IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


පත්තිනි සළඹ සොයා වන වැදුණු ගමනක්

දරුවකු කුස තුළ පිළිසිඳ ගත් පසු එම දරුවා ආරක්ෂා කර ගැනීමටත් දරු ඵල නොමැති අයට දරු සම්පත් ළඟා කර ගැනීමටත් සියලූ ලෙඩ දුක් සුවපත් කොට සෙත් ශාන්තිය ලබාගැනීම සඳහාත් බොහෝ දෙනෙක් පත්තිනි දේව මෑණියන්ට භාර හාර වෙති. එම දුක් අඳෝනා අසා කාන්තාවක ලෙස එතුමිය සානුකම්පිතව සිතා ඇල්ම බැල්ම හෙළා පිහිට වන බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් පවතී. ඒ සඳහා කන්නලව් කිරීම සඳහා නාකුළුගමුව හඳපාන්ගොඩැල්ල නව සොහොන් කාලී දේවාලයේ විශේෂිත වූ පත්තිනි සළඹ දෙකක් ඇත. එම සළඹ ලැබුණු ආකාරයද දේව කතන්දරයක් වැනිය. ”මම යුද හමුදාවට බැඳිලා අවුරුදු හතරක් පමණ සේවය කළා. යාපනය, අලිමංකඩ, සිංහපුර, පදවි පරාක‍්‍රමපුර, පුල්මුඬේ වැනි ප‍්‍රදේශවල ක‍්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියේ. මගේ පියා පපුවේ අමාරුවක් සැදී මිය යන විට මට අවුරුද්දක් පමණ වයස ඇති. ඊට පසු තාත්තාගේ දිෂ්ඨියක් අම්මාට වැහුණා. ඒත් අම්මා දේව වැඩ කිරීමට අකමැතියි. මගේ කේන්දරය බැලූවාම කියා තිබුණා අවුරුදු 31 වන විට මට භූත බලවේගයක් තියෙනවා කියලා. යුද හමුදාවේ ඉන්න විටත් වරින් වර මට දිෂ්ඨියක් ආවා. කෙසේ වෙතත් අවුරුදු 31 වෙද්දී නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වෙලා අනුරාධපුර ජයශ්‍රී මහ බෝධිය ළඟ බන භාවනා කරන්න පටන්ගත්තා. එවිට මට තාත්තාගේ වරම ලැබුණා. ඒ මගින් මා සාස්තර කීවා. අම්මා අසනීප වූණාට පසුවයි මම මේ ප‍්‍රදේශයට ආවේ. ඒ ඇවිත් දේවාලයක් සාදා ගත්තා. සොහොන් කාලි දේව මෑණියන්ගේ පිහිටෙන් යන්ත‍්‍ර, මන්ත‍්‍ර, භූමි දෝෂ ඉවත් කිරීම, ගෙවල් දොරවල් ආරක්ෂා කිරීම් ආදී දේ කළා. ඒ හඳපාන්ගොඩැල්ල නව සොහොන් කාලී දේවාලයේ සුජීව ප‍්‍රසන්න මංගල කපු මහතා මෙම ක්ෂේත‍්‍රයට පැමිණි ආකාරය විස්තර කළ අයුරුය. මේ ඔහු සතුව පවතින බව කියන පත්තිනි සළඹ සොයාගත් ආකාරයයි. ”මම රාත‍්‍රි කාලයේත් දේවාලයේම තමයි නිදා ගත්තේ. එක දවසක් රාත‍්‍රියේ සුදු ගැහැණු ඇඳුමකින් සැරසී පැමිණි කාන්තාවක් මට හීනෙන් ඇවිත් කීවා ”පුතේ ලෝක සත්වයා දුකින් මුදා ගන්න මේ පත්තිනි ආභරණ ගන්න” කියල. ඇයගේ ශරීරය පුරාමත් රන් ආභරණ දැක ගන්න තිබුණා. එතුමිය කීවා දරු සම්පත් ලබාදෙන්න, ලෙඩ දුක් තියෙන අය සුවපත් කරන්න සාස්තර වරම් මාලා වැඩි දියුණු කර ගන්න පත්තිනි සළඹ දෙකක් වෙස්සගිරියේ ගලක් මත තිබෙන බව ඒ ටික පවසා සුළු වේලාවක් යාමට පෙර එම කාන්තාව නොපෙනී ගියා. ඇය විසින් පවසන ලද ආකාරයට ඉන් දෙදිනකට පසු මම තනිවම කොළඹට ගිහින් වව්නියාව දුම්රියේ නැග අනුරාධපුරය බලා පිටත්ව ගියා. ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය වන්දනා කරලා මා තනිවම ගියා. වැව යටි පැත්තේ පිහිටි වෙස්සගිරි ගල අසලටම. ඒ වන විට එහි කළුම කළු මිටි බහිරවයෙක් සිටියා. ශරීරයේ වස්ත‍්‍ර මුකුත් තිබුණේ නැහැ. ඊට එහායින් සුදු නාගයෙක් සිටියා. ඒ මැද ගල උඩ පත්තිනි සළඹ දෙක තිබුණා. මම එනතුරු බහිරවයා හා නාග බහිරවයා තමයි ඒ සළඹ දෙක ආරක්ෂා කර ගෙන ඉඳල තියෙන්නේ. මම පත්තිනි සළඹ දෙක සුදු රෙදි කැබැල්ලක ඔතා බෑගයක දමා දේවාලය වෙත රැගෙන ආවා. අදටත් මා ළඟ තියෙන්නේ ඒ සළඹ දෙක තමයි. පත්තිනි දේව මෑණියන් ළඟ එය තැන්පත් කොට නින්දට ගිය විට ආපසු සිහිනෙන් ඇවිත් කීවා ”පුතා පත්තිනි සළඹ දෙක කහ වතුරෙන් ඉස්සෙල්ලම නාවන්න කියලා. තැඹිලි වතුරෙන් හා එළ කිරිවලින්ද නාවා ඖෂධ වතුරෙන්ද නාවන්න කීවා. අවසානයේදී වතුර කහ දෙහි සුදු සඳුන් මිශ‍්‍ර හඳුන් කිරී පැන්වලින් නාවන ලෙස උපදෙස් දුන්නා. මම ඒ විදියටම පත්තිනි සළඹ දෙක වෙනුවෙන් නානුමුර මංගල්‍යයය කළා.ඊට පසු කීවා පළතුරු හතක් කැවිලි හතක්, සුදු මල් වට්ටි හතක් තබා පහන් හතක් පත්තු කර පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබාගන්න කියලා. මම එයද කළා. ඉන් පසුව සිහිනෙන් පැවසූ පරිදි සතියකට පසු මම සත් පත්තිනි මෑණියන් අරක් ගෙන සිටින නවගමුව දේවාලය වෙත ගියා. පළතුරු වට්ටි හතක් පූජා කරලා බැල්ම හෙළා ගත්තා. පඬුරක් ගැට ගසා බාරයක් වුණා. එතැන් සිට පුරුදු පරිදි මේ රාජකාරී කටයුතු කර ගෙන යනවා.එතකොට ඔබ ළඟට පත්තිනි මෑණියන්ගේ පිහිට පතා වැඩිපුර පැමිණෙන්නේ කවුද? ගැබිණි මව්වරුන්, කිරි දරුවන් සිටින කාන්තාවන්, අසාධ්‍ය රෝගීන්ගේ ඥාතීන්, දරු ඵල නොමැති අඹු සැමියන්.  

පත්තිනි මෑණියන් කොහොමද ඔවුන්ට පිහිට ලබා දෙන්නේ?

දොලසම රග බැස - තෙදනු පමාවන් මළ පණ ගිය කඳ - දෙවනු ගෙනාවන් මලනිගු පත්තිනි - තිනි සිරිමාවන් කළ වරදට මිණි - පතුල සමාවන් අපි වරදක් කරලා තියෙනවා නම් වැරදීමක් සිදුවෙලා නම් පත්තිනි මෑණියන් ඊට සමාව දීලා පිහිට ලබාදෙනවා.  

ඔබ ළඟ තිබෙන බව කියන පත්තිනි සළඹ දෙක කොහේද තැන්පත් කර තිබෙන්නේ.

පත්තිනි දේව මෑණියන්ගේ අත් වලයි තබා තිබෙන්නේ.  

එම සළං කුමකින්ද සාදා තිබෙන්නේ.

දෙවියන් දීපු දෙයක් නිසා එය හරියටම කියන්න බැහැ. රත්තරන් වෙන්නත් පුළුවන් වෙනත් ලෝහයක් වෙන්නත් පුළුවන්. දෙවියන්ට කරන ගෞරවයක් ලෙස මම ඒ ගැන සොයන්න ගියේ නැහැ.  

පත්තිනි ශාන්ති කර්මය ඉදිරිපත් කරන්න පුළුවන්ද?

පිළිතුර - මෙහෙම බැහැ ආරූඪය ගන්න වෙනවා. පත්තිනි සළං දෙකක් අතට ගන්න  ඕනෑ.  

ආරූඪය අරගෙන කියන්න පුළුවන්ද?

ඊට පෙර මම නා පිරිසුදු වෙලා එන්න  ඕනෑ. පත්තිනි වස්ත‍්‍රාභරණ ඇඳ ගන්න  ඕනෑ. මල් පහන් පූජා කරලා ආරූඪය ලබාගත් පසුවයි කියන්න පුළුවන්. හරි මම එතකම් ඉන්නම්. ඔබ ඒ සඳහා සූදානම් වන්න මම කීවෙමි. නව සොහොන් කාලි මෑණියන්ගේ දේවාලයේ මංගල කපු මහතා ඒ සඳහා මිනිත්තු තිහක පමණ කාලයක් ලබාගෙන සුදුසු වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැවත දේවාලයට පැමිණියේය. සුළු වේලාවකින් පසු ආරූඪය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මට හරි ලියා ගනිං පුතා යයි කීවේය.   ඒ අනුව පත්තිනි සළං ශාන්ති කර්මය මෙසේය. බුදු බවක් ලෙස - පතන පත්තිනි අඹෙන් මලෙන් ඉපදුනු - මවේ ඔබගේ තෙද අනුහසින් බලයෙන් පිහිට ලැබ දුන් - තෙද මවේ සියලූ නරයින් හට ද සෙත දෙන සිද්ධ සත් පත්තිනි මවේ සියලූ රෝ දුක් - දුරු ද දුරු කර දෙන්න සත් පත්තිනි මවේ *පිරිමි භාවය පතන පත්තිනි අඹෙන් මලෙන් ඉපදුනු - මවේ නයිද කඳුලින් - ඉපදුනු සක් ද සත් පත්තිනි මවේ නෙළුම් මලෙන් - උපත ලත් සත් ද සත් පත්තිනි මවේ දෙන්න රෝග ද - දරුවෝ සුව කර සත් ද සත් පත්තිනි මවේ   *ඔරුවෙන් ගොඩ බැසූ නම් ලත් දෙවියනේ බොරුවෙන් අකුරක් නොයයෙමි කවියෙනි ඔරුවෙන් පා ළඟ ඉපදුණු සතියෙනි සර්වෙන් නමදිමි - පත්තිනි දෙවියනේ   *සේල වටක් ඇද - සැරසී අම්මා බාල සතුන් හට - සෙත් සිරි දෙම්මා සීල ගුනේ එලෙ - සින් උපදිම්මා සර්වෙන් නමදිමි - පත්තිනි අම්මා   *තෙම්මා පත්තිනි - සඳ සැතපෙන්නේ දැන් නර දරු කී - පුවත අසන්නේ ඉන් ඇත රෝ දුක් - දුර පළවන්නේ ඉන් නද ඔබගේ - අණ පවතින්නේ   *වරම් දිවස්ලා - නරලොව බලමිණි එරන් ගිගිරි සඳ - මේ නද පාමිණි නරන් විඳින දුක - දිවෙසින් බලමිනි හරින් මෙපිරි පත - පත්තිනි දෙවියනි යන සරස්වතී දේවිය දායාද කළ කවිවලින් කන්නලව් කළ පසු පත්තිනි දේව මෑණියන් බැල්ම හෙළන බව මංගල කපු මහතා කීය. ඔහු සතුව පවතින කුඩා සළඹ අඹ ගෙඩියකින් හැඩයකින් යුක්තය. පිත්තලවලින් සාදන ලද පත්තිනි සළඹ වෙළෙඳපොළේ  ඕනෑ තරම් විකිණීමට තිබෙන බවද ඒවායෙහි කිසිදු බලයක් නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.  

ඔබ පත්තිනි සළඹවල බලය පෙන්වෙන්නේ කෙසේද?

මරණාසන්න රෝගීන් මා ළඟට පැමිණි පසු මම ඔවුන් සුවපත් කර තිබෙනවා. ඒ වගේම උන්මත්තකව පාරේ ඇවිදින  ඕනෑ කෙනෙක් එක්කගෙන එන්න. මම මේ සළඹ හිසට තැබුව විගසම ඔවුන් මෙල්ල වෙනවා.  ඕනෑම වෙලාවක කරලා පෙන්වන්න පුළුවන්.  

පත්තිනි මෑණියන් ගැන කීවොත්?

පත්තිනි මෑණියන් ඉන්දියාවේ පඬිපුරෙන් තමයි පැමිණියේ. නින්දා අපහාසවලින් බේරෙන්න එතුමිය විවාහ වුණා. ඒත් පිවිතුරු භාවය නැති කර ගත්තේ නැහැ. හැමවිටම පිරිමි ආත්ම භාවයක් තමයි පත්තිනි මෑණියන් ප‍්‍රාර්ථනය කළේ. එතුමිය කිසිම කෙනකුට කරදර කරන්නේ නැහැ. ඒත් භාර හාර වෙලා ඒවා ඉෂ්ඨ සිද්ධ නොකළොත් පැපොල, සරම්ප වැනි ලෙඩ රෝගවලට ගොදුරු කොට බලය පෙන්වනවා. නැවත දෙවියන් ළඟට ගිහින් සමාව ඉල්ලා අයැද සිටියම දින තුනෙන් හත් වේලෙන් සුවපත් කර දෙනවා. ඒ තරමටම එතුමිය කාරුණිකයි.  

පත්තිණි මෑණියො සැම තැනකම වැඩ ඉන්නවද?

නැහැ මළ ගෙවල්වල වැඩිවිය පැමිණීමේ මගුල් ගෙවල්වල කිරි දරුවන් සිටින තැන්වල පත්තිණි මෑණියන් වැඩ සිටින්නේ නැහැ. ඒ කිලි ස්ථාන නිසයි. ඒ වගේ දෙයක් සිද්ධ වුණාම නිවසක දේවාලයක් පවත්වාගෙන යනවා නම් එය මාස තුනක්වත් වසා තැබිය යුතුයි. නානු මුරය කරලයි නැවත පටන්ගන්න වෙන්නේ.  

පත්තිනි සළඹ තියෙන බව පැවසූ කාන්තාව දැන් ඔබට සිහිනෙන් පෙන්නේ නැද්ද?

කාලයකට සැරයක් පේනවා. මට කරදරයක් අපල උපද්‍රවයක් ඇති වුවහොත් ඒ බව කල් ඇතිව සිහිනෙන් ඇවිත් කියනවා. ඇය ලබා දුන් උපදෙස් අනුව මා මේ වැඩ කොටස නිසියාකාරව කරගෙන යනවා. පත්තිනි මෑණියන්ගේ දේවාලයට මස් මාළු කිසිවක් ගේන්නේ නැහැ. එතුමියට සෑම විටම මල් පළතුරු තමයි පූජා කරන්නේ. එවිටයි පත්තිනි මෑණියො සිය ආශිර්වාදය ලබා දෙන්නේ. අවසාන වශයෙන් නිවසෙ සිට පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබාගත හැකි කවි කිහිපයක් කියමින් සුජීව ප‍්‍රසන්න මංගල කපු මහතා පත්තිනි සළඹ සොයා ගිය ගමන නිමා කළේය. කතරගමයි දෙවියෝ වැඩ ඉන්නේ නිතර වරම් දෙන පුද ලැබගන්නේ අතරතුරේ කිසි දුකක් නොවන්නේ කතරගමේ දෙවි දරු රැක දෙන්නේ කතරගමයි දෙවියෝ වැඩ ඉන්නේ නිතර වරම් දෙන පුද ලැබ ගන්නේ අතරතුරේ කිසි දුකක් නොවන්නේ උතුම් විෂ්ණු දෙවි පිහිට ලැබෙන්නේ කතරගමයි දෙවියෝ වැඩ ඉන්නේ නිතර වරම් දෙන පුද ලැබ ගන්නේ අතරතුරේ කිසි දුකක් නොවන්නේ සත් පත්තිනි මව් දරු රැක දෙන්නේ
ඡායාරූප හා සටහන  - මාතර ක‍්‍රිෂාන් ජීවක ජයරුක්
හඳපාන්ගොඩැල්ලේ නව  සොහොන් කාලි දේවාලය පත්තිනි දේව ප‍්‍රතිමාවේ සළඹ තිබෙන අයුරු පුද පූජා කරමින් සිහිනෙන් සොයා ගත් බව කියන පත්තිනි සළඹ පත්තිනි ශාන්ති කර්මය කරමින්



අදහස් (0)

පත්තිනි සළඹ සොයා වන වැදුණු ගමනක්

කපිල සුරංග Thursday, 19 September 2013 09:07 PM

අත්තද කියන්නේ (අ)

:       0       0

දමයන්ති වන්නිනායක. Monday, 28 May 2012 01:03 PM

මෙම සත්පත්තිනි දෙවොලට යන ගමන් මග කියන්න.මට තිබෙන දුකකට පිහිටක් ලබා ගන්නත් අවශ්‍යයයි.

:       0       0

ලසන්ති Sunday, 27 May 2012 11:05 PM

මෙම සත් පත්තිනි දේවාලයට යන මාර්ගය විස්තර කරන්න පුළුවන්ද අසරණ රෝගියෙක් වෙනුවෙන්

:       0       0

සුමාල් තීක්ෂණ ජයරංග Monday, 28 May 2012 04:12 PM

"නාකුළුගමුව හඳපාන්ගොඩැල්ල නව සොහොන් කාලී දේවාලයේ" කියල ලියල තියෙන්නෙ. map: https://maps.google.lk/maps?hl=en

:       3       3

මනෝජ් Monday, 28 May 2012 05:34 PM

අනේ, කරුණාකර පත්තිනි දේවාලයේ අංකය පළ කරන්න

:       0       0

සිංහලයා Monday, 28 May 2012 07:58 PM

ලෙඩක් තියෙනවනම් ගිහින් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න​.නිකන් බොරු දේවල් වලට වියදම් නොකර​.අපේ රටෙ විතරනෙ ඔය බොරු දේවල් තියෙන්නෙ.මනස්ගාත​.

:       12       11

ශාන්තfrom dubai Monday, 28 May 2012 10:07 PM

අපිට පිහිටක් ලබා ගන්න එන්න මෙහි ගමන් මග පළ කරන්න

:       0       0

යසෝධා Tuesday, 05 June 2012 05:03 PM

බොරැ කරන අයත් ඇති. ඒත් හැබෑම හොද අය ඉන්නවා.. පිහිට ලබා ගත් අය අපමණයි.

:       2       2

රිෆ්නා අමීනා Saturday, 30 June 2012 10:46 AM

කරැණාකරල මේ නකුලගුමුව හදපානගෙ දුරකථන අංකය දෙන්න....

:       0       0

චානක Monday, 28 May 2012 11:33 PM

ඔබ බෞද්ධයෙක් නම් ප්‍රශ්න හමුවේ තෙරුවන් සරණ පතන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 147 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 182 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

Our Group Site