IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැසසුම් ගැරහුම් සමව විඳි කීර්තිධර ජන නායකයා ජේ.ආර්.

(හිටපු පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 119 වැනි උපන් දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

දේශපාලන පරිණතභාවය, තීක්ෂණ බුද්ධිය, අසමාන රාජ්‍ය තාන්ත්‍රික භාවය බඳු පරිපූර්ණ රාෂ්ට පාලකයකු සතුව පැවතිය යුතු වූ සාධනීය ගුණාංග සමුදායයක් සනිටුහන් කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1988 දී විශ්‍රාම ලබන අවස්ථාවේ සමහර විට ලෝකයේ එවකට ජීවත්ව සිටි ජන සම්මුතියෙන් බලයට පත් වෘද්ධතම රාජ්‍ය නායකයා ලෙස සැලකිණි. මිතුරන් මෙන්ම පස මිතුරන් අතරත් ජේ.ආර්. යන ජනප්‍රිය නාමයෙන් හැඳින්වුණු ඔහු දශක හතරක් සිසාරා විහිදී පැතිරී පවත්නා කීර්තිධර දේශපාලන ජීවිතයක් උරුම කරගත් සුවිශේෂී පුද්ගලයෙකි.

ජාතික නිදහසට පූර්ව හා පශ්චාත් යුග ද්වය ස්පර්ශ කරමින් විකාශනය වන ඔහුගේ චරිතාපදානය නිසැක වශයෙන්ම 1943 - 1988 කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ නිර්ව්‍යාජ විවරණයකි. දේශයේ මුල්පෙළ දේශපාලනඥයන් අතුරින් අන් කිසිවෙක් ඔහු තරම් දීර්ඝ කාලයක් ඇමැතිවරයකු ලෙස වසර 15 ක් හා රාජ්‍ය නායකයා ලෙස වසර 12 ක් පාලන තන්ත්‍රය සමඟ සම්බන්ධව නොසිටියහ. ඔහු විපක්ෂ නායකයාව සිටි (1970 - 77) වසර හත ද ඊට එකතු විය යුතුය. දේශපාලන මං පෙත පියමං කළ හතළිස් වසරක් ඉක්මවන කාල පරිච්ඡේදය තුළ ලාබ අලාබ, ජය පරාජය, පැසසුම් ගැරහුම් වැනි ධර්මතා සදෘෂ්ටිකව අත්විඳ ඔහු ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉවසමින් සිය අභිමතාර්ථය සපුරා ගන්නට සමත් වූයේ ගිරිදුර්ග තරණයෙහි නිරත වූවෙකුගේ එඩිය හා දිරිය ප්‍රදර්ශනය කරමිනි.

හිටපු ජනාධිපති ජයවර්ධන මහතා කොදෙව් මානසිකත්වයෙන් මිදුණු ජාත්‍යන්තරවාදියෙකි. කොටු වාදය පිටු දැක වටුවාදය අගය කළ ප්‍රායෝගිකවාදියෙකි. එය මැනවින් කැපී පෙනුණු අවස්ථා දෙකකට අවධානය යොමු කරමු. එනම් කොළඹ ක්‍රමය සහ ජපන් සාම ගිවිසුමයි.

ජපන් සාම ගිවිසුමට අදාළ ප්‍රශ්න හා එහි සංකීර්ණ භාවය පිළිබඳ හාපුරා කියා ජේ.ආර්. ට අවබෝධ වූයේ 1950 පෙබරවාරියේදී කොළඹ දී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමැතිවරුන්ගේ සම්මේලනයේදීය. ජපන් පරාජයට ප්‍රබල දායකත්වයක් මුදාහළ ඇමෙරිකාවේ හමුදා ආධිපත්‍යයෙන් ඇය ඉක්මනින් මුදා හරින ලෙස ඉන්දියාව, පාකිස්ථානය හා ශ්‍රී ලංකාව යන නව ඩොමීනියන් රටවල් විසින් එම සම්මේලනයේදී බලවත් ඉල්ලීමක් කරන ලදී.

1951 සැප්තැම්බර් මාසයේදී ජපානයත් සමග සැන්ෆ්‍රැන්සිස්කෝ හිදී සාම ගිවිසුම අත්සන් කරනු ලැබිණි.

මේ ගිවිසුම වනාහි පරාජිත සතුරකුට සාධාරණය ඉටු කරන්නා වූ ඉතාමත් උදාර සම්මුතියකි. අපි ජපන් ජනතාවට අපගේ සුහදතාවයේ විශ්වාසය දිගු කරන අතරම අද අප අවසාන පිටුව ලියා මනුෂ්‍ය ඉතිහාසයේ මේ පරිච්ඡේදය අවසන් කර, හෙට අලු‍ත් පිටුවක් ලිවීම ඇරැඹීමත් සමගම ජපන් ජනතාවත්, අපටත්  එක්සත්ව එක් සිත්ව සමෘද්ධියෙන් නොඅඩු, මිනිස් ජීවිතයේ උත්තරීතර වින්දනය භුක්ති විඳීමට වාසනාව උදාවෙතැයි මම විශ්වාස කරමි.

ජේ. ආර්. වේදිකාවෙන් ඉවත් වූයේ එතෙක් එම සමුළුවේ නැගුණ දැඩි ඔල්වර හඬ මැද්දේය. සැන් ෆ්‍රැන්සිස්කෝ කොනිකල් පුවත්පත සම්මේලනයේ කෙටිම දේශකයා වූ ජේ. ආර්. ගේ කතාව වාර්තා කරමින් එය අවසානයේ නැගුණ අපොළසන් හඬින් සමුළුව පැවැත්වුණු ඔපෙරා රඟහලේ ශ්‍රවණාගාරයේ දොර ජනෙල් පවා කම්පාවට පත්වුණු ආකාරය වාර්තා කොට තිබිණි.

ඔපෙරා හලේ ප්‍රවේශ ශාලාවට රැස්ව සිටි පිරිස අතුරින් රිංගා යමින් තම නියෝජිත පිරිස වෙත යාමට ඔහු උත්සාහ දරමින් සිටින විට විවිධ ජාතීන්ට අයත් නියෝජිත පිරිස අතට අතදෙමින් සිය සතුටත් ප්‍රසාදයත් දක්වමින් ගරු බුහුමන් දැක්වූහ. සමරු සටහන් ලබා ගැනීමට ද පොර බැදුහ. ඔහුට එම  ස්ථානයෙන් මිදීමට ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට සිදු විය.

සම්මේලනයේ වැඩ කටයුතුවලට හා දේශනවලට දැඩි උනන්දුවකින් සහ සාවධානව සවන් දෙමින් සිටි නිවුණු සිතැති පුද්ගලයෙකු වූ ජපන් අගමැති ෂිනෙරු යොෂිඩාගේ දෙනෙතින් ගිලිහුණු කඳුළු පැවසුවේ මිතුරු තොමෝ සැපතේදී මෙන්ම දුකෙහිදීත් සෙවණැල්ල මෙන් පිටු නොපාති යන උතුම් පාඨයයි.

කේ. ඇම්. ද සිල්වා සහ හවඩ් රිගින්ස් මහාචාර්යවරුන් විසින් රචිත ජේ.ආර්. ජයවර්ධන චරිතාපදාන කෘති ඇසුරෙනි.

 

(***)

ජයන්ත කන්නන්ගර

ඌව පළාත් සභාවේ හිටපු එජාප මන්ත්‍රී



අදහස් (4)

පැසසුම් ගැරහුම් සමව විඳි කීර්තිධර ජන නායකයා ජේ.ආර්.

wedage Wednesday, 17 September 2025 02:36 PM

තවමත් ගැරහුම් විදිනවනේ...

:       2       9

tissaThursday, 18 September 2025 12:48 AM

ඒ වුනාට නිදහසින් වසර 30ක් පමණ එක තැන පල් වුණු රටේ ආර්ථිකය නව දිශානතියකට යොමු කරේ ජේ. ආර්...

:       9       6

ලුම්බිණි Friday, 19 September 2025 10:36 AM

ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් ජේ ආර්, ප්‍රජාතන්ත්‍රවාදී රටකට කළ විනාශයට කවමදාවත් සමාවක් දිය නොහැක...

:       6       8

ලයන් Friday, 19 September 2025 12:01 PM

වැරදි විදේශ ප්‍රතිපත්තියකි අනුගමනය කිරිම හේතුවෙන් 30 යුද්ධයක් රටට හිමි කරදුන් නායකයෙක්. සමහරු දෙයියෙක් ලෙස සැලකුවත් හරි අවබෝධයක් ඇති අයකුට මොහු වැදගත් මිනිසකු නොවේ

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 175 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site