් කිසියම් ප‍්‍රායෝගික ගැටලූවක් ඇති වූවා විය හැකියි. එවැනි සිදු වීමක් සමස්ත සමෘද්ධිලාභීන්ටම සිදු වූවක් සේ හුවාදැක්වීම වැරදියි.

වර්ෂ 2012 වන විට සමෘද්ධි සහනාධාර වැඩ සටහන යටතේ පවුල් පහළොස් ලක්‍ෂ හතළිස් නම දාහකට (1,549,000) සහන ලබා දී තිබෙනවා. මේ සමෘද්ධි ආධාර සඳහා ප‍්‍රමාදයක් නොමැතිව මුදල් ලබා දෙනවා. කිසියම්ම හෝ ස්ථානයක ප‍්‍රමාදයක් තිබේ නම් වහාම දැනුම් දෙන්න. ඒ පිළිබඳව වහාම සොයා බලනවා.

දන්න තරමට ප‍්‍රමාදයක් නැහැ. ඇතුම් අය දේශපාලන වාසිවලටත් රජය අප‍්‍රසාදයට පත් කරනවා. ඒවා සත්‍ය නොවෙයි.

 


කිසිම ප‍්‍රමාදයක් නෑ

සමෘද්ධි කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා වික‍්‍රමසිංහ මහත්මිය


සමෘද්ධි සහනාධාර දීමේ කිසිම ප‍්‍රමාදයක් නැහැ. අපේ‍්‍රල් මාසේ දීමනාවත් දීලා තියෙන්නේ. ඇතැම් අය රජය අප‍්‍රසාදයට පත් කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටිනවා. සමෘද්ධිලාභීන්ට වඩාත් පහසුව සඳහා සමෘද්ධි බැංකු මගින් මුදල් බැර කිරීම ක‍්‍රියාත්මක කළේ දැනට වසරකට පෙර සිටයි. නමුත් දැන් කියනවා ඒ ක‍්‍රමය නිසා සමෘද්ධි දීමනාව ප‍්‍රමාද වෙනවා කියලා. ඒක මුළුමනින්ම අසත්‍යයක්. වසරක් තිස්සේ ක‍්‍රියාත්මක වූ වැඩ පිළිවෙළ දැන් අසාර්ථකයි කියන්නේ කොහොම ද?

මාස 12ක් ගතවූ පසු සමෘද්ධි ආධාර ප‍්‍රමාදයි කියා කීම කිිසි සේත්ම පිළිගන්නේ නැහැ.

 


මාස ගණනක සිට ප‍්‍රමාදයි

සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමයේ ප‍්‍රධාන ලේකම් චාමර මද්දුම කලූගේ


මාස කීපයක සිට සමෘද්ධි සහනාධාරය සමෘද්ධිලාභීන්ට ලබා දීමේ ප‍්‍රමාදයක් පවතිනවා. මෙයට මූලික හේතු කීපයකි. ජනතාවට සහනාධාර ලබා දීම සඳහා අනුගමනය කළේ සරල ක‍්‍රමයකි. එනම් සහනාධාර වශයෙන් ලැබෙන මුදලට සරිලන භාණ්ඩ සමුපකාරයෙන් ලබා ගැනීමයි. ඒ සරල ක‍්‍රමය අත්හිටුවා පසුගිය වසරේ මාර්තු මාසයේ සිට සමෘද්ධි සහනාධාරය නව ක‍්‍රමවේදයකට ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබුණි. සමෘද්ධි කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව මගින් දෙන ලද නියමය වූයේ, සහනාධාර වශයෙන් දෙන මුදල් සමෘද්ධි බැංකු සංගම්වලින් ලබා දිය යුතු බවයි.

මේ නියමය ඇතුළත් චක‍්‍රලේකයේ උපදෙස් මත ක‍්‍රියා කිරීමෙන් සමෘද්ධිලාභීන් පහළොස් ලක්‍ෂ අසූතුන්දහස් නමසිය හැට එකක (15,83,961) පිරිස සහ සමෘද්ධි නිලධාරීන් ද පීඩාවට පත් වන බවත් මෙම ක‍්‍රමය ප‍්‍රායෝගික නොවන බවත් අප සංගමය ලිඛිතව දැනුම් දුන්නා.

රට පුරා  සමෘද්ධි බැංකු සංඛ්‍යාව 1072කි. සමෘද්ධි බැංකුවකට ග‍්‍රාම නිලධාරි වසම් 15ත් 20ත් අතර ප‍්‍රමාණයක් අයත් වෙයි. ග‍්‍රාම නිලධාරි වසමකට සමුපකාර ප‍්‍රාදේශිකයක් පැවැත්වෙයි. සමෘද්ධි බැංකුවකට සමෘද්ධිලාභීන් 3000ක පමණ පිරිසක් අයත් වෙති. ගැටලූව වන්නේ සමෘද්ධි බැංකුව පිහිටා තිබෙන්නේ එක් ස්ථානයකය. කඳු ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජනතාවට මේ සමෘද්ධි බැංකුවට පැමිණීම ඉතාම දුෂ්කර කරුණකි.

රත්නපුරය, නුවරඑළිය, බදුල්ල, මොනරාගල වැනි දුෂ්කර ප‍්‍රදේශවලට ජනතාවට සමෘද්ධි බැංකුවට යාමට ඒමට රුපියල් 200ක් හෝ 250ක් පමණ වැය කිරීමට සිදු වෙයි. බස් කීපයකින් පැමිණීමට සිදු වෙයි.

මාසයක පළමු දින සිට 10 වැනි දින දක්වා වූ කාලය තුළ අදාළ භාණ්ඩ ලබා ගැනීමට සමෘද්ධිලාභීන් පුරුදුවී සිටිති. සමෘද්ධි බැංකු නවීන ක‍්‍රමවේදයට අනුව සකස් වී නොතිබීම තවත් කරුණකි. 1995 සමෘද්ධි ව්‍යාපාරය පටන් ගත් දිනයේ සිට මේ දක්වාම ලෙජර පොත් පවත්වාගෙන යාම සිදු වෙයි. තොරතුරු පරිගණකගත කිරීමක් සිදුවී නැත.

සමෘද්ධි බැංකුවකට පරිගණකයක් ලබා දී තිබුණත්, කිසිම බැංකුවක දත්ත පරිගණකගත කිරීමක් සිදුවී නොමැත. වෙනත් බැංකු වගේම සමෘද්ධි බැංකුවලටත් නවීන ක‍්‍රමවේදයන් හඳුන්වා දිය යුතුයි. නමුත් මෙතෙක් එය සිදුවී නැහැ. සමෘද්ධි බැංකු තවමත් පවතින්නේ ප‍්‍රාථමික යුගයේයි. මේ තත්ත්වය නිසා සමෘද්ධිලාභීන්ට තම මුදල ලබා ගැනීමට සමෘද්ධි බැංකුව ළඟ දිනක් හෝ දෙකක් ගත කිරීමට සිදු වනු ඇත. කුලියක් කරගෙන ජීවත් වන සමෘද්ධිලාභීන්ට රුපියල් 595/xක සහනාධාරය ලබා ගැනීමට දිනකට ලබා ගන්නා කුලිය වැය කිරීමට සිදු වේ.

මේ ප‍්‍රායෝගික ගැටලූව අප සමෘද්ධි බලධාරීන්ට දැනුම් දුන්නා. සමෘද්ධි නිලධාරීන් බැංකුවක සිටින්නේ 5ක හෝ 6ක සංඛ්‍යාවකි. මේ පිරිසට ගනුදෙනු සටහන් කිරීමට සිදු වීම ඔවුන්ට පීඩාවක් වනු ඇත. ඒ තත්ත්වය නිසා මේ ක‍්‍රමය නතර කර සමුපකාරයෙන් භාණ්ඩ ලබා දීම දිගටම කරන ලෙස අප ඉල්ලා සිටියා. නමුත් ඒ ගැන අවධානය දැක්වූයේ නැහැ.

මුදල් ලබා දීමේ ප‍්‍රමාදයක් ද තිබුණි. ඒ නිසා අර්බුදය වැඩි වුණා. සමෘද්ධි කොමසාරිස් දෙපාර්තමේන්තුව මුනිවත රැක්කා. තනතුරු රැක ගැනීමට මාධ්‍යයට ඔවුන් බොරු කිව්වා. පසුගිය මාස 5ක කාලය තුළ සමෘද්ධි සහනාධාරය බැංකුවලට ලබා දී තිබුණේ නැහැ.

අතලොස්සකට පමණක් නොවැම්බර්xදෙසැම්බර්වල මුදල් කොටසක් ලබා දී තිබුණා. අප මේ තත්ත්වය මාධ්‍යයට අනාවරණය කළා. සිංහල අලූත් අවුරුදු සමයේ ජනතාවට අවශ්‍ය ආහාරපාන ලබා ගැනීමට මේ හිඟ මුදල් ලබා දිය යුතුව තිබුණා.

සමෘද්ධිලාභීන්ට සිය අසරණකම දුක ප‍්‍රකාශ කිරීමට සිටින එකම පුද්ගලයා සමෘද්ධි නිලධාරියා. සමීපතම පුද්ගලයා ඔහුයි. සමෘද්ධි නිලධාරියා වගඋත්තරකාර තත්ත්වයට පත් වුණා. වැරදිකරුවා බවට පත් වුණා. මේ තත්ත්වය මාධ්‍යයට හෙළි කිරීම නිසා ප‍්‍රධාන ලේකම්වරයා වූ මගේ වැඩ තහනම් කළා. නමුත් සමෘද්ධි නිලධාරීන් මේ අපි කියන කරුණු ගැන කිසිම විමර්ශනයක් කරලා සොයා බැලීමක්වත් කළෙත් නැහැ.

පාර්ලිමේන්තුවේදීත් මේ ගැන විමසා සිටියා. සංගමයක් වශයෙන් අපත් මේ ගැන විටින් විට බලධාරීන්ට යොමු කළා. බලධාරීන්ට නිදා සිටිය නොහැකි තත්ත්වයක් උදා වුණා.

තවත් කරුණක් නම් සමෘද්ධිලාභීන්ට ලබා දෙන කූපනය අවසන් වන කාලය පිළිබඳව සමෘද්ධිලාභීන් දැනුවත්ව හිටියා. නව ක‍්‍රමවේදයෙන් කූඨ උපක‍්‍රමයක් හඳුන්වා දුන්නා. නව ක‍්‍රමයෙන් සමෘද්ධිලාභීන්ට සහනාධාර මුදල් බැර කරනු ලබන්නේ සමෘද්ධිලාභියා ස්වේච්ඡුාවෙන් මුදල් ඉතිරි කරන ගිණුමටයි.
සමෘද්ධිලාභියාගේ පොතට බැංකුවෙන් මුදල් දැම්මත් නැතත්, ඔවුන් ස්වේච්ඡුාවෙන් ඉතිරි කරගත් මුදල් ලබා ගැනීමට හැකි වෙනවා. ලබා දුන්නේ  ඉතිරි කළ මුදල් ද සහනාධාර මුදල් ද කියලා ඔවුන් ප‍්‍රශ්න කරන්නේ නැහැ. ඒ සඳහා ඔවුන්ට අවබෝධයක් නැහැ.

මැතිවරණ කාලයට සමෘද්ධිලාභීන් බෙහෙවින් වැදගත් පිරිසකි. ඒ මැතිවරණ අවශ්‍යතා සඳහාය. නමුත් මාස 5ක් සහනාධාර නැති ප‍්‍රශ්නයේ දී දේශපාලනඥයන්ට මුනි වත රැකීමට සිදු වෙයි.

අඩු අධ්‍යාපන මට්ටමින් සිටින මේ ජනතාවට සරල ක‍්‍රමවලින් සේවා සැපයීම කළ යුතුයි. ව්‍යාකූල ක‍්‍රම ඒ සඳහා අනුගමනය කරනු ලබන්නේ කූඨ අදහසිනි. යටි අරමුණු ඉටු කර ගැනීමේ උපක‍්‍රමයකි.

දුප්පත්කමින් ජනතාව මුදා ගැනීමට නම් සමෘද්ධි නිලධාරීන් ඔවුන් දැනුවත් කළ යුතුයි. දැන් තිබෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය නම් සිංහල අලූත් අවුරුදු දිනය යෙදී තිබූ 13, 14 දිනවල සමෘද්ධි බැංකු විවෘත කර මේ අරමුදල් බැර කරන ලෙස සමෘද්ධි අධිකාරියෙන් චක‍්‍රලේඛ උපදෙස් ලබා දී තිබුණා. එය පිළිගත නොහැක්කක්. 13, 14 වන විට සමෘද්ධිලාභීන් ණයට හෝ බඩු ටිකක් ගන්නවා. සමෘද්ධි බැංකු බලධාරීන් තම නොහැකියාව වසා ගැනීමට සමෘද්ධි නිලධාරීන්ට සිංහල අළුත් අවුරුදු දිනවල සේවය කිරීමට නියම කළා.

අපි එයට විරුද්ධ වුණා. අත්‍යාවශ්‍ය සේවයක් ලෙස සලකන ලෙසට කරන ලද නියමය නිසා, සමෘද්ධි බැංකු සියල්ලම පාහේ විවෘත කර තිබුණෙත් නැහැ. සමෘද්ධි අධිකාරිය කරනු ලබන්නේ සමෘද්ධි සහනාධාරය නිසි ලෙස ලබා දීමයි. නමුත් සමෘද්ධි බලධාරීන්ට ඒ වගකීම ඉටු කර ගන්නත් බැරිව දුර්වලයි.
පාලන අධිකාරිය නිසි ලෙස සේවයක් ලබා නොදීම නිසා විශාල ඛේදවාචකයක් වී තිබෙනවා. තවමත් නිසි පරිදි සේවාව ලබා දෙන්නේ නැහැ. ඒ ලබා නොදීමේ අර්බුදය අද වඩාත් උග‍්‍රවී තිබෙනවා. රජය අවශ්‍ය පරිදි මුදල් ලබා දෙන්නේ නැහැ. පසුගිය මාස කීපය තුළ දී සමෘද්ධිලාභීන්ට සහන නොලැබීමට හේතුව නිසි ලෙස මුදල් නොලැබීම හා සමෘද්ධි බැංකුවල පරිපාලනය විධිමත් නොවීම සමෘද්ධි ආධාර ලබා දීම ප‍්‍රමාද වීමට හේතුවී තිබෙනවා. මේ වන විට පෙබරවාරි මාසය දක්වා බොහෝ දිස්ත‍්‍රික්කවලට සමෘද්ධි ආධාර ලබා දී තිබෙනවා. මෙතෙක් මගේ සේවය පිහිටුවා නැහැ. මට ඇති චෝදනාවලට මා නිවැරදි බව ඔප්පු කළ හැකි කරුණු තියෙනවා. ඊට අමතරව වෘත්තීය සමිතියක් වශයෙන් මට සත්‍ය අනාවරණය කිරීමේ අයිතියක් තියෙනවා.

 

සටහන දයාසීලි ලියනගේ

 



අදහස් (0)

මාස තුනකින් සමෘද්ධිය ප‍්‍රමාදයි: බලධාරීන් කියන කතා

සම්පත් Monday, 22 April 2013 04:00 PM

අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන එක හොද නැහැ.අපි මාසේ පඩිය එනකම් බලන් ඉන්නේ. ඒත් ඒ මිනිස්සු මාස පහක් කොහොම ඉන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 125 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 300 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 840 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 548 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 429 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1755 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1225 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site