IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බෙලිහුල්ඔයේ සිසිල දැනෙන සීලගම ආදර්ශ ගම්මානය

ප්‍රින්ස් රත්නායක

බොහෝ දෙනා තම විනෝදාස්වාදය පිණිස විවිධාකර අත්දැකීම් සිය ජීවිතයට එකතුකර ගනිති. ඇතැමෙක් තරු හෝටල්හි සුව පහසුව සොයා යද්දී ඇතැමෙක් ඈත පිටිසර ගමක හුදෙකලාව ගත කිරීමට රුචි වෙති. තවත් සමහරෙක් කඳුශිඛර තරණය කරන්නටත් දිය ඇලි සපිරි තැන්හි ගත කරන්නටත් රුචියක් දක්වති.

ලංකාවේ රමණීය පෙදෙසක් ලෙස ප්‍රකට මෙන්ම සංචාරක පුරවරයක් ලෙස පරසිදු සබරගමුව පළාතේ බෙලිහුල්ඔය කී සැනින් බොහෝ දෙනා එහි සුන්දරත්වය ගැන කියන්නේ සහ අත්විඳගන්නේ මිහිරි මතකයන් සමගිනි.  

පරිසරයේ සිසිල් සුව පහස විඳිමින් බෙලිහුල්ඔයේ දිය සිසලස විඳ ගනිමින් මෙකී සිරි විඳගන්නට බොහෝ දෙනා ඇදී එන්නේ ලෝකාන්තයේ පහළ කොටස පිහිටා ඇති කඳුවළල්ලෙන් වටවුණ සුන්දර පරිසරයේ නැවුම් අත්දැකීම් විඳගන්නටය. පහන්තුඩාව ඇල්ල, සුරතලී ඇල්ල, බඹරකන්ද ඇල්ල, ලිප්ටන්සීට්, දූවිලි ඇල්ල, දියවිනි ඇල්ල, දියලුම ඇල්ල , එඩිෂම් බංගලාව, සමනල වැව,සමනල වේල්ල, දෙමළි ඇල්ල, හිරිකටුඔය පාරිසරික නවාතැන වැනි සුන්දර තැන් රැසක් මැදිකර පිහිටි සංචාරක නවාතැන්පොළක් පිළිබඳව හෙළිදරව් කිරීම කාලෝචිත බව හැඟුණි.

සබරගමු පළාත් සභාව යටතේ හා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සංචාරක කළමනාකරණ අධ්‍යානාංශයේ උපදේශකත්වය මත ඇතිකර ඇති බෙලිහුල්ඔය සීලගම සංචාරක ආදර්ශ ගම්මානයට  දේශීය මෙන්ම විදේශීය  සංචාරකයින්ගේ  ආකර්ෂණය බෙහෙවින් සිදුවන බව පෙනීයයි. හොම් ස්ටේ  සංකල්පය මත මෙම ගම්මානයේ නිවාස 25 ක් පමණ වැසියෝ මෙම සංචාරකයින්ට ආගන්තුක සේවාවන් සැපයිමට සැදී පැහැදී සිටිති.

තම නිවසේම ඉදිරිපස කාමරයක් හෝ කුඩා ආලින්දයක්, නිදන කාමරයක් හා නානකාමරයක් සහිත වෙනම  ඉදි වුණ කුඩා වාසස්ථානයක් මේ සඳහා වෙන්ව ඇත. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් මෙහි පැමිණ හුදෙකලාව ගතකරන අතර තම අධ්‍යයනය කටයුතු හෝ විනෝදාස්වාදය උදෙසා පැමිණ මෙම සංචාරක ගම්මානයෙහි ගතකර සිය අභිලාෂයන් ඉටුකර ගනිති.

මෙහි පැමිණෙන්නන්ට ඉතා සාධාරණ මුදලක් අයකරනු ලබන අතර ගමේ කෑම වේලක රස බැලීමට අවස්ථාව උදාවෙයි. වැව් මාළු හෝ වෙල් මාළු, සමඟ පලාවක් ‍ගමේ වැවෙන එළවලු සමඟ බත් පතක රස බැලීම රිසි වන අතර ගමේ පලතුරක රස බලන්නට ද හැකිවේ.

ආදර්ශ සංචාරක ගමේ වැසියන්ගේ සත්කාරය එතෙකින් නිමාවට පත් නොවන අතර ඔවුන්ගේ විනෝදාස්වාදය පිණිස ගමේ දක්ෂයින්ගේ නැටුම් ගැයුම් වැයුම් මෙන්ම විදෙස් සංචාරකයන් නම් දේශීය අනන්‍යතාවය පිළිබිඹු වන අයුරින් දේශීය නර්තන, වාදන, බලිතොවිල් ආදිය ද ඉදිරිපත් කරමින් ඔවුන්ගේ රසවින්දනයට අඩුවක් නොකර හිතපුරා විඳින්නට අවස්ථාව සලසති.

පසුගියදා සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවති අන්තර් ජාතික විද්වත් සමුළුවට සහභාගී වූ දෙස් විදෙස් ඇත්තන්ට මේ ගමෙහි වූ අපූරු සුන්දරත්වය විඳගන්නට අවස්ථාව උදාකර දෙන්නට විශ්ව විද්‍යල සංචාරක කළමනාකරණ අධ්‍යානාංශය කටයුතු යොදා තිබිණි.  මේ සඳහා යොදා ගත් වේදිකාව වූයේ වෙල්යායෙහි වූ කුඩා කමතක්ය. ගමේ කුඩා පෙළ ඔවුන්ගේ නර්තන දස්කම් දක්වන්නට වූහ.  

වැඩිහිටියෝ මී  ගව බානකින්  කමතේ   බැත  පාගන අවස්ථාව එම පිරිසට දැකගන්න උදාකර දුන් අතර දේව කන්නලව්වක් හා සම්ප්‍රදායික නර්තනයන් ගෙන් එම පිරිස පිනවීමට කටයුතු කළහ. පන්කොළයෙන් තැනුණ ඇතුල්පතට හැට්ටයෙන් රෙද්දෙන් සැරසුණූ ලියන් බත්පත බෙදා දුන් අතර ගමේ රසට තැනුණ වෑංජන හා වෙල්මාළු රස විඳගත්තේ ද සැරබාල කර ඔවුනට රිසි සේ සකසා තිබුණු හෙයින් මෙන්ම ගැමිලියන්ගේ අත් ගුණය නිසා ද වන්නට ඇත.  කුඩා දරුවන්ගේ නර්තනය හා එක්ව විදේශ තරුණ විශ්ව විද්‍යාල පිරිස ද හරි හරියට නටන්නට වූයේ අඳුරෙහි වූ සිතල හා වැස්ස ද නොතකමිනි.‍

අතේ මුදලට සරිලන මෙන්ම නැතත් තරු සපිරි අවන්හල් ගමේ සත්කාරය විඳිමින් අපූරු වූ අත්දැකීම් ගොන්නක් සමඟ සීතල බෙලිහුල්ඔයේ පහස විඳගන්නට බෙලිහුල්ඔය සීලගම ආදර්ශ සංචාරක ගම්මානය ඔබට මං පෙන්වනු ඇත.



අදහස් (9)

බෙලිහුල්ඔයේ සිසිල දැනෙන සීලගම ආදර්ශ ගම්මානය

Nirash Ruwanka Jayatillake Sunday, 01 April 2018 02:26 PM

ඉතා කදිම නිර්මාණශීලි අදහසක්. සංචාරකයින්ට ශ්‍රී ලංකික සංස්කෘතිය පිළිබඳව ඍජුවම දැනගැනීමට අධ්‍යනය කිරීමට පුළුවන්. අහිංසක ජනතාවගේත් අතමිට සරුවෙයි. බොහෝ තරු සහිත හෝටල් සහ බොහෝ සංචාරක මග පෙන්වන්නන් ශ්‍රී ලාංකීය සංස්කෘතිය කියා බොරුව තමයි පෙන්වන්නේ. සුභ පතමි.

:       3       14

Vidya Sunday, 01 April 2018 03:47 PM

අනේ මෙතනට මත්වතුර ගෙනවිත් කාටවත් විනාශ කරන්න දෙන්න එපා. සංචාරකයෝ ලංකාවට එන්නේ ස්වභාව ධර්මයේ රසවිඳින්න.

:       0       12

Giripura Sunday, 01 April 2018 04:21 PM

බෙලිහුල්ඔය, සීලගම, පඹහින්න , කින්චිගුනේ, සමනලවැව එදත් අදත් ඇති සුන්දර ලාංකික ගැමි නමුත් අභිමානයේ ප්‍රතිමූර්තීන්. මේ කාර්ය විශිෂ්ටයි ....

:       1       11

udaya Monday, 02 April 2018 06:16 AM

මේක නම් නියම වැඩක්. විනාශ වෙන්න නොදී ආරක්ෂා කරන එක රජයේත් යුතුකමක්...

:       0       11

saman Tuesday, 03 April 2018 02:24 AM

ගමේ සුන්දරත්වය ආරක්ෂා කරන්න.

:       0       4

හිරාන් Tuesday, 03 April 2018 09:18 PM

මේක නිකන් සත්තු වත්තට ගිහිල්ල සත්තු බලල එනවා වගේ වැඩක්. විශේෂයෙන් මේ පොඩි ළමයි යොදාගෙන කරන විකාර නවත්වන්න ඕනේ. අපේ අය සුද්දෙක් එනවනම් ඕන දෙයක් කරයි.

:       0       2

Vidya Wednesday, 04 April 2018 04:55 AM

අනේ මේ පොඩි දරුවන්ට එහෙම කියන්න එපා බලන්න කිසිම කෙනෙකුට අතපාන්නේ නැතුව පාරවල් වහගෙන උද්ගෝෂණ කරන්නේ නැතිව තමන්ගේ හැකියාවන් පෙන්නලා ජීවිකාව ගෙන යනවා. මෙය සත්තු වත්තක් නෙමේ අහිංසක මිනිසුන් ජීවත්වන ලංකාවේ ගමක්.

:       0       1

හිරාන් Wednesday, 04 April 2018 07:39 AM

මම හිතන්නේ ඔබ තුමියට මම කියන එක තේරුනේ නැහැ......මේ ළමයි අහිංසක බව සත්‍යයක්, ඒ අහිංසක කම තියෙන්නේ එක එකාට අාතල් ගන්න නෙවෙයි කියන එකයි මම කිව්වෙ..... මේ අහිංසක ළමයි කාගෙවත් ප්‍රදර්ශනය භාණ්ඩයක් වෙන්නෙ මොකටද?

:       0       2

Sunil SilvaThursday, 05 April 2018 05:38 AM

එතකොට පොඩි අයගේ නැටුම් පෙන්වන්නේ ආච්චිලා සීයලද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 700 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site