IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නඟාට බියේ අයියා කුකුළු කුඩුවේ

(කාංචන කුමාර ආරියදාස)

 

දාහත් හැවිරිදි නංගිට බියේ විසිනව හැවිරිදි අයියා කුකුළු කූඩුවක දිවිගෙවන සංවේදී පුවතක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙම සොහොයුරියත් සොහොයුරාත් යම්කිසි ආබාධිත තත්ත්වයකින් පසුවෙති. මොවුන් දෙදෙනා කුඩා කල පටන් එකිනෙකාට විරුද්ධව කටයුතු කිරීම සහ එකිනෙකා අසළ සිටීමට පවා නොහැකිවීම නිසා ඔවුන්ගේ මව්පිය දෙපළ දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.

කුලී වැඩ කිරීමෙන් දවස සරි කරගන්නා මොවුන්ගේ දෙමව්පියෝ වසර ගණනාවක පටන් දුක් විඳිති. ඔවුන්ගේ වැඩිමල් පුතුට වයස අවුරුදු 29 කි. උපතේ සිටම ආබාධිත තත්ත්වයේ පසුවන ඔහු රෝගාබාධ කීපයකින් පෙළෙයි. දෙවැනි දරුවා වශයෙන් උපත ලබා ඇති දියණිය දැනට දාහත් වැනි වියේ පසුවන්නීය. ඇයද කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙයි. කුඩා කල පටන් මොවුන් දෙදෙනා අතර දැඩි වෙනස්කම් දක්නට ලැබීමත් සමඟ ඔවුන්ගේ දෙමව්පියන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වී ඇත.

ඔවුන්ගේ මව  වූ එච්. එම්. ධර්මා චිත්‍රානි  (48) මහත්මිය කියා සිටියේ දරුවන් දෙදෙනාව කුඩා කාලයේ තම සැමියා ළඟ තබා තමා විදේශගතව වසර දෙකකට වැඩි කාලයක් එහි සිට ඉපැයූ මුදලින් නිවස තනා ගත් බවය. සැමියාත් තමාත් මාරුවෙන් මාරුවට කුලී වැඩට යන බවද, තම දරුවන් ජීවත් කරවීම සඳහා සමෘද්ධි සහනාධාරය ඉල්ලා සිටිමුත් එය ද නොලැබුණුබව ඇය පැවසුවාය. මෙවර නව සමෘද්ධි සහනාධාර ලාභීන් තෝරද්දී තම පවුලට සුදුසුකම් නොමැති බව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පැවසූ බවත් ඒවා දේශපාලන තෝරාගැනීම් නිසා තමන්ට සුදුසුකම් නොලැබීම කණගාටුවට කරුණක් බවත් ඇය අප සමඟ කීවාය.

මෙම දරුවන්ගේ පියා වූ  ඒ. එම්. ජයසිංහ බණ්ඩාර(55) මහතා කියා සිටියේ තම දරුවන් දෙදෙනාට මව සහ පියා ළඟම සිටිය යුතු බව යි. දෙදෙනා එකම ස්ථානයක තැබීමට නොහැකි බවත්, ඇතැම් අවස්ථාවලදී ඔවුන් අතර ඇතිවන ගැටුම් වළක්වාලීමට තමන්ට සහ බිරිඳටත් නොහැකි වන බව පැවසීය. දියණිය නිතරම සිය සොහොයුරා සමඟ ගැටුම් ඇතිකරගන්නා බවත්, ඇයට ක්ෂණිකව කෝපය ඇති වන බවත් ඔහු පැවසීය. මේ හේතුව නිසා නැගණියට බයේ  අයියා ගෙය පිටුපස ඇති කුකුළු කූඩුවට යන බවත් එයින් පිටතට ගැනීම සඳහා දැඩි උත්සාහයක් දැරුවද ඔහු නිවසට නොඑන බවත් පියා සඳහන් කළේය. අප එහි ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනා අපහසුවෙන් පුතුව කූඩුවෙන් පිටතට ගත් අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්වය අපට දැකගත හැකිවිය.

තමන් පදිංචිව සිටින දඹුල්ල  කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා අවම වශයෙන් කුඩා වෙළඳසැලක් පවත්වා ගෙන ගොස් නිවසේ සිට මෙම දරුවන් රැකබලා ගැනීමට අවස්ථාවක් සලසා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. කුලී වැඩටයෑම හේතුවෙන් දරු දෙදෙනාගේ ජීවිත අනතුරුදායක තත්ත්වයක පවතින බවත් තම වැඩිමහල් පුතාට අසීමිත ලෙස ආහාර අවශ්‍යතාවයක් පැවතීම හේතුවෙන් එයද ඉටු කර ගත නොහැකිබව සිටින බවත් ඇය පැවයසුවාය.

ඔවුන්ගේ ලිපිනය වන්නේ එච්. එම්. ජයසිංහ බණ්ඩා,  454, ඉබ්බන්කටුව, දඹුල්ල යි. 071 7762341 දුරකථන අංකය මගින් මොවුන් හා සම්බන්ධ විය හැක. ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ එච්. එම්. ධර්මා චිත්‍රානි ගිණුම් අංක 7149755 ට මූල්‍යමය දායකත්වයන් දැක්විය හැකිය.

 

 



අදහස් (5)

නඟාට බියේ අයියා කුකුළු කුඩුවේ

Cisco Monday, 08 October 2018 07:25 AM

සසරේ ඇති කරගත් ගනු(සහ)දෙනු මේ භවයේ එක කුස සහෝදරයන් වී ඉපදුනත්!

:       0       75

මගුල සංසාරේ Saturday, 13 October 2018 07:46 AM

කුණුහරප නොකියා ඉන්නවද? මගුල සසරක් නෙවෙයි මේ තරුණ දෙපලට මානසික ලෙඩක්, දක්ෂ වෛද්‍යවරයෙක්ට පෙන්වන්නයි උත්සාහ ගන්න ඕනේ...

:       0       0

Bamunuarachchi Monday, 08 October 2018 02:11 PM

අනුකම්පා කරනවා හැරෙන්න අපි මොනවා කරන්නද?

:       0       35

ලුම්බිණි Tuesday, 09 October 2018 04:27 AM

මෙම දරුවන් කිසියම් මානසික තත්වයක් නිසා මෙහෙම වෙන්න ඇති. මානසික වෛද්‍ය වරයෙකුට පෙන්වනවා නම් සමහර විට ප්‍රතිපලයක් ලැබේවි.

:       22       126

R.P.B. Nishadhi Thursday, 18 October 2018 06:04 AM

කරුණාකර මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකරවන්න.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site