IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව පැවැති එම විවාදයේ දී දේශපාලන පක්ෂ ගණනාවක නායකයන් ඇතුළු මැති ඇමැතින් අදහස් දැක්වූ අතර සිද්ධියට අදාළව මීට පෙර ද ප්‍රකාශ වූ කරුණු යළි යළිත් හෙළිදරව් කෙරිණි. පාස්කුදා ප්‍රහාරය සිදු වී වසර 05ක් ගතවීම එම විවාදය පැවැත්වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වීමට හේතු විය.

මෙහිදී මුලින්ම අදහස් දැක්වූ විපක්ෂනායක සජිත්  ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ අනාගතයේ දී බිහිවෙන තමන්ගේ රජය යටතේ පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වය ඉටුකිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ගයක් සැලසුම් කොට ක්‍රියාත්මක කරන බවය. එකී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කොමිසමක් පත් කරන බවත් එහි සාමාජිකයන් වශයෙන් දේශීය පමණක් නොව විදේශීය විනිශ්චයකාරවරුන් සහ විමර්ශන නිලධාරීන් ද පත් කරන බවටත් විපක්ෂනායකවරයා පොරොන්දු විය. වත්මන් රජය පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන යට ගැසීමට කටයුතු කරන බවට චෝදනා කළ ඔහු තමන්ගේ රජය යටතේ විශේෂ අධිකරණයක් පිහිටුවා ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන බවට ද ප්‍රතිඥා දුන්නේය.

මේ  රටේ කතෝලික බැතිමතුන් 250කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින්ද තවත් 500කට ආසන්න පිරිසකට බරපතළ තුවාල සිදු කරමින් ද  සිදු කෙරුණු එකී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට සෘජුවම වගකිව යුතු පුද්ගලයන් තවමත් නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකිවීම ගැන මේ  රටේ සියලු දේශපාලන නායකයන් ලජ්ජාවිය යුතුය. පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන හෝ අධිකරණ හමුවේ නඩු පවරනු ලැබ සිටින හෝ සැකකරුවන් බහුතරය ප්‍රහාරය සිදුවී පළමු සති දෙක තුළදී අත්අඩංගුවට පත් වූ පිරිසක් බව ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ දේශපාලන විචාරකයකු වන ජාවිඩ් යුසුෆ් මහතා පසුගියදා ඔහුගේ තීරු ලිපියකින් පෙන්වා දී තිබිණි. ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තොරතුරු  බුද්ධි අංශවලට ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කිසිදු පියවරක් ගැනීමට පැකිළුණ ද ප්‍රහාරය සිදු වූ වහාම සිද්ධියට අදාළ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමටත් සහරාන්ගේ ත්‍රස්ත ජාලය අනාවරණය කරගැනීමටත් ආරක්ෂක අංශ සමත් වූ බවද යුසුෆ් මහතා එහි සඳහන් කර තිබිණි.

කරුණු මෙසේ දිගින් දිගටම ඇදෙන්නේ පාස්කුදා  ප්‍රහාරය මුල සිටම දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදා ගැනීම බව රහසක් නොවේ. සිද්ධියෙන් පසුව බරපතළ කම්පනයට ලක්ව සිටි කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ඇතුළු කතෝලික ප්‍රජාව එම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් ඉල්ලා ප්‍රබල ලෙස බලපෑම් සිදුකළත් මෙතෙක් සෑහීමට පත්වීමට තරම් ප්‍රතිඵලයක් අත් නොවූ බව  එතුමෝ යළි යළිත් අවධාරණය කරති. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ අවස්ථාවේ දී පාස්කුදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්  අධිකරණය හමුවට පමුණුවනු ඇති බවට තමන් තුළ තිබූ බලාපොරොත්තුව පසුව අත්හැරීමට සිදුවූ බව ද කාදිනල් තුමා ප්‍රකාශ කර තිබිණි. ප්‍රහාරයට පෙර සහ පසුව බලයේ සිටි කිසිවකුත් එම ප්‍රහාරය පසුපස තිබූ සැබෑ හේතු සොයා ගැනීමට තරම් ප්‍රමාණවත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවද එතුමෝ පෙන්වා දෙති.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවේ කොතරම් විවාද කළත් එම විවාද දේශපාලන හේතූ පදනම් කර ගනිමින් පැවැත්වෙන්නේ නම් එයින් ඵලක් වන්නේ නැත. එසේම එම ප්‍රහාරයේ වගකීම සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දුර්වලතා පිළිබඳ ප්‍රසිද්ධියේ කොතරම් වාද විවාද කළත් එයින් එම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවෙන්නේ නැත. ඒ පිළිබඳ සියලු විමර්ශන ප්‍රායෝගික මට්ටමින් සිදු කර සත්‍ය කරුණු හෙළි කර ගත යුතුය. එය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගැනීමෙන් වැළකී සියලු පාර්ශ්ව එකී පොදු අරමුණු ඉටුකර ගැනීමට දායකවීම මේ අවස්ථාවේ සිදුකළ හැකි හොඳම මෙහෙවර වශයෙන් අපි දකිමු.

(***)



අදහස් (3)

පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා

wedage Monday, 29 April 2024 10:50 AM

ඒ කියන්නේ දැන් ගෑවිලා තියන ප්‍රමාණය හොඳටම ඇති

:       2       2

ala ya Tuesday, 30 April 2024 01:30 AM

ප්‍රභූන් කියන හැම එකාටම, ජෙප්පෝත් එක්ක මේක දැනන් ඉඳන් තියෙන්නේ මොවුන් මුළු රටම අන්දන්න.. ළඟදී චාමරත් කිව්වා එයත් දැනන් හිටියා කියලා.. කලින් හරින් කිවා...!

:       1       1

fairoos Thursday, 02 May 2024 12:03 PM

මේ ප්‍රහාරයට මුල දේශපාලනය තමයි නැත්නම් මුස්ලිම් කතෝලික ප්‍රශ්න මොනවාටද?

:       2       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​එදා වැටුණු ආර්ථිකයේ අද දවස
2024 මැයි මස 08 235 1

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මු


විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන්නට දෙනු එපා
2024 මැයි මස 08 276 1

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියම මේ වන විට අකර්මණ්‍ය තිබේ. ඒ, විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 3277 3

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා


නිදහස් අධ්‍යාපන ඝෝෂාව
2024 මැයි මස 07 290 6

ඉකුත් මැයි 03 වැනි සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස්


මධ්‍යම අධිවේගයේ බාල්කයක් කඩාවැටුණේ කාගේ වරදින්ද?
2024 මැයි මස 07 1281 3

අතරමග නවතා දමා තිබෙන කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමේ පුවත අධිවේගී මාර්ගවල ගමනා ගමනයේ යෙදෙන ඕනෑම කෙනකුට ස


ආර්ථිකයේ අනාගතය අඳුරුද?
2024 මැයි මස 06 391 0

ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරනු දැකිය හැකිය. මැතිවරණයක් ආසන්නයට ගමන් කරමින් සිටීම එයට ප්‍රධාන හේතුවකි. අපායේ ඉන්ටර්වල් එකක් ගත කරමින් සි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site