IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


‘‘මයි රෙඩ් කොම්රේඩ්’’ නැවත සිනමාවට

‘‘මයි රෙඩ් කොම්රේඩ්’’ නිසැකවම සිනමා බැතිමතකුගේ නිර්මාණයකි. සිනමාව මූලිකවම විනෝද මාධ්‍යයක් ලෙස සරල ආස්ථානයකට පත්වෙමින් සිටින මෙවන් අවදියක උඩුගං බලා පිහිනන්නට උත්සාහ කරන්නේ අන් කවරෙක්ද? සුදත් මහදිවුල්වැව අපට කෙමෙන් අමතක වෙමින් යන අර්ථවත් සිනමා කලාවක් වෙත අප නැවත රැගෙන යාමේ අසීරු කාර්යයේ නිරතව සිටී.

පළමු චිත්‍රපටයෙන් පසු දශක දෙකකට ආසන්න කාලයක් නිහඬව සිටියද ඔහුගේ සිනමාඥානය කිසිසේත්ම ලුහුවී නොමැත. ඔහු භාෂා භාවිතයෙන්ද අර්ථ ප්‍රකාශනයෙන්ද පළමු නිර්මාණයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටී. මේ කාලය තුළ ජීවිතය, සමාජය පිළිබඳව, ඒ හා බැඳුණු ආර්ථීක, දේශපාලන, සංස්කෘතික මතවාද පිළිබඳව පරිණත මෙන්ම ප්‍රායෝගික දෘෂ්ටියක්ද වගා කරගෙන සිටින බව ‘‘මයි රෙඩ් කොම්රේඩ්’’ චිත්‍රපටයෙන් ධ්වනිත වේ.

ගතවූ දශක හතරක පමණ කාලය තුළ මෙරට සමාජය තුළ සිදුවූ විපරීත තියුණු මෙන්ම යථාර්ථවත් දැක්මකින් අවලෝකනය කරන නිර්මාණයක් ලෙස මයි රෙඩ් කොම්රේඩ් හඳුනා ගැනුම අසීරු නැත. මේ අයුරින් සීමිත පරාසයකට කොටුවූ චරිත ස්වල්පයක් ඇසුරින් ජීවිතය පිළිබඳ ගැඹුරු විනිවිදීම් කෙරෙන සිනමාකෘතීන් සිනමාවට ආගන්තුක නොවේ. මයි රෙඩ් කොම්රේඩ් අන්තර්ගතය හා ආකෘතිය වෙන්ව ගෙන විමසීම අසීරුවනු පමණක් නොව අනුචිතද වේ. අත්දැකීම් සංකීර්ණය. ආකෘතියේ සංකීර්ණතාව උපදින්නේ එයිනි.

යුග දෙකක් ආවරණය කරන චරිත දෙකක්. අහම්බෙන් එක්තැනකට කෙටුවෙති. අත්දැකීම විකාශය වනුයේ සිදුවීම් මගින් නොවේ. සංවාද ඇසුරේය. එහෙත් එය හුදු සංවාද චිත්‍රපටයක් නොවන්නේ සංවාද ඇසුරේ මතුකෙරෙන සිදුවීම් අප ඉදිරියේ විද්‍යාමාන වන හෙයිනි. මෙයින් මෙම සීමිත කොටුවීම සමාජය පිළිබඳ සංඥාව බවට පත්වෙයි. මේ තරම් පරිණත අයුරින් සංඥාර්ථවේදයේ ශක්‍යතා භාවිත වූ නිර්මාණයක් මෑත අවදියේ අප හමුවට පැමිණ නැත.

අන්ධකාර වැසි සහිත රැයක්. විදුලි කෙටීම්, අකුණු ගැසීම් මැද රේල් පාරක් දිගේ දිවඑන තෙතබරිත වූ තරුණියක්. ඇය පසුපස හඹාඑන පොලිස් නිලධාරීන්. ලෑලි නිවසකට ඇය රහසේ ඇතුල්වීම දක්වන සමෝධානිත රූප පෙළක්. මේ අඳුරු නිවසේ ජීවත්වන ඔහු අයත් වන්නේ අසූ අට අසූනවය භීෂණය නියෝජනය කරන දේශපාලන ස්තරයටයි. මරණයෙන් කෙස්ගසින් ගැලවුණු ඔහු යටිබිම්ගත දේශපාලනයක නිරත වෙයි. ඔහුගේ හුදෙකලා කුටියට කඩාවදින තරුණිය හෙළිදරව් වනුයේ කෙමෙනි. ඇයගේ කතාවෙන් හෙළිවන්නේ ඇයද යටිබිම්ගත දේශපාලනයක නිරතවන්නියක ලෙසිනි. ආරක්ෂාව සඳහා ඇය ලිංගික රැකියාවක නිරත වේ. අතීත අරගලකරුවකු හා වත්මන් අරගලකාරියක අතර ගැටුම චිත්‍රපටයේ කේන්ද්‍රීය මූලයයි. මේ යුග දෙකේ පරතරය, පරස්පරය, සමානතා, විෂමතා කෙමෙන් හෙළිදරව් වේ. සමාජයට විමුක්තිය ලබාදීම අරමුණු කරගත්තද පැරණි අරගලකරුවා ආත්මීය නිදහස ලබා නැත. තරුණිය තම ආසනයේ වාඩිවීම නිසා ඔහු කෝපයෙන් පුපුරා හැළෙයි. ඇය ඔහුට වඩා ප්‍රායෝගිකයි. අතීත වැරදීම් වඩා නිවැරැදිව දැකිය හැකි වන්නේ වර්තමාන පරම්පරාවටයි. ඇය ගමන් කරන්නේද සම්පූර්ණයෙන් නිවැරැදි මාවතක යන්නද ගැටලුසහගතයි. මේ චරිත ඇසුරේ සිනමාකරු ගෙන එන දේශපාලනික මතවාද පිළිබඳව එකඟවීම් ප්‍රතික්ෂේප කිරීම් තිබිය හැකියි. එහෙත් ඔහුගේ ප්‍රකාශනය බැහැර කිරීමට නම් කිසිවකුටත් නොහැකියි.

විප්ලවය සිදුනොවූයේ මන්ද? අනාගතයේ වුව එය සිදුවේද? මේ චරිත දෙක ඇසුරින් මතු කෙරෙනුයේ මේ සංශයයි. අපි කන්න දෙන වෘකයා කවුද? අපි නඩත්තු කරන වෘකයා කවුද? අපි පරාජය කරන්න ඕන වෘකයා කවුද? කොහොමද අපි හඳුනා ගන්නේ.’’ මේ පැරණි සටන්කරුවන්ට තවමත් අවබෝධ නොවූ සත්‍යයකි. අන්න ඒකට තමා කලාව හා කලාකෘති අපේ ජීවිතයට ඕන කරන්නේ. තරුණියගේ පිළිතුරයි. සංස්කෘතික මිනිසා පිළිබඳ මේ සංකල්පය අමතක වූ විට මිනිස්කමද යටපත් වේ. පැරණි සටන්කරුවන්ට මිනිස්කමට ආදරය කිරීම අමතක වූයේ ඒ නිසාද? මිනිස්කමට ආදරය නොකරන තැනක කෙසේද විප්ලවය සිදුවන්නේ. විප්ලවය සිදුවිය යුතු මහපොළොව උඩ නොව මිනිසුන්ගේ පපු කුහර ඇතුලේ. මේ සංවාද ඇසුරේ සිනමාකරු සැඟවුණු ප්‍රශ්නයක්ද නගයි.

මේ සමාජ සංකථනය ගොඩ නැගීමේදී සිනමා බසේ සියලු අංග සංඥාවක් ලෙස භාවිත වේ. රූපකෝණ, චලන, ආලෝකකරණය, වර්ණ භාවිතය, පසුතලය මෙන්ම ශබ්ද සැලසුමද විසින් චිත්‍රපටයේ සීමිත කොටවීම වඩා පුළුල් තලයකට ගෙන යයි. රුවන් කොස්තා නිර්මාණය කරන රූපය විචිත්‍රය. එය අරගලයේ ජවසම්පන්න බව මූර්තිමත් කරන්නකි. විදුලියෙන් පරිසරය ආලෝකවීම, ඉටිපන්දම් එළියෙන් අලෝකවීම මෙන්ම විදුලිය වරින්වර ඒම මේ චරිතවල අභ්‍යන්තරය විදාරණය සඳහා දැනුවත්ව භාවිත වන්කකි. තරුණියගේ උඩ ඇඳුම් මෙන්ම යට ඇඳුම්ද රක්තවර්ණය. ඇය අරගලයේ ජවයෙන් මෙහෙයවන්නියක බවට ඉන් සංඥා කෙරේ. ඔහු ඇඳ සිටින්නේ පැහැය අවර්ණ පැරණි බව පෙනෙන ඇඳුම්ය. මෙ පැරණි අරගලකරවන්ට අත්ව තිබෙන ශෝකජනක ඉරණමයි. සංවාද කෙටිය. තියුණු ය. චිත්තරූප ජනනය කරයි.

ශබ්ද සැලසුම නිර්මාණාත්මකය. අර්ථවත්ය. අවසානයේ දෙදෙනා එක්ව ඉටිපන්දම දැල්වීම කිසියම් එකඟතාවක් බලාපොරොත්තුවක් දල්වයි. චිත්‍රපටයේ පරිච්ඡේද කිහිපයක් දැකිය හැකියි. මේ පරිච්ඡේද වෙන් කරනුයේ දුම්රියේ ශබ්දය මගිනි. අපූරු සිනමාත්මක උපක්‍රමයකි. සසික රුවන්ගේ ශබ්ද සැලසුම රුවන් කොස්තාගේ රූපය පමණටම චිත්‍රපටයට බහුවිධ අර්ථ ගෙන එන්නේ ඒ ආකාරයෙනි. සෑහෙන කාලයකට පසු රූපයට දෙවැනි තෙවැනි අර්ථ ලබාදෙන සිනමාත්මක නාදමාලාව චිත්‍රපටයේ තවත් ප්‍රධාන ගුණයකි. නදීක ගුරුගේ, සිනමාකරුගේ සිනමා චින්තනය ආධ්‍යාත්මික සමපාත වූ බවක් ඉන් ගම්‍ය වේ.

මෙහිදී තරින්දි ප්‍රනාන්දු චිත්‍රපටයේ න්‍යෂ්ටිය බවට පත්වන්නීය. ඇගේ සාත්වික හා වාචික අභිනය මත චිත්‍රපටයේ ජවය, රිද්මය මෙන්ම අර්ථ ප්‍රකාශනය ද රඳා පවතී. තරුණියකගේ ජීවිතයේ ලාලිත්‍යයෙන් ඇරඹෙන රංග ප්‍රවේශය අරගල පිළිබඳ නූතනවාදී චින්තනය, අතීත බිඳ වැටීම්, ජීවිතය කඩා වැටීම් හා සමග අනාගතය පිළිබඳ ඉඟි ජනනය කෙරෙන ලාලිත්‍යයෙන්ම අවසන් වෙයි. දක්ෂ රඟපෑමකි. ආසිරි ඇල්ලගේ රූපණය වෙනස් මානයකින් විමසිය යුක්තකි. අප හමුවට එන්නේ ජීවගුණයෙන් තොර නිද්‍රාශීලී මිනිසෙකි. ඔහු වාචික අභිනයේදී සාර්ථකයි. මුහුණ පුරා වැඩුණු රැවුල ඇති හෙයින් ඔහුට හැඟීම් ප්‍රකාශ කිරීමට තිබෙනුයේ දෙනෙත පමණි. එහෙත් ඒ දෙනෙත ප්‍රාණයෙන් තොරයි. මේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය අභින රීතිය නම් ආසිරි ඒ තුළ සාර්ථකයි.

‘‘මයි රෙඩ් කොම්රේඩ්’’, චිත්‍රපටය අධ්‍යක්‍ෂවරයාගේ භාව ප්‍රකාශනය බව නැවත නැවතත් තහවුරු කරන චිත්‍රපටයකි. අනුශාංගික අංග එකිනෙක ගත්තද නිර්මාණ දායකත්වයෙන් ඉහළ තලයක පවතී. එහෙත් ඒ සියල්ල තුළ අධ්‍යක්‍ෂවරයාගේ අභිමතය හා මුද්‍රාව පවතී. සුදත් මහදිවුල්වැව සිනමාව ගැඹුරු කලාවක් බවට නැවත්ත සනාථ කරයි. එය ගැඹුරු සමාජ සංකතනයන් නිර්මාණාත්මකව සාකච්ඡා කළ හැකි විෂයධාරාවක් බව නැවත මතක් කරදෙයි.

(***)

 



අදහස් (1)

‘‘මයි රෙඩ් කොම්රේඩ්’’ නැවත සිනමාවට

Nuwan amarasiri Friday, 07 June 2024 06:38 PM

ලංකාවේ සිනමාවට විශාලතම හානිය සිදු කරන්නේ සම්ප්‍රදායික වට්ටෝරු විචාර ලියන විචාරකයන් විසිනි. තමන්ට රිසි අය පිම්බීමත් තමන්ට රුස්සන්නේ නැති අයව බිමටම පාගා දමාත් ලියන විචාර වලින් සිනමාවට අබ ඇටක තරම්වත් යහපතක් නැත.

:       1       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 256 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 126 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 288 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 136 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 638 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4847 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 168 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site