මූල්‍ය අපරාධ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් වතිකානයේ හිටපු කාදිනල්වරයකු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකවරයකු වූ ඇන්ජලෝ බෙවුට වතිකානු අපරාධ අධිකරණය වසර පහයි මාස 6ක සිර දඬුවමක් හා යුරෝ 8000ක දඩයක් නියම කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම ඇන්ජලෝ බෙවු වරක් පාප් ධුරය සඳහා ද සුදුස්සකු ලෙස සැලකිණි.
අපගේ ශ්‍රී ලාංකේය පාඨකයන්ට මෙම ප්‍රවෘත්තිය විමතිය දනවන්නක් වනු නොඅනුමානය. මන්දයත් අප රටේ ජනයාට ලැබෙන අත්දැකීම් මෙයට හාත්පසින්ම වෙනස් හෙයිනි. සමාජයේ එක් පොදු මතයක් වන්නේ නීතිය රටේ පොඩි මිනිසාට එක ආකාරයකිනුත් බලවතුන්ට තවත් ආකාරයකිනුත් ක්‍රියාත්මක වන බවය. ගරු කටයුතු අධිකරණය එසේ නොවුණ ද ඇතැම් බලවතුන් හැසිරෙන්නේ නීතිය තමන්ට ඇවැසි පරිදි නමාගත හැකි බව එත්තු ගන්වන ස්වරූපයෙනි. මාර්ග නීති කඩ කිරීමේ වරදට කොටුවන බොහෝ දෙනකු උත්සාහ කරනුයේ ඉහළ නිලධාරීන්ට හෝ මැති ඇමැතිවරුන්ට හෝ කතා කර බේරී යාමටය. එබඳු අවස්ථා ඕනෑ තරම් තිබේ. එක රටක් එක නීතියක් යැයි කීව ද එය එසේ නොවන බව පැහැදිලිය. එය එසේ නොවේ නම් පාර්ලිමේන්තුවේ සෑහෙන පිරිසක් මේ වන විටත් සිටිය යුත්තේ මහ උළුගෙදර කල්දේරම් බතෙහි රස බලමිනි.
පාප් වහන්සේගේ හිටපු උපදේශකයකු මෙන්ම වරක් පාප් ධුරය සඳහා සුදුස්සකු ලෙස සැලකූ ඇන්ජලෝ බෙවු කාදිනල්වරයාට එරෙහිව වතිකානු අපරාධ අධිකරණය දුන් තීන්දුව එයට හිමි බරින් කියවාගත යුත්තේ එහෙයිනි.
රෝමානු කතෝලික පල්ලියේ හිටපු කාදිනල්වරයකු වතිකානු අපරාධ අධිකරණය විසින් වැරැදිකරු කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය බවත්, මෙම නඩුව වතිකානු ඉතිහාසයේ දීර්ඝතම නඩු විභාගය බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. වතිකානයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 200.5ක මුදලක් අවභාවිත කරමින් ඉතාලි ව්‍යාපාරිකයකු ළඟ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හිටපු කාදිනල්වරයාට චෝදනා එල්ල වී තිබිණි.
මෙම මූල්‍ය අපරාධ චෝදනා නඩුව 2021 වසරේ ජූලි 27 වැනිදා ආරම්භ වූ අතර, එම නඩුවේ දී ඇන්ජලෝ බෙවු හැර තවත් විත්තිකරුවන් නව දෙනකුට මූල්‍ය අපරාධ චෝදනා ගොනු කර තිබේ. නඩු වාර 80කට වඩා වැඩි ගණනකට පසු ඉකුත්දා හිටපු කාදිනල්වරයා ඇතුළු විත්තිකරුවන් වැරැදිකරුවන් කරමින් වතිකානු අපරාධ අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
අප ප්‍රවෘත්තියට අනුව මුදල් ආයෝජනය කළ ඉතාලි ව්‍යාපාරිකයාට හා තවත් ව්‍යාපාරිකයකුට සිර දඬුවම් නියම වී තිබේ. ඒ වතිකානයට වංචා කර 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 381ක් වටිනා ලන්ඩනයේ අධි සුඛෝපභෝගී දේපළක් ආයෝජනය කළ මුදල් භාවිත කරමින් මිලට ගැනීම ඇතුළු මූල්‍ය අපරාධ චෝදනාවලට වැරැදිකරුවන් වීම නිසාය.
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන්නේ නම් වැරැදි දේ කිරීමට ජනයා බිය වෙති. එහෙත් එම තත්ත්වය නොමැති වූ විට බියක් සැකක් නොමැතිව වැරැදි දේ කරති. අද අප රට පත්ව ඇති තත්ත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ ද එයයි. නීතියේ ආධිපත්‍ය බලගැන්විය යුත්තේ එහෙයිනි. නීතිය සම්බන්ධයෙන් විශ්වාසය සමාජය තුළ බරපතළ ලෙස බිඳ වැටීම අපරාධවලට, සොරකම්වලට ප්‍රධාන හේතුවය. වතිකානු අපරාධ අධිකරණය ලබාදී ඇති ඓතිහාසික තීන්දුව වණපොත් කළ යුතු වන්නේ එහෙයිනි.
(***)
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාප්තුමාගේ හිටපු උපදේශකට එරෙහි නඩුවෙන් අපටත් පාඩමක්
Dasa P Thursday, 21 December 2023 08:43 PM
හොඳ වෙලාවට අපෙන් පාඩම් ඉගෙන නොගත්තේ... එහෙම වුණා නම් නිදොස් කර නිදහස්...