IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියැවෙන පුද්ගලයකු සහ එම රාජ්‍ය අමාත්‍යවරයාගේ ඥාතියකු බව කියන පුද්ගලයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් පිරිසක් විසින් අත්අඅඩංගුවට ගනු ලැබී යැයි කියැවෙන පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය.

කරදියනාරු ප්‍රදේශයේ  පිහිටි වැවක රොන්මඩ ඉවත් කර ගැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් බලපත්‍රයක් ලබාදීමට යැයි කියා කාත්තන්කුඩි, කල්අඩි ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මුදල් ඉල්ලා එම මුදල් ලබාගන්නා අවස්ථාවේදීම මෙම අත්අඩංගුවට ගන්නා ලදැයිද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

පිළිකාවක් සේම අල්ලස මුළු සමාජ දේහයම වසා පැතිර ගොස් තිබේ. පොලිසිය මෙන්ම බොහෝ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට මෙම චෝදනා වැඩි  වශයෙන් එල්ල වී සහ එල්ලවෙමින් තිබේ. ග්‍රාම සේවක මහත්වරුන්ට එරෙහිව අල්ලස් චෝදනා මෑතක සිට වැඩියෙන් එල්ල වීමට පටන් ගෙන තිබේ.

දරුවකු පාසලකට ඇතුළත් කිරීමේ දී අල්ලස් ගැනීම් බෙහෙවින් සිදුවන බව රහසක් නොවේ. එම අල්ලස් ගැනීම් මුදලෙන් පමණක් නොව ලිංගිකමය වශයෙන් ද සිදුවේ. දරුවා පාසලට ඇතුළත් කිරීමටනම් තමන් සමග යහන්ගත වීමට පැමිණෙන්නැයි දරුවාගේ මවට පවසා එම මව සමග ලැගුම්හලකට ගොස් සිටියදී විදුහල්පතිවරයකු නීතියේ රැහැනට හසු වූ පුවත මෙයට දෙතුන් වසරකට ඉහත දී වාර්තා වූවකි.

දරුවා පාසලට ඇතුළු කිරීම සඳහා මුදල් අල්ලස් ගත් විදුහල්පතිවරුන් තොග ගණනින් වාර්තාවීම වසරේ මුල් කාර්තුවේදී සිදුවන්නකි.

හිටපු ජනාධිපතිවරයකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියකු අල්ලස් දැලට හසු වූයේ අල්ලස් වශයෙන් ලබාගත් මුදල් ගණන් කරමින් සිටියදී බව මාධ්‍ය වාර්තා කළේය. හිටපු ජනාධිපති ලේකම්වරයකු සිරගෙට ගියේ ජනාධිපතිවරණයේදී ජනතාවට රජයේ මුදලින් අල්ලස් බෙදූ බවට එල්ල වූ චෝදනාවෙනි.

අල්ලස රජයන ප්‍රමාණයෙන් පැහැදිලි වන්නේ ඒ සඳහා කිසිදු බියක් - සැකයක් චකිතයක් හා හිරිකිතයක් නොමැති බවය. එමෙන්ම එය සමාජය තුළ සාමාන්‍යකරණය වී ඇති බවය. එය ඉතා භයානක තත්වයකි. සල්ලි නොපෙන්වා කිසිවක්ම කරගත නොහැකි ඉතාම දරුණු තත්වයට රට පත්ව තිබේ.

අල්ලස් ගැනීමේ චෝදනා එල්ලවීමෙන් උප ඇමතිධුර, මන්ත්‍රී ධුර අහිමි කරගත් මහජන නියෝජිතයන් සම්බන්ධ උදාහරණ අතීතයේ බො​හෝය. එම චෝදනාව එල්ල වූ ගරු කටයුතු මහජන නියෝජිතයෝ තවමත් සක්‍රිය දේශපාලනයේ යෙදෙති.

ඇතැම් ජනයා ද කීයක් හෝ අතමිට මොළවා තමන්ගේ රාජකාරිය පහසුවෙන් කර ගැනීමට පෙළඹෙති. එයට හේතුව රාජකාරි කටයුතු කර ගැනීමට නිශ්චිත විධිමත් ක්‍රමවේදයක් නොමැතිකමය. එමෙන්ම එකී රාජකාරිය සඳහා ගතවන කාලය ඉවසා දරා ගැනීමට නොහැකිවීමය. එහෙයින්ම ඇතැම් රජයේ කාර්යාල ‘කාක්කන්ගෙන්’ පිරී පවතී.

දේශපාලකයන්ගේ සමීපතම ගෝල බාලයන් අල්ලස් ගැනීමේ ක්‍රියාවලිය තුළ ඉතා සක්‍රියව සිටින බව වෙළෙඳ රාජ්‍ය ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්ගේ හා ඥාතියාගේ අල්ලස් ගත්තේයයි කියන සිද්ධියෙන් පැහැදිලිය. ඇතැම් විට එම මුදල තමන් ලබාගන්නේ තමන්ට නොව අමාත්‍යවරයාට යනුවෙන් පවසා අල්ලස් ගැනීම් සිදුවීමට ඉඩ ඇත. එහෙයින්ම තමන් සමීපයට ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් වගකීමක් දේශපාලනඥයන්ට ද තිබේ.

සිදුවිය යුතුවන්නේ අල්ලස් ගැනීම හා අල්ලස් දීම හිරිකිත නිහීන ක්‍රියාවක් බවට වන මතය බරසාර ලෙස සමාජගත කිරීමය. මෙම සටහන ද ඒ වෙනුවෙනි.

(***)



අදහස් (1)

දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා

Nimal 1 Saturday, 03 August 2024 01:29 PM

ඇමැති වෙලා වැඩි කාලයක් නැහැ.. එයාලාගේ නම කෙළෙසී නැති බව විශ්වාසද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 920 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site