IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජේසුස් වහන්සේගේ කුරුස යාගයෙන් අපට කියා දෙන පණිවුඩය

ලොව පුරා වෙසෙන කිතුනු ජනතාව මහත් බැතියෙන් සමරන ජේසුස් වහන්සේගේ කුරුස පත්වීම  හෙවත් මහ සිකුරාදා අදට (29) යෙදී ඇත. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.

මහ සිකුරාදා යනු මුළු ලෝකවාසී කිතුනු ජනතාවගේම සුවිශේෂ වූ දිනය ලෙස සැලකිය හැකිය. මහ සිකුරාදා යන්නෙන් අදහස් ‍කරන්නේ කිතුනුවන්ගේ අතිශුද්ධවන්තම දිනය බවයි. මහ සිකුරාදා දිනය මුළු ලෝකවාසී කිතුනු ජනතාවම ඉතාමත්ම උනන්දුවෙන් සමරනු ලබන දිනයකි. එසේම මහ සිකුරාදා දිනය වෙනුවෙන් කිතුනු‍වෝ දින හතළිහක් තිස්සේ සූදානම් වෙති. මහ සිකුරාදා ලෙස අප හඳුන්වන්නේ ක්‍රිස්තුන් වහන්සේ තම ජීවිතය අප වෙනුවෙන් පූජා කරපු දිනයයි. ඒ තුළින් උන්වහන්සේ අපට පෙන්නුවේ උන්වහන්සේ අපහට ඇති අසීමිත ආදරයයි.

මහ සිකුරාදා දිනය අපට සුවිශේෂ වූ පණිවුඩයක් ලබා දේ. ඉංග්‍රීසියෙන් අපි කියනවා Good Friday කියලා. දැන් කෙනෙකුට මෙහෙම ප්‍රශ්නයක් පැන නැගිය හැකිය. මහ සිකුරාදා තමයි කිතුනුවන්ගේ දුක්ඛදායකම දිනය. ඒ කියන්නේ තමන්ගේ ආගමික කර්තෘවරයාණන්ව ඉතාමත්ම අමානුෂික ආකාරයෙන් කුරුසයක ඇණ ගහලා ඝාතනය කරනු ලැබූ දිනය තමයි මහා සිකුරාදා දිනය. එහෙත් කිතුනුවන් ඒ දිනය හඳුන්වන්නේ වසරේ හොඳම දිනය ලෙසයි. තමන්ට ඉතාමත්ම හිතෛෂී කෙනෙක්ව අමානුෂිකව මරා දැමූ දිනය අපිට කියන්නට පුළුවන්ද ඉතාමත්ම වාසනාවන්ත දිනය ලෙස ? එහෙත් කිතුනුවෝ ඒ දිනය ඒ ආකාරයෙන් සලකනු ලබති.

ඊළඟ කරුණ වන්නේ කිතු දහම ආරම්භ වූ දිනය ලෙසත් කිතුනුවන්ගේ ජයග්‍රාහී දිනය ලෙසත් සලකනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කොට උත්ථානය ලැබූ පාස්කු ඉරුදිනයි. කිතු දහම ආරම්භ වෙන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය නිසයි. ඒ නිසා කිතුනුවන්ට සුවිශේෂ වන්නේ උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේයි. එහෙත් කිතුනු දේවස්ථානයකට අපි ගියොත් කිතුනු දේවස්ථානයේ ප්‍රධානතම ස්ථානය වන අල්තාරයට ඉහළින් අපට දක්නට ලැබෙන්නේ ක්‍රිස්තුන් වහන්සේව ඇණ ගසනු ලැබූ ප්‍රතිමාවක්. අනෙක් අතට මියගිය ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රතිමාවට වඩා උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රතිමාවක් එහි සවිකර තිබුණිනම් ඊට වැඩිය ලස්සන අර්ථයක් ඉන් ඇඟවේ. ඒවගේම දකින්නන්ට ඒ දර්ශනයත් සුබවාදී දර්ශනයක්ද වනු නො අනුමාන ය.

ඉහත සඳහන් කරුණු දෙකටම පිළිතුරක් වශයෙන් සුවිශේෂ හේතුවක් තිබේ. ක්‍රිස්තුන් වහන්සේත් තම ජීවිත කාලය තුළ නිරන්තරයෙන්ම උන්වහන්සේගේ දුක් විඳීම හා මරණය ඉතා උත්කෘෂ්ඨ ආකාරයෙන් මතක් කරනු ලැබූහ. උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේගේ දුක් විඳීම හා මරණය නැතිනම් උන්වහන්සේට විජයග්‍රාහී උත්ථානයක් ලැබිය නොහැකි බවයි. එසේ නම් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයේ විජයග්‍රහණය උත්ථානය වුණත්, කිතුනු අපිට ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය ඉතාමත්ම සුවිශේෂ වූ සංසිද්ධිය උත්ථානය වුණත්  උන්වහන්සේගේ උත්ථානයට පාදක වන්නේ එහෙම නැත්නම් මාර්ගය වන්නේ උන්වහන්සේගේ දුක් විඳීම හා මරණයයි.  උන්වහන්සේට දුක්ඛිත දෙයක් වුණත් අපිට අසුබවාදී දෙයක් වුණත් උන්වහන්සේගේ මරණය අපිට වාසනාවන්ත එකක් වෙන්නේ ඒ මරණයේ ප්‍රතිඵලය උත්ථානය වන නිසයි. ඒ නිසා කිතුනු අපිට ක්‍රිස්තුන් වහන්සේගේ මරණය ඉතා සුබවාදී වාසනාවන්ත දෙයකි. මේ හේතුව නිසාම ක්‍රිස්තුන් වහන්සේ මරණයට අලු‍ත් අර්ථකථනයක් දුන් සේක. උන්වහන්සේ පැවසූ පරිදි මරණය කියන්නේ ස්වර්ග රාජ්‍යය තුළ අප භුක්ති විඳින සදාතන ජීවනයට දොරටුවයි කියලා. එසේම මරණයෙන් ජීවිතය අවසාන වෙන්නේ නැති බවත් ජේසුස් වහන්සේ අපට කියා දුන්නහ. මරණය යනු අපේ ශරීරය අජීවී තත්වයට පත්වීම මිස ආත්මය මියයාමක් නොවේ.  එය එසේ වී නම් මරණය කියන්නේ  අසුබවාදී නොවන දෙයක් බව උන්වහන්සේ තමන් වහන්සේගේ මරණය තුළින් අපට  ඔප්පු කළ සේක.

මරණයෙන් මතු ලස්සන ජීවිතයක් අපට තිබෙන බව උන්වහන්සේ තමන්ගේ උත්ථානය තුළින් අපට සාක්ෂි දැරූහ. අපගේ මෙලොව මරණයෙන් පසු අපටත් උත්ථානයක් තිබෙන බව  එහෙම නැතිනම් මීටත් වැඩියෙන් වාසනාවන්ත ජීවිතයක් තිබෙන බවට බලාපොරොත්තුවක් දුන්නහ. මරණයෙන් මතු ජීවිතයක් ගැන සෑම ආගමකම සංකල්පයක් තිබුණත් ඒ සඳහා අප දෑසට දකින සාක්ෂියක් ලබා දුන් එකම පුද්ගලයා ක්‍රිස්තුන් වහන්සේය. කිතුනු දහම සර්ව සුබවාදී දහමක් බව අප හඳුනා ගන්නේ මෙන්න මේ සාක්ෂිය තුළයි.

මේ හේතුව නිසාම කිතුනු අපි අපේ ජීවිතයට මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න බාධක කම්කටොළු ඇද වැටීම් පරාජය යන මේ සියලු‍ දේ  ජීවිතයට වාසනාවක් ගෙන දෙන ජීවිත සංසිද්ධීන් ලෙස අපට මතක් කරදෙයි. ඒ මන්දයත් දිනක අපගේ ජීවිතයේ ජයග්‍රහණයට හේතු පාදක වෙන්නේ අන්න ඒ දුක් කම්කටොළුම වන නිසයි.

ඒ නිසාම මනුෂ්‍යයන් වන අපට ඒ තුළින් ගත හැකි ඉතාමත්ම සුවිශේෂ වූ පණිවුඩය වන්නේ  වැටීම් පරාජවලට මුහුණ දෙන්නට අපට සිදුවුණත් ඒ සියල්ල අපි සතුටින් භාර ගත යුතු බවය. ඊට හේතුව නම් ඒ දුක් කරදර තුළින්ම අපේ ජීවිතේ සුබවාදී බලාපොරොත්තුවක් අපට උදාවන බවත්  එනම් දිනෙක අපේ ජීවිතේ ජයග්‍රහණයට හේතුපාදක වන්නේ අද දවසේ අප අත්විඳින්නා වූ මේ දුක් කරදර බවයි. අප ජීවිතයට පැමිණෙන්නා වූ සෑම දුක් කරදරයක්ම දෙවියන් වහන්සේ අපට ඇති ආදරය නිසාම උන්වහන්සේගේම සැලැස්ම තුළ අපට ලැබෙන බව කිතු දහමේ අපට පැහැදිලිව කියා දී තිබේ. ඒ දෙවියන් වහන්සේ මාව උසස් තැනකට ගෙන ඒමේ සැලැස්මයි.

එනිසාම අපගේ දුක් කරදර වැටීම් පරාජය දෙස සුබවාදීව බලන්නටත් ඒවා සතුටින් භාර ගන්නටත් අප තරයේ අදිටන් කර ගත යුතුයි.  අන්න එවිට නිරන්තරයෙන්ම අපට සතුටින් කල් යවන්නට එය මාර්ගයක් බවට පත් වනු නිසැකය. ඒ නිසාම කිතුනු නොකිතුනු අප හැමදෙනාටම ක්‍රිස්තුන් වහන්සේගේ පණිවිඩය අද දවසට අදාළ බවත් මතකයේ තබා ගනිමු.

 

(***)

(ඡායාරූපය - අන්තර්​ජාලය ඇසුරෙනි)



අදහස් (1)

ජේසුස් වහන්සේගේ කුරුස යාගයෙන් අපට කියා දෙන පණිවුඩය

ANDREW KARUNARTNE Monday, 01 April 2024 08:29 AM

ක්‍රිස්තුස් වහන්සේ කිරුසියේ දිවි පිදුවේ ඉර්ශ්යෙල් ජාතින් වසර හාරසියක් පමණ කාලයක් මිසර දේශයේදී වහල් කමින් සිටයදී, ඔවුන් නිදහස් කරගෙන් එන්න පෙර දිනදී දෙවියන් වහන්සේ මේ නිදහස් දිනය මතු පරම්පරාවන් හට සිහි කරන්න කියා දින බැටළු පාවගේ යාගයේ සිදුවීම වර්තමානයෙදී කළ නොහැකි නිසා ඒ වෙනුවෙන් දෙවියන් වහන්සේ දුන් නීති උන්වහන්සේ විසින්ම වෙනස් කළ යුතු හෙයින් උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයෙක් ලෙස මේ ලෝකෙට විත් ඒ දුන් බැටළු පැටවාගේ මරණයේ සිදුවීම වෙනස් කිරීමට උන්වහන්සේම තම ජීවිතය පුදා ඒ දුන් බැටළු පැටවාගේ ප්‍රජාව එතෙන් පටන් නිම කිරීමයි. මේ ගැන වැඩි විස්තර මෙසේ ලියවීමට අපහසුයි.

:       19       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13254 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 47 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site