අපි හැමෝගෙම ජීවිතවලට පෞද්ගලිකත්වයක් තියනවා. ඒ පෞද්ගලිකත්වය අප ගනුදෙනු කරන ආයතන හා පුද්ගලයන් සම්බන්ධයෙනුත් පවතිනවා. ඒ නිසයි තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුමට රහස් අංකයක් දෙන්නේ. ඒ නිසයි තමන්ගේ ෆේස් බුක් ගිණුමටත් ඉ-තැපැල් ගිණුමටත් රහස් අංක භාවිත කරන්නේ. ඒ් රහස් අංකය යන වචනයේම තියෙන්නේ පෞද්ගලිකභාවය. ඒත් මෙම පෞද්ගලික පරිහරණයට දී ඇති අංකය තවත් කෙනකු අතට පත් වුවහොත් ඔබට අසීමිත ගැටලූවලට මුහුණ දෙන්න වන බව ඔබ වටහාගත යුතුයි. ඒ වගේ හේතු නිසා ගැටලූ ඇතිවූූ අවස්ථාත් බොහොමයි. ඇතැම් අවස්ථාවල ඇතැම් පුද්ගලයන්ට ආයතනවල මූල්‍යමය වංචා සම්බන්ධයෙනුත් මෙම රහස් අංක වෙන අයගේ අතට පත් වීම නිසා නිරපරාදේ ගැටලූවලට මුහුණ පෑමට ලක්වූ අවස්ථා බොහොමයි.
බොහෝ විට මෙවැනි වෙබ් අඩවිවලට යන බොහෝ තරුණ තරුණියන් සිය රාජකාරි ආයතනවල දීද, එහි සැරිසරනවා දක්නට පුළුවන්. ඇතැම් විට සිය ගිණුමෙන් අයින් නොවීම, පරිගණකය කි‍්‍රයා විරහිත කර යන්නේ ඔබේ පෞද්ගලික තොරතුරු තවත් පිරිසකට නැරඹීමේ අවස්ථාව උදා කර දෙමින්. එනම් අද බොහෝ ආයතනවල අන්තර්ජාල පහසුකම් සපයා තිබෙනවා වගේම රාජකාරිවල නිරත වන සෑම පුද්ගලයන්ම යන වෙබ් අඩවි පිළිබඳ තොරතුරු ප‍්‍රධාන පරිගණක සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සටහන් වන බව ඔවුන් නොදන්නවා විය හැකියි.
මේ කිසිදු කරුණක් පිළිබඳ නොදන්නා හෝ නොසැලකිලිමත් ඔබ ඔබේ පෞද්ගලික අනන්‍යතාව ඒ ආකාරයට තවත් පුද්ගලයෙක් අතට පත් කරද්දී ඔබ පිටුපස ගැටලූ රාශියක් හඹා එන බව අවධානයට ගත යුතු කරුණක්. ඒ නිසාම අන්තර්ජාලයේ සැරිසැරීමේ දී ඇති විය හැකි අනතුරු පෙන්වා දීම සඳහා තවත් එක් සුන්දර යුවතියකගේ අසුන්දර කතාවක් මා මෙසේ ගොනු කරනවා.
ඇය නිසංසලා. නිසංසලා මට දුරකථන ඇමතුමක් දුන්නේ ඇගේ ජීවිතය දිග හැරීමට. ඒ අනුව මම ඇය මුණ ගැසීමට දවසක් සහ වේලාවක් යොදා ගත්තා.
එදා ඔක්තෝබර් 15 වනදා. මම ගෝල් ෆේස් පිට්ටනිය දෙසට ගමන් ගත්තා. පුංචි දරුවෝ පිරිසක් බෝල ගහනවා. මොහොතක් ඒ දෙස බලා සිටි මම අසුන් ගැනීමට සුදුසු තැනක් බලමින් මුහුද දිහාවට ඇවිද ගියා. මුහුදට මුහුණලා තිබූ එක් බංකුවක වාඩිවූ මා මුහුදු තරංග වේගයෙන් උස්xපහත් වෙන දිහා බලාගෙන කාලය ගත කළේ ඇය එන තුරු.
‘‘අක්කේ’’
මම පිටුපස හැරී බැලූවා. නිසංසලා මම අසල සිටගෙන. මම ඇයටත් වාඩි වීමට ඉඩ හසර ලබා දුන්නා. ඇයත් කැලඹෙන මුහුද දිහා බලාගෙනම වාඩි වුණා. වේගයෙන් පැමිණි රැුල්ලක් ගල් පරයක වැදී විසිරී ගියා. නිසංසලා ඒ දිහා බලාගෙනම ඇගේ කතාව ආරම්භ කළා.
‘‘අක්කේ මගෙ අම්මා ජොබ් එකක් කරන්නෙ නෑ. තාත්තා එළවළු කඩයක් කරනවා. මට තව නංගිලා දෙන්නකුයි මල්ලි කෙනකුයි ඉන්නවා. අම්මයි තාත්තයි අපට උගන්වන්න ගොඩක් මහන්සි වුණා.
”මම උසස් පෙළ අවසන් වුණාට පස්සේ කම්පියුටර් පන්තියකට ගියේ අද ජොබ් එකක් කරන්න පරිගණක දැනුම අවශ්‍ය නිසා. මට ඕන වුණේ මගේ පවුලට ශක්තියක් වෙන්න.”
දිගු සුසුමක් ගත් ඇය මොහොතකට නිහඬ වුණා. උස්xපහත් වෙන ජල තරංග දෙස බලා සිටි මට ඇගේ සිතත් ඒ වගේම කැලඹී ඇති බව දැනුනා. ඒ නිසාම ඇය සිතට දිරි ගෙන යළිත් කතාව ආරම්භ කරන තුරු මම නිහඬ වුණා.
”අක්කේ මට තිළිණව මුණ ගැහුණේ ඒ පංතියේදි. එයා ඉගෙන ගන්න
ගොඩක් දක්ෂ ළමයෙක්. සර්ලත් එයාට ගොඩක් ආදරෙයි. සමහර දවස්වලට අපිට ප‍්‍රැක්ටිස් කරන්න කියලා දුන්නෙත් එයා. ඒ නිසා එයා පංතියේ කැපී පෙනෙන චරිතයක් වුණා. අක්කේ එයාගේ ඒ පෞරුෂත්වයට මගේ හිත ආදරය කළා. ඒක මගේ යාළුවෝ දැන ගත්තා. එයාලා විහිළු කරන නිසා ඒක තිළිණත් දැන ගත්තා. ඒ විදියටයි අපි ආදරවන්තයෝ වුණේ.
”තිළිණ මට ගොඩක් ආදරේ කළා. මමත් ඒ වගේම එයාට ආදරේ කළා. අපි දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරි වුණා අක්කේ. අපට කවදාවත් අපි දෙන්නෙක් කියලා හිතුනේ නෑ.
”දවසක් තිළිණ මට පංතියෙදි ඊමේල් ගිණුමකුයි ෆේස් බුක් ගිණුමකුයි හදලා දුන්නා. අපි දෙන්නම අපව විශ්වාස කළ නිසා අපේ සියලූ පෞද්ගලික දේ අප දැනගෙන හිටියා. ඒ වගේම මගේ පරිගණක ගිණුම්වලට යන පාස්වර්ඞ් පවා එයා ළඟ තිබුණා. මමත් එයාට ආදරය කළ නිසා ඒක ප‍්‍රශ්නයක් කරගත්තේ නැහැ.
”දවසක් තිළිණ කිව්වා එයාට ජොබ් එකක් ලැබුණා කියලා. ඒ නිසා එයාට ආයේ පංති එන්න වෙන්නේ නෑ කිව්වා. මට ගොඩක් දුක හිතුනා අක්කේ. ඒත් තිළිණට යහපතක් වෙනවා නම් ඒක අපි දෙන්නටමනේ කියලා හිත හදා ගත්තා.
”ඒ විදියට තිළිණ මගෙන් දුරස් වෙලා ගියත් අපි මාස දෙක තුනක් යනකන් නිතරම ෆේස්බුක් එකෙන් චැට් කළා. මම ලියුම් ටයිප් කරලා එයාට මේල් කරා. එයත් ඒ වගේම ලස්සන පින්තූර මට එව්වා. ඒත් ඒ ආදරේ තිබුණේ ටික කාලයයි. එයා ටික ටික වෙනස් වුණා අක්කේ. මට හිතා ගන්නවත් බැරි විදියට වෙනස් වුණා. අන්තිමට මට ආරංචි වුණා තිළිණට එයා වැඩ කරන ඔෆිස් එකේ ගෑනු ළමයෙක් ඉන්නවා කියලා. ඒක මට ඉවසා ගන්න බැරි වුණා. මම එයාට බැණලා අපේ සම්බන්ධය නතර කළා.”
ඇය ඉකි ගසමින් හඬයි. බුදුන් වහන්සේ ‘‘පි‍්‍රය විප්පයෝගෝ දුක්ඛෝ්’’ ලෙස අර්ථ දක්වා ඇත්තේ ජීවිතයේ සැබෑ යථාර්ථයයි. මම ඇගේ දුක නැති කරගැනීමට ඉඩ හසර ලබා දී නිහඩ වුණා.
‘‘අක්කේ අපේ සම්බන්ධය නතර වෙලා අවුරුද්දක් විතර ගියා. පවුලේ තිබූ ගැටලූ නිසා මම පෞද්ගලික ආයතනයක රැකියාවට ගියා. ඒ අතරෙයි මට අම්මලා මංගල යෝජනාවක් ගෙනාවේ. එයා දහම්. පෞද්ගලික ආයතනයක ගිණුම් පරීක්ෂකවරයෙක්. අම්මලාගේ දුර ඥාතියෙක්. මම තිළිණට ආදරේ කළා වගේම තිළිණ මට කිසිම කරදරයක් කරලා තිබුණේ නැහැ. ඒ නිසාම එයා වෙනස් වුණත් මම එයා මතක් කර කර අඬපු වාර අනන්තයි. ඒත් අක්කේ මට අම්මලාගේ හිත් බිඳින්න බෑ. අපව මෙච්චර ලොකු මහත් කරලා අපේ ජීවිත වෙනුවෙන් මහමෙරක් දුක් උහුලන ඒ අයට මට තවත් බරක් වෙන්න හිතුනෙ නෑ. ඒ නිසා මම ඒ යෝජනාවට කැමැති වුණා.
”එයාගේ නම දහම් වුණාට එයා හරිම සෙල්ලක්කාරයෙක්. එයා අම්මලා අප්පච්චිලා ළඟ පෙන්වන හැදිච්චකම ශීලාචාරකම එයා ළඟ ඇත්තටම තිබුණේ නෑ. ඒත් මට එයාට කැමැති වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ. මගෙ අම්මටයි තාත්තටයි තව ළමයි තුන් දෙනෙක්ව බලා ගන්න තිබුණා.
”අක්කේ අපේ හඳහනුත් ගැලපුණා. ඒ නිසාම අපේ එන්ගේජ්මන්ට් එක ගන්නත් දවසක් දාගත්තා. ඒ අතරේ දවසක දහම් මට මගේ නිරුවත් පින්තූර එයාට බලන්න එවන්න කිව්වා. මට දහම් ගැන කලකිරුණා. ඒත් එයා මං විවාහ වෙන්න ඉන්න කෙනා නිසා මගේ ෆෝන් එකෙන්ම පිංතූර අරන් එයාට මේල් කළා. ඒ තමයි අක්කේ මම මගේ ජීවිතේ කරපු මෝඩම වැඬේ. මට ජීවිතේ වැරදුනේ එදා අක්කේ. මට අමතක වුණා මගේ පෞද්ගලික අන්තර්ජාල
ගිණුමේ රහස් අංකය තිළිිණ ළඟ තියෙන බව.”
ඇය යළිත් ඉකි ගසයි. ඒ සුදු පාට මූණ පුරාවටම කඳුළු බිංදු දඟ කරයි. සැබැවින්ම ගැහැනියක් තමන්ගේ අනන්‍යතාව නැති කරගත් විට කොතරම් අසරණ වේද? ඇයත් ඒ වේදනාවෙන්ම පීඩා විඳිමින් කඳුළු අතරින් යළිත් ඇගේ ජීවිතය කියවන්නට පටන් ගත්තා.
‘‘අක්කේ තිළිණ මගෙන් පළි ගත්තා අක්කේ. එයාව විශ්වාස කරපු එයාට පණ වගේ ආදරේ කරපු මාව අමතක කරලා වෙන කෙල්ලෙක් ළඟට ගියපු ඒ නරුම මිනිහා මගෙන් පළි ගත්තා. ඒ පින්තූර තිළිණ ඊ-මේල් එකෙන් අරගෙන යාළුවෝ හැමෝටම යවලා තිබුණා. මට කාගෙවත් මූණ බලන්න බැරි තරමට අසරණ කළා. මට සමාජයට මූණ දෙන්න බැරි වුණා අක්කේ. එයා එහෙම කළේ මගේ ඊxමේල් ගිණුමේ රහස් අංකය එයා ළඟ තිබුණ නිසා.
”තිළිණ කළ වැඬේ නිසා අන්තිමට දහම් මාව අත හැරියා. අද මට තියෙන්නේ පිරිමි ගැන පුදුම පිළිකුළක්. දහම් කපටියෙක්. මාව විවාහ කරගන්න ඉන්නවා නම් කවදා හරි එයාගේ දරුවන්ගේ අම්මා වෙන්නේ මම. එයාගේ බිරිය වෙන්නේ මට. ඒ ගෙදර ගෞරවය මට. ඒත් එයා මාව අසරණ කළා. මාව ආරක්ෂා කරන්න ඕනෑ වෙලාවේ එයා මාව අසරණ කළා. ඒ හැම දේම මම තේරුම් ගත්තේ පස්සෙ අක්කේ. කවුරු කොහොම කිව්වත් අවිවාහක මම මගේ නිරුවත් පින්තූර මගේ ජීවිතේට කිසිදු සම්බන්ධයක් නැති කෙනෙක්ට යවන්න හැදුව එකයි වැරැද්ද. ඒ වගේම මගේ අන්තර්ජාල
ගිණුම්වල රහස් අංකය තිළිණ හදලා දුන්න එක. මම ඒක වෙනස් කළේ නෑ. ඒකත් මට වරදින්න එක හේතුවක් අක්කේ. මේ දේවල් නිසා මට මගේ පවුලත් නැති වුණා. අද මම මුළු සමාජයෙන්ම හැංගිලා ජීවත් වෙනවා. අක්කේ.”
අපි හිතන අපි දකින ජීවිතේ එච්චර සුන්දර නෑ සුන්දර ලෙස දකින ගොඩක් දේවල් භයානකයි.
ඇය ඇගේ කතාව අවසන් කළා. ඒත් ඒ සංවේදී පුවතෙහි සැඟවී ඇති අන්තර්ජාලය භාවිතයෙහි පවතින භයානක පැතිකඩ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂිකා විශාඛා නාමලි හේරත් මහත්මිය මෙසේ විග‍්‍රහ කළා.
‘‘නවීන ලෝකයත් සමග ඉදිරියට යන ගමනට අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස පරිගණකය හඳුන්වා දිය හැකිය. එහි දී පුද්ගලයා සමග සන්නිවේදනය කිරීමේ පහසුව සඳහා ෆේසුබුක්, ටුවිටර් වගේම ඊxතැපැල් ගිනුම් ද භාවිතයට ගනී.
”මේ සෑම ගිනුමකටම ඇතුළු වීම සඳහා රහස් අංකයක් එම ගිණුම අදාළ පුදගලයන්ට ඇත. එහි දී එම පෞද්ගලිකවූ රහස් අංකය තවකෙකුගේ අතට පත් වීම නොකළ යුත්තකි. මන් ද යත් ඉන් ඇති විය හැකි භයානක ප‍්‍රතිඵල බොහෝය. එනම් ඉන් ගිණුම අයිති පුද්ගලයාගේ අතිශය පෞද්ගලික තොරතුරු සොරා ගැනීම සිදු කළ හැකි අතර එම ගිණුමේ සිට ඕනෑම විනය විරෝධී කි‍්‍රයාවක් කළ හැකිය. එහි දී නිකරුණේ නිදොස් පුද්ගලයකු සමාජය ඉදිරියේ වැරදිකරුවකු විය හැකිය. එම නිසා බැංකු කටයුතුවල දී ලිපි ගනුදෙනුවල දී හා වෙනත් කාර්යාලීය ගිණුම් කටයුතු ආදී රාජකාරි කටයුතුවල දී තමන් පමණක් භාවිත කරන රහස් අංකය තවෙකෙකු අතට පත් වීම වළක්වා ගත යුතුය. එසේම නොදන්නා වෙබ් අඩවිවලට යාම සඳහා තමන්ගේ රහස් අංකය භාවිත නොකළ යුතු බවත් සැක කටයුතු එවැනි දේ සඳහා වටිනා කාලය නාස්ති කිරීම අභාග්‍යයක් ළඟා කර ගැනීමට හේතුවක් බවත් සිහියට ගත යුතුය.
”මේ සියලූ දේ වගේම විවාහ වීමට ප‍්‍රථම විවාහයට යෝජිත පුද්ගලයකුට වුව ද තමන්ගේ නිරුවත පෙන්වීම නොකළ යුතු බවත් ආදරය ලෙස මුලාවේ දමා නිරුවත බැලීමට ඉල්ලා සිටින්නන් කාම අපරාධකරුවන් බවත් සිහියට ගත යුතුය.
”විශේෂයෙන්ම යුවතියක් තමන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා තමන් ආරක්‍ෂා කරන පෙම්වතෙකු ඇසුරු කළ යුතු බවත් අන්තර්ජාල ගනුදෙනුවල දී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් වැඩි දුරටත් සිතට ගත යුතුය.”




COMMENTS
කතාවක් තියෙනවා ළඟ බලන්න එපා. දුර බලන්න කියලා. ඒක පිළිපදිනවා නම් ඔය වගේ දේවල් අඩුවෙනවා. මිනිසුන්ට ජීවිතය අවබෝධ වෙන්නේ මොකක්හරි වැරදුනාට පසුවයි. (නි)
මේ උතුම් පරිගණක විද්‍යාවේ "අ" යන්න පමණක් උගෙන එයට මෙසේ නින්දා කරන පව්කාරයින් ලොව වටා සිටිනවා. ඔබ පිවිතුරු පෙම්වතා සේ විශ්වාස කළ ඔහු අසරණ ඔබට කළ නින්දාවට මෙලොවදීම ප්‍රතිවිපාක විඳිනු ඇත. එබැවින් ඔබේ රහස් අංකය වහාම වෙනස්කර සුපුරුදු පරිදි රැකියාවේ යෙදෙන්න.ඔබේ අසරණ දෙමාපියන් ගැන සිතන්න (නි)
ජීවිතේ වැරැදුන තැනින් නැගිටින්න පටන් ගන්න.(හේ)
මේ මොන ආදර්ශ උපමා දුන්නත් මොනතරම් කෙල්ලෝ තමන්ගේ ඒවා වීඩියෝ කරලා නෙට් එකට දාල තියනවද. එහෙම කරපු පිරිමි අල්ලා දඩුවම් කලයුතු නොවේද? (ර)
මේ ගෑනු ළමය මෝඩ වෙලා කරගත්ත දේ අනුමත කරන්නේ නෑ, නමුත්, තමුන් කලක් ආදරය කල කෙනෙක්ට කල අන්තිම නරක පලිගැනීම (තිලින විසින්) තරයේම පිළිකුලින් හෙලා දකිනවා. හැම කාන්තවකගෙන්ම කාරුණිකව ඉල්ලන්නේ කිසිම කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස නොකරන ලෙසයි. ඒ වගේම තමුන් අකමැති කෙනෙක් සමග විවාහ නොවන ලෙස (අ)
මේ වගේ මන්දබුද්ධික අය ඉන්න රටක ටිකක් පරිස්සම් වෙන්න ඕන හැම කෙනෙක්ම(අ)
තව මේ වගේ අය කී දෙනෙක් ඉන්නවා ඇතිද?(හේ)
කවුරුද කියලා දන්නේත් නැතුව ඔය වගේ වැඩ කරනවද?(හේ)
මේකට තමයි මෝඩකම් කියන්නේ.(හේ)
ඔය කියන අසරණ පෙම්වතිය ගැන අපිට ගොඩක් දේවල් හිතන්න වෙනවා . බදින්න කලින් අර ඡායරුප යවපු එක ගැන.(හේ)
අසහනය තියෙන කොල්ලෙක්.(හේ)
මේ දේවල් කොච්චර දැන්නුවත් තමන්ගේ මොලේ පාවිච්චි කළේ නැත්නම් තමන් දුක්විදින්න වෙනවාමයි (නදී)
ඔක්කොටම පිස්සු.(හේ)
කියලා වැඩක් නෑ මේ වගේ මෝඩ කෙල්ලො ගැන.(හේ)
පිස්සු කෙල්ලෙක්.(හේ)
ඕවාට තමයි පිස්සු කියන්නේ.(හේ)
දැන් තේරෙනවා නේද පිරිමි විශ්වාස කරන්න අමාරු ජාතියක් කියලා (නි)
මෝඩ කමට බේත් නෑ.. (හේ)
ලංකාදීප පත්‍රයට ස්තුතියි මේ ලිපියට.අඩුම තරමේ මෙය කියවලා හරි සමාජයේ කිහිප දෙනෙක්වත් නිවැරදි තීරණ ගනීවි. අනෙක් අයට මෙම පණිවුඩය බෙදාදෙන්න උත්සාහ කරමු. (නි)
මේ වගේ වැඩනම් හරි නෑ.තමන් ආදරය කරන කෙනාට ඔහොම කරනවාද?(හේ)
නැහැ නාමලී, ඔයාට වැරදිලා. හැම පිරිමියාම එහෙම නැහැ. (නි)
මේක මහා නපුරු ලෝකයක් නංගියෝ. හැමෝම පරිස්සම් වෙයල්ලා තමන්ගේ ගෙදරදිවත් ආරක්ෂාවක් නැති රටක් මේක (බ)
මේ වගේ තිරිසන්නු මේ ලෝකේ ගොඩක් ඉන්නවා . ගොඩක් කෙල්ලන්ගේ ජීවිතේට මේක උදාහරණයක් වෙන්න පුළුවන් .මං සහෝදර කමින් කියන්නේ කෙල්ලෝ ගොඩක් පරිස්සම් වෙන්න ඕන කාලයක් මේ'..මේ කෙල්ල නොදැන කරපු වරදට දෙය්යෝ එයට හොද මගක් පෙන්නලා හොද ජීවිතයක් එයටත් ලේබෙන්න ඕන කියල අපිත් ප්‍රර්ථනා කරනවා.(හේ)
මේ වගේ මෝඩ අය ඉන්න තරමට ලංකාවේ කොල්ලන්ට හරිම වාසි , ගනු මේ තරම් මෝඩ වෙන්න එපා බත් කල නේද හැදුනේ , (හේ)