IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


මෙරට වගා කළහැකි ධාන්‍ය රටින් ගෙන්වන්නේ ඇයි?

ධාන්‍ය වර්ග හයක් ආනයනය කිරීමට තිබූ  බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය මගින් ගනු ලැබූ  තීරණයක් පසුගියදා ප්‍රකාශයට පත්විය. එම තීන්දුවට අනුව කව්පි, උඳු, මුංඇට, කුරක්කන්, සෝයා සහ රටකජු යන ධාන්‍ය වර්ග 06 ක් පිටරටින් මෙරටට ගෙන්වීමට තිබූ බාධාව ඉවත් කර තිබේ. මේ තීන්දුව පදනම් වී ඇත්තේ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ ආර්ථික උපදේශක කමිටුව මගින් කර තිබූ නිර්දේශයක් මත බවද සඳහන්ය. ආනයනකරුවන් පිළිපැදිය යුතු උපදෙස් ලබාදීමට ද එම කමිටුව ක්‍රියා කර ඇත.

මේ තීන්දුව අපට පෙන්වා දෙන්නේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති අතින් අපේ රට කොතරම් පසුබෑමකට ලක් වී තිබෙන්නේද යන්නයි. මේ රට තුළ පහසුවෙන් වගා කළ හැකි ඉහත කී ධාන්‍ය වර්ග පිටරටින් ගෙන්වීමට තරම් දුර්වල මට්ටමකට අපේ රට වැටී තිබීම සම්බන්ධයෙන් අපට දැනෙන්නේ කනගාටුවකි. වැලිකතරේ රටවල් පවා තමන්ගේ රටේ වගා කළ නොහැකි එළවළු සහ ධාන්‍ය වර්ග විවිධ තාක්ෂණික  ක්‍රම යොදා ගනිමින් වගා කර  ගන්නා කාලයක හිරුඑළිය, වැස්ස, අව්ව සහ සරුසාර පොළොවක් තිබෙන ශ්‍රී ලංකාවට තමන්ට අවශ්‍ය ධාන්‍ය ටික හෝ වගා කරන්නට නොහැකි වීම අපේ රටට මදිකමක් නොවේද? ඒ ගැන රටේ දේශපාලන අධිකාරිය ඇතුළු කෘෂිකර්මය පිළිබඳ බලධාරින් තවදුරටත් නිහඬව සිටීම ද තේරුම් ගත නොහැක.

දැනට සති කිහිපයකට පෙර තිබූ සමුළුවක දී මෙරට කෘෂිකර්මය ‘‘ස්මාර්ට්’’ කළ යුතු බවට වන යෝජනාවක් කතා බහට ලක් වූවේය. හැමදේම ‘‘ස්මාර්ට්’’ වෙන කාලයේ  එවැනි අදහසක් පිළිබඳ කතිකාවක් ඇතිවීම වැරැද්දක් නැත. එහෙත් අපටම වගා කර ගත හැකි ධාන්‍ය  ටික  පවා රටින් ගෙන්වා ගන්නා තත්වයකට රට වැටී තිබියදී කෘෂිකර්මය ‘‘ස්මාර්ට්’’ කිරීම  ගැන කතා කිරීම පවා විහිළුවකි. ලොවේ දියුණු රටවල් කෘෂිකර්මය ‘‘ස්මාර්ට්’’ කළ පමණින් ශ්‍රී ලංකාවට එසේ කිරීමට හැකියාවක් නැත. ඒ සඳහා ආයෝජනය කළ යුතු මුදල ඉතා විශාලය. එහෙත් අපේ ධාන්‍ය ටික වගා කර ගැනීමට අප වැය කළ යුත්තේ  සුළු මුදලකි. අවශ්‍ය වන්නේ ගොවින්ට ඒ සඳහා ප්‍රමාණවත් මග පෙන්වීමකි. ඔවුන් ධාන්‍ය අස්වැන්න නෙළාගන්නා  කාලයට එය අලෙවි කරදීමට පහසුකම් සැලසීමකි. කෙසේ වුවද අපේ රටේ බොහෝ විට සිදුවන්නේ අස්වනු නෙළා ගන්නා කාලයට එම නිෂ්පාදන පිටරටින් ගෙන්වා රටේ වෙළෙඳපොළට මුදා හැරීමයි. එවැනි තමන්ගේ සාක්කුවට මුදල් වැටෙන ‘‘ස්මාර්ට්’’  තීන්දු ගන්නා දේශපාලකයන් සහ නිලධාරීන් හේතුවෙන් අපේ රටේ කෘෂිකර්මය එක තැන පල් වෙමින් තිබේ. ලොකු ලූනු ගොවින්ට එම තීරණ හේතුවෙන් දිගින් දිගටම සිදුවූ  අසාධාරණයට එම ගොවීන් විශාල පිරිසක් ලොකු ලූනු වගාවෙන් ඈත්වීම මේ සඳහා කදිම උදාහරණයකි.

කෘෂිකර්ම අමාත්‍යාංශයට මෙහිදී පැවරෙන්නේ විශාල වගකීමකි. එය නිරතුරුවම තනි  විෂයක අමාත්‍යාංශයක් වශයෙන් පවත්වාගෙන යා යුතු වන්නේත් එම හේතුවෙනි. කෘෂිකර්මය සම්බන්ධ විවිධ ආයතන විශාල සංඛ්‍යාවක් ද රට තුළ ක්‍රියාත්මකය. එසේම විශ්වවිද්‍යාලවලද පර් යේෂණ මට්ටමින් කෘෂිකර්මය සම්බන්ධව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. මේ සියල්ල සම්බන්ධීකරණය කර ගනිමින් රටේ ගොවීන්ගේ අවශ්‍යතා සපුරා දීමත් රටට අවශ්‍ය වගා කළ හැකි ධනය ඇතුළු සියලු කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනයට රුකුල් දීමත් අමාත්‍යාංශය මගින් සිදුවිය යුතුය. රටපුරා කෘෂිකර්මය සම්බන්ධ  සම්මන්ත්‍රණ සහ උත්සව පැවැත්වීමෙන් මේ ඉලක්කය ජය ගැනීමට හැකියාවක් නැත. රටේ වගා කළ හැකි ධාන්‍ය පවා පිටරටින් ගෙන්වන  තත්වයට රට ඇද වැටී ඇත්තේ ඒ පිළිබඳව විධිමත් සැලැස්මක් රට තුළ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය අසමත්වීම හේතුවෙනි.

අපේ රටේ වගා කළ හැකි මුං ඇට වැනි ධාන්‍ය වර්ගවලට  රටපුරා වෙළෙඳපොළ  තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පැවතීමද ඒවා පිටරටින් ගෙන්වීමේ තීන්දුවට බලපෑමක් ඇති කළා විය හැක. එහෙත් කළ යුත්තේ ඒවා පිටරටින් ගෙන්වීම නොව අඩු මිලට ඒවා නිෂ්පාදනය කිරීමට ගොවියා දිරිගැන්වීම බව පෙන්වා දෙමු.

(***)



අදහස් (4)

මෙරට වගා කළහැකි ධාන්‍ය රටින් ගෙන්වන්නේ ඇයි?

vernon Sunday, 09 June 2024 12:50 PM

බිත්තර රටින් ගෙන්වන්න වුනේ ඇයි කියලා බලන්න...

:       0       7

Bandara Monday, 10 June 2024 03:37 PM

කුමක් හෝ රැකියාවක් නිර්මාණය වීම වලකාලිමක්. ගොවියා නැත්තටම නැති කිරීමක්. අපේ මුදල් විදේශවලට ඇදී යාම වැඩිවීමක්. රැකියා වියුක්තිය වැඩි වීම තුළ අසහනකාරි තත්වය වර්ධනය වීම මේ තුළින් සිදුවේ.

:       0       3

මුං ඇට ප්‍රශ්නය Monday, 10 June 2024 05:16 PM

"අපේ රටේ වගා කළ හැකි මුං ඇට වැනි ධාන්‍ය වර්ගවලට රටපුරා වෙළෙඳපොළ තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පැවතීමද ඒවා පිටරටින් ගෙන්වීමේ තීන්දුවට බලපෑමක් ඇති කළා විය හැක. එහෙත් කළ යුත්තේ ඒවා පිටරටින් ගෙන්වීම නොව අඩු මිලට ඒවා නිෂ්පාදනය කිරීමට ගොවියා දිරිගැන්වීම බව පෙන්වා දෙමු." : ඒක එහෙම වෙන්නේ නැහැ. මේ වගේ ඒවායේ මිල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම අනුවම විතරක් නෙවි.. මිල ඉහළ යන්නේ නිෂ්පාදන වියදම් වැඩි නිසාම නෙවි. ඒව ඉහළ මිලට විකුනන්න පුළුවන් නිසා. තරගයක් නැති නිසා. මේවගේ ඒවාවලදී පුළුවන් නිෂ්පාදකයට මිල අඩු වැඩි කරන්න. ඉල්ලුම මිල අනුව අඩු වැඩි වෙනවා.

:       0       2

බන්ඩාර Monday, 10 June 2024 10:28 PM

මෙරට නිෂ්පාදනය කල හැකි , වගා කළ හැකි සෑම භාණ්ඩ යක්ම විදේශ වලින් ගෙනවීම තරම් අමනොඥ , දුෂ්ට දෝහි ක්‍රියාවක් තවත් නැත

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 0 0

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 3 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 15 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 9 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 28 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 353 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 891 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 222 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1278 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site