බස්නාහිර සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු පළාත් පාසල්වල සීනු නාදය පසුගිය 11 වැනිදා සිට යළිත් ඇසෙන්නට පටන් ගත්තේය. පාසලේ සීනුව රැව්දීම කුමන රටක කුමන ජාතියකට වුවද මහත් ප්‍රබෝධයක් දනවන්නකි. රටක් සජීවී ලෙස ක්‍රියාත්මක වන බව ජාතියේ හදගැස්ම නොනැවතී ක්‍රියාත්මක වන බව ලොවටම හඬ ගා කියන්නකි. මේ නාදය යළි අසෙන්නට පටන් ගත්තේ දෙවැනි කොරෝනා රැල්ලේ පාලනය පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් පසුව අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රමුඛව රජය මගින් ගනු ලැබූ තීන්දුවකට අනුවය. එම තීන්දුව අනුව විවෘත වූ පාසල් දරු දැරියන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව රජය ප්‍රකාශ කරයි.
සිසුන් සහ ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අසන්නට ලැබීම කොරෝනා මරණ හේතුවෙන් තැතිගැන්වී සිටින මුළු මහත් සමාජයටම සුබදායී පණිවුඩයක් බව විශ්වාස කරමු. නිසි ලෙස සෞඛ්‍යාරක්ෂක නීති රීති අනුගමනය කිරීමට දෙගුරුන්ගේත් සිසු දරුවන්ගේත් අධිෂ්ඨානශීලී කැපවීම තිබේ නම් අවහිර බාධාවලින් තොරව පාසල් පවත්වාගෙන යා හැකිය යන විශ්වාසය අප කවුරුත් තුළ පවතී. වසා දමා ඇති ප්‍රදේශවල ඇති සෙසු පාසල්ද හැකි ඉක්මනින් විවෘත කර ගැනීමට අවස්ථාව උදාවනු ඇති බවට වන ප්‍රාර්ථනයක්ද ඒ සමඟ ඇති බවද සඳහන් කළ යුතුය. එම ප්‍රාර්ථනය යථාර්ථයක් කරගත හැකිවන්නේ සියලු දෙනාගේ කැපවීමත් උත්සාහයත් තුළින් පමණි.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ මුල් අවදියේදී රෝගය පිළිබඳව තිබූ අල්ප දැනුම සහ අනවබෝධය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාවට පාසල් වසා දැමීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට ඉඩ නොතිබිණි. ලොවේ සෙසු රටවල් අනුව යමින් ගනු ලැබූ එම ක්‍රියාමාර්ගය ලිහිල් කරමින් පළමු රැල්ල පාලනය කර ගැනීමෙන් පසුව පාසල් යළිත් ආරම්භ කිරීමට අපේ රටට හැකියාවක් ලැබීම සතුටට හේතුවෙයි. ඒ කාලය තුළදී අ.පො.ස. උසස් පෙළ විභාගය පවත්වා අවසන් කිරීමටද හැකි වූ බවත් මෙහිදී සිහිපත් කළ යුතුය. එහෙත් දෙවැනි රැල්ල ශීඝ්‍ර ලෙස පැතිරයාමත් සමඟ යළිත් පාසල් වැසීමට සිදුවූ අතර ඒ සමඟ කලින් සැලසුම් කර තිබූ පරිදි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමටද නොහැකි විය. පවතින තත්ත්වය සතුටුදායක වුවහොත් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් සෙසු පාසල් විවෘත කර ගැනීමටද සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමටද හැකියාව ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන් අපි සිටිමු.
කොරෝනා වසංගතය හේතුවෙන් රටේ සියලු කටයුතු නවතා දමා සිටීමට කිසිදු රටකට හැකියාවක් නැත. රෝගකාරක වයිරසය, එහි ව්‍යාප්තිය සහ ඉදිරියේදී ලැබීමට නියමිත එන්නත් ප්‍රතිකාර ආශ්‍රිත කරුණු පිළිබඳ දැනුම අපේ රට තුළටද ප්‍රමාණවත් තරමින් කාන්දු වී තිබේ. එම දැනුම මත පදනම් වෙමින් රටම හැකි පමණින් විවෘත කර ගැනීමට කටයුතු යෙදීම රජයේ වගකීමකි. ලොවේ බොහොමයක් රටවල්ද අනුගමනය කරන්නේ එම ප්‍රතිපත්තියමය. අලුතින් ශීඝ්‍ර ලෙස පැතිරෙන කොරෝනා වයිරසය රට තුළට පැමිණීම හේතුවෙන් බරපතළ තත්ත්වයකට මුහුණ දී සිටින එංගලන්තය යළිත් වසා දැමීමට සිදුවුවද එරට අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ඔස්සේ දිගටම ක්‍රියාත්මකය. යුරෝපයේ සහ බටහිර ඇතැම් රටවල්ද කඩින් කඩ වසා දමන තත්ත්වයක් තුළ වුවද අධ්‍යාපනය නොකඩවා සිදුකරගෙන යයි. අපේ රටේ සිසු දරුවන්ටද අඛණ්ඩව අධ්‍යාපනය ලබාදීමේ ඉඩකඩ හැකි පමණ විවෘත කර දීමට ප්‍රමුඛත්වය ලැබිය යුතුය.
මෙරට පාසල් නව වසරේ පළමු වාරය සඳහා විවෘත කෙරුණු දිනයේ (11) සිසුන්ගේ පැමිණීම සියයට 51ක සහ ගුරුවරුන්ගේ පැමිණීම සියයට 88ක් වශයෙන් පැවැති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර තිබිණි. ආරම්භක දිනය එසේ වුවද ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. දැනට පාසල් විවෘත නොවී පවතින බස්නාහිර පළාතේද 11 වැනි ශ්‍රේණියේ පන්ති ලබන 25 වැනිදා විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මගින් සැලසුම් කර ඇති බවද සඳහන්ය. එවැනි පියවරකින් හෝ එම පාසල්වලද පන්ති පැවැත්වීම ආරම්භ කළ හැකි නම් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයද ඉදිරියේදී ඉක්මනින් පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකිය.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩදිය යුතු නැත. නිවෙස් තුළටම වී කල් ගෙවමින් ඔන්ලයින් හරහා අධ්‍යාපනය ලැබීම සිසු දරුවන්ට හැමදාම කළ නොහැක. මේ රටේ ඇතැම් ප්‍රදේශවල සිසු සිසුවියන්ට ගස්, ගල් සහ කඳු උඩ නැග ඔන්ලයින් පහසුකම් ලබාගැනීමට සිදුව තිබීමද සියලුදෙනාගේ අවධානය යොමුවිය යුතු තත්ත්වයකි. ප්‍රායෝගිකව ලද එම අත්දැකීම් හේතුවෙන් පෙනීයන්නේ රටට දියුණු තාක්ෂණයක් තිබෙන බවට කොතරම් උදම් ඇනුවද රටේ අවශ්‍යම ස්ථාන කරා එම දියුණුව ගලාගොස් නැති බවය. ඒ ගැටලුවට විසඳුමක්ද මේ කාලය තුළදීම සොයාගත හැකි නම් එය දරුවන්ගේ ඉහළ අධ්‍යාපනයට සිදුකෙරෙන ඵලදායී ආයෝජනයක් වනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉදිරි කාලයේදීද වයිරසය සමඟ ජීවත්වීමට සිදුවනු ඇති බවය. එහෙයින් කළ යුත්තේ වයිරස වසංගතයට අනුව රටේ පැවැත්මේ හැඩතල වෙනස් කර ගැනීම මිස අගුල් දා ගැනීම නොවේ. අධ්‍යාපනයට එහිදී ඉහළම ප්‍රමුඛත්වය ලැබිය යුතුය. වයිරසයක් නිසා රටේ අනාගතයට අගුලු වැටීමට ඉඩක් දිය නොහැක.
(***)
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාසල් විවෘත කිරීම සාර්ථක කරගනිමු
Raveendra Thursday, 14 January 2021 10:44 AM
මෙහි අදහස් කුමක් වුවත් මල්වැනි දරුවන්ගේ සුන්දර අව්‍යාජ සිනහවක් දැකීමත් ඇති අපගේ සිත් සතන් සන්සුන් වීමට. විශේෂයෙන් ඡායාරූපයේ මැදම සිටින රත්තරං දූ පැටියාගේ ඒ සුන්දර සිනහව අපගේ මනසට මොනතරම් සැහැල්ලුවක් ඇති කරන්නේද? අප තරයේ විශ්වාස කරනවා දරු සෙනෙහස හොඳින් දන්නා සැමටම මෙම හැඟීම් පහළවේ යන්න...
anuraThursday, 14 January 2021 05:38 PM
මෙම වටිනා ඡායාරූපය ගත් ශිල්පියාට ස්තූතියක් හිමිවිය යුතුය.