IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පණපිටින් පොළොව යට වැළලූණු මිනිසෙක්

ලෝකයේ බොහෝ දෙනකු ලෝකයම මවිත කරවන බොහෝ දේ කර ඇත්තේ තම සිත පාලනය කර ගැනීමෙනි. මෙලෙස තම සිත ඒකාග‍්‍ර කර ගෙන විශ්මිත කාර්යයක් කරන්නට එක් පුංචි මිනිසෙකු පසුගියදා සමත් විය. ඔහු මහනුවර උඩහිගුල්වල සියපත්ගම පදිංචි කුලතුංග මුදියන්සේලාගේ හීන්බණ්ඩා නම් 59 හැවිරිදි පුද්ගලයායි. දෙනෝදාහක් ජනතාව බලා සිටිය දී මහ පොළොවේ පැය පහක් පණ පිටින් වැළලී සිට නව වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් විය. ඔහු මේ ආශ්චර්යය කළේ කෙසේ ද? සැමටම ප‍්‍රශ්නයකි. අපි ඒ පිළිබඳව ඉරිදා ලංකාදීපය වෙනුවෙන් ඔහුගෙන් විමසුවෙමු. මේ ඔහු අපට එය විස්තර කළ අයුරුයි. මම 1970 සිට මුලින්ම කරාටේ ඉගෙන ගත්තා. කරාටේ ක‍්‍රීඩාවෙන් සිත පාලනය කර ගැනීම උගන්වනවා. ඒ අතරතුර යෝගී ව්‍යායාම ක‍්‍රම ප‍්‍රගුණ කළා. යෝගි ව්‍යායාම මගින් සිත මෙන්ම කයත් පාලනය කරනවා. සිත කය දෙකම නම්‍යශීලී වෙනවා. ඒ නම්‍යශීලීත්වයත් සමග මම විවිධ සංදර්ශන පවත්වන්න 1980 සිට පටන් ගත්තා. ඒ සංදර්ශනවලට පොළොව යට වැළලීමත් එක් කළ නමුත් ඒ දවස්වල පැයක පමණ කාලයකට පමණක් එය සීමා වුණා. පසුව  ටික ටික එය වැඩි දියුණු කර ගත්තා. නමුත් අවසන් වරට පැය පහක් වළ තුළ සිටීමට පෙර පසුගිය මැයි මාසයේ දී පැය දෙකහමාරක් පමණ සිටියා. පසුගිය ඉරිදා පස්වරු දෙකට මහනුවර උඩහිගුල්වල සියපත්ගම දී ඔහු පණ පිටින් වැළලූනේ කිසිදු චකිතයකින් තොරවයි. අඩි හයක් දිග අඩි තුනක් පළල හා අඩි තුනක් ගැඹුර වළක් තුළ නිදාගත් මොහු ගේ වළ උඩින් ලෑලි අතුරා ගිනි ගොඩක් ගසනු ලැබීය. ඒ වන විට පොළොව තුළ පණ පිටින් වැළලී සිටි හීන්බණ්ඩා මහතාගේ වළ සැබෑ මිනී වලක ස්වරූපය ගත්තේය. මෙලොව ඉපදුන සියලූ මිනිසුන් කවදා හෝ දිනෙක මේ මහ පොළොව තුළ වැළලීම නිශ්චිත වුවත් ඒ පිළිබඳ අත්දැකීම් ඇත්තේ කිහිප දෙනෙකුට පමණකි. එයින් අද වන විට ශ‍්‍රී ලංකාවේ සිටින අංක එකේ පුද්ගලයා වනුයේ හීන්බණ්ඩා මහතායි. පොළොව යට පණ පිටින් වැළලී සිටිය දී තමන්ට දැනුණු දේ ඔහු අප සමග ප‍්‍රකාශ කළේ මෙසේයි. පොළොව යට වැළලීම මට එතරම් අමුත්තක් නෙවෙයි. නමුත් මෙවර මා පොළොව තුළ සිටි කාලය වැඩියි. ඒ නිසා තරමක් කල්පනා කරන්න අවශ්‍ය වුණා. නමුත් මම සංවිධායක මණ්ඩලයට කියල තිබුණා මොන හේතුවක් නිසාවත් පැය පහක් ගතවන්න පෙර වළ හාරන්න එපා කියලා. පැය පහට ආසන්න වෙද්දි වළ තුළ ඔක්සිජන් අඩුවීමක් පෙනුණා. ජංගම දුරකථනය පොළොව තුළට ගෙන ගිය ද ඒ සඳහා කිසිදු සංඥාවක් ලැබුණේ නෑ. අනෙක පොළොව මත සිදු වන කිසිදු ශබ්දයක් වළ තුළට ඇහුණේ නෑ. පස්වරු දෙකට වැළලූ හීන්බණ්ඩාව ගොඩට ගත්තේ රාත‍්‍රි හතටයි. ඒ වන විට දහස් ගණනක් ජනතාව එම භූමියට රැුස්ව සිටියහ. පොළොව යට සිට පසුගිය ඉරිදා රාත‍්‍රි හත දක්වා පිහිටුවා තිබූ වාර්තාව පැය තුනයි විනාඩි 39 තත්පර 12ක් ලෙස සටහන්ව තිබේ. එම වාර්තාව බිඳ හෙළීමට හීන්බණ්ඩා සමත් වූයේ පැය පහක් එක දිගටම පොළොව තුළ වැළලී සිටීමෙනි. නව වාර්තාවක් පිහිටවූ හීන්බණ්ඩා මහතාගේ තවත් දස්කම් රැසක් වේ. ඒ අතර ගිනි පෑගීම, යකඩ වළල්ලෙන් රිංගීම, බෝතල් මත ශරීරය සම බර කිරීම, බෙල්ලේ ඉදිරිපස තබා යකඩ කම්බි නැවීම, මිනිසුන් හය දෙනෙකු එකවර එසවීම, යකඩ ඇණ මත නිදාගෙන බර එසවීම, යකඩ වළලූ හතකින් නැගීම සහ බැසීම, පපුව මත වංගෙඩියක් තබා එහි පොල් කෙටීම, පපුව මත කළු ගලක් තබා කුළු ගෙඩියෙන් එය කැඞීම ආදිය මේ අතර ප‍්‍රධාන වේ. මෙම නව වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව හීන්බණ්ඩා මහතා අප සමග කීවේ තමාගේ මීළ`ග අරමුණ නව ගිනස් වාර්තාවක් පිහිටුවීම බවයි. මේ වන විට ලෝක වාර්තාවේ කාලය කොපමණදැයි තමා නොදන්නා බව ද ඔහු කීය. පොළොව යට පණ පිටින් වැළලීම ත‍්‍රාසය සහ භීතිය පිරුණු සිදු වීමකි. එය බලා සිටින්නන්ගේ සිත් කම්පා කරවයි. සියපත්ගම හීන්බණ්ඩා මහතා නව වාර්තාව පිහිටුවන  අවස්ථාවට විශේෂ අධීක්ෂණ මණ්ඩලය ලෙස ගලගෙදර පොලිසියේ නිලධාරීන්, රජයේ නිලධාරීන්, ප‍්‍රභූන් ඇතුළු පිරිසක් එක් වූහ. මෙම වාර්තාව පිහිටු වූ හීන්බණ්ඩා මහතා තරුණ පිරිසගෙන් සහ දරුවන්ගෙන් එක් ඉල්ලීමක් කරයි. එනම් පොළොව යට වැළලීම භයානක දෙයක් බැවින් අත්හදා බැලීමට නොයන ලෙස ඔහු තරයේ ඉල්ලයි. හීන්බණ්ඩා මහතා සිය ජීවන වෘත්තිය ලෙස විවිධ දෑ කළ ද මේ වන වි ත‍්‍රිරෝද රථයකට ඔහුගේ බර භාර දී තිබේ. මේ සියල්ල කළ ඔහු අඩි හතරයි අගල් 11ක් උස පුංචි මිනිසෙකි. වළ තුළ සිටින අවස්ථාවක් වැළලූණු ස්ථානය ගොඩට පැමිණ කතා කරමින්...  



අදහස් (0)

පණපිටින් පොළොව යට වැළලූණු මිනිසෙක්

නිත්‍යා Saturday, 12 January 2013 03:46 PM

ඔබේ දස්කම් අගයනවා.ඒ මහතා කියනවා වගේ කවුරුත් මෙය අනාරක්ෂිතව අත්හදා බලන්න යන්න එපා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site