IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පරිසරය රැකීමට ජාතියම එක්වෙමු

සොබා දහමට අවනත නොවී ගිය ගමනක තාර්කික වන්දිය මුළු මහත් මානව සමාජයම අත්විඳිමින් සිටිති. කලට වැසි වසින ස්වාභාවික විපත් අවම රටක් ලෙස අබිසෙස් ලැබූ අප රටට ද ඉන් ගැලවුමක් නැත. වැස්ස එක දිගට මාස ගණනක් පවතී. ගංවතුර නිසා පවුල් ලක්ෂ ගණනක් ඉකුත් සමයේ පීඩාවට පත් වූහ. මේ දිනවල අධික නියඟය ළිං පතුල් මෙන්ම වැව් පතුල් ද ඉරි තලමින් තිබේ. ගංවතුර මෙන්ම නියඟය භවභෝගවලට කළ හානිය හා කරමින් සිටින හානිය ගණනය කළ නොහැකිය.

පරිසර හිතකාමී ජීවන රටාවක අගය සැමතින්ම අවධාරණය කෙරුණ ද සංහාරයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගන්නා සමාජයකට ඒවා බීරි අලින්ට ගැසූ වීණා වාදනයක්ම විය. පාසල්වල නිවාසාන්තර මලල ක්‍රීඩා තරග අත්හිටුවීමේ නිවේදන එකක් පසුපස එකක් වශයෙන් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදු වී තිබෙන්නේ මෙම පරිසරය තුළය.

තත්වය කෙතරම් සැහැසි වුව ද භයංකර වුව ද පරිසර සංරක්ෂණය සම්බන්ධ විෂයයේදී අප තවමත් සිටින්නේ බිංදුවේය. ඒ බව පසක් කරවන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ පුවතින් කියැවුණේ, පොලිතින් මලු නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් දීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසල්, පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආර්ථික අධීක්ෂණ කමිටුවේදී එකඟ වී ඇති බවයි.

වැසිකිළි පාවිච්චි කරන්නන්ට මුදල් දෙන ඉන්දියාවට ආසන්න රටක් වන අප රටට සිදු වී තිබෙන්නේ ‘ෂොපින් බෑග්’ නොගන්නා අයට දීමනාවක් ලබා දීමටය. පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, ‘ෂොපින් බෑග්’ නොගන්නා පාරිභෝගිකයන්ට දෙන දීමනාවේ ප්‍රධානියා සම්බන්ධයෙන් අවසාන තීරණයට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන 21 වැනිදා අදාළ කාරක සභාව හමුවට කැඳවන බවය.

සාමූහික විචාර බුද්ධියෙන් කටයුතු නොකරන්නේ නම් කෙවිට අතට ගත යුතුය. මේ සිදු වෙමින් පවතින්නේ එයය. ඉතා යහපත් ප්‍රවණතාවකි. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානය යොමු නොකිරීම යනු, අනාගත පරපුරේ ශාපයට ඉලක්කයක් වීමකි.

අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, පොලිතින් සහ ප්ලාස්ටික් පාවිච්චිය අධෛර්යවත් කිරීමෙන් පරිසරය ආරක්ෂා කරගැනීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අරමුණ බවය. ෂොපින් බෑග් නොගන්නා පාරිභෝගිකයන්ට දෙන දීමනාව එහි මුදල් කවුළුවල ප්‍රදර්ශනය කරන ලෙස ප්‍රධානි සුපිරි වෙළෙඳසල් හිමියන්ට නිර්දේශ කර ඇති බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

ඇඳුම් සාප්පුවලින් පාරිභෝගිකයන්ට දෙන පොලිතින් බෑග් වෙනුවට කඩදාසි බෑග් හඳුන්වා දීම සම්බන්ධයෙන් එම වෙළෙඳසල් හිමියන් පිරිසක් ද ලබන 21 වැනිදා ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය හෙබවූ සමයේ පොලිතින් තහනම සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කළේය. එහෙත්, අවශ්‍ය පසුවිපරම සිදු නොවූ හෙයින්, එම වැඩපිළිවෙළ අපේක්ෂිත ඉලක්කය කරා නොගියේය. එහෙයින්, එම අතීතයෙන් පාඩම් ඉගෙන පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ අප්‍රමාදීව මෙන්ම කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ යුතුය.

(***)



අදහස් (1)

පරිසරය රැකීමට ජාතියම එක්වෙමු

sunil Friday, 22 March 2024 05:46 AM

මේ සඳහා ස්වයං විනය ඇති විය යුතුයි. බොහෝ අය හිතන්නේ ප්‍රතිචක්‍රීකරණය ගැනයි. එහෙත් ප්‍රති භාවිතය ඊට මෙහා පහසුවෙන් කළ හැකි දෙයක්. මස් හෝ මාළු හෝ නොදැමූ සෑම පොලිතින් බෑගයක්ම ඉරි නොමැති නම් නැවත යම් දෙයකට භාවිතා කළ හැකිය. ප්‍රතිචක්‍රීකරණය සඳහා තවත් ඉන්ධන හෝ රසායනික යෙදිය යුතුයි. එයද පාරිසරික ගැටලුවකි. එබැවින් ප්‍රති භාවිතය කෙරෙහි වඩාත් උනන්දු කළ යුතුයි. දැනට වෙළඳ පලේ භාවිතා වන බෑග් බොහෝමයක් ප්‍රතිචක්‍රීකරණයෙන් නිෂ්පාදනය කළ ඒවායි. ඒවා ඉතා ඉක්මනින් ඉරී යයි. එබැවින්, ඒවා කසල වලට දැමීමට සිදුවේ. අවාසනාව නම්, අප වෙනත් රටවලින් කසළ පොලිතින් ගෙනැවිත් ප්‍රතිචක්‍රීකරණය කොට වෙළඳපොලට නිදහස් කිරීමයි. මේ ක්‍රියාව තුළින්, තව තවත් පොලිතින් අපේ භූමියට විශාල වශයෙන් එකතු වේ. පරිසරය ආරක්ෂා කිරීමට නම්, අප සැවොම සම්පත් (මිනිස් ශ්‍රමයද ඇතුලත්ව ) නාස්තිය වළක්වා, එලියට දමන දේවල් අවම කිරීමට වගබලා ගතයුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site