IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දෙපිලම දෙගිඩියාවෙන්

ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සත්කාරක දකුණු අප්‍රිකානු පිලට මෙන්ම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමටද එක ලෙසින් වැදගත් වී තිබේ.

මෑත කාලයේදී පරාජයන් වැලක හිමිකරුවා වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සතුටු වීමට ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජය පමණි. ගෙවී ගිය මාස 12 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම එකම එක්දින තරගාවලියකින් හෝ ජයගෙන නැත. එම මාස 12 ක කාලයේදී සහභාගි වූ එක්දින තරග 15 අතුරින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණි.

ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරගාවලියක් ජයගත්තේ 2018 ජනවාරියේදී බංග්ලාදේශ පිලට එරෙහිව බංග්ලාදේශයේදීය. එබැවින් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට, එක්දින තරගාවලිය, තමන්ගේ අහිමි වූ කීර්තිය සොයාගැනීමට කදිම වේදිකාවකි.

අනෙක් අතට ශ්‍රී ලංකා පිලේ අලුත්ම ටෙස්ට් නායකයා වන  දිමුත් කරුණාරත්න තරගාවලිය 2-0 කින් ජයගැනීමෙන් පසුව ආපසු සියරට ආවේය. එක්දින පිලේ හිටපු නායක තිසර පෙරේරා සමග පැවැති හීතල යුද්ධයෙන් පසුව නැවත වරක් නායකත්වයේ ඔටුන්න දා ගත් ලසිත් මාලිංගගේ මීළඟ උත්සාහය විය හැක්කේ එක්දින පිලේ නායකත්වයට සුදුස්සා තමන් බව ඔප්පු කිරීමය. ඇරත් ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් එක්දින තරගාවලිය වන නවසීලන්ත පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ 3-0 ක් ලෙසින් පරාජය වී තිබේ.

වසර 1992 දී නැවතත් ලෝක ක්‍රිකට් පිටියට පිවිසි දා පටන් දිගින් දිගටම බිඳ වැටෙමින් තිබෙන ලෝක කුසලාන සිහිනය දෙස දෑස් දල්වා බලා සිටින දකුණු අප්‍රිකානුවන්ට නම් වැඩිපුර සිතන්නට දෙයක් නැත. එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිල තලා පෙළා දැමීම ඉදිරියේ එන ලෝක කුසලාන තරගාවලියට කදිම පෙරහුරුවකටත් වඩා ටෙස්ට් තරගාවලියේදී ලද නින්දාව වසා ගැනීමටත් ඉවහල් වන කාරණයකි.

එබැවින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය හොඳ උණුසුමක් ඇති තරගාවලියක් වීමට ඕනෑවටත් වඩා කාරණා තිබේ.
 

 

 



අදහස් (1)

දෙපිලම දෙගිඩියාවෙන්

S.Rathnayake Tuesday, 05 March 2019 06:26 AM

අපේ කණ්ඩායමේ මේ එකලොස්දෙනා ගහනවානම් දිනන්න පුළුවන්. 1. උපුල් තරංග. Bat 2. අවිශ්ක ප්‍රනාන්දු. Bat 3. ඔෂද ප්‍රනාන්දු. Bat 4. කුසල් මෙන්ඩිස්. Bat 5. අන්ජෙලොව් පෙරේරා.[ තුන් ඉරියව්] 6.අන්ජෙලොව් මතෙව්ස්..[තුන් ඉරියව්] 7.තිසර පෙරේරා. [තුන් ඉරියව්] 8. කමිදු මෙන්ඩිස්. [තුන් ඉරියව්] 9. ඉසුරු උදාන. [තුන් ඉරියව්] 10. ලසිත් මාලිංග. [ පන්දු යැවීම] 11. විශ්ව ප්‍රනාන්දු. [පන්දු යැවීම]

:       173       164

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site