ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නමකි.
බණ්ඩාර ඇහැළියගොඩ මහතා රචනා කළ ගීත මෙසේ විමසුමට ලක් කළ යුතු යැයි විමලජෝති හිමියන් කල්පනා කරන්නේ ඇයි? ඒ ගීතවල පවත්නා යම් සුවිශේෂත්වයක් ඊට බලපෑවාද? අපි උන්වහන්සේගෙන් මේ පිළිබඳව විමසා සිටියෙමු.
“මේ සඳහා හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි එතුමාගේ ගීතවල සහ කවිවල තිබෙන ප්‍රසාදනීය ගුණය හා සිත් ගැනීම. එතුමාගේ කවිවල වගේම ගීතවලත් සුපැහැදිලිතාවක් තිබෙනවා.
එසේම ඔහු පුද්ගලයකු විදියට දක්වන ශාස්ත්‍රීය සහයෝගයත් මේ විමර්ශනයට මා පෙළඹන්න හේතුවක්. ශාස්ත්‍රීය වශයෙන් මට දායක විය හැකි මාර්ගය හඳුනාගෙන ඒ සඳහා මැදිහත්වීමක් විදියටයි මම මේ කෘතිය රචනා කළේ.”
ඇහැළියගොඩ මහතාගේ ගී නිර්මාණ විමර්ශනයේදී විමලජෝති හිමියන් යොදාගත් නිශ්චිත ක්‍රමවේදයක් තිබේ. වර්ග කිරීමක් තිබේ. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ මෙබඳු පැහැදිලි කිරීමක් කළහ.
“මුලින්ම මම ඇහැළියගොඩ මහතාගේ සියලු නිර්මාණ එක් රැස් කළා. අධ්‍යයනය කළා. ප්‍රධාන තේමා හතක් යටතේ මේ ගීත විමර්ශනය කෙරෙනවා. මානව භක්තිය ප්‍රකට වන ගීත, කුටුම්භය ආශ්‍රිතව ලියැවුණු ගීත, බොදු ගීත, පරිසරය හා සොබාදහම ආශ්‍රිත ගීත, ප්‍රේම ගීත, යුද්ධය හා සාමය සම්බන්ධ ගීත, අභිනන්දන ගීත, චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගීත ආදී වශයෙන්. සමහර ගීත මේ ප්‍රභේද දෙක තුනටම අයිති වෙන නිසා ඒ බෙදා දැක්වීම බොහොම දුෂ්කර වුණා.”
ඇහැළියගොඩ මහතාගේ ගීතවලින් වැඩි කොටසක් කුටුම්භය, ගම, සංස්කෘතික කාරණා ආදිය පදනම් කරගෙන කියැවුණු ඒවා බව පැහැදිලිය. එය ඔහුගේ ගීත රචනා කලාවේ එක් විශේෂත්වයකි. මේ කාරණය විමලජෝති හිමියන්ගේ නිරීක්ෂණයට හසු වූයේ කෙසේද යන්න අපි උන්වහන්සේගෙන් විමසා සිටියෙමු.
“බොහෝ ප්‍රවීණ ගීත රචකයන් පවා අවධානය යොමු නොකළ සංස්කෘතික කාරණා රැසක් ඇහැළියගොඩ මහතා ගීත රචනයට යොදාගෙන තිබෙනවා. කුටුම්භගත ජීවිතයට සම්බන්ධ මව පියා සීයා ආච්චිගේ සිට මුනුපුරා දක්වා ගීත රාශියක් ඔහුගේ ගීත අතර තිබෙනවා. මේ කුටුම්භගත ජීවිතය සම්බන්ධ ගීත අලුත විවාපත් තරුණ තරුණියන් විමසා රසවිඳ බැලීම ආදර්ශ ගැනීම ඉතාම වටින බවයි මම සිතන්නේ.”
බණ්ඩාර ඇහැළියගොඩ මහතා මෙන්ම තවදුරටත් විමර්ශනයට ලක්විය යුතු ඇගැයිය යුතු ප්‍රවීණ නිර්මාණ රචකයන් අප අතර සිටියත් ඔවුන් පිළිබඳ නිසි අවධානයක් යොමුවන බවක් පෙනෙන්නට නැත. එහි නූතන අවශ්‍යතාව විමලජෝති හිමියෝ මෙසේ පැහැදිලි කළහ.
බණ්ඩාර ඇහැළියගොඩ මහතා මේ පරිහානි සමාජ තත්වය දිහා බලලා කලකිරෙන්නෙ නැතිව එතුමා හැකි සෑම අවස්ථාවකම මේ දක්වාම නිර්මාණ රචනයේ යෙදෙනවා. නොනිවෙන පහන් සිළ කියලා මේ පොත මම නම් කළෙත් ඒ නිසාමයි. මේ පහන කවදාවත් නිවෙන්නෙ නෑ. ඔහුගේ ප්‍රතිභාව කියන දැල්ල හැමදාම නොනිවී දැල්වෙනවා.
මේ සමාජ පරිහානිය අපි කාටත් හොඳින් පෙනෙන එකක්. භගවත් ගීතාවේ දැක්වෙනවා සමස්ත භවන ගිනි ගනිද්දී දොරටුපාලකයාට දොරටුව පමණක් රැකගත හැක්කේ කෙසේද කියලා. අපි මේ කරන්නෙත් භවනම ගිනි ගනිද්දී දොරටුව හරි රැකගන්න දරන උත්සාහයක්. ඒත් ඉතින් තාගෝර්තුමා කිව්වා වගේ අපි මේ වෙලාවෙ හිතන්න ඕනෑ.
බැස යන්න ආසන්න හිරු පහන අමතා මෙසේ කියනවා.
“එම්භා ප්‍රදීපය, මා මළ පසු මාගේ මෙහෙවර කාටනම් පවරන්නෙම්ද?
පහන උත්තර දෙනවා
“මට කළ හැක්කක් කරන්නම් ස්වාමීනි” කියලා.
ඒ නිසා අපට කරන්න පුළුවන් දෙයක් කරලා සමාජයට දායාද කරන එක තමයි මේ වෙලාවෙ වගකීම වෙන්නෙ.
(***)
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි