IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


දමිල කිවිඳියකගේ අතට තුවක්කුව හුරුවු හැටි

යුද පුහුණුව ලැබීමේ ඇගේ තීරණය ගැන ඇය හමුවූ එල්ටීටීඊ නායකයන් පවා කණගාටුව ප‍්‍රකාශ කළේය. එයට එක හේතුවක් විය හැක්කේ කටුක ගරිල්ලා ජීවිතයට ඔරොත්තුදීමේ ඇගේ හැකියාව පිළිබඳව ඇතිවූ සැකය  විය හැකිය. දක්ෂ තරුණ ගැහැණු ළමයකු පාසලින් ඉවත් කරගෙන ඇය සන්නද්ධ සටන්කාරියක ලෙස බලවත් අනතුරකට ලක් කිරීමට තිබෙන සැබෑ නොකැමැත්ත ද තවත් හේතුවක් විය හැකිය. පළමුවරට ඇය එල්ටීටීඊයේ එස්. ඩබ්ලිව්.  ශිෂ්‍ය සංවිධානයට මුලින්ම බඳවාගත් මුරලී ඇය යුද පුහුණුවට බඳවා ගැනීමට අදිමදි කළේය. දේශපාලන කොමිසාර් තිලීපන් ඇගේ තීරණයට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. දිගටම පාසල් අධ්‍යාපනය ලැබීමටත් වසර දෙකට පසු තම තීරණය ගැන නැවත සලකා බැලීමටත් ඇය පොලඹවා ගැනීමට ඔහු දැඩි උත්සාහයක් දැරීය. සාපේක්ෂ වශයෙන් වරප‍්‍රසාද සහිත පසුබිමකින් පැමිණ ඇය වැන්නියකට සන්නද්ධ ගරිල්ලා භටයකුගේ කටුක දුෂ්කර ජීවිතයට හුරුවිය හැකිවේ දැයි ඇය පළමුවරට හමුවූ අවස්ථාවේදී එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන්ද ප‍්‍රශ්න කළේය. ශර්මිලාගේ පිටස්තර පෙනුම වුවමනාවටත් සහ ජීවන ක‍්‍රමය ගැන දක්නා ඇය හදුනා  සිටි බොහෝ දෙනා එල්ටීටීඊ යුද පුහුණුව ලැබීමේ ඇගේ තීරණයට අකමැත්ත ප‍්‍රකාශ කළ බව පෙනෙන්නට තිබිණි. අධිෂ්ඨානය තම අධිෂ්ඨනාය මගින් මේ සියලූ දෙනා අතර තම තීරණය තහවුරු කිරීමට ෂර්මිලාට හැකිවිය. පසුගිය සතිවල මම ඇය ගැන වැඩි වැඩියෙන් තොරතුරු එකතු කළෙමි. ඇගේ පංතියේ ඉගෙනුම ලැබූ බොහෝ දෙනාට ඈ ගැන  හොඳ මතකයක් තිබූ අතර ඈ සම්බන්ධ විශේෂ තොරතුරු දැන සිටියහ. මා ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු මගින් ”දෙමළ කොටි කත” ලේඛිකාව යාපනයේ ඉගෙනගත් කාලය සම්බන්ධයෙන් පැහැදිලි අදහස් ඇති කරගත හැකිය. මේ අවස්ථාවේ ෂර්මිලා නමින් මා විසින් හඳුන්වනු ලබන ඇය භාෂා ඉගෙනීමට කැමැත්තක් දැක්වූ අතර කලා නිර්මාණවලට දක්ෂතාත් පෙන්නුම් කළාය. යාපනයේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ශිෂ්‍යාවක වශයෙන් සිටියදී ඉංග‍්‍රීසි සහ දෙමළ යන භාෂා දෙකටම පංතියේ වැඩිම ලකුණු  ලබාගත්තේ ඇයයි. භාෂා දෙකෙහි කථික, රචනා, කවි සහ අත් අකුරු තරගවලින් ඇය තෑගි දිනා ගත්තාය.   එමෙන්ම නාට්‍ය රචනා කල ශර්මිලා එවායේ රඟපැමද කළාය.ඇය රඟපෑ එක් නාට්‍යයක් යාපනය විශ්වවිද්‍යාලයේද වේදිකා ගත විය. පාසලේ ඇයගේ  හොඳම යෙහෙළියක් වුයේ අජන්තා (ඇය සමග එල්ටීටීඊයට සම්බන්ධ විය) සහ දැන් උතුරු  ඇමරිකාවේ ජීවන්වන  ෂෙරීනාය. ඇයගේ පංතියේ පැරණි මිතුරියන්ට මතක තිබෙන එක් සිදුවීමක් නම් යොලන්දේ (දැන් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ විදුහල්පතිනි) නම්  දෙමළ ගුරුතුමිය සමග ඇය විවාද කිරීමයි. ගැටුම ඇතිවූයේ කාම්බාර් විසින් ලියන ලද රාමායනම් කෘතිය පිළිබඳවය. එය පිළිබඳව යොලන්දේ සොයුරියගේ ඉගැන්වීම්වලට ”ෂර්මිලා” විරුද්ධත්වය ප‍්‍රකාශ කළේ කාම්බාර් සම්බන්ධයෙන් වෙනස් අර්ථකතනයක්  ලබා දෙමිනි. ”භාරතියර්” ලෙස සාමාන්‍යයෙන් හදුන්වනු ලබනු සුබ‍්‍රමනියම් භාරතී නම් දෙමළ කවියා කෙරෙහිද  ”ශර්මිලාගේ භක්තියක් තිබිණි. දෙමළ  ජනයා ගැන දෙමළ ජනයා සහ ඉන්දියාව ගැන ඉන්දියාවේ නිදහස ගැන සුබ‍්‍රමනියම් භාරතියර් ගායනා කළේය.  ස්ත‍්‍රීන්ගේ විමුක්තිය පිළිබඳවද ගායනා කළ ඔහු නිදහස ලැබූ ස්ත‍්‍රිය හදුන්වනු ලැබුවේ ”පුතුමයිපෙන්” හෙවත් නවීන ස්ත‍්‍රිය වශයෙනි. පුතුමයිපෙන් භාරතියර්ගේ ඉගැන්වීම් අනුව හැඩ ගැසුණු ශර්මිලා තමන් පුතුමයිපෙන් කෙනෙකු හෙවත් නවීන ස්ත‍්‍රියක් ලෙස සලකමින් නිවසේදී ඉවුම් පිහුම් ඉගෙන ගැනීම මුරණ්ඩු ලෙස ප‍්‍රතික්ෂේප කළාය. ඇය දෙමළ භාෂාවෙන් කවි හා කෙටි කතා ලියුවාය. ඇගේ  විශේෂිත පුරුද්දක් ගැන ඇතැම් මිතුරියන්ගේ මතකයේ ඇත. අවසන් නොකල  කෙටි කතාවක් ලියන ඇය එය පංතියේ මිතුරියකට ලබා දෙමින්  එයට අවසානයක් ලියන ලෙස ඉල්ලා සිටියි. පසුව ඒ සියල්ල කියවන ඇය හොඳම අවසානය තෝරා ගත්තීය. ඇගේ සමකාලිනයන් බොහෝ දෙනකුගේ මතකයේ රැඳුණු තවත් දෙයක් නම් ඇගේ අත් අකුරුයි. ඒවා ඉතාමත්ම ලස්සනයි. ඇය කළ තව දෙයක් නම්  දෙමළ කවි ලියා නිර්නාමිකව  ඒවා එල්ටීටීඊය පවත්වාගෙන ගිය යෝජනා චෝදනා පෙට්ටිවල බහාලීමයි. එකල සිටි කොටි සාමාජියන්ට මේ ලියන තැනැත්තා තැනැත්තිය සොයා ගැනීමට විශාල ලෙස මනස වෙහෙසන්නට සිදුවිය. අවසානයේ ඇය හදුනාගත හැකිවූයේ ඇයගේ සුවිශේෂ සිත් ඇද ගන්නා අත් අකුරුවලින්ය. ඇය ලියූ එක් කවි පංතියකින් කියැවුණේ මියගිය හමුදා භටයන්ගේ සිරුරු යාපනය කොටුවේ රැඳී සිටි හමුදාවට එල්ටීටීඊය විසින් භරදෙනු ලැබීම පිළිබඳවය. ඇගේ කවි  සටහන් කළ රතුපාට සටහන් පොතක් ඇය සතුව තිබිණි. ඊපීආර්එල්එෆ් සංවිධානයේ සිටි දුර නෑයකු අතටදී තිබු මෙම රතු සටහන් පොත් එල්ටීටීඊයේ  අතට පත්වූයේ එල්ටීටීඊය ඊපීආර්එල්එෆ්  සංවිධානයට පහරදුන් අවස්ථාවේදීය. පසුව කොටි කඳවුරකට පහරදුන් ඉන්දියානු හමුදාව රතුපාට කවිපොත අත්අඩංගුවට ගත්තේය. තමිල්නාඩුවෙන් පැමිණ ඉන්දියානු හමුදා නිලධාරියකු අතට පත්වූ එම පොත් පිළිබඳව ඔහු ඉතාමත් අගය කළේය. ශර්මිලා කුඩා කාලයේදී ඉතාමත් ප‍්‍රියකල දෙයක් නම් ”අම්බුලිමාමා” ළමා සඟරාව කියැවීමයි. එත් ඇය වඩාත් ප‍්‍රිය කළේ වික‍්‍රමදිත්‍ය-වේතාලම්  කතා මාලාවටයි. තරුණ කාලයේ ඇය නොයෙක් ආකාරයේ දෙමළ සඟරා  කියැවුවාය. එකල ඇයගේ ප‍්‍රියතම දෙමළ ලේඛකයා වූයේ අත්භූත සහ  සහ ත‍්‍රාසජනක කතා පිළිබඳව විශේෂ දක්ෂතා පෙන්වු පුට්ටුක් නොවෙයි ප‍්‍රභාකර්ය. දෙමළ කෙටි කතා ලේඛිකාව ඉංග‍්‍රීසි කතා කියැවීමට ද එතරම්ම කැමැත්තක් දැක්වූවාය. හර්ජ්ගේ ටින්ටින් ගේවික‍්‍රම සහ එනිඞ් බලයිටින් ගේ  කතාපොත් වැනි දෑ කියැවීමට ළමා කාලයේ ඇය ප‍්‍රිය කළාය. එනිඞ් බලයිටන්ගේ ඇගේ ඉතාමත් ප‍්‍රියකළ පොත් වූයේ ”ප‍්‍රසිද්ධ පස්දෙනා”  කතා මාලායි. වීර වික‍්‍රමාන්විත ක‍්‍රියා ගැන කුඩා කාලයේ  ඇය ප‍්‍රිය කළ බව  පෙනෙන්නට ඇත. පසුකාලයේ ඇගේ ඇල්ම වඩාත් ගැඹුරු පොත පත කෙරෙහි ඇදී ගියේය. කැමති දේ ගායනය, නැටුම් සහ සංගීතයද ෂර්මිලාගේ විවිධ  වූ ආශා අතර වීය. ඇයගේ පළමු භාරත නාට්‍ය ගුරුවරිය වූයේ ඥානාමනි චෙල්ලයියාය. පසුව එම තැනට පත්වූයේ විනීතා ස්වාමි පිල්ලේය. යාපනයේ වීරසිංහම් ශාලාවේ සංදර්ශන පවත්වා ඇති  ශර්මිලා කොටින් හා එක්වන මොහොත වනවිට පළමු අරන්ගේත‍්‍රම් හෙවත් ප‍්‍රසිද්ධ නැටුමට සූදානම් වෙමින් සිටියාය. සංගීතයට ප‍්‍රියකළ ශර්මිලාට පියානෝව වයලීනය, පියානෝ එකොඩියනය, ගිටාරය සහ වීණා වාදනය කිරීමේ හැකියාව  තිබිණි. ගායන හැකියාව හොඳින් තිබු ඇය සුප‍්‍රසිද්ධ ගායක තිලගනායගම් පෝල්ගෙන් කර්ණාටක  සංගීතය ඉගෙන ගත්තාය. යාපනයේ බොහෝ ගැහැණු ළමයින් මෙන්ම ඇයද දෙමළ සිනමා සංගීතය ඇසීමට කැමැත්තක් දැක්වූ අතර සංගීතඥ ඉලයාරාජාට තදින් ඇලූම් කළ අතර කේ. වී. මහාදේවන්ට සහ එම්. එස්. විශ්මනාදන්ට ප‍්‍රිය කළාය. ඇයගේ ප‍්‍රියතම නිළිය ශ්‍රීදේවිය. ඇය බටහිර සංගීතයට ඇලූම් කළාය. ඇගේ පරම්පරාවේ බොහෝ දෙනකුගේ මෙන්ම ඇගේද දෙවියා වූයේ මයිකල් ජැක්සන්  බව කිවයුතු නැත. ඇය පි‍්‍රයකළ රික් ඇස්ලේ,  ග්ලෙන් මෙඩියරොස් සහ පිල් කොලින්ස්ගේ ගීත ගායනයට ඇය හුරුව සිටියාය. එනේම ඇබා කණ්ඩායමටද ඇය ප‍්‍රිය කළාය. වයි. එම්.සී.ඒ. හි තරගවලින් ශර්මිලා ඉතා සාර්ථක වූයේ තනි ගායන අංශයේදී ජෝර්ජ් බේකර්ගේ  ”උනා පාලොම් බ්ලන්කා” ගීතය ගායනා කරමින් පලමු ස්ථානය දිනා ගැනීමෙනි. ඇය  ප‍්‍රධාන ගායිකාව  ලෙස සිටි  කණ්ඩායම එම තරගයේදීම කණ්ඩායම් තරග ත්‍යාගය  දිනා ගත්තේ ඇබා කණ්ඩායමේ ”ටු ඔන්” ගීතය ගායනා කරමින්ය. පාසලේ සහ පල්ලියේ ගීතිකා ගායනා කරමින්ය. පාසලේ සහ පල්ලියේ ගීතිකා කණ්ඩායම්වලද ඇය ගායනයේ යෙදුනාය. සංගීතය ගායනය, නැටුම් කවි සහ නාට්‍ය ගැන උනන්දුව හැරුණු විට චිත‍්‍ර ඇඳීමේ හැකියාවද  ඇය සතුව තිබූ අතර ඇගේ ඇතැම් චිත‍්‍ර පාසල් චිත‍්‍ර ප‍්‍රදර්ශනයේදී  ප‍්‍රදර්ශනය කෙරෙයි. ෂර්මිලාට තිබූ සිය සාහිත්‍ය කලා ආශා වෙන් නොව ඇය ක‍්‍රීඩා කටයුතුවලදී ඉදිරියෙන් සිටියේ නැත. ඇගේ මිතුරිය අජන්තී පාසල් දැල් පන්දු කණ්ඩායම නියෝජනය කළාය. එසේ වුවද ශාරීරික අභ්‍යාස තරඟවලදී කනිෂ්ඨ අංශයේද ජේෂ්ඨ අංශයේද නායිකාව වූ ශර්මිලා වරෙක ඇගේ වයස් කාණ්ඩයෙන් දිස්ත‍්‍රික් ඇවිදීමේ තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තාය. දෙමළ  කෙටි කතා ලේඛිකාව ක‍්‍රිකට් ලෝලිනියකද වූවාය. අසල්වැසි නිවෙස්වල ළමයින් සමග ක‍්‍රිකට් සෙල්ලම් කිරීමට ඇය පුරුදුව සිටියාය. ශර්මිිලා  ඉතා තදින් ඇලූම් කළ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්  වූයේ  ඕස්ටේ‍්‍රලියාවේ ඩෙනිස් ලිලී, එංගලන්තයේ ඉයන් බොතම්, ඉන්දියාවේ චෙතන් ශර්මා, බටහිර ඉන්දීය කොදෙව්හි විවියන් රිචඞ්ස් සහ ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලයි. පියාඹන පරවියා තනිව හෝ දෙදෙනකු ලෙස හෝ කණ්ඩායම් වශයෙන් බයිසිකල් පදින ගැහැණු ළමයින් ඒ දිනවල යාපනයේ සුලභ දර්ශනයකි. දෙමළ කෙටි කතා කතුවරියද තනිව මෙන්ම ඇගේ යෙහෙලියන් සමග බයිසිකල් පැදීමට පුරුදුව සිටියාය. ඇය සතුව  ප්ලයින් පිජන් (පියාඹන  පරවියා) වර්ගයේ බයිසිකලයෙන් පාසල් යාමට, මෙන්ම ”රොලෙක්ස්” හෝ ”සුභාෂ්” වැනි ආපන ශාලාවකට ගොස් ඇතුරුකෑම හෝ අයිස්ක‍්‍රීම් කෑමට ශර්මිලා පුරුදුව සිටියාය. ශර්මිලාත් ඇගේ මිතුරිය අජන්තීත් බල්ලන්ට ප‍්‍රිය කළහ. ස්වාර්ට්ස් පටුමගේ සිටි අජන්ති සතුව රෝසී නමින් පොමනේරියන් වර්ගයේ බල්ලෙකු සිටියේය. අවාසනාවන්ත ලෙස පොල් ගෙඩියක් ඇඟට වැටීමෙන් ඌ මිය ගියේය. රකා පටුමගේ ජීවත්වූ ශර්මිලා සතුව පොමනේරියන් බලූ පැටවුන් තිදෙනෙක් සිටියෝය. ඉන් එකකු ස්කෑම්පර් ලෙස නම්කොට තිබුනේ එනියඞ් බලයිටන්ගේ රහසිගත හත්දෙනා කතාවල සිටින බල්ලකුගේ නමින්ය. අනෙක් දෙදෙනා නම් කොට තිබුණේ බෲනෝ සහ රෙමෝ වශයෙනි. එම නම් දෙක සොයා ගත්තේ ශාන්ත පැටි‍්‍රක් විද්‍යාලයේ පාසල් සඟරාවෙනි. මා විසින් ”ශර්මිලා” ලෙස නම් කරනු ලැබූ ගැහැණු ළමයාට යාපනයේ පිරිමි ළමයින් නමින් පට බැඳ තිබිණි. ඔවුන් ඇයට හදුන්වන ලද්දේ තලයි දෙවි හෙවත් ඔළුවට ගහගන්නිය වශයෙනි. ඇයගේ දිගු කොණ්ඩය රැලි සහිත වූ අතර බයිසිකලය පැද යනවිට එය නිතරම අවුල් වෙයි. එමනිසා බයිසිකලේ යනවිට ඇය ඇගේ කොණ්ඩයට නිතරම තට්ටු කරන්නට පුරුදුව සිටීම ”තලෙයි දේවි” (ඔළුවට ගහන්නිය) ලෙස නමක් පටබැඳෙන්නට හේතුවිය. ශර්මිලා සහ අජන්තී යාපනයේ කොරාස් මෝසතර සැලසුම් කරන ෂැගී සැලෝන්හි ගනුදෙනු කරුවෝ වූහ. මුලදී ශර්මිලා කොණ්ඩය කපන්නට පුරුදුව සිටියේ ඩයනාගේ ආකාරයකටය. පසුව ඇය එය මැටීරියල් ගර්ල්  නම් විලාසිතාවට වෙනස් කළාය. යාපනයේදී ශර්මිලාගේ පාසල් ජීවිතයේ වැඩි කොටසක් ගෙවී ගියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. එහිදී ඇය අපොස සාමානය පෙළ සමත් වූයේ විශිෂ්ඨ සම්මාන හතරක් සහ සම්මාන සාමාර්ත හතරක් හිමිකර ගනිමින්ය. ඇය චුන්ඩිකුලි කාන්තා විද්‍යාලයට ඇතුලූ වූයේ අපොස උසස් පෙළ සඳහාය. එය යාපනයේ ශාන්ත ජෝන් විද්‍යලයේ කාන්තා පාසලයි. රතු සහ කළු මෙම පාසල් දෙකේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබුනේ රතු සහ කළු පාටින් යුතු එක සමාන ටයි පටියකි. එල්ටීටීඊ ශිෂ්‍ය සංවිධානය වන එස්.  ඕ. එල්.වී යට ශර්මිලා සම්බන්ධ වූයේ ඇය උසස් පෙළ පංතියේ පළමු වසරේ සිටියදීය. ඇය අධ්‍යාපනය අතහැර එල්ටීටීඊ යුද පුහුණුවට ගියේ දෙවැනි වසරේ සිටියදීය. දෙමල කොටි කත කතුවරිය මීට වසර විසි ගණනකට පෙර පාසල් ශිෂ්‍යාවක් ලෙස ගතකළ ජීවිතයේ තොරතුරු එබදුය. යාපනයේ ඉහළ පෙලේ විද්‍යාලයක ඉගෙනුම ලැබූ ඇය ද්වි භාෂා කථාකරන පවුලක නියම වශයෙන් ඉහළ මධ්‍යම පාංතික තරුණියකි. ඇය වැනි පසුබිමකින් පැමිණි තරුණියක් තම පවුලේ සහ නිවසේ තිබූ පහසුකම් සහ ආරක්ෂාව අතහැර නොදන්නා බොහෝ දේ අනතුරට ලක්වන නව ගමනක් යාමටත් තමන් උදාර අරමුණක් ලෙස සලකා යමක් වෙනුවෙන් ඇගේ  ඒ මොහොතේ ජීවිතය කැප කිරීමේ තීරණයක් ගැනීමටත් හේතු වන්නේ එම කාලයේ ඇය ජීවත් වූ පරිසරයේ පැවැති මීට පෙර සඳහන් කළ පරිසරයේ බලපෑම යටතේය.

ඞී.බී.එස්. ජෙයරාජ් විසිනි /පරිවර්තනය - සී. ජේ. අමරතුංග
දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 1 දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 2 දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 3 රන්ජන් මඩුගල්ලේ    



අදහස් (0)

දමිල කිවිඳියකගේ අතට තුවක්කුව හුරුවු හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 78 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 62 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 208 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 25 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 502 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 249 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 378 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 99 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site