IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


මානා ඇල්ල උඩ නටබුන් මාළිගාව

නුවර සිට බදුල්ල දක්වා වූ පෘතුගීසීන්ගේ හා රජුන්ගේ ඉපැරණි රහස් මාවතේ ගමන්ගන්නා අපි හාලිඇල කැටවල ප‍්‍රදේශය හරහා ගමන්කොට බෝගොඩ පණාකන්නිය හලාබ නම් ගම්මාන පසුකොට ඌමා ඔයේ කෝතලාවලේ වැලි තොටුපළට සේන්දු වූයෙමු අද එතැන් සිට. නාරංගල කඳුමුදුනෙන් හිරු සැඟවී අඩ පැයක් යාමටත් මත්තෙන් අප ගිලගත් අන්ධකාරය වාඩිය ඉදිරියේ වූ දැවැන්ත ගිනිමැලයේ ආලෝකයෙන් මොහොතකට පරාදවිය. දෙපැයකට කලින් කැලයෙන් සොයාගත් දර කඳන්වලින් අප ගිනි මැලය ඇවිලූ අතර එළි වෙනතුරු මැලයට අවශ්‍ය දර සැපයීමට වාඩියේ ජයරත්න බණ්ඩාට නියමවිය. වේලාව රාත‍්‍රි අට වුවත් පසෙකින් ඉදෙන වාඩි බතේ සුවඳත් වාඩි හොද්දත් සමග එකට මුසුවී ඌමා ඔය කැලයේ බොහෝ දුරක් ගමන්කරනු නොඅනුමානය. වැලි තොටුපළේ හුන් රත්නපාල මෙසේ පැවසීය. මහත්තයා මෙම වළ මෙහෙම තිබුණට හරි භයංකාරයි. මොකද ඉතා ගැඹුරින් වැඩියි. ඌමා ඔයේ කවුරුහරි ගිලූනු විට මෙම ස්ථානයේ තමයි රැුඳෙන්නේ. මම දන්න කාලයේ මෙම ස්ථානයේ මිනී 13 ක් පමණ ගොඩ අරගෙන තිබෙනවා. වැඩි හරියක් තරුණ පිරිස තමයි මැරෙන්නේ. මත්පැන් බීලා ඔයේ නාන්න වළවල්වලට පනිනවා. අවසානයේ ඔවුන්ගේ මළ කඳ හමුවන්නේ මෙතැනින්. එක් දවසක් අපි වැලිගොඩ දාන්න එනකොට කොහෙන්දෝ පාවෙලා ආපු මළකුණක් මෙම ස්ථානයට ගොඩ ගහලා තිබුණා. ගොඩක්ම නරක් වෙලා තිබුණු නිසා ඔහුගේ ඥාතීන් සිරුර ගෙනයන්න කැමති වුනේ නෑ. මෙම ස්ථානයේම තමයි එය වළදැම්මේ ආන් අර ගස යට යයි කුඹුක් ගසක් පෙන්වා රත්නපාල පවසයි. රත්නපාල පවසන හැටියට මෙම ස්ථානය මිනිස් ජීවිත බිලිගන්නා තැනකි. වැලි වාඩියේ රත්නපාලට අමතරව ජයරත්න- බණ්ඩා- ධනපාල- ආරියරත්න- විජේරත්න යන අයද වූහ. එහෙත් පැයකට කලින් බණ්ඩා මා හට කිවූ රහස සනාථ කරමින් ගසින් ගසට මුවාවී පැමිණියේ පෙණ පිපෙන මුට්ටියක්ද අතැතිවය. කොතලාවලේ හා ඌමා ඔය අසබඩ ජීවත්වෙන හලාබ ගම්මානයේ ඇත්තන් සවස ඉස්තරම් වර්ගයේ කිතුල් රා පොල්කට්ටක් දෙකක් කටට හළාගන්නේ දිනයේ වූ සිදුවීම් එක් තැනකට එක්වී සමාලෝචනය කරමිනි. නගරයේ මෙන් නොව ගම්මානය වන විවිධ බවින් යුක්තය. එය යම්කිසි ක‍්‍රියා පටිපාටියකට අනුව කිරීමත් විශේෂයකි. වැඩ නිමවා ඌමා ඔයෙන් පවස නිවා ගන්නා ඔවුන් මීවිත තොලගානු සුලබ සිදුවීමකි. වාඩියද මේ මොහොතේද එසේමය. එක් මුට්ටියක් හිස්වූ පසු තවත් මුට්ටියක් දෙපතුල අසලට පැමිණ ඇත. පැමිණියේ කෙසේ දැයි නොදනිමු. රස ගඟුලකි. අපනැගූ සිනහ හඬින් වනාන්තරයේ නිහඬතාව බිඳී යයි. ඒ පිළිබඳ කිසිවකුටත් නිශ්චිත අවබෝධයක් නොමැති වුවත් මධ්‍යම රාත‍්‍රිය ආසන්නය. එක්වරම නිහඬතාව යටපත් කරමින් බණ්ඩා කෑගැසුයේ යටිගිරියෙනි. කවුරුත් එදෙසට දිවයන්නට වූහ.අර අර බණ්ඩා ගඟ පහළ පෙන්වයි, එදෙසට විදුලි පන්දම් එළි රැුසකි. සුදු හැඳගත් පුද්ගලයකු වතුර මත ඇවිදියි, මේ මම හොල්මනක් වැනි කථාකරයි. ධනපාලගෙන් සුද්ද සිංහල වැකි කිහිපයකි. මං බං පොඩි මාමා, හොල්මන පිළිතුරු දෙයි. මම මාළු දැලක් එලූවා. ගන්න ගියාම තොටුපොලේ සද්දේ ඇහුනා ඒකයි ආවේ, ඇඟපුරාම මාළු දැලක් පටලවා ගත් පුද්ගලයකු පවසයි. ඔහු ආරියරත්නය. මාළු අල්ලමින් ඔයදිගේ පැමිණ ඇත, වාඩියේ තෙලෙන් බැදුනු අලූත් මාළු සමග සංගීත රාත‍්‍රියද ඉතා ඉස්තරම්ය. නැටුම් මෙන්ම ගැයුම්ද අඩුවක් නොමැතිවිය. පාරු කිහිපයක් එක්කොට සාදාගත් සයනයෙන් අලූයම පිබිදුනේ නොයෙකුත් සියොතුන්ගේ මනහර ගීරාවය සමගිනි. වනාන්තරයට අලූත් දවසක් උදාවී ඇත. තොටුපලේ මිතුරන්ට සමුදී අපි මැදිපොකුණ බලා නැවත ගමන පටන් ගතිමු. ඔහකුඹුර ගම්මානය පසු කර අපට හමුවන්නේ බඹරපනේ මැදිපොකුණ ගම්මානයයි. එය ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ය. අප ගමන්ගන්නා මාර්ගයේ මැදිපොකුණ ශ්‍රී ධර්ම විජයාරාමය පිහිටා ඇත. වර්තමානයේ බඹරපනේ චුන්ද හිමියන් එහි විහාරාධිපතිත්වය උසුලනු ලබයි. චුන්ද හිමියන් මෙසේ පැවසීය. මෙම මැදිපොකුණ කේන්ද්‍රකොට ගනිමින් කුමාරසිංහ නම් යුව රජකෙනෙක් මෙම ගම්මානයේ ජීවත්වූ බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා. ඔහුගේ මාලිගාවේ නටබුන් අදටත් තිබෙනවා. පංසලේ බුදුගේ ප‍්‍රධාන ගල් දොරටුව රජ මාලිගාවේ තිබුණු දොරටුවක්. එදා මල් උයන අද උයන් වත්ත ලෙස හඳුන්වනවා. එදා සුද්දන් මෙම මාවතේ අසුපිටින් යනවා මා දැකලා තිබෙනවා. උන් යනකොට මිනිස්සු පාරෙන් අයින් වෙන්න  ඕන යයි හාමුදුරුවෝ පැවසූහ. මැදිපොකුණේ අවුරුදු 90 ක් වයසැති ආර්.එම්. රත්නායක මහතා මෙසේ පැවසීය. මෙම ගම්මානය ඉතා පැරණි ගමක්. මෙහි රජකු ඉඳලා තිබෙනවා. රජුගේ ඇමතියා බණ්ඩාර ලෙස හඳුන්වනවා. එදා බණ්ඩාර නාපු දිය පිහිල්ල අද බණ්ඩාර පිහිල්ල ලෙස හඳුන්වනවා. මෙම අසල ඇති ගලින් නිමවූ අම්බලමේ එදා මෙම මාර්ගයේ ගිය පුද්ගලයන් නවාතැන් ගෙන තිබෙනවා. සුද්දෝ නැවතුනේ ඔය අසබඩ තිබූ නවාතැන් පොළේ. එය අප දන්නා කාලයේත් තිබුණා. වර්තමානයේ එහි නටබුන් පමණක් දක්නට තියෙනවා යයි ඔහු පවසයි. මැදිපොකුණ ගම්මානයෙන් සමුගන්නා අපට ඉන්පසු හමුවන්නේ කොට්ටගොඩයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන බන්දුල ඉන්දුකුමාරි, ආර්.ඒ. විමලාවතිත් ගොවි සංවිධාන සභාපති ආර්.එම්. රත්නායක මහතාද මෙහිදී අපහට හමුවූ අතර අප මාර්ගය ගමන් ගන්නා ස්ථානයේ ඇති ඉපැරණි මානාඇල්ල නම් දිය ඇල්ල පෙන්වීමට අප රැුගෙන ගිය ගමන බෙහෙවින් දුෂ්කරය. ප‍්‍රදේශය පිළිබඳව විශාල අවබෝධයක් අපට නැතත් මෙම පිරිස අප වෙනුවෙන් කළ කැපවීම විශිෂ්ටය. තම ගම්මානයට පැමිණි අමුත්තන්ට හැකි සෑම අයුරකින්ම ඔවුන් සහායවිය. අප ගමන් ගන්නා මාර්ගය අසබඩ ඇති මානා ඇල්ලේ දිය සිඳීයාම නිසා එහි සුන්දරත්වය අඩුවුවත් ඇල්ල ඉහළට ගමන් කරන්නට ලැබීම භාග්‍යයකි. දිය ඇති කලෙක නම් අසලට යෑම පවා බියකරුය. විශේෂයෙන් ඌව කඳුකරයේ මෙම දිය ඇලි හා ජල පෝෂක කලාප සීඝ‍්‍රයෙන් විනාශවීයෑමේ තර්ජනයට ලක්වෙලා තිබෙනවා. මෙයට එක් හේතුවක් තමයි ජල පෝෂක ප‍්‍රදේශයන්හි වගාකිරීම හා නිවාස ඉදිකිරීම්. මෙම තත්ත්වය දිනෙන් දින වර්ධනය වනු මිසක් අඩුවන ආකාරයක් පෙනෙන්න නෑ. එදා තිබූ තත්ත්වයට වඩා උමා ඔයේ තත්්ත්වයද ගොඩක් වෙනස්. අද ඌමා ඔයද බොහෝසෙයින් දුෂණය වෙලා. වගාවන්ට ගසන පලිබෝධ නිසා වතුකරයේද ජලරක්ෂිත අද බෝල ගසන පිට්ටනි බවට පත්වෙලා තිබෙන නිසා රටේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට විශාල තර්ජනයක් වෙලා තිබෙනවා යයි පරිසර විද්‍යාඥයකු වූ බන්දුල පවසයි. ඔහුගේ කතාවේ සැබෑ අරුත දක්නට ලැබුණේ මානා ඇල්ල උඩට ගිය විටය. මානා ඇල්ල උඩ මාලිගාවක නටබුන්ය. මාණාභරණ නම් රජෙක් මෙම ස්ථානයේ බිසෝවරුන් සමග දිය කෙළියේ යෙදුණු බවට සාක්ෂි හමුවී ඇතැයි ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය. බිසෝවරුන්ට දියනෑම සඳහා තැනූ අලංකාර ලෙස ගල් කැටයම් රාශියක් දියඇල්ල මුදුනේ දැකිය හැකිය. සීතා දේවියද මෙම ස්ථානයේ දියනෑ බව ඉතිහාසය සඳහන් කරයි. ස්ත‍්‍රීපුර කන්දද මෙම ස්ථානයට පැහැදිලිව දිස්වෙයි. වර්තමානයේ මෙම සුන්දර ස්ථානය නිධන් හොරුන්ගේ රජදහනක් වී ඇතැයි වෙඩිදමා පුපුරවා හැර තිබූ ගල් කුළු පවසයි. (ඌව පරණගම මැක්ඩොනල්ඞ් කොටුවී සිංහල වීරයන් එල්ලා මැරූ යෝධ සියඹලා ගස දැක ගනිමින් මන්දාරම් නුවර දක්වා ගමන ලබන සතියට.)



අදහස් (0)

මානා ඇල්ල උඩ නටබුන් මාළිගාව

සංජීව ජගත්‍ Wednesday, 21 September 2011 08:36 AM

මෙවගේ පින්තූර සහ තොරතුරු තව තවත් ඉදිරිපත් කරන්න.ගොඩක් වටිනව මෙවගේ තොරතුරු අප‍ට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 142 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 285 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 181 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 47 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 226 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 649 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 196 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 366 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1095 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site