IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


නගරාධිපතිගේ දියණියට පෙම්බැන්ද කස්ත්‍රෝ

       sdg

26_RASA_P4

සමහරුන්ට අනුව කියුබානු හිටපු නායක පිදෙල් කැස්ත්‍රෝ ඒකාධිපතියෙකි. තවත් සමහරුන්ට ඔහු විප්ලවීය නායකයෙකි. පිදෙල් කැස්ත්‍රෝ යනු කුමන ජාතියේ පාලකයකු වුවද ඔහු බලයට ආවේ විප්ලවයකිනි. ඉන්පසු දීර්ඝකාලයක් රට පාලනය කළ නායකයා ඔහු විය. ඔහුටද ආදර සම්බන්ධතා කීපයක් තිබිණි. 

 

 

26-Rasa-P4-01

කස්ත්‍රෝගේ මුල් බිරිඳ මිරාටා පුතා සමඟ


වසර 17ක් තිස්සේ පිදෙල් කස්ත්‍රෝගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ ජුවාන් ආර්. සන්චෙස් (Juan Reinaldo Sanchez), කස්ත්‍රෝගේ ජීවිතයේ ඇතුළු පැත්ත පිළිබඳ හෙළිදරව්වක් ජාත්‍යන්තර මාධ්‍යයන් ඔස්සේ ඉදිරිපත් කළේ දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේදීය. මෙය ඇමෙරිකානු කුමන්ත‍්‍රණයක් යයි ඇමෙරිකාවට දෝෂාරෝපණය කිරීමට දැන් කිසිවෙකුට නොහැක. ඊට මූලික හේතුව ඇමෙරිකාව කියුබාව සමග අලූත් දීගයක් අරඹා ඇති නිසාය. නැතහොත් එම දෙරට අඩ සියවසකට පසු මිතුරු රාජ්‍යයන් බවට පත්වී තිබෙන නිසාය. 

 


සුර සැප වින්ද කියුබාවේ රජා 


‘‘රුසියන් ජනාධිපති බ්‍රෙස්නෙව් (Brezhnev) පරිත්‍යාග කළ සුඛෝපභෝගී නැවක් කස්ත්‍රෝ පාවිච්චි කලා. බොහෝවිට ඔහු කියුබාව පාලනය කළේ මේ නැවේ සිටයි. කැරිබියන් මුහුද මැද දූපතක් ඔහු සතුව තිබුණා. මේ දූපතේ ඇති මාලිගාවේ ඔහු වැඩි කාලයක් ගත කළා. මේ මාලිගා පරිශ‍්‍රයේ ඩොල්පින් මසුන්ගෙන් පිරි ජලාශයක් තිබුණා. කැස්බෑවන්ගේ පිරි පොකුණක්ද තිබුණා. මෙවැනි මහා මන්දිර රාශියක් හවානා ප‍්‍රමුඛ නගර රාශියක ඉදිකර තිබුණා. ඔහු රජ කෙනෙකු මෙන් දිවිගෙව්වා. මේ සන්චෙස්ගේ ප‍්‍රකාශයෙන් කොටස් කීපයක් පමණකි.’’


පිදෙල් කස්ත්‍රෝ දරුවන් 9 දෙනෙකුගේ පියෙකි. දෙවරක් විවාහ වූවෙකි. ඔහුගේ දෙවැනි බිරියවූ ඩාලියා සෝටෝ (Dalia Soto Del Valle) තවමත් ඔහු අසලම රැුඳී සිටින්නීය. මේ කියන පිදෙල් කස්ත්‍රෝගේ යොවුන් දිවියේ ආදර කතාන්දරය රස ගුලාවකි. මිහිරියාවෙන් පිරුණ කාව්‍ය සංග‍්‍රහයකට සමානය. 
විප්ලවය, දේශපානය, ආදරය යන තුන් පැත්තට විහිදුණු ජීවිතය තුළින් කියුබානු සුරුට්ටුවේ සිට රුසියානු මිසයිලය දක්වා කස්ත්‍රෝ ගිය ගමන අතිශයින්ම විස්මය ජනකය. 


ඔහුගේ පේ‍්‍රම වෘත්තාන්තය, පෙම්වතියන් රැසක් ඔහු ඇසුරු කළ ආකාරය, ඔහුගේ විවාහ ජීවිතය ගැන සොයා බැලීමට පෙර, කියුබාව හා ඔහුගේ අතීතය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කිරීම සුදුසුය. මා ඇමෙරිකාවේ වසර 35ක් තිස්සේ පදිංචි වී සිටින නමුත්, ඇමෙරිකාවට අල්ලපු රටවූ කියුබාවට මෙතෙක් පය ගැසීමට අවස්ථාවක් නොලැබී ඇති බවද මෙහිදී සඳහන් කිරීම වැදගත්ය. 

 

26-Rasa-P4-05

කස්ත්‍රෝ තම දෙවැනි බිරිඳ වූ ඩාලියා සමඟ

 


කවුද මේ පිදෙල් කස්ත්‍රෝ


1926 අගෝස්තු 13 දා පිදෙල් කස්ත්‍රෝ ඉපදුණේ කියුබාවේ බිරාන් (Biran) ප‍්‍රදේශයේය. ඔහුගේ පියා ගොවියෙකි. කස්ත්‍රෝගේ ළමා විය ගෙවුණේ පියාගේ ගොවිපොළේය. යාන්තම් 19 හැවිරිදි වියට පත්වුණා පමණකි ඔහුට 1945දී හවානා නුවර පිහිටි හවානා විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට අවස්ථාවක් ලැබුණි. ඔහුගේ දිවියේ මුල් පෙරළිය සිදුවුණේ මේ හවානා සරසවියේදීය. නීතිය හදාරමින් සරසවි ශිෂ්‍ය සංගම්වලට නායකත්වය දෙමින් එවකට පැවති දූෂිත පවුල් පාලනයට එරෙහිව දේශන පවත්වමින් ඔහු සරසවි භූමිය තුළ ඇරඹූ අරගලය අවසන් වූයේ කියුබාවේ පාලනය සියතට ගනිමිනි. 


ඔහු 1959 දී එවකට තිබූ කියුබාවේ පවුල් පාලනය ඉවත් කරනු ලැබුවත් එදා සිට අද වනතෙක් කියුබාවේ යළිත් පවුල් පාලනය තහවුරු කළේද ඔහුය. රෝගාතුරව මරණාසන්න වූ විට 2008 පෙබරවාරි 24 දා එවකට හමුදා ප‍්‍රධානී හා උප ජනාධිපති තනතුර දැරූ තම සොහොයුරු රාවුල් කස්ත්‍රෝට රටේ පාලනය පැවරීමට ඔහු ක‍්‍රියා කළේය. 


ශිෂ්‍ය සටන්, වාමාංශික දේශපාලනය, රුසියාවේ කොමියුනිස්ට් වාදය පිළිබඳ අවධානය යොමුවී සිටි තරුණ කස්ත්‍රෝගේ සිතට ආදරය ගලා ආවේ මේ හවානා සරසවියේ සොඳුරු පරිසරය තුළදීය. ආලය, ආදරය, පේ‍්‍රමය, දයාව, ස්නේහය, ළබැඳියාව ආදී මේ හැම වචනයකම අරුත, තේරුම එකම එකකි. දෙහදක අපිරිමිත බැඳීම ඒ අරුතයි. රටක් රාජ්‍යයක් තම අතේ ඇඟිලි අතරට ගුලි කරගත් දැවැන්ත චරිත ආදරය හමුවෙහි අන්ධ වූ අවස්ථා එමටය. කස්ත්‍රෝගේ යොවුන් හදවත හරියටම මීට වසර 70කට පෙර ආදරයෙන් මුසපත්වූ මොහොත අතිශයින්ම සුන්දරය. මිහිරිය. චමත්කාර ජනකය. 

 

26-Rasa-P4-02

පිදෙල් කස්ත්‍රෝ විවාහ වූදා

 


කස්ත්‍රෝගේ පළමුවැනි ආදර කතාව


මිරාටා ඩයස් බලාර්ට් හවානා සරසවියේම ඉගෙනගත් ශිෂ්‍යාවකි. ඇය එවකට කියුබාවේ බේන්ස් (Banes) නුවර නගරාධිපති වරයාගේ දියණියයි. ඇය ඒ වනවිට යාන්තම් 17 හැවිරිදි දැරියකි. කස්ත්‍රෝගේ සිසු අරගලයන්හි මුල් පෙළෙහි සිටි ශිෂ්‍යාවකි. යොවුන් වියේ පසුවූ මේ දෙදෙනාගේ සිසු අරගල යොවුන් ආදරයකට හැරුණේ දෙදෙනාගේම හිත් වලට හොරාය. එදා කොලූ ගැටයෙකුවූ කස්ත්‍රෝ ඇයගේ සිනහවට, සොඳුරු පෙනුමට, වශී විය. කස්ත්‍රෝගේ සරසවි ජීවිතය රස සාගරයක් බවට පත්වූයේ සුළු කලකිනි. විප්ලවවාදී, සටන්කාමී, චරිතයකට ආදරයේ හව් හරණ ලැබීම තුළින් ප‍්‍රතාපවත් කස්ත්‍රෝ දමනය වූවා යයි කිවහොත් නිවැරදිය. ඇයගේ සොඳුරු දසුන තුළින් කස්ත්‍රෝ අමන්දානන්දයට පත්විය. 


ඔහුගේ සටන්කාමිත්වය ඇය අගය කළාය. කස්ත්‍රෝ සරසවිය තුළ ගෙනගිය සටන්වලට මාධ්‍යයන් පුළුල් ප‍්‍රචාරයක් ලබාදුන්නේය. ඔහු පැවසුවේ පාලකයන් විශ්වවිද්‍යාල සිසුන් තම හතුරන් ලෙස සලකන බවයි. පාලන බලය ලබා ගැනීම සිසුන්ගේ අරගලයන්හි අරමුණ බව පාලකයින් පැවසූහ. කාලයාගේ ඇවෑමෙන් ඇය ඔහුගේ සෙවණැල්ල බඳුවිය. සිසු අරගලවලදී පෙරමුණ ගත් මේ දෙදෙනා තුළ ආදරය මෝරාගියේ කාලයාගේ ඇවෑමත් සමඟය. 


හවානා සරසවි බිම තුළදී කස්ත්‍රෝ - මිරාටා දෙදෙනාගේ ආදරය ලියලා ගිය ආකාරය මුළු සරසවියටම රහසක් නොවීය. සුරූපි තරුණ ශිෂ්‍යාවන් රැුසක් මේ ප‍්‍රතාපවත් කස්ත්‍රෝ නැමති තරුණ විප්ලවවාදියාගේ හිත දිනාගැනීමට දරන උත්සාහය ඊර්ෂ්‍යාවෙන් යුතුව මිරාටා බලාගෙන සිටියාය. සරසවි භූමියේ කිසිවෙකු හෝ මුළු මහත් කියුබාවේ කිසිවෙකු හෝ අනාගතයේදී මේ අයෝමය තරුණයා කියුබාවේ සුක්කානම සියතට ගනු ඇතැයි සිහිනෙන්වත් සිතන්නට නැත. 


හවානා සරසවිය අසල පිහිටි මනස්කාන්ත මුහුදු වෙරළ මේ තරුණ පෙම් යුවළගේ පේ‍්‍රම පාරාදීසය විය. තරුණ දෙහදක දලූ ලා ලියලමින් තිබූ ආදරයට කිසිවෙකුගෙන් බාධාවක් සිදු නොවීය. ඔවුන් තෙපලූ ආදර වදන් තුළ ගැබ්වී තිබුණේ යෞවනයේ චමත්කාරයයි. සිනිඳු සුදු මුදු වැල්ලේ මේ තරුණ පෙම්වතුන් යුවළ ගත කළ කාලය කොතරම් සුන්දර වන්නට ඇද්ද?


වසර 3කට පසු සරසවි අධ්‍යාපනය අවසන් කර දෙදෙනාම සරසවියට ආයුබෝවන් කිව්වේ උපාධිධාරීන් වශයෙනි. කස්ත්‍රෝ සමාජයට පිවිසුණේ නීතීඥයෙකු වශයෙනි. 1948 වර්ෂයේ හවානා සරසවියෙන් නික්මුණත් මේ දෙදෙනාගේ ආදරය අවසන් නොවීය. 1948 ඔක්තෝබර් 11 දා කස්ත්‍රෝ තම මුල්ම ආදරවන්තිය, තම බිරිඳ බවට පත් කර ගත්තේය. යුග දිවියට එළඹුණ කස්ත්‍රෝ මිරාටා යුවළ මධුසමය ගත කිරීමට ගියේ ඇමෙරිකාවේ සුන්දර ෆ්ලොරිඩා (Florida) ප‍්‍රාන්තයටය. ෆ්ලොරිඩා මුහුදු වෙරළේදී විප්ලවවාදී සිතුම් පැතුම් මඳ කලකට අමතක කිරීමට තරුණ කස්ත්‍රෝට හැකිවිය. 

 

Dalia Soto del Valle, wife of Cuba's President Castro, attends May Day celebrations in Havana

ඩාලියා

 


කස්ත්‍රෝගේ මුල් ආදරයේ අවසානය 


1949 සැප්තැම්බර් 1 දා මේ දෙදෙනාගේ කැදැල්ලට තවත් සාමාජිකයකු එක්විය. කස්ත්‍රෝට දාව මිරාටා බිහිකළ ප‍්‍රථම පිරිමි දරුවා පිදෙල් ඇන්ජල් කස්ත්‍රෝය. මේ දෙදෙනාගේ විවාහ ජීවිතය පැවතියේ වසර 7ක් පමණකි. මෙම අවුරුදු හතක කාල සීමාවෙන්, කස්ත්‍රෝ මිරාටා යුවළ එකට ජීවත්වූයේ වසර 3ක් පමණකි. 1953 වසරේදී එවකට කියුබාව පාලනය කළ බැටිස්ටාට එරෙහිව කස්ත්‍රෝ ප‍්‍රමුඛ විප්ලවවාදී කල්ලිය එල්ල කළ අසාර්ථක ප‍්‍රහාරය කෙළවර වූයේ කස්ත්‍රෝ සිරභාරයට පත්වීමෙනි. 1955 වර්ෂය වනවිටද කස්ත්‍රෝ සිටියේ සිරභාරයේය. තම පුත‍්‍රයා සමග තනිවූ මිරාටා කස්ත්‍රෝගෙන් දික්කසාද වූයේ 1955 වර්ෂයේදීය. 


පාලක බැටිස්ටාට එරෙහි ප‍්‍රහාරය අසාර්ථක වීමෙන්ද, තම බිරිඳ වෙන්වී යාමෙන්ද ඉතා අසරණ අඩියකට පත්වී සිටි කස්ත්‍රෝ කියුබාවේ සිට මැක්සිකෝවට පලාගියේ නව දිවියක් ඇරඹීම සඳහාය. අනාගත සැලසුම් සකස් කිරීම පිණිසය. කස්ත්‍රෝ මැක්සිකෝවට පලා යද්දී මිරාටා තම පුත‍්‍රයා සමග ස්පාඤ්ඤය බලා පිටත්ව ගියාය. ස්පාඤ්ඤයේදී ඇය යළිත් විවාහ දිවියට ඇතුළු වූයේ එහි වෛද්‍යවරයෙකු සමඟය. කස්ත්‍රෝගේ පළමුවැනි ආදර කතාන්දරයේ අවසානය මෙයයි. 


2011 වර්ෂයේ පිදෙල් කස්ත්‍රෝ බලවත් සේ අසනීප වී මරණාසන්නව ගත කරන බව සැලවීමත් සමග ස්පාඤ්ඤයේ විසූ 87 හැවිරිදි මිරාටා කියුබාවට පැමිණ කස්ත්‍රෝ හමුවට ගොස් රෝහලේදී ඔහුට දීර්ඝායු පැතීම හදකම්පා කරන සිද්ධියක් වූ බව ලෝක ජනමාධ්‍යයන් වාර්තා කර තිබුණි. මේ යුවළගේ එකම පුත‍්‍රයාගේ දැන් වයස අවුරුදු 59කි. මොස්කව් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පරමානු බලශක්තිය (න්‍යෂ්ඨික) පිළිබඳ ඉංජිනේරුවරයෙකි. 


චේ ගුවේරාගේ සහය ඇතිව බැටිස්ටාට එරෙහිව ආරම්භ කළ දෙවැනි ගරිල්ලා ප‍්‍රහාරයෙන් පිදෙල් කස්ත්‍රෝ ජය ගත්තේය. ඒ 1959 වර්ෂයේදීය. බැටිස්ටාගේ ඒකාධිපති පාලනය සුනු විසුනු කළ කස්ත්‍රෝ කියුබාවේ ඇරඹුවේද ඒකාධිපති පාලනයකි. 1962 දී තම රටේ න්‍යෂ්ඨික අවි ස්ථාපනය කිරීමට සෝවියට් දේශයට ඉඩදීම තුළින් කස්ත්‍රෝ ඇමෙරිකාවේ හතුරෙකු බවට පත්විය. ඔහු ඇමෙරිකාවට එරෙහි සියලූ බලවේග ඒකරාශී කිරීමට මුළු දිවියම කැප කළේය. හියුගෝ චාවේස් ප‍්‍රමුඛ පාලකයන් කීප දෙනෙකු ඔහුට සහය දුන්නත් එය සාර්ථක නොවීය. 


1979 සිට 1983 දක්වාත් 2006 සිට 2008 දක්වාත් නොබැඳි ජාතීන්ගේ සමුළුවේ මුල් පුටුව හෙබවූයේ පිදෙල් කස්ත්‍රෝය. ඔහු ජනාධිපති පදවියට ආයුබෝවන් කීමට ඔන්න මෙන්න කියා තිබියදී හමුවූ රාජ්‍ය නායකයන්ගෙන් කෙනෙකි. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, මීට වසර 36කට පෙර එවකට ශ්‍රී ලංකා ජනපති ජේ.ආර්. ජයවර්ධන නොබැඳි සමුළුවට සහභාගිවීම සඳහා කියුබාවට ගොස් කස්ත්‍රෝ හමුවූ හැටි මෙහිදී මගේ සිහියට නැගේ. 

 

26-Rasa-P4-04

කස්ත්‍රෝ තරුණියන් පිරිසක් පිරිවරාගෙන

 


කස්ත්‍රෝගේ දෙවැනි ආදර අන්දරය


කියුබාවේ හිටපු ඒකාධිපති පාලකයාගේ දෙවැනි ආදරවන්තිය ඩාලියා සෝටෝය. ඇය හා කස්ත්‍රෝ අතර වයස පරතරය වසර 15කට වැඩිය. ඇය ඉපදී ඇත්තේ ටි‍්‍රනිඩෑඞ් (Trinidad) රාජ්‍යයේය. කස්ත්‍රෝට ඇය මුලින්ම හමුවූයේ 1961 වසරේදීය. ඇය කියුබාවේ උක් වගාකරන ගොවීන්ගේ සංවිධානයේ මුල් තැන හිමිකරගෙන සිටියදී එවකට රට පාලනය කළ කස්ත්‍රෝගේ දෙනෙත් පැහැර ගත් සුරූපිනියකි. ඇයගේ බැල්මට වහ වැටුණ කස්ත්‍රෝ ඇය සමග බැඳීමක් ඇතිකරගත්තේය. බිරිඳගෙන් වෙන්වී සිටි කස්ත්‍රෝගේ සිතට යළිත් ආදර හැඟුම් කා වැද්දුවේ මේ සුරූපී ඩාලියාය. 


මේ දෙදෙනා මුල්වරට මුණ ගැසෙද්දී කස්ත්‍රෝගේ වයස අවුරුදු 35කි. ඩාලියාගේ වයස අවුරුදු 20කි. 1962 සිට 1980 දක්වා දෙදෙනා විවාහ නොවී එක වහලක් යට අඹු සැමියන් මෙන් ගතකළ ජීවිතය රහසක් වශයෙන් තබා ගැනීමට කස්ත්‍රෝ සමත්විය. මේ දෙදෙනාගේ විවාහ ජීවිතය සිදුවුණේ ඔවුන් එක වහලක් යට වසර 18ක් තිස්සේ එකට ජීවත් වීමෙන් පසුවය. ඒ 1980 වර්ෂයේදීය. 

 


කස්ත්‍රෝගේ රහස් ජීවිතය


පිදෙල් කස්ත්‍රෝගේ ඇතුළු පැත්ත හෙවත් (The Real Fidel Castro) නැමති ග‍්‍රන්ථයේ මෙන්ම, පිදෙල්් කස්ත්‍රෝ ගැන නොකී කතාව (Fidel Castro The
Untold Story) යන ග‍්‍රන්ථය මගින්ද මේ පාලකයාගේ රහසිගත ජීවිතය ගැන සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කර තිබේ. ඔහු 1980 වර්ෂයේදී ඩාලියා සමග විවාහ වූවත් ඇය කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික හෝ උත්සවයකට සහභාගි කර ගත්තේ නැත. මේ යුවළට දාව උපත ලත් ළමයින් සංඛ්‍යාව 6ක් බව කියනු ලැබේ. 


මෙම ග‍්‍රන්ථවල සඳහන් වන්නේ පිදෙල් කස්ත්‍රෝ අබිරහස් ජීවිතයක් ගතකළ පාලකයෙකු බවය. මාධ්‍ය වාර්තා දක්වන්නේ කස්ත්‍රෝ තවමත් ඩාලියා සමග ජීවත් වන බවයි. ඔහුට සිටින ළමයින් ගණන 9ක් බව ඇතැම් වාර්තා දක්වද්දී, තවත් මාධ්‍ය වාර්තා වන්හි සඳහන් වන්නේ එම සංඛ්‍යාව 10කට වැඩි බවයි. මෙම ළමයින් පිළිබඳ සියලූ තොරතුරු තවමත් රහසකි. 


1953 ජුලි 23 වැනිදා කියුබාවේ හවානාහි මහාධිකරණයේදී පිදෙල්් කස්ත්‍රෝ තරුණ නීතීඥයෙකු වශයෙන් කළ ප‍්‍රකාශය මෙසේය.


‘‘ගෞරවනීය විනිශ්චයකාරවරුනි. ඔබ හොරකමක් සම්බන්ධව විත්තිකරුවෙකුට එරෙහිව නඩුවක් විභාග කරන විට ඔහු කොතරම් කාලයක් විරැුකියාවෙන් පෙළුණේද, ඔහුට ජීවත් කිරීමට දරුවන් කී දෙනෙක් සිටීද, සතියේ කී දවසක් ඔහු ආහාර නොගත්තේද යනුවෙන් ඔබ නොඅසන්නෙහිය. ඔහුගේ පරිසර තත්ත්වය ගැන ඔබට තැකීමක් නැත. ඔබ කරදර නොවීම ඔහු දඟගෙට යවනු ඇත. බඩගින්නට හොරකම් කළ දුප්පත් කාලකණ්ණියා ඔබ දඟගෙට යවන්නෙහිය.’’


‘‘එහෙත් රජයෙන් මිලියන ගණනින් හොරකම් කරන එකෙකුවත් එක රැයකටවත් ඔබ දඟගෙට යවන්නේ නැත. ඒ ඔබ උන් සමග රාත‍්‍රී භෝජනය ගන්නා නිසාය.’’ 


පිදෙල්් කස්ත්‍රෝගේ මේ කියමන අදත් හැම රටකටම, හැම කාලයකටම වලංගුය. 

fh

 



අදහස් (0)

නගරාධිපතිගේ දියණියට පෙම්බැන්ද කස්ත්‍රෝ

අරවින්ද Friday, 01 January 2016 07:34 AM

කස්ත්‍රෝ සැබවින්ම සැබෑ මානව හිතවාදියෙකි. ඔහු වැනි සොඳුරු මිනිසුන් ලොවට වඩ වඩාත් අවශ්‍යව පවතී. (නි)

:       0       0

ජයනාත් Friday, 01 January 2016 05:22 PM

සොඳුරු ඒකාධිපති කස්ත්‍රෝතුමන් 1953 දී කළ කියමන අදටත් මේ ලංකාවට අපුරුවට ගැළපෙනවා..! (නි)

:       0       0

නීල් Saturday, 02 January 2016 06:02 PM

කස්ත්‍රෝ ගැන අහපු නැති පැත්තක්. හැම එකාදිපතියෙක්ම ඔහොම තමයි. කියනකොට එහෙමයි කරද්දී තව දෙයක්. (නි)

:       0       0

චූල Saturday, 02 January 2016 06:00 PM

කොමියුනිස්ට්වාදී පාලනයක ස්වභාවික තත්වයක් තමා ඒකාධිපතිවාදය. ඒ ඒකාධිපති පාලනයම තමා ඒකේ විනාශයත්. බලන්න ලෝකයේ කොමියුනිස්ට් පාලන හැම එකක්ම කඩාවැටුන හේතුව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 434 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 347 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 167 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 355 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 526 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1157 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1230 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1513 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 391 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site