උසාවි භූමිය කළු ලෝගු ඇඟලා ගත් අයගෙන් පිරිලා. විත්ති කූඩු ඇතුළේ මහ හඬින් තර්ක විතර්ක දෝංකාර දෙනවා. සුදුපාට රැලි ගවුමක් ඇඳන් පොත් මිටිය තුරුලූ කරගෙන පාසල් යන්න  ඕන වයසේ දරුවෝ ගැබ්බර මාතාවෝ වෙලා. තව සමහර දියණියෝ අත දරුවො වඩාගෙන, දරු දුකෙන් පිච්චෙන මවුවරු හඬා වැටෙනවා. මේ අඩවියෙ යුක්තිය පසිඳලන දෙවියෝ වැඩ ඉන්නවා කියලා අපි කට වහරට කියනවා. ඒ වගේ මේ භූමියේ දෙවියන් යදින මවුපියෝ දරුවෝ අද එන්න එන්නම වැඩි වෙලා.

 

1 

මේ දරුවො අතර බහුතරයක් නීතිය හමුවේ හමුවෙන්නෙ දුප්පත් පන්තියෙන් සහ මධ්‍යම පාන්තික අයගෙන්. ඉහළ පාන්තිකයන්ගෙන් අපට අහන්න දක්නට ලැබෙන තොරතුරු අල්පයි. ඒ මුදල ඉදිරියට දාලා සිද්ධිය වසන් කිරීමට බලයක් ඔවුන්ට තිබෙන නිසා. උසාවි භූමියෙ ඇහෙන කඳුළු කතා අස්සෙ මෙවැනි කථාත් කන වැටුණා. ‘‘මං කෙල්ලට ඇති වෙන්න සැප දුන්නා නෝනා,  ඕන  ඕන කියන සාම්පලේට ඇඳුම්, කන්න, බොන්න මේ කිසිම දේකින් අඩුවක් පාඩුවක් කරේ නැහැ. තව පිරිමි දරුවෙක් ඉන්නවා. ඒ දරුවට වඩා සැප දුන්නෙ කෙල්ලට. ඉන්න එකම කෙල්ලනෙ කියලා. අත්වල කර ගැට එනකම් දුක් විඳලා බඩට නොකා නොබී මුන්ට උගන්නන්න හැම දුකක්ම වින්දෙ...


කෙල්ලට මොකක් හරි නස්පැත්තියක් වුණාට පස්සේ ඔය ආදරේ කියලා පස්සෙන් එන එවුන් නැහැ. අම්ම අප්පගේ හිතේ පත්තුවෙන ගින්දර මුන්ට තේරෙන්නෙ නැහැ නෝනා. මහ මිනිහ මරන් කන්න හදන්නෙ මාව, උඹ ඔහොමද දරුවො හැදුවෙ කියලා. ඇහේ දාලා හැදුවත් යන එකා යනවමයි.’’
කඳුළු පිරුණු දෙ28_PAGE_4_RASAනෙතින් ඒ අහිංසක අම්මකෙුගෙ කථාව කියද්දි ඇයට ඇහුන්කන් දීපු අපේ නෙත් වලටද කඳුළු ඉනුවේ අපටත් නොදැනීම.. උසාවි භූමියේ මේ විදිහට කඳුළු හිතේ තදකරන් පිච්චෙන මවුපියො මොන තරම් නම් මේ සමාජයෙ ඉන්නවද?


පිච්චෙන කඳුළු හිතේ තද කරගෙන ළමා නිවාසෙක දිවිගෙවන තවත් ඛේදනීය කථාවක් මෙසේ දිගහරින්නට හිතුවාය.


දෙව්මිණි කියන්නෙ සාමාන්‍යය පවුලක පවුලෙ එකම දරුවා. දෙව්මිණිගෙ පියා පරිපාලන ක්ෂේත‍්‍රයේ ඉහළ රැුකියාවක නියුතු පුද්ගලයෙක්. දෙව්මිණිගේ අම්මා ‘‘කුමාරි’’ ගෙදර දොරේ වැඩපල කරගෙන ඉන්න සාම්ප‍්‍රදායික මවක්. එහෙත් ඇය ඇගෙ වෘත්තියෙන් සමුඅරන් සාම්ප‍්‍රදායික මවක් වුණේ පෙරුම් පුරලා කුසට ආපු පුංචි දෙව්මිණිට ලස්සන ලෝකයක් තනන්න  ඕනෑ නිසා. ඒත් දෙව්මිණිගේ ලෝකෙ ලස්සන වුණේ ඇගේ කුඩා කාලයෙදි විතරයි.. වයස අවුරුදු දහසයක් තරම් පුංචි වයසෙද් ඈ නොහඳුනන පේ‍්‍රමයක පැටලූණේ ඇගේ යෙහෙළියගේ පේ‍්‍රම සබඳතාව දිහා බලල ඇති වුණ ආසාවත් එක්ක. පාසලේදි උපකාරක පන්තියෙදි තමන් එක්ක එකට ඉන්න යෙහෙළිය ඇගේ පෙම්වතා සමග දොඩමළු වන අවස්ථා වලදී දෙව්මිණිට හිතුනේ ‘‘මටත් පෙම්වතෙක් හිටියානම් කියලා’’ හැඟීම් වලට වහල් වෙන වයසක හිටපු දෙව්මිණි මේ සමාජයේ විෂඝෝරයි කියල දැනන් හිටියෙ නැහැ. ඇය හිතුවෙ හිනාවෙන හොඳට කථා කරන හැමෝම ඇයට ලෙංගතුයි කියලා. එහෙම හිතපු දෙව්මිණි තමන්ගෙ මුළු ජීවිතේම විනාශ කරගත්තෙ පණටත් වඩා ආදරේ කරපු පේ‍්‍රමවන්තයා නිසා.


මැණිකක් වගේ හදපු චූටි දූ පාසල් වයසෙම ගැබිණියක් වුණේ කොහොමද කියල හිතෙන කොට දෙව්මිණිගෙ අම්මට ඉවසුම් දෙන්නෙ නැහැ. හිතට එන මේ දේවල් එක්ක බිත්ති හතරකට කොටුවෙලා දෙව්මිණි මැරි මැරී ජීවත් වෙනවා. ඇස් දෙකට උණන කඳුළුත් එක්ක ඇගේ කථාව වචනවලට පෙරළන්න ඇයට එකවරම හැකි වුණේ නැහැ. කඳුළු අතරින් ඇගේ හඬ අවධි වුණේ මේ විදිහට.


මගේ අම්මයි තාත්තයි මට පුංචි කාලෙ ඉඳලා සැප

අම්මා මගේ වෙනස්කම් එක්ක මගේ පස්සෙන් එළවන්න ගත්තා. දවසක් සම්පත් එක්ක කථා කර කර ඉන්න කොට අම්මා එක පාරටම කාමරේට ඇවිල්ල ෆෝන් එක උදුර ගත්තා. සද්ද නැතුව ෆෝන් එක කනේ තියාගෙන ඉන්නෙ අම්මා කියලා සම්පත්ට තේරුණේ නැහැ. මේ සම්බන්ධෙ වසන් කරන්න කොච්චර බොරු කිව්වත් අම්මා පිළිගත්තෙ නැහැ.

සම්පත් වලින් කිසිම අඩුවක් කළේ නැහැ. තාත්තා ටිකක් සැර පරුෂ වුණත් අම්මා කවදාවත් මට සැරවැර කරල නැහැ. ගෙදර තනියට හැදුණු වැඩුණු මට ලොකු තනිකමක් පාළුවක් දැනුණා. ඒ නිසා යාළුවන්ගෙ ගෙවල්වල යන්න, යාළුවො ආශ‍්‍රය කරන්න අම්මා මට ලොකු නිදහසක් දුන්නා. ඒ අතරේ මගේ හොඳම යාළුව වුණේ දේදුණු. ඒ දවස්වල එයාට පේ‍්‍රමවන්තයෙක් හිටියා. තාත්තා ටිකක් සැර නිසා පිරිමි ළමයි එක්ක සම්බන්ධකමක් පවත්වන්න ලොකු බයක් තිබුණා. ඒත් දේදුණු එයාගෙ පෙම්වතා එක්ක කථා කරද්දි ඒ පිරිමි ළමයා දේදුණුට තෑගි දෙද්දි මට පොඩි ඊර්ෂ්‍යාවකුත් හිතුණා. ඔය අතරවාරේ දේදුණුට එයාගෙ යාළු අයියා ෆෝන් එකක් අරන් දුන්නා
දේදුණුගේ ෆෝන් එකට මටත් ආස හිතුණා. ඒව දකිද්දි මටත් පෙම්වතෙක් හිටියානම් කියලා හිතුන වාර අනන්තයි.


ෆෝන් එකට ආස හිතුන නිසා අම්මට අඬලා කිව්වා තාත්තට කියලා ෆෝන් එකක් අරන් දෙන්න කියලා. අම්මා කිව්වා ‘‘අපෝ තාත්තාගෙන් මටත් එක්ක බැනුම් අහන්න වෙන්නේ, වැඩි වැඩ  ඕනෙ නැහැ ඔයා තාම ඉස්කෝලෙ යන ළමයෙක්නෙ කියලා.’’


දෙව්මිණි ඇගේ තාත්තට ගොඩක් බයයි. තාත්තගේ ඒ සැරපරුෂකම ඇතුළේ තියෙන්නේ පිරිච්ච ආදරයක්. තාත්තා දරුවන්ට සැර වැර කරන්නෙ ආදරේ වැඩිකමට. දෙව්මිණිගේ තාත්තා ඇගේ අම්මා වගේ ආදරේ නොපෙන්නුවට ඒ තාත්තගෙ එකම වස්තුව වුණේ දෙව්මිණි. ඒත් ඇය තාත්තව දැක්කෙ ඇගේ නිදහසට බාධ කරන්න ආපු යකෙක් විදිහට. අම්මා ඇයට සැර පරුෂ බවක් නොපෙන්වූ නිසාම දෙව්මිණි අම්මා සමඟ වාද කරන්නට පවා පෙළඹුණා. ඇය නිතරම අම්මා එක්ක වාද කරල දිනුවා. ඈ එය ලොකු ජයග‍්‍රහණයක් කරගත්තා. එකම දරුවා නිසා හිත රිද්දන්න බැරිකමට තාත්තාට හොරෙන් දෙව්මිණි ඉල්ලන සමහර දේවල් දුන්නා.


ජංගම දුරකථනයක් අරන් දෙන්න කියලා පාසල් යාම පවා වර්ජනය කරලා. දෙව්මිණි ඇගේ ඉල්ලීම වෙනුවෙන් නොකා නොබී වර්ජනය කරා. ඇගේ අකීකරු කමට අම්මාට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇය දෙව්මිණිට ජංගම දුරකථනයක් අරන් දුන්නෙ දෙව්මිණිගේ තාත්තටත් හොරෙන්.


ඈ ආදරේට දෙව්මිණිට අරන් දුන්න ජංගම දුරකථනය නිසා පාසල් වියේදීම ජීවිතය විනාශ කර ගනිවි කියලා දෙව්මිණිගෙ අම්මා සිහිනෙකින් වත් සිතන්නට නැතුව ඇති. අම්මගේ පණ කෙන්ද ඇස් දෙක ඉදිරියේම විනාශ වුණේ කොහොමද කියලා ඇයට තාමත් හිතාගන්න බැහැ.

 

666


අඬලා, නොකා නොබී ඉඳලා අම්මා අවසානයේ තාත්තාට හොරෙන් මට ෆෝන් එකක් අරන් දුන්නා. මට සම්පත් මුණ ගැහෙන්නේ මගේ ෆෝන් එකට ආපු මඟ හැරුණු ඇමතුමකින්. මම සම්පත් අයියත් එක්ක කථා කරනවට වඩා කළේ මැසේජ් කරපු එක. සම්පත් අයියා වැඩ කරේ යුද හමුදාවේ. සැරෙන් සැරේ මැසේජ් කරපු අපේ කථාබහ දවසෙන් දවස දළුලා වැඩෙන්න ගත්තා. තාත්තා වැඩ ඇරිල ගෙදර එන්නෙ හවසටනේ. ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවට පස්සෙ කාමරේට ගිහින් දොර වහගෙන නිදහසේ පැය ගණන් කථා කළා. මට යාළුවො කථාබහ කරපු නිසා අම්මා මං ගැන සැකෙන් බැලූවෙ නැහැ. අපි ගොඩක් දවසක් යනකම්ම කතාබහ කරත් රූපෙන් දැකලා තිබුණෙ නැහැ. ඒත් සම්පත්ගෙ සමහර වචනත් එක්ක මට එයා ගැන පුදුම විදිහෙ ආදරයක් දැනුණා. ඒ ආදරේ මගේ හිතේ පුදුම විදිහට තැන්පත් වුණා.


එයා හිටියෙ උතුරු පැත්තෙ කෑම්ප් එකක. මං කථා කරාම එයාගෙ තනිකම දුක දැනෙන්නෙ නැහැ. එයාව කවදාවත් දාලා යන්න හිතන්නවත් එපා. මං වගේ ගෑනු ළමයෙක් ලබන්න පිං කරන්න  ඕන. මේ වගේ නොයෙකුත් දේවල් සම්පත් අයියා මට කිව්වා, මැසේජ් කළා. එයා සමහර වෙලාවට මාව වර්ණනා කරන කොට මට මං ගැන ලොකු ආඩම්බරයකුත් ඇති වුණා. මම එයාගෙ ආදරේ හෙව්වෙ හිතුවක්කාරකමත් එක්ක. එයාගෙ ආදරේ අවධානය ලබා ගන්න මං ගොඩක් හිතුවක්කාරකම් කරා. අපේ ප‍්‍රථම හමුවීම වුණේ සිනමා ශාලාවක් සම්පත් අයියා දවස් හතේ නිවාඩුවට එනකම් මං හැම මාසෙම ඇඟිලි ගැන්නා.
මඟ හැරුණු ඇමතුමෙන් හමුවුණ සම්පත් සේවය කළේ යුද හමුදාවේ. සම්පත් කියන්නෙ ඇත්තටම කවුද? ඉන්නේ කොහෙද? කියන්න දෙව්මිණිට පවසන තොරතුරක් මිස ඇය එහි සත්‍යයක් දැනන් හිටියෙ නැහැ. ඒත් සම්පත් කියන්නෙ විවාහකයෙක් කියලා දෙව්මිණි දැනන් හිටියෙ නැහැ. හඬට ලොල් වෙච්ච ආදරේ ඒ වෙනකොට ගොඩක් දුර ගිහින්. පාසල් වියේදි දැනෙන හැඟීම් එක්ක සම්පත් පවසන සියලූ දේ ඇය බෙහෙවින් විශ්වාස කරා. සම්පත් ලැබෙන දින හතේ නිවාඩුවෙන් වැඩි දින ගණනාවක් ගෙවුණෙ දෙව්මිණි එක්ක. මේ නිසා සම්පත් විවාහකයෙක් කියලා දෙව්මිණි හීනෙන්වත් හිතුවෙ නැහැ.


හැම තත්ත්පරයක්ම මගේ ලෝකේ ජීවත් වෙච්ච සම්පත් අයියා නිවාඩුවට ගෙදර ගියාම සමහර දවස් වලට කථා කරේම නැහැ. ඊට හේතු විදිහට මට විවිධ දේවල් කිව්වා. සම්පත්ගෙ මේ වෙනස් වීමත් එක්ක දෙව්මිණි හිටියෙ දරා ගන්න බැරි ගින්දරක් මැද්දෙ. ඒ තමන් පණට වඩා ආදරේ කරපු සම්පත්ගෙන් ඇමතුමක් නොමැති නිසා.


සම්පත් අයියා ගෙදර ගියහම එයාගෙ මේ වෙනස් වීම මට හොඳට දැනුණා. ඒ දේවල් එක්ක මට කේන්තියට වඩා තිබුණෙ කියාගන්න බැරි දුකක්. එයා මට ආදරෙන් කථා කරපු හැටි දෝංකාර දෙන්න ගත්තා. මාස දෙකක් විතර ගෙදර ගියාහම ඒ විදිහට හැසිරුණ සම්පත් අයියා. මගෙන් බේරෙන්න කිව්වෙ අම්මට සනීප නැහැ ඒකයි කථා කරන්න බැරි වුණේ කියලා. ඒ හැමදේම මම ගොඩාක් විශ්වාස කරා. සම්පත් අයියා ගෙදර ගියාම මං හැමදාම රණ්ඩු වුණා. මාව බලන්න එන්න කියලා.


සිනමාහල් වල සහ ලැගුම්හල් වල නිතර දෙව්මිණි සහ සම්පත් මුණ ගැහුණා. ඒ වෙනකොට දෙව්මිණි සම්පත්ගෙ ආදරේ වෙනුවෙන් හැම දේම පූජකරල ඉවරයි. හමුදා සේවයේ කටුක ජීවිතෙන් මිදිලා දින හතේ නිවාඩුවට පැමිණෙන සම්පත් තමන්ගෙ අවශ්‍යතා සපුරගත්තෙ දෙව්මිණිගෙන්. දෙව්මිණිගේ වෙනස්වීම් ඇගේ අම්මට ඉවෙන් වගේ දැනුණා. ඇගේ සැකය දෙව්මිණිට ඇය දැනෙන්න ඉඩ දැනුනෙ නැහැ. හැබැයි වෙනදට වඩා ඈ දෙව්මිණිගෙ වැඩවලට ඇඟිලි ගහන්න ගත්තා. ඒත් දෙව්මිණිගෙ අම්මට ඇය ගැන ඉව වැටෙන කොට තමන්ගෙ හුරතලී ඇගේ ආත්ම ගෞරවය නැතිකරගෙන ඉවරයි.


අම්මා මගේ වෙනස්කම් එක්ක මගේ පස්සෙන් එළවන්න ගත්තා. දවසක් සම්පත් එක්ක කථා කර කර ඉන්න කොට අම්මා එක පාරටම කාමරේට ඇවිල්ල ෆෝන් එක උදුර ගත්තා. සද්ද නැතුව ෆෝන් එක කනේ තියාගෙන ඉන්නෙ අම්මා කියලා සම්පත්ට තේරුණේ නැහැ. මේ සම්බන්ධෙ වසන් කරන්න කොච්චර බොරු කිව්වත් අම්මා පිළිගත්තෙ නැහැ.


මම අම්මගෙ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා අනේ තාත්තට නම් කියන්න එපා කියලා. අම්මා එදා නොසෑහෙන්න ඇඬුවා. මං කිව්වා සම්පත් අයියා හරි හොඳයි. අනේ මට එයා නැතුව ඉන්න බැහැ කියලා.


අම්මා හිතේ දුකට නොසෑහෙන්න බැන්නා. උඹට කසාදයක්  ඕනෙ නම් ඉවසලා හිටපං කිව්වා.


මට දින ගණනාවක් ස්කෝලෙ යන්න තහනම් වුණා. හැබැයි අම්මා වෙච්ච හැමදේම තාත්තගෙන් වසන් කරා. ඒත් මට සම්පත් නැති ලෝකයක් හිතාගන්නවත් බැරුව හිටියෙ.


නිදහසේ හිටපු මම ගෙදරට හිරකාරයෙක් වුණා. හැමදේම දාලා සම්පත් එක්ක යන්න මම තීරණය කරා. ටියුෂන් පන්ති ගිය ගමන් සම්පත් අයියා මාව එයාගෙ යාළුවෙකුගෙ ගෙදර එක්ක ගියා. එක පාරම ගෙදර යන්න බැහැ ටික දවසක් යාළුවලගෙ ගෙදර ඉමු කියලා සම්පත් අයියා කිව්වා. දවස් පහක් යාළුවලගෙ ගෙදර හිටපු සම්පත් අයියා එක පාරටම කිව්වා කසාද බඳින්න කෑම්ප් එකට දැනුම් දෙන්න  ඕන ඒ නිසා වැඩට යන්න  ඕන කියලා. මං හොඳටම ඇඬුවා යන තැනක මාවත් එක්ක යන්න කියලා. සම්පත් අයියා මට කිව්වා ගෙදර යන්න ඊළඟ නිවාඩුවට ආවම බඳිමු කියලා. මිනිහෙක් එක්ක ආපු මම ආයෙත් අම්මගෙයි තාත්තගෙයි මූණ බලන්නෙ කොහොමද? ඒ දරදඬු අතපය එක්ක ඔට්ටු වෙන්න මට බැහැ. මං යන්න එපා කියලා රංඩු වුණා. සම්පත් අයියා මම බැහැ කියද්දි ගෙදර ළඟින් බස්සලා ගියා. තාත්ත මාව බාරගන්න කැමති වුණේ නැහැ. අදටත් තාත්ත මගේ මූණ බලන්න කැමති නැහැ. මම බාලවයස්කාර නිසා විවාහ නොවී බලෙන් රඳව ගත්ත කියල සම්පත් පොලිස් භාරයට පත්වුණා. ඒ වෙලාවෙ තමයි සම්පත් බැඳපු කෙනෙක් කියලා දැන ගත්තේ. හැම දේම මට හීනයක් වගේ. අද මැරි මැරී හිතින් ජීවත් වෙනවා. මගේ අම්මටයි තාත්තටයි මං නිසා සමාජයට මූණ දෙන්න බැහැ. දෙව්මිණි තමන්ගේ පණටත් වඩා ආදරේ කරපු සම්පත් ඇයි ඇයට එහෙම දෙයක් කරේ කියලා තවමත් දෙව්මිණි කල්පනා කරනවා.


ඇගේ කඳුළු වචන වලට පෙරළන්න අසීරුයි. පුංචි වයසට නොහඳුනන ආදරයක් සොයා ගෙන ගිය දෙව්මිණි අද මේ සමාජයෙන් කොන් වෙලා. යොවුන් වියේ දොරකඩ ඉන්න ගොඩක් දරුවො හිතන්නෙ මේ සමාජයේ හැම කෙනෙක්ම තමන්ගෙ අම්මා තාත්තා වගේ කියලා. ඒත් ඒක එහෙම නැහැ. අම්මා තාත්තවත් විශ්වාස කරන්න බැරි සමාජයක අද අපි ජීවත් වෙන්නේ. පාසල් වයසට ආදරේ හරි සුන්දරයි. ඒත් විවාහ වෙලත් මාස දෙකෙන් තුනෙන් දාලා යන සමාජයක ආදරේ කරන කාලේදි මිනිස්සු විශ්වාස කරන්නෙ කොහොමද? ඔබ සුන්දරයි කියලා හිතන ඒ ආදරේ හරි විසයි කියලා තේරුම් ගන්න තරම් ඔබට තවම අද්දැකීම් නැහැ.


අම්මට තාත්තට විරුද්ධ වෙලා මුළු ලෝකෙම පේ‍්‍රමවන්තයා විතරයි කියලා හිතන ආදරේට අත වනලා ජීවිතේ වැරදුණොත් රිදෙන්නේ අහිංසක අම්මටයි තාත්තටයි. අඩුවක් නැතුව අතපය නොකඩ සැප සම්පත් දීලා හදලා දෙමව්පියන්ගෙ ආදරේට එහා ගිය සැනසිල්ලක් සොයාගෙන ඔයා යන්නේ හරි සැහැල්ලූවෙන්. ඒ ඔය වයසට දැනෙන හැඟීම් එක්ක. ඒ සැහැල්ලූව සැනසිල්ල අපා දුකක් වෙන්න යන්නෙ තත්පර ගානයි. දෙව්මිණි ආසාවෙන් ළඟ තියාගෙන හිටපු ජංගම දුරකථනය ඇගේ ජීවිතේ විනාශයකට අතවනනවා කියලා ඇය හිතන්න නැතුව ඇති.


හැම දහම් ගැටයක්ම දාලා ඔයාව අල්ලගන්න මාන බලන ආදරෙන් වෙස්වෙලා ඉන්න සමහර ආදරවන්තයො ඔයා නැත්නම් මැරෙනවා. කවදාවත් දාලා යන්නෙ නැහැ කියලා කියාවි. ඔයාව ගොදුරක් කරගෙන පුංචි හිත ඩැහැගත්තට පස්සෙ එදා ආදරෙයි කියපු පෙම්වතුන් වැරදුනාම නැහැ. රත්තරං දුවේ බිඳුණු වීදුරුවක් අලවන්න පුළුවන්. හැබැයි ඒ වීදුරුවෙ පලූද්ද යවන්න බැහැ.


(මෙහි නම් ගම් මනඃකල්පිතයි)

m26