IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දුම්රිය මාර්ගවල අනතුරු වළක්වන විධිමත් ක්‍රමවේදයක් ඕනෑ

තවත් දුම්රිය අනතුරක් ඉකුත්දා වාර්තා විය. මෙහි ‘තවත්’ යනුවෙන් සඳහන් කරනු ලැබුවේ අතීතයේදී ඉතා කලාතුරකින් වාර්තා වුවද දුම්රිය අනතුරු වර්තමානය වන විට ඉතා සුලභ වී ඇති හෙයිනි. මෙවර අනතුර වාර්තා වූයේ මීරිගම, විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදීය.

පොහොර පැටවූ කන්ටේනර් රථයක් මීරිගම – විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී පොල්ගහවෙල සිට රත්මලාන බලා ධාවනය වෙමින් තිබූ කාර්යාල දුම්රියක ගැටී කන්ටේනර් රථය පොඩි පට්ටම් වී විනාශ වී ගිය බවත් එහි රියැදුරු ජීවිතය බේරාගෙන ඇති බවත් අප පුවත්පත වාර්තා කළේය. දුම්රිය මගීන් කිහිප දෙනකු විවිධ ආබාධවලට ලක්ව රෝහලින් බාහිර ප්‍රතිකාර ලබා ඇති බව ද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.

මෙම අනතුර එක් අතකින් විශේෂිතය. එප්පාවල සිට පොහොර පටවාගෙන පැමිණි කන්ටේනරය අතරමගදී යාන්ත්‍රික දෝෂයකට ලක් වී තිබේ. විනාඩි 30 ක පමණ කාලයක් එම කන්ටේනරය දුම්රිය හරස් මාර්ගය අසල නවත්වා තිබී ඇත. දුම්රිය ගේට්ටුවේ ක්‍රියාකරුට ද දන්වා දුම්රිය ගමන් අඩු අවස්ථාවේ රියැදුරා කන්ටේනර් රිය දුම්රිය මාර්ගයට ඇතුළු කර ඇත. මීරිගම දෙසින් ආ තවත් කන්ටේනර් රථයක් හේතුවෙන් ඉදිරි මග හරස් වූ අවස්ථාවේ අනතුරට පත් වූ කන්ටේනර් රථය පසුපසට ධාවනය කර ඇත. එහිදී එහි එන්ජිම ක්‍රියාවිරහිත වී තිබේ. ඒ සමගම දුම්රිය මාර්ගයේ සංඥා ක්‍රියාත්මක වී ඇති අතර ගේට්ටුවේ ක්‍රියාකරු අනතුරුදායක බව දැන්වීමට ඉදිරියට දුවගොස් ඇතත් වේගයෙන් ආ ශීඝ්‍රගාමී දුම්රිය කන්ටේනර් රථයේ ගැටී තිබේ.

‘ගින්දරත් සමග සෙල්ලම් එපා’ යැයි කියා ඇති පරිදිම දුම්රිය හරස් මාර්ගවල සෙල්ලම් එපා යනුවෙන් පැවසීමට සිදුවී තිබේ. බොහෝ දුම්රිය අනතුරුවලට හේතුව අනාරක්ෂිතව දුම්රිය හරස් මාර්ග තරණය බව ඉතා පැහැදිළිය. මෙම අවස්ථාවේදීත්  ‘මොළේ ඇති එක් අයකු හෝ සිටියේ නම්’ මෙම අනතුර වළක්වා ගත හැකිව තිබිණි යන්න සත්‍යයට වඩාත් සමීපය.

එකල මෙතරම් පහසුකම් නොවීය. ජංගම දුරකතන නොතිබිණි. හරස් මාර්ග බොහෝමයකට දමා තිබුණේ උණ බම්බුවකි. සෑම හරස් මාර්ගයකටම රැකවලෙකු සිටියේ ද නැත. එහෙත් මෙතරම් අනතුරු වාර්තා වූයේ නැත.

‘අවදානමට වඩා සූදානම හොඳ’ යැයි පැරැණි සමාජය සිතුවේය. එහෙත් ස්මාර්ට් යුගයේදී ඒ සියල්ල කණපිට හැරී ඇත. මෙම යුගයේදී අවදානම යනු ගණන් නොගන්නා දෙයක් බවට පත්ව තිබේ. නොඑසේ නම් දුම්රිය මාර්ගය අතිශයින්ම කාර්ය බහුල මොහොතකදී යාන්ත්‍රික දෝෂයකට ලක්වූ කන්ටේනර් රථයක් දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කර මෙසේ හැසිරෙන්නේ නැත.

වගකීම් විරහිත බව නිසා සිදුවූ මෙම අනතුර නිසා පස්යාල, මීරිගම මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනක් තිස්සේ ඇණහිට තිබී ඇත. කාර්යාල දුම්රියෙන් වැඩට එමින් සිටි විශාල පිරිසක් බොහෝ සෙයින් අපහසුතාවට පත්ව ඇත. අධිවේගී මාර්ගය භාවිත කළ පිරිස් ද මේ නිසාම දැඩි අපහසුතාවට පත්වූ බව අප පුවත්පත වාර්තා කර තිබිණි.

 දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය මාර්ගයටත් දුම්රියටත් සිදුව ඇති අලාභය කෝටි ගණනක් විය හැකි බවය. අපතේ ගිය මිනිස් පැය ගණන ද එකතු කළ විට අලාභය ගණනය කළ නොහැකි වනු ඇත.

වගකීමෙන් කටයුතු කළ යුතු වන්නේ ඒ නිසා යැයි අපි දැඩිව අවධාරණය කරමු.

(***)



අදහස් (1)

දුම්රිය මාර්ගවල අනතුරු වළක්වන විධිමත් ක්‍රමවේදයක් ඕනෑ

AJITH Saturday, 12 August 2023 08:00 PM

දුම්රිය මාර්ගවල අනතුරු වළක්වන විධිමත් ක්‍රමවේදයක් හෝ ආයතනය පුද්ගලීකරණය විය යුතුබව මහජනත්ව කියාසිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ඔවුන්ගේ ආයතනය නගාසිටුවීම වෙනුවෙන් පෙනී සිටින්නේ කවදාද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 143 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2047 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1573 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site