ප්‍රවීණ දේශපාලනඥයකු වූ සිරිසේන කුරේ මහතාගේ අභාවය නිමිත්තෙන් පළවන ලිපියකි.
එ.ජා.ප. හිටපු මහලේකම්වරයකු වූ ද, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයකු වූ ද, මැලේසියාවේ මහකොමසාරිස්වරයකු ලෙස ක්‍රියා කරමින් රටට කීර්තියක් ගෙනදුන්, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයකු ලෙස නොමැකෙන සේවාවක් ඉටුකළ සිරිසේන කුරේ මහතා සැබෑ ජනතා පුත්‍රයෙකි. ඔහු ජනතාවගේ සැබෑ හදගැස්ම හඳුනා ගන්නේ රණසිංහ ප්‍රේමදාස සුසංයෝගයෙනි. සිය මිතුරකු වූ ප්‍රේමදාස මහතාගේ දේශපාලන ක්‍රියාකාරීත්වයට මුල සිටම අතහිත දුන් චරිතයකි කුරේ.

මැද කොළඹ ජනතාවගේ දුෂ්කර ජීවන රටාව සැබෑ ලෙස හඳුනාගත්, ඒ වෙනුවෙන් පෙනී සිටි නායකයකුගේ සැබෑ අනුගාමිකයා කුරේ විය. බොහෝ දෙනා නායකයා අතික්‍රමණය කොට මතුවන්නට උත්සාහ ගනිද්දී කුරේ මහතා නායකයාගේ වැඩපිළිවෙළට රුකුල් දෙමින් එය ශක්තිමත් කිරීමට වෙහෙසුණේය.
කුරේ මහතා ජාතිවාදියකු, ආගම්වාදියකු නොවීමට ද පදනම වැටුණේ මැද කොළඹ ආසනයේ මේ සියලු ජාතීන් හා ආගමිකයන් ජීවත් වූ නිසාය. ඔවුන්ගේ හැඟීම තේරුම් ගෙන සහජීවන ප්‍රතිපත්තියක් හා ක්‍රියා කිරීමේ අවශ්‍යතාව කුරේ අවබෝධ කරගත්තේය. ඊට සිය නායකයාගෙන් ලැබුණු පිටිවහල අතිමහත්ය.
කුරේ මහතාගේ සංවිධාන ශක්තිය විරුද්ධවාදීන්ගේ පවා පැසසුමට ලක්වූවකි. එහි පදනම සැකසුණේ ද මැද කොළඹ ජනතාව තුළ කටයුතු කරමින් ලද පන්නරය නිසාය.
කුරේ මහතා බොහෝ තනතුරු ප්‍රතික්ෂේප කළ නායකයෙකි. ඔහු, දුන් තනතුරු බාර ගැනීමට ඉදිරිපත් නොවූයේ තමාට වඩා දක්ෂයකුට ඒ සඳහා අවකාශයක් ලබා දීමෙන් රටට ඊට වැඩි සේවයක් ලබාදිය හැකිය යන විශ්වාසය නිසාය.
ජනාධිපති විජේතුංග මහතා තමාට දුන් අගමැති තනතුර රනිල් වික්‍රමසිංහ මහතාට ද ලබා දුන්නේ ඒ අරමුණිනි. එසේම කුරේ මහතා නියෝජනය කළ මැද කොළඹ ආසනය ද රනිල් මහතාට පරිත්‍යාග කළේ ද ඒ අරමුණෙනි.
තමාට ලබාදුන් තනතුරු බදා ගැනීමේ පුරුද්දක් කුරේ මහතාට නොවීය. පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත්ව යෑම එවැන්නකි. එසේම තමා දැරූ අමාත්‍යාංශ තනතුරෙන් ඉවත් වීමට දැරූ උත්සාහය ද එවැන්නකි. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ බලලෝභී දේශපාලනයක් කිරීමේ වුවමනාවක් කුරේ මහතාට නොතිබූ බවය.
සිරිසේන කුරේ මහතාගේ සංවිධාන ශක්තිය මැනවින් ප්‍රකට කළ ප්‍රබලම සාධකය වූයේ ජනාධිපතිවරණ සටන මෙහෙයවීමේ කාර්යභාරයයි. එහිදී ඔහු ජයග්‍රහණය උදෙසා මනා සැලසුමක් දියත් කළේය. පරිසමාප්ත අර්ථයෙන්ම දෙකොණ ඇවිලෙන විලක්කුවක තත්ත්වයකි.
‘මේ කවුද? මොනවද කරන්නේ?’ පෝස්ටරය රට පුරා රැයකින් අලවමින් එතෙක් ජ.වි.පෙ. විසින් ක්‍රියාත්මක කළ පෝස්ටර් ඇලවීමේ ව්‍යාපාරය අත්පත් කරගැනීමට කුරේ සමත් විය. මෙය ජ.වි.පෙ. අභියෝගය හමුවේ පරාජිත මානසික තත්ත්වයෙන් සිටි එ.ජා.ප. පාක්ෂිකයන් දිරි ගන්වන සුළු කාර්යභාරයක් විය.
එකී ජනාධිපතිවරණයේදී ඡන්ද රැස්වීම මෙහෙයවීම ඊට වඩා බරපතළ කාර්යයක් විය. එහෙත් අසීරු හැම විටකම සිය සංවිධාන ශක්තිය ප්‍රකට කරවමින් එකී ඡන්ද සටන ජය ගැනීමට කුරේ මහතා කටයුතු කළේ තමා වෙත පැවරුණු අභියෝග හමුවේ නොසැලෙන බව ලොවට පෙන්වමිනි. සිරිසේන කුරේ චරිතයෙන් ලද හැකි දෑ බොහෝය. තමා විශ්වාස කළ දේශපාලන දර්ශනයේ වැදගත්කම වෙනුවෙන් ඔහු නොබියව පෙනී සිටියේය. ප්‍රේමදාස කේන්ද්‍රය බිහි වීම එහි ප්‍රතිඵලයකි. එමගින් තම නායකයාගේ දර්ශනය තුළින් රටට සිදු වූ යහපත සැබෑ ලෙසම පොදු ජනතාව අතට පත්වී ඇත් ද යන්න සෙවීමට ඔහු කටයුතු කළේය.
දේශපාලන කුමන්ත්‍රණයකට ඈඳා ගනිමින් එවකට පැවැති චන්ද්‍රිකා ආණ්ඩුව කටයුතු කළ විට ඊට නොසැලී මුහුණ දී තමාගේ නිර්දෝෂීභාවය ලෝකයා හමුවේ පෙන්වා දීමට සිරිසේන කුරේ මහතා සමත් වූයේය
සිරිසේන කුරේ මැතිතුමනි, ඔබට නිවන් සුව අත්වේවා.
හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනි ශාන්තිනි කෝන්ගහගේ
2025 නොවැම්බර් මස 21
39
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
තනතුරු පසුපස හඹා නොගිය සිරිසේන කුරේ
nihal Wednesday, 08 December 2021 09:01 AM
බයිලා කියන්න එපා.අපේ රට ආපස්සට අරන් යාමට දායක වූ තවත් කාලකන්නි දූෂණයෙන් යුතු අයෙකි
Nihal Sunday, 12 December 2021 01:24 PM
මෙයා ගැන කවුද අනේ නොදන්නේ...?