IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රංශ - ජපන් - ඉන්දීය සබඳතා වර්ධනය කරමු

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් හමුවීම් සහ ප්‍රකාශ නිකුත් කිරීම් වලින් පසුගිය සතිය අපට වාසිදායක වූයේය. ඉන් එකක් වූයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ශ්‍රී ලංකාවට සපැමිණීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොස් ප්‍රංශ ජනාධිපතිවරයා හමුවී සාකච්ජා පැවැත්වීය.

එයින් විනාඩි විස්සකට පසුව  ශ්‍රී ලංකාවට පැමිණි ජපානයේ විදේශ ඇමැති යොෂිමාසා හයාෂි ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමු වූ අතර ඔහු සමග ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.

ප්‍රංශ ජනාධිපතිවරයකු ධුරය දරමින් සිටිය දී ශ්‍රී ලංකාවට සපැමිණි මුල් අවස්ථාව වශයෙන් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ගමන ඉතිහාස ගත විය. හදිසියේ හෝ යෙදණු එම අවස්ථාව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශය සමග ආර්ථික සහ ආරක්ෂක ක්ෂේත්‍ර සම්බන්ධ හරවත් අදහස් හුවමාරුවකට යොදා ගැනීම ඉතා වටිනා බව කිව යුතුය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී පැරිස් සමාජ ලේකම් කාර්යාලය හරහා ප්‍රංශ රජයේ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී ලබාදී තිබු පොරොන්දුව ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ඉතා වැදගත්  වෙයි. අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය  ලබා ගැනීම සඳහා ඉහළම උත්සාහයක් දරමින් සිටින ශ්‍රී ලංකාවට ප්‍රංශය වැනි බලවත් රටක සහාය ලබාදෙන බවට වන ප්‍රතිඥාව පවා විශාල උත්ප්‍රේරණයක් වනු ඇත.

එමෙන්ම අප්‍රිකා - ඉන්දියා සාගර කලාපයේ සමාජික රටවල් පහක් සම්බන්ධ කරගනිමින් පිහිටුවාගෙන තිබෙන අන්තර් ජාතික සංවිධානයක් වන ප්‍රංශය ආරම්භ කළ ඉන්දීය සාගර කොමිසමට නිරීක්ෂකයකු වශයෙන් එක් වන ලෙසට ප්‍රංශ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරාධනා කිරීම ද ප්‍රංශයේ හොඳහිත දැක්වීමක් වශයෙන් පිළිගත යුතුය. 

මේ අතර ජපන් විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේදී පැවැත් වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේ දී කර තිබූ ප්‍රකාශය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙයි. ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමග එක්වෙමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ්. ගිවිසුම සාර්ථක කර ගැනීමට ජපන් රජයට හැකි හැම සහායක්ම ලබාදෙන බවය. දූෂණ විරෝධි ක්‍රියා පිළිවෙත් ශක්තිමත් කර ගැනීමටත් ප්‍රතිපත්ති සැකසීමේ විනිවිදභාවය පවත්වාගෙන යාමටත් මේ රජයට සහාය දක්වන බව ද ජපන් විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

රාජ්‍ය නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ ඇති කරගත යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් ප්‍රංශය සහ ජපානය පෙන්වා දෙන ප්‍රමුඛතාවලට දැඩි සැලකිල්ලක් දැක්වීම අවශ්‍යය. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයක පැටලී සිටියදී මොනම රටක්වත් ආවාට ගියාට එයින් ගොඩඒමට  අත දෙන්නේ නැත. ඔවුන්ගේ සහාය ලබාගැනීමට නම් ආර්ථික මුල්‍ය පාලන සහ විදේශ කටයුතු සම්බන්ධයෙන් ස්ථාවර ප්‍රතිපත්ති ඇතිකර ගැනීම අත්‍යවශ්‍යම වෙයි. මඩේ සිට වූ ඉන්නක් මෙන් ප්‍රතිපත්ති තිබෙන රටකට කාගෙන්වත් ආධාර ලැබෙන්නේ නැත. 

මේ අතර ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් පසුගිය දා ප්‍රකාශයක් කරමින් ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව එක්වී ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් ගොඩ ගැනීමට ගන්නා උත්සාහයට එකතු වන්නැයි චීනයට ආරාධනයක් කර තිබිණි. ශ්‍රී ලංකාවට විශාලතම ණය ආධාර ලබාදුන් රටක් වශයෙන් චීනයට එම ඇරියුම කරන බව ද ඇය සඳහන් කර තිබිණි. ශ්‍රී ලංකාව වැනි ණය අර්බුදවලට මුහුණ දී සිටින රටවලට සහන ලබාදීමේ පියවර කඩිනම් කරන්නැයි සීතාරාමන් අයි.එම්.එෆ්. සහ ලෝක  බැංකුව යන  ආයතන දෙකෙන්ම ඉල්ලීමක් ද කර තිබිණි.

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට දිගුවන මේ මිත්‍රත්වයේ හස්තය තදින්ම අල්ලා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් ක්‍රියා කළ යුතුය. ඒ සඳහා දූෂණයට ඉඩක් නොදෙන, නීතියේ ආධිපත්‍යය සුරැකෙන ස්ථාවර ප්‍රතිපත්ති සහිත රටක් තිබීම අවශ්‍ය බවත් ඒ සඳහා කළ යුතු කැපවීම ඉතා විශාල බවත් සියලු දෙනා විසින්ම අවබෝධ කරගත යුතුය.  

(***)



අදහස් (0)

ප්‍රංශ - ජපන් - ඉන්දීය සබඳතා වර්ධනය කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 316 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site