IMG-LOGO

2024 මැයි මස 27 වන සඳුදා


පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ලංකාවට නොලැබේවිද ?

බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සම්මන්ත‍්‍රණ හා ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වැනි රාජ්‍යනායක සමුළුවේදී ඊළඟ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය විය. ඒ 2011 දීය. රටවල් 54ක් මේ සඳහා එකඟතාව ලබාදී තිබිණි. ඒ අනුව ලබන නොවැම්බර් මාසයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය 23 වැනි රාජ්‍යනායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට දැන් සියලූ කටයුතු සූදානම් වෙමින් පවතී.


පොදු රාජ්‍ය මණ්ඩලය  පිහිටවූයේ වසර 1931 දීය. අප‍්‍රිකානු රටවල් 19ක්, ආසියානු රටවල් 8ක්, ඇමෙරිකානු රටවල් 3ක්, කොදෙව් දුපත් රටවල් 10ක් යුරෝපා රටවල් 3ක් හා දකුණු ෆැසිපික් රටවල් 11ක් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් වෙති.


බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජින පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ ප‍්‍රධානත්වය දරන්නීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හැරුණ විට ලෝකයේ ඇති ප‍්‍රබල සංවිධානයක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලය හැඳින්විය හැකිය.


ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට මෙවැනි සමුළුවක් පැවැත්වීමට අවස්ථාව සැලසීම අදෘශ්‍යමාන ආශිර්වාදයකි. යහපත් අනාගතයකට හේතු වාසනාවකි. පොදු රාජ්‍ය මණ්ඩලය පිහිටවනු ලැබුවේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට යටත්ව තිබූ රාජ්‍යයන් නිදහස ලැබීමෙන් පසු, ඒවායේ පොදු වෙළෙඳ කටයුතු හා අනෙකුත් සම්බන්ධතා තහවුරු කිරීම වෙනුවෙනි.


කුඩා රටවලට මහා සෙවනැල්ලක් වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප‍්‍රථම අවස්ථාව මෙයයි. නොයෙක් රාජ්‍යනායක සමුළු මීට පෙර මෙරටේ පවත්වා ඇත. එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව මෙහි පැවැත්වීම රටට අතිශයින්ම වැදගත්වනු ඇත.
මේ ආදී වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව මේ රටේ පැවැත්වීමෙන් රටට ලැබෙන වාසි, ප‍්‍රයෝජන ගණනාවකි.
මේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ ප‍්‍රථම වරට යෝජනා ඉදිරිපත් වූයේ වර්ෂ 2007 දීය. එය ස්ථිර වූයේ 2011  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර පැවැති සමුළුවේදීය.


පොදු රාජ්‍ය මණ්ඩලීය මහා සමුළුව පැවැත්වෙන රටේ නායකයා සමුළු සභාපති වශයෙන් නම් කෙරෙන බැවින් මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවේ සභාපතිවරයා වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඒ තනතුර මගින් රට ලබන කීර්තිනාමය, ගෞරවය දෙවෙනි කළ හැකි වෙනත් කිසිදු අවස්ථාවක් නොමැති තරම්ය.


කොළඹ ඇතුළු ප‍්‍රධාන නගර කීපයක මෙම සමුළුවේ අතුරු සාකච්ඡුා  පැවැත්වීමට සැලසුම් කර ඇත. ඊට අමතරව රටට ආවේනික සංස්කෘතික අංග ප‍්‍රදර්ශනයට අවස්ථාව සැලසුම් කර ඇති බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර රටවල් කීපයක් පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට කරන බලපෑම නොසලකා සිටිය නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවද සඳහන් කළ යුතුව ඇත.


මේ සම්බන්ධයෙන් පවත්නා එක් මතභේදයක් සඳහන් කළ යුතුවේ. පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට අදාළ ක‍්‍රියාමාර්ග ගැනීමේදී ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිඵල කෙරෙහිද ශ්‍රී ලංකා රජය අවධානය යොමුකළ යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දැනුම්දී තිබිණි.


මෙවැනි ක‍්‍රියාවලියකදී ශ්‍රී ලංකාව ඇතුළු සියලූ සාමාජික රටවල් පොදු රාජ්‍ය මණ්ඩලීය මූලධර්ම හා සම්ප‍්‍රදාය අදාළ කරගත යුතු බවද මහ ලේකම්වරයා පෙන්වා දී තිබිණි.


අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ශ්‍රී ලංකාවට පෞද්ගලික ප‍්‍රශ්නයක් බව පිළිගන්නා මුත් මෙම දෝෂාභියෝගය බරපතළ කරුණක් වන බවත් ශ්‍රී ලංකාවට අදාළ මෙම විශේෂ කාරණයේදී ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ අභිලාෂයන්ද ප‍්‍රශ්න කිරීමකට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කර තිබිණි.


පොදු රාජ්‍ය මණ්ඩලීය 23 වැනි රාජ්‍යනායක සමුළුව ශ්‍රී ලංකාවේ නොපැවැත්විය යුතු බවට මේ වන විට රටවල් කීපයක් යෝජනා ඉදිරිපත් කර ඇත. එයින් එක් ප‍්‍රධාන රටක් වන්නේ කැනඩාවයි. කැනඩාව මෙම රාජ්‍යනායක සමුළුවට සහභාගි නොවන බව එහි අගමැති ස්ටීවන් හාපර් මහතා දැනටමත් ප‍්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය, දෙමළ ජනතාවට නිසි ලෙස නොසැලකීම, පැහැර ගැනීම්, රජයේ හිතුවක්කාරී තීන්දු, තීරණ ආදිය පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ප‍්‍රඥප්තීන් නොසලකා හරිමින් කරන බව කැනඩා අගමැතිවරයා ප‍්‍රකාශ කර ඇත.


මීට අමතරව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැති ශ්‍රී ලංකාවට එරෙහි විවාදයකදී මේ වසර අගදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව එහි නොපැවැත්විය යුතු බවට යෝජනාවක් කර ඇත. මෙම විවාදයට සහභාගිවූ මන්ත‍්‍රීවරියක් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රජය මානුෂික අයිතිවාසිකම් සුරකින්නේ නැති බවත් දෙමළ ජනතාවට අසාධාරණකම් කරන බවත් ප‍්‍රකාශ කර ඇත.


මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වන්නේ නම් එයට මහරැජින සහභාගී නොවිය යුතු බවද ඇය එහිදී ප‍්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව කෙරෙහි ඉදිරිපත්වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් කිරීමට බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති ඇලිස්ටෙයාර් බර්ටි මහතා මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.


මීට අමතරව ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවටත් අධිකරණයේ ස්වාධීනත්වය නොමැති බවටත් මාධ්‍ය නිදහස නොමැති බවටත්, දෙමළ ජනතාව නොසලකා හැර ඇති බවටත් උගත් පාඩම් කොමිසම් නිර්දේශ නිසි ලෙස ක‍්‍රියාත්මක කර නැති බවටත් චෝදනා රාශියක් ඉදිරිපත්වී ඇත.


මෙම චෝදනා හමුවේ රජයේ මැති ඇමතිවරුන්ගෙන් ප‍්‍රකාශ විය හැකි එක් කරුණක් ඇත. එනම් ඔය චෝදනා බොරු. අපට සහායට බලවත් රටවල් ඉන්නවා. එහෙත් ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරය දක්වන අප‍්‍රසාදය එන්න එන්නම බලවත් ස්වරූපයක් පෙන්නුම් කරන බව අමතක නොකළ යුතුය.


රටක් වශයෙන් අපට තනිව ජීවත්විය නොහැකිය. රට හොඳ ආර්ථික ස්ථාවරයක පවතින්නේ නම් තනිව ජීවත්වීම ගැන සිතිය හැකිය. එහෙත් අප හෙට ජීවත් වන්නේද ජාත්‍යන්තරයෙන් ලබාගන්නා ණය ආධාර මතය.


මහ බැංකුව පෙන්වන රටේ ආර්ථික ස්ථාවරය සමාජයේ නොමැති බව කුඩා දරුවකුට වුවත් හොඳාකාරව පැහැදිලිය. අප හොඳ ආර්ථික ශක්තියකින් පසුවන්නේ නම් තව තවත් විදේශ ආධාර අපට අවශ්‍ය නැත. අපේ මැති ඇමැතිවරු රට ගැන පුරසාරම් දොඩවන්නේ ජනතාව රැවටීමට බව පැහැදිලිය.


ජාත්‍යන්තරව බැඳී ඇති සම්මුති නොසලකා පුද්ගලයන් කීප දෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතා මත ගන්නා තීන්දු තීරණවල බරපතළ තත්ත්වයන්ට දැන් දැන් අපට මුහුණ දීමට සිදුවෙමින් පවතී.


ඒ සඳහා හොඳම උදාහරණ දෙකකි. එකක් ජිනීවා පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේදී අපට එල්ල වූ චෝදනාය. දෙවැන්න ඊටත් වඩා බරපතළය. එය ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවයි.


වර්තමාන රජය ජාත්‍යන්තර සම්මුති කෙරෙහි කිසිදු අවධානයක් දක්වන බවක් නම් පෙනෙන්නට නැත. පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට ගනු ලබන තීන්දු තීරණවලට ප‍්‍රමුඛස්ථානය ලබාදීම හා හිතුවක්කාරී පැවතුම් නිසා පොදුවේ රටක් වශයෙන් සිදුවන පරිහානිය වැළැක්විය නොහැකිය. පොදු රාජ්‍ය මණ්ඩලීය ප‍්‍රඥප්තිවලට හා එකඟතාව නොසලකා ඇතැම් අවස්ථාවල ශ්‍රී ලංකාව කටයුතු කිරීම පිළිබඳව ජාත්‍යන්තරව ඇති අප‍්‍රසාදය නිසා මෙවර මෙම සමුළුව මුරිසියේ පැවැත්විය යුතු බවටද සමහරුන් යෝජනා කර ඇත.


විරෝධතා කුමක් වුවත්  ඕස්ටේ‍්‍රලියාව දැනටමත් ශ්‍රී ලංකාවේ මෙම සමුළුව පැවැත්වීම සඳහා වන මූලික උපදෙස් ලබාදෙමින් සිටී. ඒ සම්ප‍්‍රදායානුකූලවය. ඒ සියලූ කටයුතු සූදානම් වෙමින් පැවතුනත් රටට විරුද්ධ බලවේගද ඔවුන්ගේ සටන් අත්හරින බවක් පෙනෙන්නට නැත. රටට විරුද්ධ බලවේග ප‍්‍රබලව ක‍්‍රියාත්මක වූයේ මෙරටින් යුද්ධය තුරන් කළ පසුය. ප‍්‍රභාකරන් නම්වූ ත‍්‍රස්තවාදියාට උඩගෙඩි දුන් දේශීය හා විදේශීය සංවිධාන රටට අපකීර්තියක් ලබාදීමට සියලූ උත්සාහ දැරීය.


ඒ සඳහා වූ හොඳම උදාහරණය  ඕස්ටේ‍්‍රලියාවේ පැවැති 22 වැනි රාජ්‍යනායක සමුළුවයි. එම සමුළුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවීමට පෙර සිටම එහි එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීහු ක‍්‍රියාත්මක වී සිටියහ. ජනාධිපතිවරයා යුද අපරාධකරුවකු ලෙස යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ කරන ලදි. ජනාධිපතිවරයාට වරෙන්තුවක් නිකුත් කරවීමටද උත්සාහ කළහ. මේ උත්සාහයන් අසාර්ථක වුවත් ඒ අසාර්ථක අත්දැකීම් මගින් මීළඟ අවස්ථාවේ වඩාත් සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේ රජයට පහර ගැසීමට උත්සාහ නොකරාවි යැයි කාට නම් කිව හැකිද?


පොදු රාජ්‍ය මණ්ඩලීය විධායක කමිටුව ලබන මාර්තු මාසයේ ලංඩනයේදී රැස්වී ශ්‍රී ලංකාවේ සමුළුව පවත්වනවාද නැද්ද යන්න සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.


මීට අමතරව තවත් කෙනෙකුට ඉදිරිපත් කළ හැකි තර්කයක්ද ඇත. පොදු රාජ්‍ය මණ්ඩලය අප රටට හානිකර තීන්දුවක් ගතහොත් එවැන්නක් සඳහා කෙතරම් සාධාරණ වී ඇද්ද? යන්නයි. පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳව කිසියම් ආකාරයකට දෙවතාවක් සිතා බැලිය යුතු අවස්ථාවක් නැතුවා නොවේ.


ෆිජි, නයිජීරියාව, පාකිස්ථානය හා උගන්ඩාව යන රටවල සාමාජිකත්වය අහිමි කර තිබිණි. සිම්බාබ්වේ ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු එක්සත් රාජධානියට එරෙහිව යන තත්ත්වයක් පැවැතීම මත එම රජය පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබිණි.
තවත් කරුණක් නම් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ගණනාවක් ත‍්‍රස්තවාදයෙන් බැට කන රටවල්ය. එහෙත් එම සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලය අලස ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවටද චෝදනා ඇත.


කෙසේ වෙතත් අපට මූලික වන්නේ ලබන නොවැම්බර් මාසයේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව මේ රටේ පවත්වා ගැනීමට අවශ්‍ය වාතාවරණය සකසා ගැනීමයි.


එලිසබෙත් මහරැුජින පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාවයි. මෙතෙක් පැවැති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍යනායක සමුළුවලට එතුමිය සහභාගි වූවාය. එහෙත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම සමුළුවට මහ රැජින සහභාගි වෙනවාද? නැද්ද? යන්න පිළිබඳව පැහැදිලි ප‍්‍රකාශයක් කළ නොහැකි තත්ත්වයක් පවතී. මහරැජිනගේ සහභාගීත්වය මෙතෙක් පැහැදිලිව තහවුරු කර නැත. ඒ සඳහා තවම කල් වැඩි බව විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් කීය.


මහ රැුජින ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගි නොවිය යුතු බව දැනටමත් එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු කීපදෙනෙක් අදහස් දක්වා ඇත. කෙසේ වෙතත් රැජිනගේ පැමිණීම හෝ නොපැමිණීම තවමත් අවිනිශ්චිතය.


පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා පෙබරවාරි මස දෙවැනි සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. විදේශ අමාත්‍යාංශය සඳහන් කරන පරිදි ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සඳහා වූ මූලික ක‍්‍රියාකාරකම් සඳහා අදාළ අංශ සමග සාකච්ඡා පැවැත්වීමට හා උපදෙස් ලබාදීමටය.
මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ වෙබ් අඩවිය ඔහු අතින් විවෘත කිරීමටද නියමිතය. මෙම සංචාරයෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වනවාද? නැද්ද? යන්න පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද දැනගන්නට ඇත. මෙම සංචාරයේදී ෂර්මා මහතා විපක්ෂයේ පක්ෂ නායකයින් හමුවීමටද නියමිත බව දැනගන්නට ඇත.

 

සටහන - දයාසීලි ලියනගේ



අදහස් (9)

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ලංකාවට නොලැබේවිද ?

සුමන Sunday, 03 February 2013 07:49 PM

මේ දිනවල යන වැඩවල හැටියට සමුළුව අපේ රටේ තියයි කියලා හිතන්න අමාරුයි.(නදී)

:       0       4

රොබට් Sunday, 29 September 2013 10:46 AM

අනිවාර්යෙයන් නොවැම්බර් 10 පටන් ගන්නවා හරිද? (නදී)

:       0       6

පාරා Monday, 04 February 2013 10:28 AM

කොහොම හරි ලබා ගන්න ඕනේ (දී)

:       3       2

පවිත්‍රා Monday, 04 February 2013 10:28 AM

එන කට්ටිය නඩත්තු කරන්න අපිට පුලුවන්ද (දී)

:       2       4

නිෂාන්ත Monday, 04 February 2013 01:00 PM

රටට මොනව වුනත් මොකද එයාලට හොදක් වෙලා.(නදී)

:       0       3

අජිත් Sunday, 10 February 2013 10:11 AM

ඇයි දැන් එපා වෙලා - යන්නේ අහක බලා යුද්දේ ඉවර වෙලා - ඉන්නේ චූන් වෙලා.(නදී)

:       1       3

සුනිල් Sunday, 10 February 2013 11:57 AM

අපි බලන් ඉම්මු (දී)

:       1       3

imasha Wednesday, 08 March 2023 08:13 PM

ඉතාමත් හොඳයි...!

:       2       0

Nimsara Wednesday, 08 March 2023 10:08 PM

නොලැබෙයි....!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නව පනත් අර්බුදයට විසඳුමක්ද?
2024 මැයි මස 27 94 0

​2022 වර්ෂයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ මූල හේතු ගණනාවකි. ඉන් ප්‍රධාන තැනක් හිමි වන්නේ, දශක ගණනාවක් තිස්සේ පවත්ව‍ාගෙන යනු ලබන ඉහළ අයවැය සහ ගෙවුම් ශේෂ හ


විගණන වාර්තා නියෝග වතුරේ යැවීමේ ප්‍රතිවිපාක
2024 මැයි මස 27 47 0

රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රිය


දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි
2024 මැයි මස 25 710 3

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්


ජනපතිවරණයට උතුරු - දකුණ ඡන්ද සාධක
2024 මැයි මස 25 508 0

ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටපුරා අති බහුතරයකගේ සාම්ප්‍රද


පාසල් අසල මාර්ගවල රථවාහන පාලනයක් ඕනෑ
2024 මැයි මස 25 143 1

අනතුරු සිදු වන්නේ කල් ඇතිව දැනුම් දී නොවේ. එහෙත් ඇතැම් අනතුරු වළක්වාගත හැකිය. එයට එළැඹගත් සිහියෙන් ක්‍රියා තළ යුතුය. එසේම ඇතැම් අනතුරුවලට හේතුව නොසැලක


චිත්‍රපට අරමුදලක් වහාම ඕනෑ
2024 මැයි මස 24 686 0

ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’ යන සිනමා පටය නිර්මාණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 965 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2525 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2162 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site