IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


පාට පාට රසායනික වැල්ලවත්ත ඇලට

(රේඛා තරංගනී ෆොන්සේකා)

දියවන්නාව මුහුදට වැටෙන බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා දිවෙන ඇළ මාර්ගය දෙපස ඇති නිවෙස් සහ කර්මාන්තයන්ගෙන් අපජලය සහ රසායනික අපජලය මෙන්ම කැළි කසළ ඇළට මුදා හැර තිබේ. මෙම ඇළ මාර්ගය වැසි ජලය ගලා යාමට සකසා ඇතත් ඒ ඔස්සේ අප ජලය විවිධ වර්ණයන්ගෙන්  ගලා යන අයුරු නිරන්තරයෙන් දක්නට ඇත.  

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ජලාප්‍රවාහන හා ගොඩකිරීම්) ඉංජිනේරු එස්.පී මුතුමාල මහතාගෙන් ලබාගත් තොරතුරු වලට අනුව මෙම ඇළ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත්වන ප්‍රධාන ඇළ මාර්ගයන්ගෙන් එකකි.

කිලෝමීටර් 44 ක දිගින් යුතු ප්‍රධාන ඇළ මාර්ග පද්ධතිය සහ කිලෝමීටර් 50 ක දිගින් යුතු ද්විතීක ඇළමාර්ගයන්  මෙන්ම කොළඹ අවට සංවර්ධනය කළ ව්‍යායාම මංතීරු නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව මිලියන 400 ක් වැය කරන බව ඒ මහතා පැවසීය. සේවකයන් 500 ක් යොදා ගනිමින් මෙම ඇළ මාර්ග නඩත්තු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ඇළට අපජලය ගලා ඒම වළකාලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඇළ මාර්ගය අයත් වන්නා වූ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව් සොයිසා මහතාගෙන් අපි විමසා සිටියෙමු.

 එහිදී අප වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම ඇළ මාර්ගය දූෂණය වීම පිළිබඳව පළාත් පාලන ආයතන වගකිවයුතු බවයි.

ඇළ දෙපස ජීවත්වෙන ජනතාව නිවාස සැලසුම් අනුමත කර ගැනීමට පැමිණීමේ දී ඔවුන්ගේ අප ජලය මුදා හැරෙන ස්ථාන පිළිබඳව විශේෂ අවදානයක් යොමුකළ යුතු වුවත් අදාළ පළාත් පාලන ආයතන එකී කටයුතු සම්බන්ධයෙන් නිද්‍රාගත ක්‍රමවේදයන් අනුගමනය කිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බව ඒ මහතා පැවසීය.

විවිධ අවස්ථාවන්හිදී මේ පිලිබඳව දැනුවත් කිරීම් සිදු කරනු ලැබුවද ඔවුන් ඒ පිළිබඳව වැඩි අවධානයක් නොදුන් බවද ඒ මහතා පැවසීය.

 ඇල මාර්ගයන් රැක ගැනීමට නම් අප ජලය සහ කැළිකසළ මුදාහරින්නන්ට එරෙහිව තද නීති පැනවිය යුතුව ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වා දිවෙන මෙම ඇළ මාර්ගය කොළඹ මහනගර සභාවට, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව යන මහ නගරසභා බලප්‍රදේශයන් වෙත අයත් වුවකි.

 එහෙයින් මේ පිළිබඳව විමසීමට අපි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය සම්බන්ධ කරගත් අතර එම මහත්මිය දැනුම් දුන් පරිදි කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් තුමිය වන යෝගරාණි  සිල්වෙස්ටර් මහත්මිය අප වෙත අදහස් දැක්වීමට එක් විය.

 එහිදී කොමසාරිස් තුමිය අදහස් දක්වමින්  අදාල ඇළ මාර්ගයට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේන් කිලෝමීටර් හතරක කලාපයක් අයත් වන බව පැවසුවාය.

ප්‍රධාන සුව සිස්ටම් එකට එම අප ජලය සම්බන්ධ කර ඇති බව සඳහන් කළ ඒ මහත්මිය යම් ගැටලුවක් අපජල මුදා හැරීමක්  කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයේ ජනතාවගෙන් සිදුවන්නේ නම් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බවද පැවසුවාය.

කොළඹ නගරසභා බල ප්‍රදේශයේ ප්‍රධාන වැසිකිළි නල පද්ධතියට සෑම නිවෙසකින්ම නළ සම්බන්ධ කර ඇති හෙයින් එවැනි ගැටලු මතුවිය නොහැකි බවද ඇය කීවාය.

මේ සම්බන්ධයෙන් විමසීමට අප දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා සම්බන්ධ කර ගත් අතර ඒ මහතා පැවසූයේ මෙම අප ජල ගැටලුව පසුගිය රජය කාලයේ ලබාදුන් වැරදි අනුමත කිරීම් හේතුවෙන් සිදු වූවක් බවයි.

අදාළ අංශ වෙත යොමු කර තිබෙන ඇතැම් නිලධාරීන් නගර සභාවට ලෝක විනාශය උදා කරන්නන් බව සඳහන් කළ ඒ මහතා පසුගිය කාලයේ ඇතැම් පාර්ශවයන් අත යටින් ලක්ෂ ගණන් රැගෙන වැරදි නිවාස සැලසුම්  අනුමත කර ඇති බවද පැවසීය.

එමෙන්ම ඉදිරි කාලයේදී  අපජල මුදාහැරීම් සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමට තමා කටයුතු කරන බවත් මෙම අපජල ගලා ඒම කර්මාන්ත කළාපයෙන් සිදුවෙනවා ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 කෙසේ වුවද මේ වන විට නගර සභාවේ පවතින නීති මාලාවන්ට අනුව සැලසුම් අනුමත වීම සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ශාන්ත ප්‍රේමලාල් මහතා ගෙන් අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ මෙම  ගැටලුව විසඳීමට නම් දැවැන්ත ව්‍යාපෘතියක් අවශ්‍ය වන බවයි.

 ඉහළින් පටන් ගත් තැන සිට පහළ දක්වා අවධානය යොමු කිරීමේ දී ඇල දෙපස ජීවත්වන ඇතැම් පාර්ශවයන් මළපහ කිරීම සිදුකරන්නේ ද ඇල මාර්ගයන්ට බව ඒ මහතා පැවසීය.

මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස ජන ඝනත්වය වැඩිවීම විශේෂ කාරණයක් බව සඳහන් කරන ඒ මහතා රාජගිරිය,ඇතුල් කෝට්ටේ වැනි ප්‍රදේශ වෙත අවධානය යොමු කිරීමේදී කුඩා කඩයක් පවත්වාගෙන යන අයගෙන් පවා අප ජලය සෘජුවම ඇළ මාර්ගයන්ට ගලා ඒමේ තත්ත්වයන් පවතින බව පැවසීය.

ඇතැම් නිවැසියන් පවතින කුඩා ඉඩමත් දරැවන් තිදෙනෙකුට බෙදීමේදී මෙම අපජල ගැටලුව වැඩි වශයෙන් මතුවන බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු කණ්ඩායම් යොදා වැටලීම් සිදු කළ ද එකී කාර්යයන් තුළින් පමණක් මෙය පාලනය කළ නොහැකි බවත් විධිමත් ක්‍රමවේදයක් මෙන්ම ශක්තිමත් නීති පැනවීමක් මේ සඳහා අවශ්‍ය බවද ඒ මහතා පැවසීය.

ශක්තිමත් ආර්ථිකයක් ඇති වියදම් දැරිය හැකි මුදල් ඇති පිරිස් විශාල ඉඩම් ලබා ගනිමින් සියළු පහසුකම් ඇති කරගනු ලැබුවද කුඩා පැල්පත් වාසීන්ට එම ගැටලුව විසඳීමට සහාය අවශ්‍ය බව ද පුරපති වරයා පැවසීය.

 



අදහස් (1)

පාට පාට රසායනික වැල්ලවත්ත ඇලට

SL Tuesday, 09 March 2021 04:01 AM

මේවා කරන අයට නිසි දඬුවම් දීලා, වරද නිවැරදි කරන්නේ නැතිව මේ ඇලවල් සුද්ද කරන්න මුදල් වියදම් කරන එක ගඟට ඉනි කැපුවා වගේ සහ පගා ගන්න ඉන්න රජයේ නිලධාරීන්ට ලොකු ඉල්ලමක්...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 943 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site