එකක් පසුපස එකක් වශයෙන් නිර්මාණය වූ හා නිර්මාණය කරගත් අර්බුද හේතුවෙන් රට අසාධ්‍ය ආතුරයකුගේ තත්ත්වයට පත්ව තිබේ. ලෝක වසංගතයක් චණ්ඩ මාරුතයක්ව හමා යමින් තිබියදී ඒ සම්බන්ධ නිසි තක්සේරුවක් නොමැතිව කාබනික පොහොර ව්‍යාපෘතිය හඳුන්වාදීම අර්බුද වගුර තවත් ගැඹුරු කිරීමට හේතුවිය. එය වැරැදි තීරණයක් බව ජනාධිපතිවරයාද ඉකුත්දා පිළිගත්තේය. එහෙත් ඒ වනවිට විනාශය සිදුවී හමාරය. පෙරදිග ධාන්‍යාගාරය යැයි විරුදාවලිය ලත් රටට සහල් ආනයනය කිරීමට සිදුවූ මෙරට වැරැද්ද බරපතළ විය.
කාබනික පොහොර ව්‍යාපෘතිය ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘතියක් වුවද එය බලපෑවේ අහිංසක ගොවීන්ටය. ඉකුත් 9 වැනිදා සඳුදා ප්‍රහාරයට ලක්වූ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ නිවාස හා දේපළ මෙන්ම ගොවි බිම් සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ ඇතැම් මැති ඇමැතිවරුන් සතුව රසායනික පොහොර මිටි දහස් ගණනින් තිබූ බවය. එය අමතර කතාවකි.
රසායනික පොහොර තහනමත් සමග එම පොහොර වර්ගය සොයා ගැනීම කළුනික සෙවීම බඳු විය. මේ වනවිට එම තහනම ඉවත් කර තිබුණද රසායනික පොහොර හිඟයක් රට තුළ පවතී. මෙම හිඟය නිසා පොහොර මිටියක මිල රුපියල්30000 ත් 35000 ත් අතරය. මේ බව අනාවරණය වන්නේ පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ අකිල විරාජ් කාරියවසම් කමිටුව කළ නිරීක්ෂණයකදීය. මේ තත්ත්වය යටතේ ගොවීන්ට වගා කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද එම කමිටුව පෙන්වා දේ.
අප රට තුළ කෘෂිකර්මය තිබුණට කෘෂිකර්මාන්තයක් නැත. එමගින් කියැවෙන්නේ කෘෂිකර්මය කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය වී නැති බවය. ගොවියා සිය පාරම්පරික දැනුමෙන් තමන්ට හැකි ආකාරයෙන් කෘෂි කර්මයෙහි යෙදී සිටී. එය රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවන බව ඔප්පු වී තිබේ. එම පරිසරය තුළ රුපියල් 30000 ක් 35000 ත් අතර මිලකට පොහොර මිලදී ගෙන ගොවියා ගොවිතැන් කරනු ඇතැයි සිතිය නොහැක. මෙය සරලව ගෙන පහසුවෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නොවේ.
ගොවියාට අවශ්‍ය ජලය, පොහොර හා බීජ පමාවකින් තොරව ලබා දෙන්නේ නම් රටට ඇවැසි අස්වැන්න නෙළා ගත හැකි බව රහසක් නොවේ. එහෙත් ගොවියාට පොහොර ලබා ගැනීමට ජලය ලබා ගැනීමට බීජ ලබා ගැනීමට අරගල බිමට පිවිසීමට සිදුවී තිබේ. ඵලදාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඇති සටන මෙන්ම අස්වැන්න විකිණීමට සිදු කරන සටන අමතර වශයෙනි.
තත්ත්වය එසේ වන විට මේ රට කෘෂිකාර්මික රටක් ලෙස හැඳින්වීම කෙතරම් දුරට ප්‍රායෝගිකද යන්න විමසිය යුතුය. මඩ සෝදාගත් කල්හි ගොවියා සිහසුනට වටී යන්න වෙනුවට මඩ සෝදාගත් කල්හි ගොවියා සුසානයට වැනි අලුත් යෙදුම් නිර්මාණය වී තිබෙන්නේ එසේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත්දා ප්‍රකාශ කළේ මේ වසරේදී ආහාර නැතිවන රටවල් අතරට ලංකාවේ නමද ඇතුළත්ව ඇති බවය. බලාපොරොත්තු නොවූ දේ, වේගයෙන් අපකරා පැමිණෙන සෙයකි. අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේදී ලෝකයටම ආහාර හිඟයක් ඇතිවන අතර සමහර තැන්වලට ආහාර නැති වන බව ඇමෙරිකාවේ මුදල් ඇමැති සහ භාණ්ඩාගාර ලේකම් ජැනට් හෙලන් සඳහන් කර ඇති බවය. ආහාර නැති රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය ඇතුළත් කර ඇති බවද අගමැතිවරයා සඳහන් කළේය.
මෙම අනාවරණය කිරීම් එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතුය. කොහොම තිබුණ රටක්ද යනුවෙන් හූල්ලමින් පසුවීම ප්‍රශ්නයට පිළිතුරක් නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබුණේ රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ළඟදීම ගෝලීය වශයෙන් වසර ගණනාවක් පැවතිය හැකි දැවැන්ත ආහාර අර්බුදයක් ඇතිවන ලකුණු පහළ වී ඇති බවය.
අවදානමට වඩා සූදානම අතිශයින්ම වැදගත්ය. බොහෝ කලක සිට අප පුරුදුව සිටින්නේ සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීමටය. බොහෝ විපත් අප ගෙන්වා ගත්තේ එහෙයිනි. ඒ බව අවබෝධ කරගැනීම වැදගත්ය. බත බුලතින් සරුසාර මවු පොළොව ආහාර පාන නැති රටවල් ලැයිස්තුවට එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයා එක් අතකින් ලජ්ජාවට පත්විය යුතුය.
කළ යුත්තේ කුමක්ද? පොළොවේ ඉඩ ඇති සෑම තැනකම වගා කළ යුතුය. ඒ සඳහා ගොවියා දිරිමත් කළ යුතුය. ඒ සඳහා ආරම්භක පියවරක් වශයෙන් රසායනික පොහොර මිටියක් රුපියල් දහ දාහකට දිය යුතු යැයි පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා අගමැතිවරයා පත් කළ කමිටුව රජයට නිර්දේශ කර තිබේ. එය එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇතැයි අපි විශ්වාස කරමු.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පෝර ප්‍රශ්නය නොතැකීමේ පාපයට ලක්වීමේ අවාසනාව
Pradeep Kumara Wednesday, 25 May 2022 11:34 AM
කාබනික වගා ක්‍රමයකට යෑම ඉතාමත් හොඳ දෙයක්. නමුත් එක් රැයකින් එහි ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාවක් නෑ. එය අවම වශයෙන් වසර 10ක පමණ කාලයක් ගතවන ව්‍යාපෘතියක්. එසේම 100%ක්ම කාබනිකව වගාවන් සිදුකළ නොහැකියි. පොහොර ගැටළුවට පෙර අප කළයුතුව තිබුණේ රටතුළ පවතින බීජ මාෆියාව නවතා දමා දේශීයව වැඩි දියුණු කළ බීජ අපගේ ගොවි ජනතාවට ලබාදීමයි. එකල ඉතා සක්‍රීයව තිබුණු කෘෂි පර්යේෂණ ආයතන බොහොමයක් අද වනවිට වල් ඇදී ඇති අයුරු අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම මහ ඉළුප්පල්ලම පර්යේෂණ ආයතනය. එකල වැඩි දියුණු කළ Mඓ1, Mඓ2 වැනි මිරිස් ප්‍රබේධ ගොවීන්ට ලබාදුන්නේ ඔවුන් විසිනුයි. එම බීජ මගින් ඉතා සාර්ථකව රටටම අවශ්‍ය මිරිස් කලාවැව ප්‍රදේශය පුරාම වගාකළ ආකාරය අපට තවමත් මතකයි... අද අප රටට ආනයනය කරණා විදේශීය බීජ ලෙඩ රෝගවලට බහුලව පාත්‍රවන අතරම රසායනික පොහොර නොමැතිව සරු අස්වැන්නක් ලබා නොදෙයි. එමෙන්ම කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව හෙක්ටයාරයක අඩුම අස්වැන්නක් ලබා ගන්නා රටද ශ්‍රී ලංකාව බව අප හොඳින්ම මතක තබාගත යුතුයි. මේ සම්බන්ධව කිවයුතු දේ බොහොමයක් ඇතත් මේ ඊට අවස්ථාව නොවන බවද දනිමි...!