වර්තමාන පාලකයන් ඡන්දය කල් දැමීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොතබන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් පසුගියදා සඳහන් කර තිබිණි. සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් පිරිසක් මල්වතු මහ නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී මහ නාහිමියන් එම ප්‍රකාශය කළ බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
මහ නාහිමියන් මේ ප්‍රකාශය කිරීමට හේතුවන්නට ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යායුතුද නැතහොත් රට යළිත් පැරැණි පාර්ලිමේන්තු ක්‍රමයට යායුතුද යන මාතෘකාව අවසානයක් නොදුටු විවාදිත තත්වයක් රට තුළ නිර්මාණය කර කිබීම නිසා බව අපගේ විශ්වාසයයි. විවිධ අදහස් සහ මතිමතාන්තර අතර ගැටෙමින් මේ මාතෘකාව මේ වනවිට දේශපාලන කරළියේත් පොදු මහජනතාව අතරේත් විවාදයට ලක්වෙමින් තිබේ. ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන බවට ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කෙරුණත් තවමත් ඇතැම් දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් සිටින්නේ අවිනිශ්චිත තත්වයකින් බවත් පෙනෙන්නට තිබේ.
මහ නාහිමියන් තමන් බැහැදැකීමට පැමිණි කාන්තා දේශපාලනඥයන් පිරිසක් හමුවේ ‘ඡන්දය කල් දාන්න හැදුවොත් ඊට ඉඩ දෙන්න එපා’ යැයි පැවසීම බරපතළ ප්‍රකාශයක් වශයෙන් අපි දකිමු. එක පැත්තකින් එයින් අදහස් වන්නේ රටේ අදෘශ්‍යමාන ලෙස ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ කල් දැමීමේ කිසියම් උත්සාහයක් පවතින බවට උන්වහන්සේ තුළ කිසියම් අවිනිශ්චිතතාවක් පවතින බවය. ඒ ලෙසින්ම එවැනි උත්සාහයකට තමන් වහන්සේගෙන් කිසිදු අනුබලයක් නොලැබෙන බව එයින් තදින්ම ප්‍රකාශ වී තිබෙන බවත් පැහැදිලිය.
මේ වර්ෂය ආරම්භ වූයේද මැතිවරණ වසරක් වශයෙන් නම් කරමිනි. ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණය බවත් එය ලබන සැප්තැම්බර් 16 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනයක පැවැත්වීමට නියමිත බවත් වරින් වර සඳහන් විය. එහෙත් ඒ අතරවාරයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නළ යුතු බවට අදහසක් ද පැන නැගිණි. එය අලුත් අදහසක් නොවේ. ජනාධිපතිවරණයක් ආසන්න වෙන හැම අවස්ථාවකදීම එම ක්‍රමය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කෙරෙන අතර එය අවසානයේ ඡන්ද පොරොන්දුවක් බවට පත්වෙයි. එහෙත් මේ දක්වාම එය සීමාවී ඇත්තේ පොරොන්දුවටම පමණි. ඒ හේතුවෙන් හැම ජනාධිපතිවරණයක් ආසන්නයේම විධායක ජනාධිපති ක්‍රමය ප්‍රබල මාතෘකාවක් බවට පත්වෙයි.
මෙවර තිබෙන ප්‍රධාන ගැටලුව ක්‍රමය වෙනස් කිරීමට තිබෙන ලැදියාව නොව ඒ අවශ්‍යතාව ඉදිරියට දමාගෙන නියමිතව තිබෙන ජනාධිපතිවරණය නොපවත්වා එය කල්දමා ගැනීම සඳහා කටයුතු කිරීමේ සූදානමක් තිබෙන බවට පැතිර යන මතවාදයයි. එවැනි උත්සාහයක් තිබේ නම් එයට තමන් විරුද්ධ වන බව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දැනටම ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකු පමණක් මේ අවස්ථාවේදී රටේ ජනතාවට ජනාධිපතිවරණයක් අවශ්‍ය නැති බවට ප්‍රචාරයක් ගෙන යන බවද අසන්නට දකින්නට ලැබෙයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් වුවද ඒ හරහා ඡන්දය කල් දැමීමට ඉඩක් ලබා නොදියයුතු යැයි මල්වතු මහ නාහිමියන් දරන ස්ථාවරය බව උන්වහන්සේගේ ප්‍රකාශයෙන් සනාථ වෙයි.
ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය තිබෙන මැතිවරණ කොමිසම ව්‍යවස්ථානුකූලව එය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමත් ඊට අදාළ යාන්ත්‍රණය ක්‍රියාවේ යෙදවීමත් කිසිවකුට හෝ වැළැක්විය නොහැත. පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට අණපනත් සකසනතුරු ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට යෝජනාවක් ගෙන ආවොත් එය සම්මත කිරීමට සහාය දැක්වීමට කිසිදු මන්ත්‍රීවරයකුට සදාචාරාත්මක හැකියාවක් නැති බව අපගේ වැටහීමයි. ක්‍රමය වෙනස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කිරීම දීර්ඝ කාලයක් ගතවන කටයුත්තක් බැවින් මහ නාහිමියන්ගේ ප්‍රකාශය අනුව කටයුතු කිරීම සියලු දෙනාගේ යහපත පිණිස හේතු වනු ඇත.
(***)
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මල්වතු මහ නාහිමි ප්‍රකාශය අගයමු
sam Tuesday, 27 February 2024 08:45 PM
ජනාධිපතිවරණයක් ආසන්න වෙන හැම අවස්ථාවකදීම එම ක්‍රමය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කෙරෙන පුවත් නිර්මාණය කරන්නා වූ දේශපාලනයේ සිටින සහ සිටි පුද්ගලයන් වේ. ඔවුන්ට එම අවස්ථාව නොලැබූ නිසාත් වර්තමානයේද නොලැබෙන නිසාත් "ඔවුන් කුහක" දේශපාලනයක මේ වනවිට දී සිටි. මීට පෙර jvp එවැනි මතයක සිටියද ඔවුන් එම මතයෙන් ඉවත්ව ඇතිබවක් පෙනෙන්ට තිබෙනුයේ ඔවුන් වටා සිටින්නා වූ පිරිස මේ වනවිට වැඩිවීම නිසා වන්නට පුළුවනි. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් පසුගියදා කළ ප්‍රකාශය පැහැදිලි වනුයේ දේශපාලකයන් විසින් රටේ පුරවැසියන් පමණක් නොව ආගමික නායකයින්ද රවටා ඇති බවකි. එමනිසා යලිත් පුරවැසියන් සහ ආගමික නායකයන් රැවටීම නතර කළයුතු බව පැහැදිලියි. එසේ කිරීමට නම් අලුත් පිරිසකට ලංකාවේ දේශපාලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවකි. මැතිවරණ පවත්වන බව ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී පැහැදිලිව ප්‍රකාශ කර ඇත.