IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


දොඩම්පහල මහ නා හිමියෝ

දොඩම්පහල චන්ද්‍රසිරි මහනායක මාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරයෙන් ඊයේ (14) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පිදුම් ලැබූහ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ 1939.12.20 වැනිදා දකුණු සිරිලක දොඩම්පහල ග්‍රාමයේදී ජන්ම ලාබය ලබා 1950.11.25 වැනිදා  කුඩාවැල්ල වාළුකාරාමයේදී දොඩම්පහල චන්දසිරි නමින් සසුන්ගත වූහ. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා වූයේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මාතර ශ්‍රී සද්ධාරාම නායක ස්වාමීන් වහන්සේ සහ මාතර තොටමුණ වීරබා පිරිවෙන්පති, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරයට පත් මේධා ශ්‍රී මාතර මේධානන්ද ස්වාමීන් වහන්සේලාය.

මාතර නිල්වලා උදකුක්ඛේප සීමා මාලකයේදී ශ්‍රී කළ්‍යාණිවංශික සංඝයා වෙතින් 1962 වසරේදී උපසම්පදාව ලැබූහ.

දොඩම්පහල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික ඉගෙනීම ලබා මාතර වීරබා පිරිවෙන හාගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය ලැබූහ.

කුඩාවැල්ලේ වංගීස අධිකරණ සංඝනායක හිමිපාණන් ගුරුතැන්හි තබාගෙන කොළඹ බෞද්ධාලෝක මාවතේ ජර්මන් ධර්මදූත ආශ්‍රමයෙහි නේවාසිකව භාවනා පුහුණුව ලබා ඇත.

කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී කහටපිටියේ සුමතිපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ භාවනා පුහුණු උපදේශකත්වය ලැබ ශ්‍රමණ ධර්මයනට අවශ්‍ය සියලු කාර්යයන් ප්‍රගුණකොට විපස්සනා භාවනා කම්මට්ඨානාචරිය උපාධිය ලබා ඇත.

වනවාසී සම්ප්‍රදාය හා විදර්ශනා භාවනාවේ ප්‍රායෝගිකව නියැළෙමින් එම ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමට මුල්ලේරියාව නවනගරය කලපළුවාවේ ගෝතම තපෝවන භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට සිය දායකත්වය සැපයූහ.

ගෝතම තපෝවන භාවනා මධ්‍යස්ථානය ආරම්භ කළ අතර මහනුවර ශ්‍රී දළදා තපෝවනය, මිහින්තලේ කළුදිය පොකුණ තපෝවනය, පදවිය දෙවියනක්ගේ කන්ද තපෝවනය, කෑගල්ල අභයභූමි තපෝවනය, කතරගම මාතික මාතා මධ්‍යස්ථානය ආදී ශාඛා මධ්‍යස්ථාන සෑම එකකම පළමු වස් දෙක තුන වෙසෙමින් සිය අනුගාමිකයන් වහන්සේලාට අනුශාසනා කරමින් දියුණු කිරීමට සමත්වූහ.

කුඩාවැල්ලේ වංගීස අධිකරණ සංඝනායක ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් 1982 ජුලි 25 වැනිදා සිට මාසික මාතා සමිතියේ යාවජීව අනුශාසකයන් වහන්සේ ලෙස මූලස්ථානය ප්‍රධාන තපෝවන ශාඛා මධ්‍යස්ථාන 06 ක අධිපතිත්වය හා දිස්ත්‍රික් කිහිපයක නිකායික විහාරස්ථාන 05 ක අධිපත්වය උසුලමින් සිය ශිෂ්‍යවරයන් වහන්සේලා මෙහෙයවමින් දේශීය විදේශීය වශයෙන් ඉමහත් ශාසනික සේවාවක නිරත වෙති.

අද පවා කාගේත් ගෞරවාදරයට පාත්‍රවූ පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේ වැනි සුවිශේෂී චරිත උන්වහන්සේ තුළ පැවැති ශ්‍රමණ ආකල්ප දැකීමෙන් උන්වහන්සේගේ මගපෙන්වීමෙන් සසුන්ගතව තරුණ පරපුරට ලබාදුන් මෙහෙවර සුළුපටු නොවේ.

වර්තමානයෙහි රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වැනි වියත් භික්ෂූන් වහන්සේලාට ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මග පෙන්වමින් සිදුකරන ශාසනික සේවාව අපමණය.

ආසියාවේ ප්‍රධාන සංඝනායක තපෝවනයේ මිතභාණි ස්වාමීන් වහන්සේ දේශීය විදේශීය වශයෙන් ඉමහත් සේවා රාශියක් සිදුකරති.

දැනට ඇමෙරිකාවේ වැඩවෙසෙන කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශයේ කථිකාචාර්ය ලෙස කටයුතු කළ තපෝවනයේ සුතධර ස්වාමීන් වහන්සේ ද ශාස්ත්‍රීය වශයෙන් හා ආගමික සමාජ සේවාදිය සිදුකරමින් වැඩ වෙසෙති.

වසර 1996 දී අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා නායක ධුරයට පත්වීමෙන් පසු අමරපුර මහා නිකායට ඒකාබද්ධව පාර්ශ්වයක් වශයෙන් කටයුතු සම්පාදනය කළේ වත්මන් මහා නායක දොඩම්පහල චන්ද්‍රසිරි හිමිපාණෝය. අමරපුර සංඝ සභාවේ කාරක සභික, උපසභාපති, සභාපති, වශයෙන් ක්‍රියාකාරී වූයේ මහානාහිමිපාණන් වහන්සේගේ නිස්සරණධ්‍යාශයෙන් කටයුතු කරන නිසාවෙනි.

අප පාර්ශ්වයේ උදකුක්ඛේප සීමා මාලකය අබලන් වීම නිසා මිලියන දහසකට ආසන්න මුදලක් වියදම් කරමින් අභිනව සීමා මාලකයක් දොඩන්දුව මාදු ගඟේ ගොඩනැංවීම අප නිකායික භික්ෂූන්ගේ ප්‍රසාදයට හේතුවිය.

අමරපුර මහානිකායේ මූලස්ථානය ඉදිකරවන්නට වත්මන් දායක සභාව හා  සාකච්ඡාකරමින් පර්චස් 84 ක ඉඩමක් ජයවර්ධනපුර රෝහල පාරට නුදුරුව ලබාගත්තේ දොළොස් දහසක පමණ අමරපුර භික්ෂූන් වහන්සේගේ ඉදිරි අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමිනි.

2004 වසරේදී සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූ පිරිස්වලට හා තුන් නිකායේම ආගමික මධ්‍යස්ථාන හඳුනාගනිමින් විවිධ උපකාරක පරිත්‍යාග කෝටි ගණනක මුදල් යොමුකරවමින් කටයුතු සිදු කළහ. ඇමෙරිකාවේ වෙසෙන සුතධර හිමියන්ගේ මගපෙන්වීමෙන් වියට්නාම් ජනතාවගේ ඇප උපකාරයෙන් තෙල්වත්තේ ශ්‍රී රාහුල සංඝරාජ පුස්තකාලය ඉදිකර දීම, මිරිස්ස සිරි සනන්ද ත්‍රිපිටක ධර්ම ආයතනයේ පුස්තකාලය ඉදිකිරීම, විහාරස්ථාන 200 කට පමණ ත්‍රිපිටක පොත් සියල්ල අල්මාරි සහිතව ලබාදීම, අටුවා පොත්, ජාතක පොත්, ලබාදීම මේ අතර සුවිශේෂී වේ.

සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සෑම ජනකොටසකටම පොදුවේ එම ප්‍රදේශවල සංචාරය කරමින් වියළි ආහාර හා වෙනත් උපකරණ රෝහල් උපකරණ, ඖෂධ වර්ග, ජල උපකරණ, විදුලි රැහැන් වැනි විවිධ සේවාවන් ඔවුන් වෙත සපයාදීම කාගේත් ප්‍රශංසාවට හේතුය.

කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව අවංකව සැම දෙනාගේම අනාගත අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීමේ හැකියාව හා උනන්දුව උන්වහන්සේ සතුව පවතින බව අප විශ්වාස කරමු.

 

(***)
ශ්‍රී වංගීස පිරිවෙනේ පරිවේනාධිපති, ත්‍රිපිටකවේදී,
තපෝවනයේ දමිත හිමි



අදහස් (2)

දොඩම්පහල මහ නා හිමියෝ

yamuna Tuesday, 18 January 2022 11:49 AM

දීර්ඝායුෂ ලැබේවා

:       0       0

නිලංග බාලදක්ෂ Sunday, 21 May 2023 11:37 AM

මතු බුදුවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 726 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 892 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site