IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මිථ්‍යාවලට සමාජය හසුකරගන්නා පිළිල

ප්‍රාග් ඓතිහාසික යුගයේදී මිනිසා  ඉර, හඳ, ගස්වැල් මෙන්ම පර්වත ද වන්දනා මාන කළහ. ඒ ඒවා දෙවියන් ලෙස සලකමිනි. එහෙත් විද්‍යාව දියුණු වී මිනිස් සමාජය නවීකාරක වනවිට බොහෝ ඇදහිලි හා විශ්වාස සමාජයෙන් තුරන් වී ගියේය. 21 වැනි සියවසට මිනිසා පා තබා ඇත්තේ දැනුම පදනම බවට පත් කරගත් මිථ්‍යාවට එරෙහි වූ විද්‍යාත්මක ලෝකයකටය. එහෙත් එකී  පරිනාමයට ලක් නොවූ පිරිස් ද සිටිති. විවිධ යාගහෝම හා විශ්ව ශක්තියෙන් ලෙඩ දුක් දුරුකරන්නන් මෙන්ම ඔවුන්ට ඇන්දෙන මිනිසුන්ගෙන් කියැවෙන්නේ එයය.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ විශ්වශක්තියෙන් ලෙඩ රෝග සුව කරන බව කියමින් කුලියාපිටිය, උඩුබද්දාව, පල්ලෙවෙල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවකු දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියකට ලිංගික අතවරයක් කළේ යැයි සැකපිට ඉකුත් 14 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසන බවය. මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ‘විස්මිත වෙද මහතා’ නමින් හැඳින්වෙන තිස්හත් හැවිරිදි එක් දරු පියකු බවත් මෙම කාමාතුරයා ‘විස්මිත වෙද මහතා’ නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන බවත් විවිධ ලෙඩ රෝග දේව බලයෙන් පහසුවෙන් සුව කිරීමට හැකියාව තිබෙන බව එමගින් ප්‍රසිද්ධ කර ඇති බවත් ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ සිය ගණනක් ජනතාව කපුවාගේ පිළිසරණ පතා පැමිණෙන බවත් එම ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

හොර කපුවාගේ හාස්කම්වලින් ලෙඩ රෝග සුවකර ගැනීමට පැමිණි ජනයාට මෙම ප්‍රවෘත්තිය ඇසීමෙන් දැකීමෙන් කුමනාකාරයේ සිතිවිලි පහළ වූයේ දැයි අපි නොදනිමු. තමන් කොතරම් අවිචාරවත්ද මුග්ධ ද කියා තේරුම් ගන්නේ නම් එය වඩාත් වැදගත්ය.   එහෙත් හාස්කම් සම්බන්ධයෙන් විශ්වාසය තබන සමාජයේ සුළුතරයට ප්‍රඥාව පහළ වන්නේ ඉතා අල්ප වශයෙනි.  මන්ද යත් ප්‍රඥාව පහළ කර ගැනීමට සමත් සිදුවීම් ඕනෑ තරම් මෙම සමාජයෙන් වාර්තා වී ඇති හෙයිනි.

මෙයට දෙතුන් සතියකට ඉහත ගාල්ලෙන් මෙබඳුම පන්නයේ හොර කපුවකු පිළිබඳව වාර්තා විය.  දේවාලයේ හාස්කම් පෙන්වා මිනිසුන්ගෙන් කඩා වඩා ගන්නා මුදල් අත දිග හැර වියදම් කරමින් මෙම හොර කපුවා කුඩා පිරිමි දරුවන් බිල්ලට ගන්නා බවත් එම දර්ශන අන්තර් ජාලයට මුදාහැර මුදල් උපයන බවත් පොලිසිය කියා තිබිණි. ඒ අනුව පැහැදිලි වන්නේ එම කාමාතුරයා දේවාලය පවත්වාගෙන ගොස් තිබෙන්නේ ගොජ දමන තම කාමාශාව සන්සිඳුවා ගැනීමට බවය. විස්මිත වෙදාත් එවැන්නෙකි.

දැරිවියන් දෙදෙනකුට අතවර කරන අයුරු දැක්වෙන රූප රාමු පෙන්වමින් විස්මිත වෙද මහතා දොළොස් හැවිරිදි දැරියට  අතවර කර තිබේ. වසර තුනක් මුළුල්ලේ මෙම අතවරය සිදුවී ඇති බව සඳහන්වීම විශේෂ අවධානයට යොමු කළ යුතු වන්නේ එමගින් දොළොස් හැවිරිදි දියණියගේ බාරකරුවන්ගේ වගකීමේ ප්‍රමාණයද අනාවරණය වන හෙයිනි. එහෙත් මෝහාන්ධකාරයෙන් දෑස් වැසී ගිය විට යථාර්ථය නොපෙනීම සාමාන්‍ය තත්ත්වයකි.

මාළුවාට ජලයෙන් තොර පැවැත්මක් නැතුවා සේම තක්කඩි කාමාතුර කපුවන්ට නොපෙනෙන බලවේග කෙරෙහි විශ්වාසය තබන අඥාන ජනයා අවැසි වේ. ඇතැමුන්ට මුග්ධ බව සාඩම්බර පදක්කමකි. මෙතරම් දියුණු ලෝකයකදී තක්කඩි කපුවන්ට හාස්කම් පෑමට හැකි වී තිබෙන්නේ එහෙයිනි.

භූතයකු ආවේෂ වී ඇතැයි පවසමින් දැරියකට මැරෙනතුරු පහර දුන් යක්ෂ ගැහැනියට සම්බන්ධ පුවත වැඩි ඈතක නොවේ. එබඳු සිද්ධියක් වාර්තා වූ විට ඒ සම්බන්ධයෙන් මහා ඝෝෂාවක් සමාජය තුළින් මතුවේ. එහෙත් ටික දිනකින්ම එම මහා ඝෝෂාව තුනී කෙඳිරියක්ව නෑසී යයි. අනතුර දකින විට අඬු කටුව තුළට ගෙන ආරක්ෂාව තර කර ගන්නා ඉබ්බන් මෙන් පෙර කී මහා ඝෝෂාව හමුවේ හොර කපුවෝ සැඟවෙති. යළිත් ඔවුන් ඉදිරියට එන්නේ ඝෝෂාව තුනි වී ගොස් යටපත්  වූවාට පසුවය.

ඕනෑම සමාජයක ඇදහිලි හා විශ්වාස තිබේ. එහෙත් සමාජයක් නවීකාරක වීම යනු එම ඇදහිලි හා විශ්වාස ඉපැරැණි සංස්කෘතිකාංගයක් ලෙස හඳුනා ගැනීමය. එහෙත් ඇදහිලි හා විශ්වාස කෙරෙහි ආවිවාදී වීම බොහෝ විපත් ගෙන එන බව තේරුම් ගැනීමට තවත් සාක්ෂි වුවමනා නැත.

ජනයා අනේකවිධ ප්‍රශ්න ගැටලුවලින් මිරිකී සිටිති. එම ජනයා ක්ෂණික සහන හා විසඳුම් සොයති. මෙහිදී ඇතැමෙක් නොපෙනෙන බලවේග කෙරෙහි විශ්වාස කරති. එබන්දන් සූරාකමින් තම  මනදොළ සපුරා ගන්නා පිරිස් සිටිති. එබඳු තක්කඩියන්ට එරෙහිව ප්‍රමාණවත් ප්‍රතිචාරයක් සබුද්ධික ජනයාගෙන් මතුවිය යුතුය. ග්‍රාම සේවා වසම් මට්ටමින් මෙබඳු ස්ථාන ගැන සොයා බැලිය යුතුය. එය ඉක්මයන පැයට අදාළව තවදුරටත් කල් දැමිය හැකි දෙයක් නොවේ. එමෙන්ම මිථ්‍යාව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ යාන්ත්‍රණයක්ද තිබිය යුතුය. මේ සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක විවරණයක් ජනතාව තුළට රැගෙන යා යුතුය.

(***)



අදහස් (0)

මිථ්‍යාවලට සමාජය හසුකරගන්නා පිළිල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site