අතිවිශාල ජනකායක් සිරගෙදර නැරඹූහ. එල්ලූම් ගස පවා දැකගන්නට ඔවුනට හැකි විය. සිර කුටි තුළ හා වෙනත් ස්ථානවල ඇඳ තිබූ සිතුවම්, ලියා තිබූ කවි, වැකි වැනි දේවල්ද බලාගන්නට කියවා ගන්නට හැකියාවක් ලැබිණ. සිරකුටි තුළට කොටු වී අනන්ත අප‍්‍රමාණ දුක් ගිනි විඳිමින් සිටි සිරකරුවන්ගෙන් ඇතැම් සිරකරුවන් අතට අසුවූ පැන්සල් කෑල්ලකින්, වැලි කැටයකින් අඳින ලද හා ලියන ලද සිතුවම් හා කවි රැුසක් එහි තිබුණේය.
යම් යම් අවසරයන් මත ලැබුණු තීන්ත පැන්සල් ආදිය උපයෝගී කරගෙන කර තිබූ නිර්මාණයන්ද එහි දක්නට ලැබිණ. ඒවා අතර විශිෂ්ට ගණයේ නිර්මාණද විය.
ලියා තිබූ ඇතැම් කවි, වැකි කියවා ගත හැකි තත්ත්වයේ නොතිබිණ. ඇතැම් කවි, වැකි කියවා ගැනීමට හැකිවූයේ දැඩි අසීරුවෙනි.
එහි තිබූ විවිධ නිර්මාණ සිරකරුවන්ගේ සිතුම් පැතුම් පිළිබිඹු කරන කැඩපතක් වැනිය.
එයින් කිහිපයක් ඔබගේ රස වින්දනය හා විමර්ශනය පිණිස මෙහි පළකරමු.
| සිනාසෙන්න බැහැ කඳුළැලි හැලෙන | නිසා |
| අඬන්නට බැහැ යහලූවෝ සිනහා වෙන | නිසා |
| කියන්නට බැහැ කවුරුත් අහන් නැති | නිසා |
| ලියන්නම් මෙවන් අසරණ අම්මා ගැන | සිතා |
| අන්සතු වෙලා සිටියත් ඇය | හැමදාම |
| දුකින් පිරුණු ජීවිතයක මම | මෙහෙම |
| හිතට දුකක් දැනුණා ඇය මිය | යාම |
| හිත හැඬුවා මට නොදැනිම මුළු | රෑම |
| කුඩා කලම මව් සෙනෙහස දුරස් | විය |
| අයාලයේ නොසිතු දිවි ගමන | ගිය |
| හොඳ හා නරක මිතුරන් ඇසුරේ | සිටිය |
| අවසානයේ සිර කුටියම උරුම | විය |
H 20460
| සිිපිරි ගෙදර හුදකලාව මට දැන් | හුරුවෙලා |
| දිවා රැයේ කල්ගෙවනවා කුටියක | තනිවෙලා |
| මගේ සිහින හැම දෙයක්ම බිතු සිතුවම් | වෙලා |
| දිවි ඇතිතෙක් සිපිිරිගෙදර බත් කන්නට | වෙලා |
| අම්මා ගියා අප රැකගන්නට | එතෙර |
| මල්ලී ඇඬුවා කිරි ඉල්ලා හැම විට | නිතර |
| නංගී ඇඬුවා අම්මා සිහි කර කර | නිතර |
| නිල් කොළ වටින්නේ නැහැ අම්මේ ඔබ | විතර |
J+K+D
| බලන බලන හැම අතකම කඳු | වැටිය |
| බහිරව කන්දේ බුදුරුව නුවරට | සිරිය |
| බෝගම්බර සිපිිරිගෙට කොටු වී මා විඳිනා | සිරිය |
| අද අවසන් හුස්ම හෙලයි බෝගම්බර සිපිරි | ගෙය |
2014-01-14" H 20460
| දළදා සමිඳු වැඩ සිටිනා මේ | මහනුවර |
| ඉන්න උනත් දිවි ඇතිතෙක් | හිරගෙදර |
| කොපමණ කල් බත් කන්නද | හිරගෙදර |
| යන්නට දිනක් මට නැතිවද මගෙ | ගෙදර |
| සිපිරි ගෙදර මිය යන්නට කලින් | මට |
| යන්න ලැබේවා මට මෙඟ පුතු | ළඟට |
| ඒ සිහිනය ඉටු වේදැයි | හිතන්නට |
| දිවි ඇති තෙක් කොටුවෙලා සිපිරි | ගෙට |
| නිහඬව ඇයි පුතුනි, වදනක් | දොඩාපන් |
| සුරතල් වෙවී මගේ පාලූව | මකාපන් |
| තනිව ඉන්න මගේ දුක | නන් |
| කිිරි පුතේ නුඹ මට | වාසනාවන් |
පන්විල මාමා
| සල්ලි ඇති එකාට මොළේ | නැත |
| මොළේ ඇති එකාට සල්ලි | නැත |
| සල්ලියි බලයයි ඇති එකා ළඟ මනුස්සකම | නැත |
| මනුස්සකම ඇති එකා ළඟ හොඳ හිත | ඇත |
H 20460
| මකුණන් මදුරුවන් අපේ ලේ ටික | බොනවා |
| පනුවන් සමඟ බටු මෑ අපි දෙනවට | කෑවා |
| හිරගෙට ඇවිත් මැල්ලූම එක්ක තණකොළ | කෑවා |
| ඒ බතත් මුන් ටික ටික හොරාට | කනවා |
|
තිදෙනාම එකෙකි
උතුම් ධර්මය සිහිකොට
අප වේදනා විඳිය යුත්තේ |
මහින්ද
| පුතුට ආදරේ ඇය | හට |
| ලබා දුන්නා වී | තුරුලට |
| සමු දුන්නෙමු | ආදරේට |
| මගේ ජීවිතේම | වැනසීමට |
|
ශ්‍රී ලංකා ඉතිහාසයේ දායාදයක් වූ
දුක පැකට් කරලා විකුණනවානම් |
සුදේව
|
අය මං වැරදි කරන් නෑ
ආත්ම විස්වාසය
සෙනෙහස ආදරය දයාව කරුණාව |
Art by Deepal
| දළදා සමිඳු පිහිටයි |
Mahesh Buddika
Eny time Eny where
|
සිනාවෙන් හෝ කථාවෙන් බැහැ - මනින්නට මිනිසා
ආදරණීය
ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට
ජනපතිතුමාගේ නිසි අවසරය පිට
නිතරම මතක් වෙයි අම්මේ ඔබ මාගේ Niro Kalu Ampitiya
සිදුවුණු සෑම දෙයක්ම Disa පිළිමතලාව
මිනිස් ජීවිතය සුන්දර වන්නේ Your Pain will beSoonly |
2025 ඔක්තෝබර් මස 08
1880
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1510
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
බෝගම්බර සිරකරුවන්ගේ කුරුටු ගී
දුමින්ද Tuesday, 24 February 2015 03:37 PM
අප සියලු දෙනා කෙලෙස් මරුගේ සිර කරුවන් වෙමු.මහින්දගේ කවිය හරිම සමීප බවක් දැනෙනවා (අ)
සන්තුෂ් Wednesday, 25 February 2015 10:09 AM
ඇත්තටම දුක්බර කතාවක්.(හේ)
ඇසළ Wednesday, 25 February 2015 10:09 AM
හරියට හිර ගෙදර බාසාවෙන්ම කියනවා නම් අදහස් බොක්කෙන්ම ආපු දේවල්. හිරේ නොගිහින් හිටියා නම් කවදාවත් මේවා ලියන්න බැහැ.(හේ)
ජනක Sunday, 01 March 2015 12:12 AM
ගොඩක් අය සමාජගත වෙනකොට හැදිලා තමා එළියට එන්නේ (නි)
ජානකී Friday, 27 March 2015 09:59 AM
මිනිසුන්ට මෙන්ම සිරකරුවන්ටද සමාන අයිතිවාසිකම් ඇත.(දිල්) .
සමාධී Friday, 27 March 2015 10:00 AM
සිරකරුවෝද මනුෂ්‍යයෝය (දිල්)
රසික පුෂ්ප කුමාර Monday, 23 February 2015 10:51 AM
මොනවා කරන්නද ? ගොඩක් දුක හිතෙනවා (නදී)